Monday, July 25, 2022

බුද්ධ පූජාව සහ අනෙකා ඉවසීම

පසුගිය දිනවල අයෙක් සිද්ධ කරපු බුද්ධ පූජාවක් පිළිබඳව ෆේස්බුක් එකේ විවිධ තාලෙ සංවාද ඇති වෙලා තිබුන. කොයි දේටත් සාදු කියන උදවිය පුරුද්දක් විදියට ඒක දැකල සාදු කාර දීල තිබුන වගේම කොයි දේටත් හිනාවෙන උදවිය ඒකටත් හිනාවෙලා තිබුන. පිරිසක් මේ ගැන ශාස්ත‍්‍රීය සහ අධ්‍යාත්මික සංවාද ගොඩනගලත් තිබුන. මේ හැමදෙයක්ම අපේ සමාජයේ තිබෙන විවිධ ප්‍රවනතා. ඒ වගේ සමාජ ප්‍රවනතා එන්නෙ වෙන මුකුත් නිසා නෙමෙයි. නානත්ත කායා නානත්ත සංඥා නිසා. සමහර දේවල් තියෙනව. ඒව ගැන අපි වැඩි දුර සංවාද කළ යුතු නැහැ. රටක් අගාධයකට යනවනම් අපි ඒ රටේ පාලකයන්ව සහ මහජනතාව ප්‍රශ්ක කළ යුතුමයි. ආගමක් සමාජයට හිංසාව පතුරුවනවනම් හෝ අනවශ්‍ය මිත්‍යාවන් සමාජගත කරනවනම් එහෙම නැත්තං සමාජයේ සංවර්ධනයට බාධා කරනවනම් ඒ ආගමේ නායකයන්ව සහ අනුගාමිකයන්ව අපි ප්‍රශ්න කළ යුතුමයි. නමුත් සමහර මිනිස්සු තමන්ගෙ සතුට සහ සුවපත් බාවය පිණිස කරන විවිධ අවිහිංසාව මුල් කරගත් අභිචාර විධි අපි හාස්‍යයට ලක් කළ යුතු නැහැ. ඒක ඒ මිනිස්සු පුරුදු වුන විධිය. ඒ මිනිස්සු තමන්ගේ ජීවිතය හැඩගස්වාගෙන තිබෙන විධිය. ගෙදරක තියන බුද්ධ පූජාවත් එහෙම දෙයක්. ඒක සාපේක්ෂව විවිධ මිනිස්සු විවිධ සමාජවල ඉදගෙන කරන බෞද්ධ පිළිවෙතක්. ආමිසය සහ ප්‍රතිපත්තිය කියල පූජා දෙවර්ගයක් බුදු සමයෙහි දේශිත බවත් මේ ලිපියෙ දි මුලින්ම මතක තබා ගත යුතු කරුණක්.

පුද පූජා ගැන කතා කරද්දි ඒකෙ ඉතිහාසය බුදු සමයට ගොඩක් එපිටින් තියෙන කාරණයක් බව කිව යුතුයි. බමුණු දහම පැවති එවකට සමාජයේ පුද පූජා ඉහවහ ගියපු අවස්ථා අපිට වේද ග්‍රන්ථ තුළින් පැහැදිලි වෙනව. ඒ කාලෙ තමන්ගේ ආත්මය සුවපත් කරගැනීම උදෙසා සතුන් මරල ගින්නට පූජා කරල දෙවි වරුන්ට යාඥා කරපු බව සඳහන් වෙනව. බුදු දහම පහළ වෙන්නෙ මේ සියලු ක්‍රියා නිශ්ඵල බව පෙන්වා දීමටයි. තමන්ගේ අධ්‍යාත්මික සුවතාවය නොපෙනෙන දෙවි කෙනෙකුට පුද පූජා පැවැත්වීමෙන් ලබා ගත නොහැකි බවත් තමා තුළින්ම තමා අවබෝධ කරගැනීම මිස තමා සුවපත් කරගැනීමට අනියම් මාර්ගයක් නොමැති බව බුදුන් වහන්සේ පෙන්වා දුන්න. මට මුලින්ම බුද්ධ පූජාව ගැන විචාරාත්මකව දැක්වෙන අදහසක් කියවන්න ලැබුනෙ වල්පොල රාහුල හාමුදුරුවන්ගෙ සත්‍යෝදය කියන පොතෙන්. උන්වහන්සේගේ අදහසේ තිබුනෙ පිළිමයකට පූජා පැවැත්වීමෙන් ඵලක් නැති බව. ඇත්තනෙ! පිළිමයක් අපි තියන කෑම එකක් කන්නෙ නැහැනෙ. මේ බුද්ධ පූජාව සම්බන්ධයෙන් උන්වහන්සේ දක්වන අදහස තමයි මම අදටත් දැක්ක ඒ පිළිබඳව කරල තියෙන වැදගත්ම අදහස. මොකද පළමු දේ තමයි ඒ විචාරය තුළ  ඕනම කෙනෙක්ට තේරුම් ගත හැකි අයුරින් කරුණ පැහැදිලි කරනව වගේම තමයි ඒක  ඕනම කෙනෙකුට හිත රිද්දෙනැති විවේචනයක්. ඒ වගේම ඒ අදහස අරුත්බරයි.

