Wednesday, May 25, 2022

ඒ අය මේ වගේ බණ කියන්නෙ ඇයි?

බොරු කීමේ විපාකයක් තමයි කියනව; ඔහු නිසා උපදින්නේ ගෑණු ලමයි පමණයි. පිරිමි දරුවො නැත. ඔහු නිසා උපදින්නෙ ඔහුට දාව ගෑණු දරුවො උපදිනව. පුතාල උපදින්නෑ. යම් නිවසක දුවෙක් ඉපදුනොත් ඒ තාත්ත, ඒ අම්ම මුසාවක් කියපු කර්මයක් මුල් වෙලා තමයි ඒ දුව උපදින්නෙ……..”

                                                                                           - වැලිමඩ සද්ධාසීල හිමි -


මේ දවස්වල සුපුරුදු පරිදි වැලිමඩ සද්ධාසීල හිමිගෙ වීඩියෝ එකක් වෛරල් වෙනව. දැනට මට තියෙන එකම සතුට ඒ හිමිගෙ නම කියද්දි අපිව ෆේස්බුක් දහම් පාසලෙන් බ්ලොක් නොවෙන එක විතරයි. කෙසේවෙතත් මම වැලිමඩ හිමිගෙ බණ ගැන 2020 විතර පෝස්ට් එකක් දැම්ම “බණ කියන තුච්ඡ අය” කියන ශීර්ෂයෙන්. ඒකෙ ලින්ක් එක මම මේක අන්තිමට දාන්නම්. අපිත් හෝද හෝද මඩේ දානව වගේ එයා කියන්න කියන්න අපි ලියනව. අපි ලියන්න ලියන්න එයා කියෝනව.

නමුත් මම ඒ බණ ගැන අටුවා ලියන්නෙ නැතිව “මේ අය මෙහෙම බණ කියන්නෙ ඇයි?” කියල ලියන්නම්. කොහොම නමුත් මේ ගැහැණු - පිරිමි උපත ගැන බුදුන් වහන්සේගේ ස්ථාවරය සහ සද්ධාසීල හිමියන්ගේ ස්ථාවරය කියන්නෙ දෙකක්. කෝසළ සංයුත්තයේ ධීතු සූත්රයේ බුදුන්වහන්සේ පෙන්වා දෙනව;

ඉත්ථි පි හි එකච්චියා සෙය්යා පොස ජනාධිප,

මෙධාවිනී සීලවතී සස්සුදෙවා පතිබ්බතා

රජතුමනි, ඇතැම් ස්ත්රිය ද ශ්රේෂ්ඨ ය. (එහෙයින්) පොෂණය කරුණු මැන. නුවණැති සිල්වත් නැදිමයිලන් දෙවි කොට වෙසෙන පතිවත රක්නා (යම් ස්ත්රියක් වේ ද,)

තස්සා යො ජායති පොසො සූරො හොති දිසම්පති,

තාදිසා සුභගියා පුත්තො රජ්ජම්පි අනුසාසතීති

දිශාවන්ට අධිපති රජතුමනි, ඇයට යම් පුතෙක් උපදී ද, (හෙ තෙමේ) දක්ෂයෙක් වෙයි. එබඳු යහපත් තැනැත්තියගේ පුත්ර තෙමේ රාජ්යානුශාසනා ද කෙරෙයි.”

මේක බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ කොසොල් රජතුමාට. එතනදි සිද්ධ වෙන්නෙ කොසොල් රජතුමා තමන්ට දුවෙක් ලැබුනය කියල හිත කළකිරීමෙන් ඉද්දි. මේ දේශනාවට අනුව පැහැදිලි වෙන කාරණා කීපයක් මම කෙටියෙන් ලියන්නම්.

ස්ත්රිය ද ශ්රේෂ්ඨයි.(පුරුෂයා හා සමානවම)

දරුවා ස්ත්රියක් වුනත් පුරුෂයෙක් වුනත් ඒ අයව පෝෂණය නොකලොත්, නුවණැති ඥාතී වැඩිහිටි ආශ්රයක් නැත්තං හබක් තමයි.

