Saturday, July 16, 2022

පුරවැසියෙක් වෙන්න| පාවා නොදෙන්න.

මම පුරවැසියෙක් විදියට අරගලයට කීප වතාවක්ම ඉතා කැමැත්තෙන් සහභාගී වුනා. හැබැයි මම ඒකෙ සිද්ධ වුන ඔය සංස්කෘතික අරව මේවටනම් සම්බන්ධ වුනේ නැහැ. මම සම්බන්ධ වුනේම නිතරම උදය-දවල් වරුවල. මට අරගලය කියන්නෙ මම ජීවත් වෙලා තියෙන දශක දෙක හමාරෙ මුහුණ දෙන්න වුන හොඳම ජනතා නැගිටීම. ඒක මම තරුණයෙක් විදියට අද්දැකීම මට මහළු ජීවිතයක් තිබුනොත් මට විශාල පාඩමක් වේවි හැම දේකදිම. අද්දැකීම මුල් අවදියේ පටන් අපේ රටේ සියළු තරුණයන් අද්දකින්න අවශ්‍යය දෙයක්. දැන් ඉන්න වැඩිහිටි අයට “57,77,88” වගේ කතා කරන්න ඇසින් දුටු මාතෘකා තිබුනට ඒක අපිට නැහැ.


අරගලය තුළඅරගලයකියන වචනයේ කෝෂාර්ථයට වැඩි යමක් සහ ඉතා අඩු යමක් එහි නිතරම තිබුන. ඇත්තෙන්ම ලංකාවෙ සංස්කෘතික රටාවන්, සමාජය සංවිධානය වී තිබෙන ආගමික දේශපාලනික මුහුණුවර, වගේ දේවල් නිසාඅපේ මිනිස්සු අරගල කරන්න දන්නෙ නැහැ‍කියන එක මා තුළ මේ මොහොතෙත් තිබෙන විශ්වාසයක්


මම අරගලයට සම්බන්ධ වුනේ පුරවැසියෙක් වගේම දේශපාලන සහ සමාජ විවේචනයක් තිබෙන කෙනෙක් විදියටත් සහ අරගලය පවා විවේචනය කරන්නෙක් විදියට. මම ගැන කිසිම විවේචනයක් එළිපිට නොකළ හේතුව රට වෙනුවෙන් යම් බලාපොරොත්තුවක් දැල්විය හැකි ආලෝකයක් තුළ තවමත් තිබෙන නිසා සහ අරගල කරුවන්ගෙන් අම්බානක බැනුම් අහගන්න බැරි නිසා. (සහ බයියෙක් වෙන්න බැරි නිසා නමුත් ඒකට චින්තන ධර්මදාස බෙල්ල දීල තියෙනව.) මම විවේචනය අදත් මෙතැන ලියන්නෙ නැහැ. ඒව එහෙමම තිබුනාවේ. මම මේ ලියන්නෙ පොදු යමක් ගැන


මම අරගලයට සම්බන්ධ වුන හැම වෙලාවකදිම මුහුණ දුන්න ලස්සනම අද්දැකීම් ගොඩක් තිබුන


මම අරගලයට මුලින්ම සම්බන්ධ වුනේ ජර්මන් ඉදන් ආපු මගේ මිතුරු හිමිනමක් එක්ක. එදා තදත් නැති මදත් නැති වැස්ස. එදා අපි ටෙන්ට් එකක ගැහැණු පිරිමි භේදයකින් තොරව හැමෝම වැස්සෙන් ආරක්ෂා වුන විදිය හරිම ලස්සන අද්දැකීමක්. හැම වෙලාවෙම සමාජ සබදතා වලදි පුංචි හරි ඉරක් ගහගන්න මිනිස්සු, පූජකවරු ගෑණු පිරිමි ඉන්න රටක වැස්සෙන් නොතෙමී ඉන්න කිටි කිටියෙ හැමෝම එකම ටෙන්ට් එකක. ඒක පුදුම දෙයක් නෙමෙයි. හැබැයි ඒක ලංකාවෙ සමාජයට අලුත්. එතනදි දින ගණනක් හිටපු අය අපට එයාලගෙ බෑග් වල තිබුන බිස්කට්ස්, කොකිස් වගේ දේවල් අතින් අත යවල බෙදා ගත්ත. අපි ඒව කෑව. ගෞරවයෙන් වැඳ වැටිල දෙන ලොකූ බත් පිගානකට වඩා හිතවත්කමෙන් දෙන පුංචිම දෙයින් බඩට වඩා ආත්ම ගානකට හිත පිරෙනව. ඒක ලස්සන පාඩමක්