මම හිතන ආකාරයටත් බුද්ධ පූජාව කියන එක අනර්ථකාරී දෙයක් නෙමෙයි. නියම බුද්ධ පූජාව වන්නේ බුදුන් වහන්සේ දේශනා කළ අයුරින් ක්‍රියා කිරීම. බුදුන් වහන්සේ අපට කිව්ව දේ ඒ අයුරින් පිළිගැනීමත් එය ක්‍රියායට නැංවීමත් සැබෑ බෞද්ධයාගේ යුතුකමක් වෙනව. ඒකම තමයි නියම බුද්ධ පූජාව. නමුත් අපි බුද්ධ පූජාව සිද්ධ කරනව කියල ආහාර මඳක් හෝ වැඩි ප්‍රමාණයක් බුද්ධ ප්‍රතිමාවක් ඉදිරිපිට තබා එයින් පමණක් තමා බෞද්ධයකු යැයි සිතීම විචාරශීලී බෞද්ධයකුට ගැලපෙන දෙයක් නෙමෙයි.

එහෙමනම් මේ අපි මෙච්චරකල් තියපු බුද්ධ පූජාව තේරුමක් නැද්ද? චෛත්‍යය වටා ගොඩ ගහපු පළතුරු, කිරි ආහාර, ඒ දේවල් වලින් ඵලක් නැද්ද? ඇත්තෙන්ම මෙහෙමයි අපි කරන ක්‍රියාවන් වලට ආපසු ලැබෙන ප්‍රතිපලයක් තියෙනව. ඒක දිව්‍යමය දෙයක් නෙමෙයි. අපි බත් කෑවොත් තමයි අපේ බඩ පිරෙන්නෙ. අපි  ඕනාවට වඩා බත් කනවනම් ඒක වමාරන්න වෙනව. හුස්ම ගන්න අමාරු වෙනව. සමහර විට දීර්ඝ කාලීනව කරනවනම් අසනීප වෙලා මරණයට වුනත් පත් වෙන්න පුලුවන් වග මතක තියාගන්න. බුදු දහමේ තියෙන සුවිශේෂී සංකල්පයක් තමයි පූජාච පූජනීයානං - පිදිය යුත්තන් පිදීම. කියන දෙය. අපි පිදිය යුතු සුවිශේෂී චරිත තියෙනව. බෞද්ධයෙකුට බුදුන් වහන්සේ සුවිශේෂී චරිතයක්. මම ඒක කියන්නෙ හිතළුවක් විදියට නෙමෙයි. අපි අනුගමනය කරන දැනුමෙහි නිෂ්පාදකයා තමයි බුදුන් වහන්සේ කියන්නෙ. බුදු දහමට බැසගත්ත කෙනෙක්ට බුදු දහම පෙන්වා දුන්න කෙනාව සැකනම්, එහෙම නැත්තං බුද්ධත්වය අවිශ්වාසනම් එයාට බැරි වෙනව බුදු දහමේ මාර්ගය තුළ ගමන් කරන්න. අපි ඒ දැනුම ගැන අවබෝධයක් ලබා ගන්නනම් ඒක කියපු කෙනා ගැන විශ්වාසයක් තියෙන්න  ඕන. ඒ විශ්වාස කරන කෙනාට අපි ගරු කළ යුතුයි. ඔහු කියපු දේ අපේ ජීවිත තුළින් ප්‍රයෝගික විය යුතුයි. එහි මූලික අවස්ථාවකට තමයි බුද්ධ පූජාව අත්‍යවශ්‍ය වෙන්නෙ. සාමාන්‍ය ආගමිකයෙක් බුද්ධ පූජාව තියන්නෙ මේ යථාර්ථය තේරුම් ගැනීම සඳහාම ද කියන්න අපි දන්නෙ නැහැ. 