ඒ වගේම තමයි;

ස්ත්රිය මුල් කරගත් ප්රජනනය වැදගත් බව සහ දරුවන් වැඳිය හැකි ගුණය තියෙන්නෙ ස්ත්රියට කියලත් බුදු හාමුදුරුවො පැහැදිලි කරනව.

ඒ වගේම තමයි සද්ධාසීල හිමියන් මේ බණ කියන්නෙ කුමක් හෝ පොතක් පෙරළමින්; එය බලාගෙන. මම දන්නෙ නැහැ ඒ පොත මොකද්ද කියල. (ගැහැණු දරුවන්ගේ උපත අයහපත් කර්ම විපාකයක පළ දීමක් ලෙස බුදුන් වහන්සේ කියල තියෙන තැනක් තියෙනවනම් කාරුණිකව පෙන්වා දෙන්න.සමහරවිට මට මග හැරිලද දන්නෙ නැහැ.)

සමහරවිට දුවෙක් පමණක් නෙමේ පුතෙක් වුනත් අපේ කරුමෙට වගේ ඉපදෙන්න පුළුවන්. අපේ වාසනාවට උපදින්නත් පුළුවන් කියල බොහෝ අය කල්පනා කරනව. නමුත් මම හිතන්නෙ තව කෙනෙක්ගෙ උපතකින් තව කෙනෙක්ගෙ වාසනාව හෝ අවාසනාව තීරණය වෙන්නෙ නැහැ කියල. ඒ වගේම මම කර්මය කියන එක මේ වගේ තැනකට ලඝු කරන්න කැමති නැහැ සහ අපි කරන මොන කර්මයට අනුවද ඒ විපාකය ලැබෙන්නෙ කියල අපිට නිශ්චිතවම කියන්න බැහැ. කර්මය කියන්නෙ නිතරම අවිනිශ්චිත සහ අචින්ත්ය දෙයක්. ඒ වගේම තමයි සරළ කාරණයක් තමයි අපේ ජනසම්මතවල පිරිමි හෝ ගැහැණු දරුවෙක්ට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ආසාවෙන් ඉන්නවනම් කරන වත් පිළිවෙත් ටිකක් තියෙනව. අම්ම කෙනෙක් දරුව කුසේ ඉද්දි කන බොන දේවල් කරන කියන දේවල් අහන බලන දේවල් පාට වර්ග වගේ දේවල් නමුත් මේ කිසිම බාහිර සාධකයකිනුත් දරුවෙක්ගෙ ලිංගික බව තීරණය වෙන්නෙ නැහැ. වෛද්ය විද්යාත්මක දරුවෙක්ගෙ ලිංගික බව තීරණය වෙන්නෙ අහඹුවක් ලෙස. ඒක අපට කලින් තීරණය කරන්න බැහැ. සද්ධාසීල හිමිට අනුව කවුරුහරි ගැහැණු දරුවෙක්ට ආසනම් එයා බොරු කිව්වනම් හරි. පරම්පරාව ඉදිරියට අරන් යන්න පිරිමි දරුවෙක්ට ආසාවෙන් ඉන්න කෙනෙක්ට පුළුවන් ඇත්ත කියල පිරිමි දරුවෙක් හදාගන්න. ඒ බණ ගැන මගේ ඩොලරය මෙච්චරයි.

මේ අය මේ වගේ බණ කියන්නෙ ඇයි?” කියන ප්රශ්නය තමයි අපිට වැදගත්ම ප්රශ්නය. අපි එතන ඉදන් ටිකක් මේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යමු. “මේ වගේ බණ” කියල හදුන්වන්නෙ මොකද්ද? “මේ අය කියන්නෙ” කවුද?