දෙවන අද්දැකීම මට උතුරෙ ජීවත් වෙන දමිළ මනුස්සයෙක් හමුවීම. ඔහු උදේම මාව දැක්කම අත වනාගෙන ආව. ඇත්තෙන්ම එයා දන්නෙ නැහැ මම හාමුදුරුවො කෙනෙක් කියල. එයා කැඩිච්ච සිංහලෙන් මාත් එක්ක කතා කරද්දි මමත් කැඩිච්ච දෙමළ ටිකක් හරි දැනගෙන තිබ්බනම් මරු කියල හිතුන. ඉතින් එයා මාත් එක්ක ආගිය දේවල් කතා කරා. එයාලට නැති වුන දේවල් ඉතිරි වෙලා තියෙන දේවල් සහ විවිධ සිනාමුසු දේවල්. එතන විශේෂ දේ තමයි අපි පක්ෂ හෝ පුද්ගල දේශපාලනයක් කතා නොකිරීම. ඒක මාරයි. කොහොම වුනාද කියලවත් මට හිතාගන්න බැහැ. කෙසේ වෙතත් හමුව මම නැවත බලාපොරොත්තු වුනත් මට නැවත හමුවුනේ නැහැ. අපි දෙන්න සැලියුට් එකක් දාගෙන යන්න ගියා. දැක්ක තැන වැඳ වැටෙන ආගමික ජීවිතයට හුරුවුන අයෙකුට මම කවමදාවත් වරදක් කියන්නෙ නැහැ. හැබැයි දෙදෙනෙක් අතර හමුවකදි එකිනෙකාගෙ හිතවත්කම්, ගෞරවය ආත්ම ගානකට පවත්වාගත හැකි කිසියම්ම ශරීරබාෂාවක් අපිට ඉතාම වැදගත්.


මම පුස්තකාලයෙදි පොත් කියෙව්වට වඩා ඒව කියවන අය සහ එතන පොත් දිහා වැඩි වෙලාවක් බලාගෙන හිටියෙ. පොත් පෙට්ටි ගනන් බාරදීල යන උදවිය, පොතක් කියවල ඉවර කරගන්න බැරිවෙලා ආයෙ කියවල ගෙනත් දෙන්නම් කියල අරන් යන උදවිය, අයට නැවත එන්න බැරිනම් පොත ලගම තියෙන පුස්තකාලයට බාරදෙන්න කියන පුස්තකාල ක්‍රියාකාරීන් නිතර ගැවසෙන එතන අමුතු හැඬයක ලස්සනක් තිබුන. එතන පොත් කියවන පුංචි දරුවො වැඩිහිටියො ගැන මට අධිතක්සේරුවක් නැහැ. හැබැයි ගෙදරකදි හෙම්බත් වෙවී පුරුද්දට කන බොන, අඳින පළඳින, හැඩ වෙන රස්සාවට යන ඉස්කෝලෙ යන අය පොතක් පතක් කියවන එක සංස්කෘතික පුරුද්දක් කරගන්නවනම් කොයි තරම් වටිනවද? සිංදුවක් අහන එක ෆිල්ම් එකක් බලන එක. සමහරු චිත්‍රාගාරෙ චිත්‍ර බලනව. මහ පුදුම නිහැඬියාවක්. ඒක මම ජීවිතේ සම්බන්ධ වුන පොත් එළිදැක්වීමකවක් බුක්ෆෙයාර් වලදිවත් නොදැකපු එකක්. එකිනෙකා අතර නිශ්බ්ධතාවය, අනෙකාට බැල්මකින්වත් කරදරයක් නොකරන විදිය දේවල් අරගලයක් තුළ පවා පැවතීම මොන තරම් මිනිස් වටිනාකමක්ද?


අපේ ඩොක්ටර්ස්ලා කඳවුරු බැඳගෙන අව්වෙ වේලි වේලි අරගලයෙලෙඩ තියෙන අයට බේත් දෙනව. ආරක්ෂක අංශ විසින් තුවාල කරපු අයට බේත් දානව. මගේ හිතවත්ම ඩොක්ටර් කෙනෙකුත් උදේ හවා මැරීගෙන ගෙවල් දොරවල් දරුවො සැමිය දාල ඇවිත් ෆේස්බුක් වලත් බැනුම් අහගෙන හරි හරියට වැඩ. හවස මොනා වෙයිද කියල හිත හිත දෙගිඩියොවෙන් හැමදාම හැම මොහොතකට අලුත් සිද්ධියකට මුහුණ දෙන්න බලාගෙන අය මොහොතේ වැඩ කරනව. සමහරු එතනට අවශ්‍ය බේත් මොනවද කියල අහගෙන යන ගමන්ම තව පිරිසක් බෙහෙත් පෙට්ටි ගනනින් ගෙනත් බාරදීල යනව. අරගලේත් නැති සමහර යාචකාදී උදවිය එතනින් ඇවිත් අවුරුදු ගනන් වයස තුවාලවලට, ලෙඩ වගට බේත් කරගෙන යනව. ඒක හරියට දන්සලක් වගේ වැඩක්. මාස්ක් එක පවා ඉල්ලගෙන යන්න අය බේත් කරන තැනට එනව. කොර ගගහ එන, ලේ පෙරාගෙන එන, තව කෙනෙක් විසින් වාරු කරගෙන එන නානාවිධ අසනීප එතන. වෛද්‍යවරු කියන්නෙ අපි දශක ගානක් තිස්සෙ බදු ගෙවල හදාගත්ත මැණික් කැට. වෙනත් තැනකදි සාමාන්‍ය දිනයකදි යාචකයෙක්ට බත් කටක් දුන්නත් පොටෝ ගහන මධ්‍යම පාන්තිකයො ඉන්න රටේ ඔබ මේ එකතු වීම ගැන දරන අදහස මොකද්ද කියල මම දැනගන්න කැමතියි