නමුත් ඇත්තම කතාව අපිට අපි විශ්වාස කරන්න යන දැනුම් පද්ධතිය පිළිගන්න නම් ඒ දැනුමැත්තා කෙබඳු අයෙක්ද කියන අදහස තියෙන්නම  ඕන. ඒකට බුදු දහමේ භාවිත වචනය ශ්‍රද්ධාව. සමහරු මේ ශ්‍රද්ධාව තුළින් අන්ධ ආගමිකයෙක් වෙනව.මේ සම්බන්ධ බුදු දහමේ භාවිතයට කියන්නෙ අමූලික ශ්‍රද්ධාව කියල. ඔහු හිතනව බුදු දහමේ දේශිත සතුට ලබා ගැනීම සඳහා පුද පූජාවන් වලින් පමණක් හැකියි කියල. ඔහු මල් පහන් ආහාර ඉන් නොනැවතී රන් රිදී ආභරණ මිල මුදල්  ආදී නොයෙක් දේවල් පිළිම වලට සින්න කරල තෙහෙට්ටුවට පත් වෙනව. නමුත් ආකාරවතී ශ්‍රද්ධාව; එහෙමත් නැතිනම් විචාර ශීලී විශ්වාසයක් තියෙන මනුස්සයෙක් අරහෙම හැසිරනේනෙ නැහැ. එයා දේවල් විචාරවත්ව සිතා බලන්නෙක්. ඔහු නිතරම ආත්ම විශ්වාසය මුල් කරගත් වීර්ය ඇති කරගැනීම සඳහාත් ප්‍රීතිය ඇති කරගැනීම උදෙසාත් මේ ආමිස පූජාවන් හි නිරත වෙනව. මේක තවත් සරළව කියනවනම් පිළිමයක් ඉදිරිපිට පූජාවන් මහ ගොඩක් කරල එයා එයාගෙ සතුයෙහි අග්‍රඵලය ලබා ගන්න උත්සාහ කරන්නෙ නැහැ. නිවනට හෝ මතු භවයකට එතනින් පාර කැපෙන බව ඔහු විශ්වාස කරන්නෙ නැහැ. නමුත් අමූලික ශ්‍රද්ධාව තියෙන කෙනා එහෙම හිතන කෙනෙක්.

දැන් ගොඩක් දුරට අපට දකින්න ලැබෙන්නෙ මේ අමූලික ශ්‍රද්ධාවෙන් කෙරෙන පුද පූජා පමණයි. දහස් සංඛ්‍යාතව එකතු වෙලා කරන ආහාර නාස්තිය, කාලය කා දැමීම, ගත සිත වෙහෙසට පත් කරගැනීම දැන් එන්න එන්නම වැඩි වෙලා. සමහර විට ඒ අය මේව කරන්නෙ බුදු හාමුදුරුවො කිව්වය කියල. සැනසීමට එකම මාර්ගය මේක කියල හිතල. ගොඩක් වෙලාවට පූජ්‍ය පක්ෂයත්, අනුගාමික උදවියත් මේ වෙනුවෙන් හරි හරියට වෙහෙසෙනව. මේව ඇත්තෙන්ම තමන්ගෙ අධ්‍යාත්මික හා ලෞකික දියුණුවකට කොයි තරම් සුදුසු ද කියල හිතන්න බෞද්ධ උදවිය පෙළඹෙන්න  ඕන.