මේ වගේ බණ” කියල කියන්නෙ ඔය ගොඩක් වෙලාවට සමාජ ජාලාවෙ වෛරල් වෙලා කුජීත වෙලා යන බණ ක්ලිප්ස්; “පිරිමියට කියල තේ හදාගෙන බිව්වොත් අපායෙ යනව, රුවන් වැලි සෑය වටේ ගැහැණු පිරිමි ලමයි එකට අත් අල්ලගෙන යන්න එපා, ගැහැණු පිරිමින්ගෙ ඇඟ දකින්න හොඳ නෑ, කාන්තාව අඳින්න ඕන මෙහෙමයි, යන්න ඕන මෙහෙමයි. විසාකාව මෙහෙමයි.” ආදි බණ

මේ අය” කියන්නෙ කවුද? මේ අය කියන්නෙ දැනට ලංකාවෙ ප්රසිද්ධියෙ බන කියන හිමිවරු, බණ කියන ටියුෂන් සර්ල, ඒව අහල ෆේස්බුක් කමෙන්ට් කරන සාධුවරු සහ වරියන්.

මේ හැම බණකම සාරාංශයක් ගත්තොත් බොහෝවිට තියෙන්නෙ ස්ත්රී හැදියාව සම්බන්ධයෙන්. ස්ත්රීන් ඉන්න ඕන මොන විදියටද කියල තව පිරිමියෙක් හෝ ගැහැණියක් ඕඩියන්ස් එකට කියල දෙනව. මේක දේශපාලනික වශයෙන් විඥානගත වෙන්නෙ බටහිර සහ පෙරදිග පුරුෂාධිපත්ය කියන තැනට. සමාජ විද්යාත්මකව ගත්තොත් ස්ත්රී-පුරුෂ සමාජභාවය කියන තැනට. එතනින් මිදිය නොහැකි ලාංකික පිරිසක් තමයි අපිටත් ඉන්නෙ. එයාලම තමයි මහණ වෙලා බණ කියන්නෙත්, ටියුෂන් කරන්නෙත්, ඩොක්ටර්ස්ල, ගුරුවරු වෙලා ඉන්නෙත්. ඒ අයගෙ උපතින්ම එන්නතක් වගේ එන්නත් වෙලා තියෙනව මේ මානසිකත්වය. ඉතින් ඒ අයට කිසි ලෙසකින්වත් බණක් කියද්දිවත් විෂයක් උගන්වද්දිවත්, බේත් දෙද්දිවත්, රාජකාරිය කරද්දිවත් අඩුම තරමෙ උද්ඝෝෂණයකදිවත් තමන්ගෙ අර පටු මානසිකත්වය හංගගෙන ඉන්න බැරිවෙනව. ඒ අය නිතරම කියන කරන දේවල් වගේ දෛනික නොවන දේවල්වලදි පවා තමන්ගෙ අර පුරුෂ මූලික චින්තනය ලෝකයට දෙන්න බලනව. ඒක තමාවත් නොදැන සිද්ධ වෙන දෙයක්.

කොහොම වුනත් මගේ විශ්වාසය මේ පුරුෂයාට ලකුණ දෙමින්, පුරුෂ උපත හොඳයි වගේ කතා කියමින් හැසිරෙන අපට එන ඓතිහාසික වසංගතයක් තියෙනව. ඒ වසංගතය බටහිර දැනුමෙන් ගත්තත් පෙරදිග දැනුමෙන් ගත්තත් එකයි කොහෙත් තියෙනව.