අරගල බිමේ කවමදාවත් කෑම බීම වරදින්නෙ නැහැ. දවල් 12-1 වෙද්දි සල්ලිකාර උදවිය ලස්සන පෙට්ටිවලින් ගෙනත් දෙන කෑම(පොෂ් කෑම) ලොකූ සල්ලිකාර උදවිය පන්හාරසීයකට උයවල කේටරින් හරහා එවන කෑම ලොරි සමහර වතුර බෝතල්, කවුරුහරි දුප්පත්ම කෙනෙක් ගෙනත් දෙන බත් පාර්සලය, බනිස් ගෙඩිය පවා එතන තියෙනව. ඒක කන්න මම හිතන්නෙ කොළඹ කොටුවෙ, මහරගම, ඉන්න යාචකයොත් ටයිම් එකට එනව. අයව කිසි කෙනෙක් කවමදාවත් අරගල බිමේ ඉන්න අය ගහල පන්නන්නෙ නැහැ. එයාල සමහර විට නොකා නොබී අර අයට කෑම දෙනව. එයාලගෙ පෝලිම ප්‍රසිද්ධ දන්සැලක පෝලිමක් වගේ


ඉස්කොලෙකින්, යුනිවර්සිටි එකකින්, සමාජ සංවිධානයකින් නොකෙරෙන සමාජ දැනුවත් කිරීම්; විශේෂයෙන්ම නීතිය, දේශපාලනය, පරිසරය, අයිතීන්, තරුණයා, සමාජය ආදී විවිධ දේවල් ගැන තරුණ ළමයි කරපු  විසිහතර පැය සේවා අරගල බිමේ ලස්සන වැඩි කරපු සාක්ෂරතාව වැඩි කරපු දේවල්. ඒව කිසිම දවසක අපේ බිමේ කිසිම කොන්දේසියකින් තොරව බෙදාහදාගත්ත දේවල්. වටිනාකම් ගැන අරගල නිමවුන සොඳුරු රටක අපිට ආයෙ ඕන වෙයි


කවමදාවත් අව්වෙ පිච්චෙන්නෙ නැති ලස්සන හයි ක්ලාස් ගෑණු ලමයි, කැෂුවල් අඳින සල්ලිකාර තරුණ ළමයි, බේතකට මිස එලියට නොබසින විශේෂ අවශ්‍යතා තියෙන මිනිස්සු, කප්පරක් රාජකාරී තියාගෙන තප්පරේකට හරි ගොඩවෙලා යන නිළධාරීන්, වෛද්‍යවරු, විධායක නිලධාරීන් බස් අරන් පිටිසරින් ඇවිත් කොඩි වන වන බෝඩ් වන වන අව්වෙ කරවුන මිනිස්සු, ඔබ හිතනවද මේ රට නැවත එකතු වෙයි කියල


මෙකී නොකී දේවල් මම එකපාරටම පිළිවෙළට ගොනු කරේ ඇයි කියල කවුරුහරි හිතන්න පුලුවන්. අපේ වැඩිහිටියො අරගල කරේ ගල් මුල් අතින් අරගෙන, තුවත්කු බයිනෙත්තු පත්තුකරගෙන ලේ වගුරගෙන වෛරයෙන්, ක්‍රෝධයෙන්. වැඩිහිටියන්ගෙ 70-80, ආඩම්බරකාර පම්පෝරි අහද්දිමොන ජීවිතද අප්පකියල ඇත්තෙන්ම මට හිතිල තියෙනව. ඒත් මේක මිනිස් සුවඳ, කඳුළු, ආදරය තිබුන අලුත්ම අරගලයක්ඇත්තෙන්ම අද වෙද්දි සුවඳවත් අරගලය පටු අරමුණුවලට යටවෙමින් පවතින බව අරගලයේ උදේ හවා හිටිය අයගෙන්ම දැන් දැන් අහන්න ලැබෙනව


මේ අලුත් ආකාරයේ ලස්සන සංස්කෘතික වටිනාකම් තිබුන අරගලය සල්ලිවලට හරි, දේශපාලන මෝඩකම් වලට හරි, ආගමික මෝඩකම් වලට හරි අරගලයේ මුල පටන් මේ දක්වා පාවා දෙමින් හිටපු නිවට මිනිස්සු ටිකක් හිටිය. මහා පාවාදීම කරපු අය දැන් දැන් එළිපිට ලස්සනට පේන්න අරන් තියෙනව.


ඉතින් මහා පාවාදෙන්නනි!