පුද පූජා ගැන කතා කරද්දි සංස්කෘතික වශයෙන් ඒ ගැන සිතා නොබලනවනම් ඒකත් ලොකු අසාධාරණයක්. මෙතන තමයි ඉතාම වැදගත් සාධකය. ආගම් කිහිපයක්ම අදහන රටක ජීවත් වෙන මිනිස්සුන්ට ආගමිකව කාන්දු වෙලා තියෙන සංස්කෘතිය තුළින් වෙන් කරන්න බැහැ. බුද්ධ පූජාව  කියන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියේ බෞද්ධකමේ එක සංකේතයක්. එහි දී මිනිස්සු තමන්ගේ බෞද්ධ බව ප්‍රදර්ශනය කිරීමේ සංකේතයක් විදියට පුද පූජා පැවැත්වීම යොදා ගන්නව. සමහර විට මේ සංස්කෘතික බවම තමයි ආගම වෙන්නෙත්. ඒ නිසා ආගම සංස්කෘතිය වෙන් කරල හදුනාගන්නත් බොහෝවිට අපහසුයි. දහමට වඩා ආගම ඉතාම වෙනස්. ආගමක් තුළ කාලීන දේශපාලනික සහ සමාජ තත්වයන් නිරන්තරව පවතිනව. දහම තුළ පවතින්නෙ අකාලික වූ නිර්මල තත්වයක් (විශ්වාසයට අදාලව) නමුත් ආගම තුළ මේක විවිධයි. 

කෙසේවෙතත් නිරන්තව ආගමික සංස්කෘතිය තුළ නිවසක බුදු පිළිමයක් තබා පුද පූජා කිරීම, ගමේ විහාරස්ථානය තුළ පුද පූජා සිදු වීම, ආදිය බහුලව දකින්න තියෙන දෙයක්. මෙතනදි අපි තේරුම් ගන්න  ඕන දෙයක් තමයි සෑම ආගමකම මේ පුද පූජා විධි තියෙන බව. මේ ආගමික අභිචාර විධි මිනිස් මනසට ඉතා යහපත් බලපෑම් වගේම අයහපත් බලපෑමුත් කරන්න පුලුවන්. සහ ඒ බව විවිධ ශාස්ත‍්‍රීය පර්යේෂණ තුළිනුත් තහවුරු වෙනව. විශේෂයෙන්ම සමාජ විද්‍යා තුළ. බුද්ධාගම තුළ පවතින මේ බුද්ධ පූජාව හෝ පුද පූජා පැවැත්වීමත් එහමෙයි. ඒක මිනිස්සු චාරිත්‍ර වශයෙනුත් එදිනෙදා දිවියේ තාවකාලික සතුටක් ලබා ගැනීමේ අදහසිනුත් සිද්ධ කරනව. විශේෂයෙන්ම මේක පොදු බෞද්ධ සමාජයෙත් ඒ සමාජයේම නාගරික බෞද්ධයන් හා ගැමි බෞද්ධයන් විවිධ තාලයෙන් සිද්ධ කරනව. 

මේකෙ එක් අවධියක් නිවස තුළ බුදු පිළිමයට පුද පූජා පැවැත්වීම. ඉන් පසු අවධි වලදි ක්‍රමයෙන් මේක නිවසින් පිටතට එනව. එතනින් මංසන්ධි වල පවතින බුදු පිළිම වහන්සේට පවා දහවල බුද්ධ පූජා පැවැත්වීම ආදිය සිද්ධ වෙනව. දැන් වෙද්දි අපේ බොහෝ තරුණ තරුණියන් මෙය හුදු චාරිත‍්‍රවාදී බවින් මිදිල ඉතා කැපවීමෙන් අලංකාරව සහ විචිත‍්‍රවත්ව බුද්ධ පූජාව සිද්ධ කරනව. මෙය යම් පමණකින් පුරුද්දටම නෙමෙයි ඉතා කැපවීමෙන් කරන දෙයක්. ඒ තුළින් තරුණ තරුණියන් යම් මානසික ප්‍රීතියක් ලබන බව මට විශ්වාසයි. පුරුද්දට කරන දෙයක් තුළින් මිනිස්සුන්ගේ උවමනාව ගිලිහිලා ගියත් කැපවීමෙන් සහ අවබෝධයකින් කරන පුද පූජා තුළින් තමන්ගෙ එදිනෙදා සතුට ලබා ගත හැකියි. සමහර විට ඒක නවකතාවක් කියවල කෙනෙක් ලබන එදිනෙදා සතුට වගෙයි. මේ වගේ කැපවීමෙන් පුද පූජා කරන අයගෙ ශදවත තුළ ලතෙත් බව, කරුණාව, දයාව පවතිනව. ඒ අය සමහර විට යාචකාදීන්ට සංග්‍රහ කිරීමත්, අන් අයට ගරු කිරීමත්, ආහාරයෙහි අගය, වස්තුවල අගය, පවතින සමාජ දේශපාලනික වටපිටාව ඉතා හොදින් දන්න බව මම අනුමාන කරනව. ඉතින් මේ විවිධ තාලයේ පුද පූජා තුළ පුරුද්දට කරන දේවල් හා අවබෝධයෙන් කරන දේවල් නිරතුරුවම තියෙනව. පුරුද්දට කරන දේවල් වලින් මිනිස්සු හති වැටෙනව. අවබෝධයෙන් කරන මිනිස්සු සතුටට පත් වෙනව. ප්‍රමුදිත වෙනව. ඔවුන්ට බුදු දහමේ පෙන්වන මාර්ගය තුළ ගමන් කිරීම පහසු වෙනව. ඒ නිසා බෞද්ධ හෝ අබෞද්ධ  ඕනෑම අයෙක් පුරුද්දට දේවල් කරන එක නවත්වල අවබෝධයට මුල් තැන දිය යුතු වෙනව. 