ඉන්දීය ආගම්වල තිබුන මූලිකම දෙයක් තමයි කාන්තාව ගෙය මුල්ලට කර තැබීමේ ආශාව. මුල සිටම ඒ තත්ත්වය තිබුන. ඔය “බමුණු මත” කියල අපි කතාවෙන් කියන්නෙ ඒ ඉන්දීය ආගම්වල සමස්ථය. ඒ අයගේ උවමනාවන් තුළ පුරුෂයා පමණක් අවසාන සැපයකට ලක්වීම ගැන කතා කෙරුවත් ස්ත්රියට ඒ සැපත ලගා වීම ගැන කතාවත් කරන්නෙ නැහැ. ඒ වගේ ම තමා කුළ ප්රශ්න, ජාති ප්රශ්න නිදහස, හිතන පතන එක පවා. ඒ සියල්ලක්ම සීමා සහිතව පිරිසකගේ පමණක් තනි ලෞකික ලෝකෝත්තර සැපයක් හොයන ඒකාධිකාරයක්. බුදුදහම පහළ වුන කාලයෙත් ඉන්දියාවෙ ඔය තත්ත්වයම තමයි. බුදු හාමුදුරුවො පහළ වෙන්නෙ ඒ තත්ත්වය යටතේ. ඒ තත්වයට එරෙහි වෙද්දි බුදු හාමුදුරුවන්ගෙ පියා වුන සුද්ධෝධන රජතුමා පවා බුදු හාමුදුරුවො එක්ක වාද කරගත්ත. පිණ්ඩපාතෙ යන්න එපා කිව්ව. බිම්බිසාර රජ්ජුරුවො කිව්ව”ඇවිත් රාජ්ය බාරගන්න” කියල. මොකද මේ තත්ත්වය නැවැත්තුවෙ නැත්තං අර ඒකාධිකාරය විනාස වෙලා යනව. නමුත් බුදුහාමුදුරුවො ඒ සියල්ල වළක්වල ස්ත්රියට, කුළයට, ජාතියට, උපතට ජීව විද්යාත්මක සාධක පෙන්වමින් තමන්ගෙ මූලික වැඩේ කරගෙන ගියා.

නමුත් ඒ තත්වයෙන් ඒ සමාජය මිදුණෙ නැහැ. කොටිම්ම කිව්වොත් බුදුහාමුදුරුවන්ගෙ හොදම යාළුව වුන කොසොල් රජ්ජුරුවො පවා තමන්ගෙ බිරිඳට දුවක් හම්බෙද්දි කළකිරුණ. හේතුව අර පටු අදහස්. ඒ වගේම බුදු හාමුදුරුවන්ටත් මේ තත්වය සමහර වෙලාවට භාවිත කරන්න වුනා. ඒ කාලෙ තිබුන සමාජ ක්රමයට සමහර තැන්වලදි බුදුහාමුදුරුවො අනුමත වුනා. ඒ නිසා තමයි ස්ත්රී-පුරුෂ සමාජභාවයට අනුව කාන්තා යුතුකම් වගකීම් ගැන සිඟාලෝවාද සූත්රයෙදි බුදු හාමුදුරුවො සාකච්ඡාවට ලක් කරන්නෙ. නමුත් ඒව සමාජය දෙකඩ කරන්න හෝ නිදහස සීමා කරන්න හේතුවක් වුනේ නැහැ.

බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ සාසනය තුළ ආව අසීමාන්තික ගැටුම් වලින් පේනව ඒ භික්ෂු සමාජය පවා කොච්චර තුවාළ සහිතව හිටියද කියල. අර බුදුන් වහන්සේ පිරිනිවන්පාල තුන්මාසයක් යද්දිම ප්රථම සංගායනාවෙදි ආනන්ද හාමුදුරුවන්ට ස්ත්රිය සම්බන්ධ කරල චෝදනා දෙකක්ම එල්ල වුනා. මේ ආනන්ද හාමුදුරුවො නිදහස් වුනේත් අර පුරුෂ මූලික ආකල්පයේ ඉදන්මයි. එතනින් නොනැවතී මේක විකාශය වුනේ ඒ තුවාල සහිත ආකල්ප වලින්. එතනින් බුදු දහමට යම් යම් ස්ත්රිය පහත් කරන ආකල්ප ඇවිත් තියෙන්න පුලුවන් කමක් අනිවාර්යෙන්ම තියෙනව. රහත්බව තුළ වුනත් අර සංස්කෘතික ලක්ෂණ තුළින් නොමිදීමේ හැකියාව ඉතා හොඳින් පේන්න තියෙනව. ඒ වගේම ඒ සමාජයට මේ සියල්ලක්ම යහපත් දේවල් ලෙස පෙනුන බවක් ඒ ඉතිහාසය කියවද්දි පේන්න තියෙන දෙයක්.