ඔබ පාවාදුන්නේ මේ තරම් ලස්සන, සංස්කෘතික අරගලයක්. මේක නිසා පසුතැවෙන්නවත් උඹලට වෙලාවක් නැති වෙන බව ඒකාන්තයි


-ගුරුගොඩ සිරිවිමල-




17 comments:

  1. අරගලයක් කියලා එකෙක් තිබ්බේ නැහැ. ඔකේ මුල් හරියේ තිබ්බේ විදෙස් රටවල් දෙකක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිතවත් ව්‍යාපාරිකයක් මුදල් පොම්ප කරමින් අරං ගිය වැඩපිළිවෙලක්.

    ඒ වැඩේ ලස්සනට කරේ මංගල සමරවීර වගේ කෙනෙක්.
    රනිල් අගමැතිකම ගත්තු ගමන් ඔතනට කෑම බීම ලැබෙන එක නැති උනා.

    පිනට කකා හිටපු සෙට් එකට හුලං.

    ගුරුගොඩ සිරිවිමලට ඕක නිරීක්ෂණය නොවුනේ ඔබගේ ලාබාල කම නිසා වන්නට වෙන්න ඇති. වයසින්, අධ්‍යාපනයෙන්, දේශපාලන දැනීමෙන් මුහුකුරා යද්දී වැටහෙයි.

    ReplyDelete
  2. රනිල් වැ.බ. ජනපති හැටියට පත්වුන ගමන් පිටත රජයේ ගොඩනැගිලි අත්පත් කරගනිමින්, නිවෙස් ගිනි තබමින්, පාරෙ නීතිය හැටියට රටේ නීතිය සකස් විය යුතු යැයි කී 'නින්දිත කැරලිකරුවන්' අතුරුදන්ව නැවත රාජ්‍යය ස්ථාපිත වීමම රනිල්ගේ දක්ෂතාවයට හොඳ සාක්ෂියකි. ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, ශිෂ්ටත්වය සහ රාජ්‍යය පිළිගන්නා ජනතාවගේ නියෝජනය වන්නේ රනිල්ය.

    ReplyDelete
  3. ෆේස්බුක් එකේ ඉන්න බහුතරයක් උන් හිතන් ඉන්නෙ උන්ගෙ මතය තමයි ජනතා මතය කියල. අරගලකාරයො හිතන් ඉන්නවා උන්ගෙ මතය තමයි ජනතා මතය කියල. පෙට්‍රල්, විදුලිය, බෙහෙත්, පෝර නැතුව පාරට බැහැපු මිනිස්සු උන්ගෙ සම්මුතීන් පිලිගන්නවා කියල උන් හිතන්නෙ. මිනිස්සු එලියට බැස්සෙ රාජපක්ෂලා එලවන්න. එතනින් එහා සම්මුතියක් නෑ. අරගලය නමින් කැරැල්ලක් පටන් අරගෙන මේ කරන්නෙ ජනතා මතය බිලිබාගන්න උත්සාහයක්.

    සර්ව ජන චන්දය කියල එකක් රටේ තියෙනවා. ඒකෙන් මිස වෙන කිසි දේකින් ජනතා මතය ගැන කතා කරන්න අයිතියක් නෑ. එහෙම කතා කිරීමම ජනතාව යනු තමන් යැයි සිතීමේ ඒකාධිපතිවාදයක්. ඊළග චන්දෙකදි ඔය කියන ජනතා මතය දැකපු දවසට ඔය හැමෝම පුදුම වෙන්න නියමිතයි. 😃 (ආපහු චන්දයක් පවත්වන තුරු ජනතා මතය නි‍යෝජනය කරන්නෙ පාර්ලිමේන්තුව. ඒක පිලිනොගන්නවා නම් අපි සර්ව ජන චන්ද බලය අහෝසි කරන්න ඕන. මගේ නං විරුද්ධත්වයක් නෑ)

    ReplyDelete
  4. ලෝකෙ දියුණුය කියන ගොඩක් රටවල පවා පවුලේ අඹුසැමි දෙදෙනාම රැකියාවක් නොකර ජීවත් වීම අපහසුයි .ඉතා මහලු සහ කුඩා ලමුන් ඇරුනාම අවුරුදු දහඅට පැනපු යම් ජීවිකාවක් නොකරන කෙනෙක් දුලබයි.අපේ රටේ ගොඩක් පවුල්වල ජීවනෝපායක් තියෙන්නෙ එක්කෙනාටයි අනික් ඔක්කොම යැපෙන්නො .ජීවනෝපායක් තියෙන එකාත් අට පහ රස්සාවක් කරන එකෙක් බොහෝ විට.මේක වෙනස් වේවි ඉදිරි දශකය තුල ලින්ගික ශ්‍රමිකයන් ගැන කවි ගී නොලියවෙන ඔවුනුත් රස්සාවක් කරන මිනිස්සු විදිහට දකින උපාධියක් සහිත ගෑනු ලමෙක් සුපර් මාකට් කවුන්ටරේක වැඩ කිරීම තව දුරටත් අවුල් සහගත දෙයක් නොවන සමාජයක් බිහිවේවී.රජයේ රස්සා ෆැන්ටසිය බිද වැටීම නම් මධ්‍යම පාන්තිකයාට දිරවගන්න අමාරු වෙයි.