ඉතින් පුද පූජාවලට එදා ඉදන්ම විවේචන කරන උදවියත්, උපහාසයට ගන්න උදවියත් අමතක කරන දෙයක් තමා මිනිස්සුන්ගෙ විවිධත්වය. ඒ අයගෙ මානසික මට්ටම. ඒ වගේම තමා එහෙම හිනාවෙන කෙනෙකුට බැරි වෙනව අන්තර් ආගමික සමගිය ඇති වුන සමාජයක් දකින්න. බෞද්ධයෙක් ඉස්ලාම් හෝ හින්දු ආගම් වල පවතින ආගමික පුද පූජා හෑල්ලුවට ලක්කරනවනම් ඔබ හිතන්න ඒ අයගේ ඒ විශ්වාසයට සිනහවට ලක් කිරීමෙන් ඇතිවෙන තත්වය ගැන. එතනින් එකිනෙකාගෙ හිත් තුවාල වෙනව. ඒ වගේම හින්දු හෝ ඉස්ලාම් ආගමිකයෙක් බෞද්ධාගමිකයෙකුගෙ පුද පූජා ක්‍රම හෑල්ලුවට ලක් කරනවනම්? එහෙමත් නැත්නම් ආගම් නො අදහන්නෙක් මේ සියලු ආගමිකයන්ගේ පුද පූජා ක්‍රම හෑල්ලුවට ලක්කරනවනම්? ඒ සමාජය තුවාල සහිතව ජීවත් වන සමාජයක් බවට පත්වෙනව. නමුත් මේ කිසිවකු ඉතා කාරුණිකව එකිනෙකාගේ විචාරාත්මක බව ප්‍රශ්න කරනවනම් සංවාද කරනවනම් එහිදී කිසිවකු තුවාල සහිත ඇත්තන් බවට පත්වෙන්නෙ නැහැ. 

වැදගත්ම දේ තමයි අපි එකිනෙකාට ගරු කිරීම. එකිනෙකාගේ විවිධත්වය පිළිගැනීම. එකිනෙකාගේ කැමැත්ත තමා කැමති දෙය නොවන බව වටහාගැනීම. ඔබ මේ දෙය ගැන නිකමට හිතන්න, ඔබ ඔබේ සතුට වෙනුවෙන්  ගමනක් යද්දි තමාට සහ අනුන්ට හිරිහැරයක් නොවන අයුරින් අ`දින ඇ`දුම තව කෙනෙක්ගෙ විවේචනයට ලක්වෙනව. ඔබ කන බොන දෙය විවේචනයට ලක්වෙනව. ඔබ අහන, බලන දේවල්, කියන, කියවන දේවල් විවේචනයට ලක් වෙනව. ඔබ ඒකට කැමතිද? ඔබ අදින්න  ඕන දෙය, ඔබ අහන්න, බලන්න  ඕන දෙය, කරන්න, කියන්න, කියවන්න,  ඕන දෙය තව කෙනෙක් තීරණය කරන්න එනවට කැමතිද? 


-ගුරුගොඩ සිරිවිමල-

(මෙය ඉරිදා මව්බිම පුවත්පතේ “සංසාර” අතිරේකයේ පලවූ ලිපියක් බව කරුණාවෙන් සලකන්න.)



4 comments:

  1. මේ ලිපියට එකගයි. ෆේස්බුක් ඔස්සේ ෂෙයාර් කරගන්න අවසරද?