ඒ වගේම ඒ සංකල්ප ඓතිහාසිකව සංවර්ධනය වෙලා ලංකාවට එනව. හිංදු බමුණු ආකල්ප විවේචනයකින් තොරව අපේ මිනිස්සු තමන්ගෙ හිසමත තියාගන්නව. ඒ ආකල්ප විවේචනය වූ අවස්ථා මේ සාසනය තුළම තිබුනත් ඊට වඩා පැවැත්ම, ඒකාධිකාරය පවත්වාගෙන යාමේ උවමනාව නිසාම ඒව ඒ විදියටම පැවතුනා. ස්ත්රිය පිළිබඳව සුරක්ෂිත අදහසක් ලෙස සමහර දේවල් පැවතුනත් ඒව අද වෙද්දි එයාලව යටපත් කරන වාක්ය බවට පත්වෙලා තියෙනව.

මේ බොහෝ බණ කියන අය මේ විදියෙ කතා කියන්නෙ අර ඓතිහාසිකව එන පුරුද්දෙන්. ඒ අයට බුදුන්වහන්සේ පෙන්වා දුන්න නූතනත්වය, ප්රජාතන්ත්රය, නිදහස, අයිතිවාසිකම් ගැන අදහසක් නැතුව නෙමේ. නමුත් ඒව මිනිස්සුන්ට කියන්න ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඒකට එක හේතුවක් මේ දේශණා අහන මිනිස්සු. නිවන ගැන, පැවැත්ම ගැන, නැවැත්ම ගැන, උපත ගැන, මරණය ගැන, ලෙඩවීම ගැන, ලිංගිකත්වය ගැන මේ හැමදේකටම ඔය කියන ඓතිහාසික භාවය ආරූඪ වෙලා තියෙනව. බොහෝවිට අපේ මිනිස්සු තුළ නිවන ගැන තියෙන ආකල්පය මේකට හොඳම උදාහරණයක්. නමුත් මේ ඓතිහාසික බවෙන් මිදිල ඉදිරියට යමින් බණ කියන මිනිස්සුන්ගෙ වටිනාකම දන්න දේශකයොත් නැතුවාම නෙමෙයි.

 

-ගුරුගොඩ සිරිවිමල-




 

7 comments:

  1. jagath PathiranaMay 25, 2022 at 3:56 PM

    “ඉත්‍ථි පි හි එකච්චියා සෙය්‍යා පොස ජනාධිප,

    මෙධාවිනී සීලවතී සස‍්සුදෙවා පතිබ්බතා

    මේ ගාථාව ගැන ඔයාගේ ටීකාව පිලිගන්න බෑ.
    මේකයි හරි එක
    “(මචං කෝසල
    ගෑණු ලමයෙක් ඉපදුනා කියලා ඒ තරම්ම අවුලක් ගන්න එපා)
    (පිරිමියෙක්ට වඩා විශේෂ අවධානයකින් යුතුව) වැදගත් විදියට හදා ගත්තෙත්
    ගෑණුත් නරකම නෑ.

    කෙහොමත් බුදුදහම පුරුෂ ආධිපත්‍යයට ගරු කරනවා.

    ReplyDelete
  2. jagath PathiranaMay 25, 2022 at 3:59 PM

    වෛද්‍ය විද්‍යාත්මක දරුවෙක්ගෙ ලිංගික බව තීරණය වෙන්නෙ අහඹුවක් ලෙස. ඒක අපට කලින් තීරණය කරන්න බැහැ.

    මනුෂය වර්ගය තනි ඒකකයක් ලෙස හිතුවොත් එය හරි.
    නමුත් සමහර පවුල්වල ගෑණු විතරමයි. සමහර පවුල් වල පිරිමි විතරමයි.

    ReplyDelete
  3. එතකොට අපි කතාවට ගෙදර බුදුන් අම්මා කිව්වට, පිරිමියෙක් ඇරෙන්න කාන්තාවක් ලොව් තුරා සම්මා සම්ම්බුදු පදවියට පත්ව නැත්තේ ඇයි සිරිවිමල හිමියනි?