    ReplyDelete
    Replies
    1. එතකොට හාන්දුරුවෝ කරන්නේ රස්සාවක්ද? සිරිවිමල තමයි බලාගන්නේ එයාලගේ විරැකියා පවුල.

      එහෙමත් නැතිනම් කරන්නේ ලිංගික රැකියාවක්ද? ලොකු හිමිගේ ගින්න නිවීම?

      නැතිනම් රැකියා දෙකම එක්වර?

      Delete
  5. ගුරුගොඩ සාදුගේ නෝනා මොකද කියන්නේ මේ ගැන

    ReplyDelete
  6. සන්නද්ධ අරගලයකින් බලය අල්වා ගැනීම හැර විකල්පයක් නැහැ.
    පක්ෂ කාඩර්වරුන් දීර්ඝකාලින සන්නද්ධ ක්‍රියාමාර්ගයක් සදහා සුදානම් කල යුතුයි.

    කුලී හේවායන් සමුල ඝාතනය කල යුතුයි.

    Tharindu Iranga

    ReplyDelete
  7. මට ගෝල්ෆේස් අරගලය ගැන ප්‍රශ්න ටිකක් තියෙනව. මෝටිවේෂන් අප්පච්චිට සල්ලි හොරකම් කරනව කියල ඔතනින් එළවීම, අරගලකරැවන් රටේ හදනවයි කියන සිස්ටම් චේන් ජ් එකට සම්පූර්ණයෙන්ම විරැද්ධ නැද්ද? හරිනම් කරන්න තිබුනේ පොලිස් පැමිණිල්ලක්, අධිකරණ තීන්දුවක් ලැබෙනකම් මෝටිවේෂන් අප්පච්චිට වරදකරැවෙකු ලෙස නොසැළකීම නේද? ඒක නේද සිස්ටම් චේන් ජ් (enforcing law and order, one country one law for real) එක. එතකොට රැට්ටද මැට්ටද ගොට්ටද කැළෑ උසාවියෙ නඩු අහල කැලෑ නීතිය අනුව ගහල පැන්නීම හරිද? භාෂණයේ නිදහස අරගලකරැවන් රටේ හදනවයි කියන සිස්ටම් චේන්ජ් එකට අයිති වැදගත් අoගයක් නේද? නමුත් ඒකට සම්පූර්ණයෙන්ම විරැද්ධව පැතුම් කර්නර් කතාවක් කරද්දි රැට්ටද මැට්ටද ගොට්ටද කැළෑ උසාවියෙ නඩු අහල කැලෑ නීතිය අනුව ගහල පැන්නීම හරිද? ගෝල්ෆේස් එකේ කැලෑ නීතිය පවත්වගෙන යන ගමන් රටේ සිස්ටම් චේන්ජ් කරන්න කතා කිරීම තරම් විහිළුවක් තවත් නෑ. ජෝකර්ව ලීීඩර් කර අරගලය සර්කස් එකක් නොකරන්න.

    ReplyDelete
    Replies
    1. එකඟයි. මෙවන් දේ මුඛ්‍ය අරමුණින් බැහැරවීමක් ලෙසයි මාත් දකින්නෙ

      Delete
  8. ජනපති තෝරාගැනීම සිවිකොන් සටනක් වෙලා.. ගොඩක් අය අහන්නේ කවුරැ ආවොත් හොඳද කියලයි..

    1) රනිල් වික්‍රමසිංහ..

    මා දේශපාලන වශයෙන් අකමැති පුද්ගලයෙක් බව මුලින්ම කියන්න ඔිනේ. ඒ නිසා අකැමැති පුද්ගලයින් අතරින් වඩාත්ම හොඳ කවුද කියා මට හැගෙන දේ කියන්නමි.

    රනිල් දැනට වැඩබලන ජනපති.එතෙක් අගමැති හැටියට පැමින මෙි දක්වා කල සෑම දෙයක්ම වාගේ රටට ප්‍රයොජනවත් වුනා.

    ප්‍රධානම දේ IMF සහනය. එය ඉහලින්ම කරන පුද්ගලයා ඔහුයි. ගොඩයෑමට තිබෙන එකම මග..ඒ සඳහා තම පරිනත භාවය නිසිලෙස යොදාගැනීම අතින් ඉහලයි.

    අරගලයට ඔහු විරැද්ධ නැහැ.ආදරෙයි..ඒත් ප්‍රචන්ඩත්වයට ඉතා තදින් විරැද්ධයි. මෙිවනවිට අරගලයේ යෙදුන මෙි කාණ්ඩ දෙක හරියට හඳුනාගමින් සිටිනවා. එම ප්‍රචන්ඩ ක්‍රියා කල පුද්ගලයන්ට ඉදිරියේදී තමන්ට සිදුවන දේ ඔවුන්ටම දැනගත හැකිවන පරිදි ස්කොටිලන්ඩි යාර්ඩි වැඩපිලිවෙලක් යන බවනමි පෙනෙනවා.අළුයට ගිනිපුළඟු..අතොරක් නැතිව ගිනි පිඹපු අයවළුනට හරි උත්තරය තම අතටම ලැබෙිවි..ප්‍රචන්ඩත්වය ඇවිලවූ මාධ්‍යවෙිදීන්ද මෙි අතර සිටී..

    එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමනක් තබාගෙන හුදෙක් තම ආත්ම ශක්තියෙන් වැඩ කිරීමනමි අගෙයි.
    ඩෙන් ෂියාඔි පිං වාගේම ඔහුත් ජනපතිවෙන්නේ අවු 73 දී..

    2)සජිත් ප්‍රේමදාස.

    බලවත් හීනමානයකින් පෙලෙන අගමැති තනතුර බාරගන්නට ඇරයුම ලැබෙනවිට දුර්වල ආත්ම ශක්තිය නිසා ප්‍රතික්ෂේප කල මෝඩයෙක්. සිරසක් නැති මාධ්‍යයකට ඕනා එපා හැටියට නැටවෙන රූකඩයක්.

    3) ඩලස් අලහප්පෙරැම.

    මගේ මිතුරෙක් හිතවතෙක් ,ද්විත්ව පුරවැසියෙක්. හරියටම ගෝවා වගෙයි ගුනත් නැහැ අගුනත් නැහැ.මිටි නිසා කටිටයි..කමිකරැ තමයි.

    4)අනුර දිසානායක.

    තනිකරම කෙප්ප රජෙක්. සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් පටිට බොරැ කියන මිනිහෙක්. මාස දහහතරක් ඇමතිකමි කරලත් රටට කිසිම වැඩක් නොකල අපතයෙක්..

    5) සරත් ෆොන්සේකා.

    ඇත්ත ඇති සැටියෙන්ම කියන මෝඩයෙක්.පාලකයෙක් වශයෙන් නුසුදුසු පලිගන්නා මිනිසෙක්.මෙි මගේ අදහස් ඔබෙි අදහස් වෙනස් ඇති බව මම පිලිගන්නවා හොදේ..

    ReplyDelete
  9. ඔබේ බොහෝ කරුණු සමඟ මම එකඟයි. මේ මම රනිල් ගැන ලියපු එක.

    https://podisadugeliyamana.blogspot.com/2022/05/blog-post.html?m=0&fs=e&s=cl

    ReplyDelete
  10. මහත්තුරු

    ReplyDelete
  11. මෙතන පෙරටුගාමී පක්ෂය සහ ජවිපෙ ආවහම සංයුතිය වෙනස් වුනා කියල මම හිතනවා. එතැනින් යම් බලපෑමක් වුනා

    ReplyDelete
  12. බැසිල් – THE MAN –

    මිනිස්සු වැටෙති.

    ඉන් සමහරු බාගෙට නැගිටිති. තව සමහරු සම්පූර්ණයෙන් නැගිටිති. ඉතාමත් අතළොස්සක් සිටියාටත් වඩා ශක්තිමත්ව නැගිතිති.

    බැසිල් රෝහණ රාජපක්ෂ එවැනි බඩුවකි.

    සමහර මිනිස්සු මොළය ඇතිව උපදිති.

    ජන්දදායකයන් වන අප බොහෝ විට උපදින්නේ මොළය නැතුව ය.

    තියෙන මොළයෙනුත් වැඩ ගන්නට පුලුවන් අය ඇත්තන් ද එහෙමටම නැත.

    තම මොළයෙන් 100% ක කාර්යක්ෂමතාවයෙන් වැඩ ගන්නා මිනිසුන් ඇත්තේ අතේ ඇගිලි ගානටත් අඩුවෙනි.

    තියෙන මොළයෙන් 200% ක කාර්‍යක්ෂමතාවයකින් වැඩ ගන්නා මිනිසකු මෙලොව වෙසෙයි නම් ඒ, බැසිල් රාජපක්ෂ පමණක් විය යුතුය .

    90 දශකය මුල් භාගයේ බැසිල් සේවය කළේ බම්බලපිටිය ‍යුනිටි ප්ලාසා හි පිහිටි ජපන් සමාගමක උපදේශකයකු ලෙසිනි.

    ජපන්නු එදවස ද ජපන් යෙන්වලින් පඩි ගෙව්වේ බැසිල්ට නොව බැසිල් ගේ මොළයටය.

    මහින්ද රාජපක්ෂ 1988 මහ මැතිවරණයට සැරසෙන විට බැසිල් අත ඔහුම සැකසූ A4 ප්‍රමාණයේ පොතක් විය.

    එහි වූයේ අබලන් ව පැවති හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මානවල පාරවල් පිළිසකර කරන අන්දම ඇස්තමේන්තු ද සහිතවය.

    ඒ ඇතැම් මාර්ගයක් පිළිසකර කළ විට කනත්තට යන දුර අඩු වූයේ කිලෝමීටර් වලිනි.