    -හීනටිගල ප්‍රේමදාස

    ReplyDelete
  2. තෙල් ඕනි. මොකටද? වාහනේට. වාහනේට? ඔව් වාහනේට. ඊට අමතරව ඕනා යන්ත්‍ර උපකරණ වැඩ කරන්න. ආ ඇයි මොකක්ද? නෑ. පොදුමේ මෙහෙම ගමු. තෙල් ඕනා මොකටද, ඇන්ජින් දුවවන්න. ඇන්ජින්. යාන වාහන, යන්ත්‍ර සූත්‍ර ඔක්කොම අඩංගුයි.

    හැබැයි තෙල් විතරක් තිබ්බට මදි දුවවන්න. යන්ත්‍ර. එංජින්. ඔව්.

    බව්වා පාරක් දාලා සැපේ.

    ReplyDelete
  3. අපේ රටේ දැන් අපි දකින දේශපාලන ගැටුම මූලිකවම රෙෆරන්ඩම් ඩිමොක්‍රසි හෙවත් ජනමත ප්‍රජාතන්ත්‍රවාදය සහ රෙප්‍රසන්ටේෂන්ල් ඩිමොක්‍රසි හෙවත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අතර ගැටුමක්. පාරෙ ඉන්න පිරිස විශ්වාස කරනවා ඒ අයට ජනමතය තියෙනවා කියල. චන්දෙ අරන් පාර්ලිමේන්තු ගිය පිරිස විශ්වාස කරනවා ඒ අය ජන මතය නියෝජනය කරනවා කියල. බලය දියවන්නාවෙන් එලියට ගන්න හදන්නෙ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ පිරිස්. මම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන නිසා මගේ උත්සාහය පාර්ලිමේන්තුව ඇතුලෙ ප්‍රශ්න විසදන්න. නිශ්චිත කාලයකට පස්සෙ මැතිවරණ පවත්වන්න. පාරෙ මතය ජනමතය විදිහට ගැනීම මුළාවක් වගේම භයානකයි කියන එකයි මගේ අදහස. හැම කෙනෙකුටම උවමනා විදිහට රටක් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට මගේ කැමැත්ත යම් පිලිගත් නියෝජිත පිරිසක් අපව නියෝජනය කරන ක්‍රමයයි. ඒ අය අසාර්ථක නම් අපිට ඊලග වාරයේ ඔවුන් මාරු කළ හැකියි. ඔවුන්ගේ වැරදි තීරණ වෙනුවෙන් ඔවුන්ට ඊලග අවස්තාව අහිමි වන අතර අපගේ වැරදි තීරණය වෙනුවෙන් අපට එකග වූ නිශ්චිත කාලය දරාගැනීමට සිදුවෙනවා.
    මේ අතර ප්‍රභූ නිර්ප්‍රභූ දේශපාලනයක් ගැනත් කතාවෙනවා. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිලිගන්නවා කියන්නෙම ප්‍රභූ නැත්තං එලිටිසම් එකක් පිලිගන්නවා කියන එක. තෝරා ගත් පුද්ගලයෙක් කියන එක තමයි ප්‍රභූවාදයේ පදනම. ඒක නරක දෙයක් නෙමෙයි අවශ්‍ය දෙයක්. ප්‍රභූවාදයට විරුද්ධ නිර්ප්‍රභූ අරගල කියන්නෙ තමන් වෙත ප්‍රභූත්වය පවරා ගැනීමේ වෑයමකට වැඩි යමක් නෙමෙයි. උදා විදිහට පාරට බැහැපු පිරිස් විශ්වාස කරනවා ජනතාව වෙනුවෙන් තෝරාගත් පිරිස ඒ අය කියල. ඒ අය විසින් විවිධ නීති පනවනවා. සමහර අයව තහනම් කරනවා, දඩුවම් නියම කරනවා. රූපවාහිනී නාලිකා අතපත් කරගන්නවා. ඒ අය ස්වයං ප්‍රභූත්වයක් බුක්ති විදිනවා. මේ නිර්ප්‍රභූ වෙස්ගත් ප්‍රභූත්වයට වඩා පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රභූත්වය ඩිමොක්‍රටික් කියල මං හිතනවා.