    -ඉකොනෝ

    ReplyDelete
    Replies
    1. මොකක්ද බන් උඹට ඉකොනො එක්ක තියන ඇරියස් එක?
      - ජගත් පතිරණ

      Delete
  4. හොඳ ලිපියක්අවුරැදු දෙදාස් ගණනකට එහා සමාජයේ දේවල් යාවත්කාළීන නොකර ගෙඩිය පිටින් ගන්න එපා. බයිබලයේ එකතැනක genesis19:36 (Lot and his daughters) තනියම ජීවත් වෙච්ච පවුළක කෙල්ලො දෙන්න තාත්තට වයින් පොවල සිහිවිකල් කරල අහවල් එක කරගෙන ළමයි දෙන්නෙක් හදා ගත්ත. ඒකට හේතුව ඒ කාලෙ පිරිමි ළමයෙක් නැති ගෑනියකට කිසිම සෝෂල් බෙනෙෆිට් එකක් ලැබෙන්නැති නිසා පැවතීමක් නෑ,. ඒ ගෑනු දෙන්නට වෙන මිනිහෙක් ඒ හරියෙ හොයාගන්න හිටියෙත් නෑ. නමුත් දැන් සමාජය වෙනස් නිසා බයිබලයේ මේ කොටස කියවල ඊයා කියන අයට ඒ කාලයේ සමාජය ගැන අදහසක් නෑ. බුද්ධාගමේ පුරැෂාධිපත්‍යය මේ වගේ. ඒ කාලෙ සමාජයේ මුල් බැහැපු සන්කල්ප බුදුහාමුදුරැවන්ට එකපාරට අන්ශක එකසිය අසූවකින් කරකවන්න බෑ බුදුහාමුදුරැවො ඒක තමන්ගෙ ශක්ති ප්‍රමාණයට කලා.

    ReplyDelete
  5. අනේ මන්ද... හාමුදුරුවරුත් හරියට ගිරව් වගේ. දර්මය මූලික කරගත්තට දර්මය තේරුම් බේරුම් කරන් නෙවේ කතා කරන්නෙ... මේ ගැටෙන දෙපැත්තම.
    මේ ගැටය ලිහාගන්න පුලුහං තැන් දෙකක් තමයි දහමේ එන කාන්තා - පිරිමි නිමිති ඇතිවීම වෙන තැන ගැනත් අභිධර්මය පොඩියට හරි තේරුම් ගැනීමත්...

    ReplyDelete
  6. මං පේරාදෙණිය කම්මලේ ඉන්න කාලෙ අප සිටි නේවාසිකාගාරයේ හිටිය ඉකොනෝමැට්ටා බ්ලොග් එක ලියන කෙනා. මිනිහට ඒ කාලේ කාඩ් දෙක තුනක් වැදිලා තිබ්බා. මිනිහගේ තාත්තා ආර් ප්‍රේමදාස ජනාධිපතිවෙලා ඉන්න කාලේ ගම්උදාව උත්සව වල පොඩි පොඩි කඩ දාගෙන වෙලදාම් කරලා තිබ්බා. අම්මා ස්වීව් විකුනලා තිබ්බා.

    ඉතිං ඔය කියන ඉකොනෝමැට්ටා ඒ කාලේ නිදාගන්න පුරුදු වෙලා තිබුණේ උඩුබැලි අතට, කකුල් උඩ තියාගෙන. කිරලා බිත්තර රකින්නේත් එහෙමයි කියා කතාවක් තියෙනවා. මිනිහා සරම ඔලුවෙ ඉඳන් පොරවා ගන්නවා. එක් දවසක් සරම මෑත් වී තිබුණු වෙලාවක වෙනත් අයෙක් මට පෙන්වූ දෙයක් මට සිහි වෙනවා. ඔහුගේ ගුද මාර්ගයෙන් පිටතට ආ කිරි පණු රැළක් ම සුදු පාට‍ට හිටියා. මම හිතන්නේ ඔහුට තදබල විධියට ඒ ලෙඩේ තිබුණා. ඒ දවස්වල අපි හිතන් හිටියේ අපි සමාජ ක්‍රමයේ රෝගයට බෙහෙත අතැඹුලක් සේ දන්නවා ය කියලායි. හැබැයි, මේ කොල්ලාට මේ ගැන කියනවා ද, නැද්ද කියා හෝ කළ යුතු දේ ගැන හෝ අපි දැනගෙන හිටියේ නැහැ.

    ReplyDelete