    ජන්ද වැටෙන්නේ දහස් ගණනිනි .

    තම දිස්ත්‍රික්කය පිළිබදව හා ගැමියාගේ අවශ්‍යතා පිළිබදව බැසිල් තුල වූ අවබෝධය ට මෙය සරල උදාහරණයක් පමණි.

    රනිල් 30 වතාවටත් වඩා වාර්තාගත වැඩි වාර ගණනක් පරාජයට පත් වුවත් කිසිම දිනෙක වගකීම බාර ගත්තේ නැත.

    අවසානයේ ආසන බිංදුවට වැටුනත් රනිල් පරාජයේ වගකීම බාර ගැනීමට සූදානම් නැත.

    ඒ අතින් ගත් කල බැසිල් යනු ගෞරවාන්විත මිනිසෙකි.

    ඔහු තනිවම පරාජයේ වගකීම බාරගෙන ගෙදර ගිය මිනිසෙකි.

    ඔහු පරාජයේ වගකීම තනිවම බාර ගත්තා පමණක් නොව වසරක් තුල නව පක්ෂයක් පිහිටුවා සිදුවූ වරද ජයග්‍රාහී ලෙස නිවැරැදි කළේ රටේ ප්‍රධානම පක්ෂ දෙක බිමටම වට්ටවමිනි.

    පරාජයේ තනි වගකීම බැසිල් ගත්තද 2015 පරාජයට උරුමකරුවෝ බොහෝ සිටිති.

    කොටි ත්‍රස්තවාදීන්‍ පරාජය කළද මර්වින් සිල්වා වැනි තක්කඩියෙක් පාලනය කරගැනීමට අසමත් වීම එම පරාජයේ ප්‍රධාන සාධකයකි.

    දුමින්ද සිල්වා සිද්ධියෙන් ද එවක රජය අනා ගත්තේ මධ්‍යස්ථ ජන්දදායකයන් විපක්ෂය වෙත ආකර්ෂණය කරවමිනි

    අද ඇමැති නාමල් හැසිරෙන විදියට එදා තරුණ නාමල් හැසිරුණේ නම් එම පරාජය තවත් අවම කරගත හැකිව තිබුණි.

    මහින්දට ළං වූ සියල්ලම මහින්දට ඇති ආදරයට ළං වූ අයම නොවේ.

    (2015 ජනවාරි 8 හැන්දෑවේත් මහින්ද ගේ හැලියේ බත් කකා සිටි සමහරුන් ජනවාරි 9 පාන්දර මෛත්‍රී ළග සිටියේ එබැවිනි.)

    රටේ ප්‍රථම පුරවැසියාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ගේ සිට සුපර් මාකට්වලින් ගෙදරට බඩු ඇදගෙන ජනාධිපතිතුමා හමුවීමට වේලාවන් ලබාදුන් නිලධාරියා දක්වා මේ පරාජයට වගකිව යුතු විය.

    තම හිතවතුන් ට උසස්වීම් දෙන විට රාජ්‍ය සේවකයින් කළකිරීම වැළැක්වීමට නොහැකිය .

    රාජ්‍ය සේවකයින් කළකිරෙන විට එය තැපැල් ජන්දවලට බලපෑම වැළැක්වීමට නොහැකිය .

    අවසානයේ මේ සියල්ලේ වගකීම දරාගත්තෙ බැසිල් ය.

    ‘අලුත් පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා හිටං’ යැයි මෛත්‍රී කියද්දී බැසිල් බය වුනේ නැත.

    ඔහු අලුත් පක්ෂයක් බිහිකිරීමේ අභියෝගය බාර ගත්තා පමණක් නොව එය අතිශය ජයග්‍රාහී විලාශයෙන් නිමා කළේය .

    අද බැසිල් නිර්මාණය කළ පක්ෂය ජය පැන් බොයි.

    මෛත්‍රී ඇවිදියි.

    මෙහිදී තවත් යමක් කිව යුතුය .

    ඒ, මතු දවස නායකත්වයට සූදානම් වන නාමල් ටය.

    නාමල් ට බැසිල් බාප්පා ගෙන් ඉගෙන ගන්නට බොහෝ දේ ඇත.

    විශේෂයෙන්ම නාමල් වටා සිටින සෙන් තෝමස් කාරයන්ට බැසිල් ගේ කෙස් ගහක තරම් වත් දේශපාලන විඥානයක් නැති බව වටහා ගත් දාට නාමල්ගේ ඉදිරිය වඩා පැහැදිලි වනු ඇත.

    හැම විටම බැසිල් වටා හොඳ කණ්ඩායමක් සිටී.

    ඒ අතර අපතයන් කිහිප දෙනෙකු සිටී.

    මින් සමහරුන් ප්‍රසෙන්ටේෂන් වලින් අන්දන්නන් ය.

    ඔවුන් ට දැන්ම රෙඩ් ලයිට් දමාගෙන මේ ගමන ගියොත් බැසිල් ව නතර කිරීමට කිසිවකුටත් නොහැකි වනු ඇත.