    ReplyDelete
  4. මේ ගතවෙන වේදනාත්මක මොහොතට නමක් නෑ...
    ඒක වේදනාත්මක මොහොතක් විතරක්ම කිව්වොත් හිතට සෑහීමකුත් නෑ....
    මම හිතන්නේ අංශුමාත්‍රිකව දුහුවිලි වෙලා පාවෙලා යන්න හිතෙන්නෙම මේ වගේ මොහොතක් උදා වුනහම....

    මට දැන් ඇහැට පේන උන් එක්කත් පිපුරන වෛරයක් තියෙන්නේ...
    කොහේ හරි ඉබාගාතේ බලාගෙන ඉන්නකොට කවුරු හරි එකෙක් ඒ මැඳින් ගියත් ඇති මේ කේන්තියට...

    එහෙම ගියපු එකා ටෙන්ට් එකකට ඇඳපු කේබල් එකක පැටලිලා කබරයා පත බෑවුනා වගේ වැටුනේ මීට ටික වෙලාවකට කලියෙන්...

    ආයේ මුකුත් නෑ ජීවිතේ ප්‍රශ්න ඔක්කෝම මොහොතකට හරි හමාරයි...
    ඇත්තටම කීවොත් ආතක් පාතක් නැතුව කල්පන ලෝකෙක බංකුවක හිටපු මම නැගිට්ටේ එහෙමයි...

    එකෙක් වැටෙන්නම ඕන තව එකෙක්ට නැගිටින්න නම්...

    මම ඒ වගේ ගොබ්බ කතාවක් ඔලුවට ආරූඪ කරගෙන මහ මුහුඳ දිහා බැලුවා.. එහෙමට අමුතු හුත්තක් ලියන්න තරම් ඒක වෙනසක් නෑ.. ඒත් එහා ටෙන්ට් එකේ එකා ෆොටෝ එකක් එක්ක ලියලා තිබ්බේ හරියට මේක නිකම් සැන් ඩියාගෝ වෙරළ තීරය වගේ සීන් එකකින්...

    පක...

    සුදුපාට පෙණ කැටී.. කුණු පාට දිය රැලී...

    ඒ අස්සෙන් නන්දා මාලනීගේ "පවන " ලබ්බක් දාගෙන ..යකෝ 21 සියවස ලබලත් අහන්න පුලුවන් විකල්ප ගීතයක් ,අරගල ගීයක් ගයාගන්න බැරි වෙච්ච රටකට අන්දන්න ඕන නන්දා මාලනීගේ සුදු සාරියම තමා...
    යදමින් බැඳ විලංගු ලා ඇඟිලි තලණවලු...

    මහ මූසලම කටහඬක් ඕකනම්...

    අනික තාම ඇගිලි තලන ලෙවල් එකට අවිල්ලා නෑ කොහෙත්ම... මේ සිංදු දාන පකයි ඔක්කොටම ඔය වද විඳින්න පුදුම සෙක්ස් ඇරියස් එකක් ඇත්තේ... අම්මපා...

    එහෙන් අයුක්තියේ අණ පිලිපැඳ කුමකට නුඹ පලඳින තරු ලු...
    "තොපේ රෙස්පට් අපට ඕන නෑ යකෝ 🤣

    මට ඒ එයාර්ෆෝස් කොල්ලගේ හඬ මේ වගේ හුත්තවල් අහන කොට රැව් පිලි රැව් දෙනවා..සඌනම් නියම කොල්ලෙක්... නියම වචන ටික සහ හරිඅ වචන ටික... හොද වැඩේ බොලාට...හරියට තමන්ගේ රස්සාව කරන එකාට අනිත් එකාට රෙස්පට් පකුන් අදාලම නෑ.. උඹලත් එක එකාට රෙස්පෙක්ට් කොර කොර යන්න දෙයක් නෑ චන්දෙකදි තොපේ රෙස්පෙක්ට් එක තියන් කතිරේ ගැහුවනම්...

    අම්මපා මම නම් කියන්නේ ඕයි ඔය මොහිදීන් බෙග්ගෙයි නන්දා මාලණීගෙයි ඔය තියෙන ලබ්බේ සිංදු මේ රටින් මකබෑවිලා ගියපු දාක අනේ අම්මපා විප්ලවය සිද්ද වෙයි...

    මට ඇත්තටම කියන්න තියෙන්නේ ඔච්චරයි...

    ඔව්වා පඳ වල ලියපු කම්මැලිකම් !

    ReplyDelete