    ලංකාවේ දේශපාලන පක්ෂ නහුතයක් තිබේ.

    ඒවාට පක්ෂ නායකයින් නහුතයක් ද සිටී.

    මේ නහුතයක් දේශපාලන පක්ෂවල නහුතයක් වූ නායකයින් සිහිපත් කරගත යුතු එක කරුණක් ඇත.

    එනම්, ඉදිරි දශකයේ ලංකාවේ දේශපාලන සිතියම අදින්නේ අන් කවරකුවත් නොව බැසිල් රාජපක්ෂ බවය.

    ReplyDelete
  13. මේකයි වැඩේ, ඉකොනෝමැට්ටා හරිම ආසයි රසික සූරියආරච්චිගේ ලොකු දුව රෂිනි සූරියආරච්චිට. රෂිනි ඇඳන් හිටපු පෑන්ටි එකක් සුවඳ බලලා අතේ ගහන්න තිබ්බ‍ා නං මිනිහට ආයේ වෙන මොකවත් නැහැ. ඒ නිසා මිනිහා රසික සූරියආරච්චිට පුක උනත් දෙන්න ලැස්ති. ඉකොනෝමැට්ටාට ඕනි කොහොම හරි රසිකලා ගෙදර නයිටක්‌ ගහන්න. අන්න ඒ නිසයි මිනිහා හැම වෙලේම රසිකගේ හිත හොදින් තියාගන්න රසික කියන කරන හැම දේම හරියි කියන්නේ.

    කොහොම උනාත් රෂිනි සූරියආරච්චිගේ හුත්තේ රස සුවඳ බලන්න නං අපිත් ආසයි. මතක් වෙද්දීත් පයියා නගිනවා පැලෙන්න...

    ReplyDelete
  14. හැමෝටම ඕන අනුන්ව වෙනස් කරන්න. සිස්ටම් චේන්ජ් කරන්න. වෙනස් කරන්න බැරි නම් ගහලා හරි මර්දනය කරන්න. අපේ කෙනෙකුට ගැහුවොත් ඒක අවුලක්. අනිත් මතය දරන කෙනෙකුට ගැහුවොත් ඒක වීරකමක්. අපි බුද්ධිමත්. අපි ප්‍රගතිශීලි. අනිත් අදහස් දරන උන් මුග්ධයි. උන් ප්‍රතිගාමීයි. අපි ආගමික විදිහට මතවාද පක්ෂ බදාගත්තට අපි නිදහස්. අනිත් මතයක් දරන උන් ඒ මතය වෙනුවෙන් පෙනී සිටීම වහල්කමක්. අපි ලියන්නෙ, වැඩ කරන්නෙ, හුස්ම ගන්නෙ පවා රට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන්. අපිට ප්‍රතිවිරුද්ධ අදහස් දරන උන් ලියන්නෙ හිතන්නෙ කුලියට. මුදලට. අපි ස්වභාවයෙන්ම සාධාරණ සහ සත්ගුණවත්. වෙනත් අදහසක් දරන උන් ස්වභාවයෙන්ම දුෂ්ටයි, දුර්ගුණයි.

    මේ නිසා අපි අනෙකාව වෙනස් කරන්න ඕන. අපි හිතන විදිහට හිතන්න ඌ මත බලය පාවිච්චි කරන්න ඕන. ඒක තමයි අද අපි දකින දේශපාලනය. අනෙකා වෙනස් කරන්න හදන තමන් තව කෙනෙකුට අනුගමනය කරන්න ආස හිතෙන තත්වයක් හෝ ගුණයක් නිරූපණය කරනවද කියන එක කාටවත් අදාල නෑ.

    අපි හොයන්නෙ සමානකම් නෙමෙයි. වෙනස්කම්. අනෙකාගෙන් වෙන්වීම තුල තමයි අපි ප්‍රබුද්ධ වෙන්නෙ. අපිට උවමනා පාලම් නෙමෙයි තාප්ප. ඒ තාප්පය ගොඩනැගීම තමයි වීරත්වය වෙන්නෙ. කරමින් ඉන්නෙ ප්‍රතික්‍රියා දැක්වීම් විතරයි. කිසි දෙයක් අලුතෙන් සාධනීයව නිර්මාණය කිරීමේ අදහසක් නෑ. නිශේධනාර්ථයන් තමයි වඩා ශ්‍රේෂ්ට විදිහට හඩ නැංවෙන්නෙ.
    සාධාරණත්වය යුක්තිය කියල අද අපි කතා කරන මූලික පිලිගැනීම්ම පාර්ශ්විකයි. ඒවා ස්වාධීන නෑ.

    'මට ඔබ වෙනුවෙන් කළ හැකි කිසිවක් නෑ, මට කළ හැක්කේ මා වෙනස් කරගැනීමට මහන්සි වීම පමණයි. ඔබට මා වෙනුවෙන් කළ හැකි කිසිවක් නෑ, ඔබට කළ හැක්කේ ඔබ වෙනස් කරගැනීම පමණයි'

    -රාම් දාස්.

    ReplyDelete