Sunday, April 28, 2019

මේ සටනින් හදවත් තුළ තුවාල ඇති කර නොගැනීමට වගබලා ගන්න.

කොහොමත් මේ ත්‍රස්තවාදී ගැටුම් ඉවර වුනාට පස්සෙ ඒ හීරුණ හිත් නැවත සුවපත් කරන්න දිගු කාලයක් යාවි. අන්න ඒ නිසයි ෆේස්බුක් බාවිතයෙදි අපි පරිස්සම් විය යුත්තේ.
මේ වෙද්දි කිසිම මුස්ලිම් කෙනෙක් විශ්වාස නොකරන්න යන තැනට මහජනතාව පත්වෙලා. ඒකට ලොකුම හේතුව 4/26වෙනිද කොම්පඤ්ඤ වීදියෙ මුස්ලිම් පල්ලියකින්(ඒවට මමනම් පල්ලි කියන්නෑ) හම්බුන කඩු හතලිස් ගණන. ඒ පල්ලිය ඉස්සරහ 21 වෙනිද වුන සිදුවීමට ශෝක බැනර් එකක් පවා ප්‍රදර්ශනය කරල තිබුන කියල ආරංචියි. එහෙව් වෙලාවකදි මිනිස්සු තමංගෙ ලගම ඉන්න මුස්ලිම් හිතවතා වුනත් විශ්වාස කරල Risk එකක් ගන්නෙ නැහැ. මිනිස්සු සාධාරණයි. මොකද සුළුතර ඉස්ලාම් ජනයාට වැඩියෙං බහුතර මුස්ලිම් ජනයා මේ ත්‍රස්තක්‍රියාවලිය එක්ක සම්බන්ධයි කියල පැහැදිලියි. හැබැයි මම නම් විශ්වාස කරන මනුස්ස හදවත් තියෙන ඉස්ලාම් කිහිපදෙනෙක් ඉන්නව. ඒ අය මේ මොහොතෙත් මාත් එක්ක අදහස් හුවමාරු කරගන්නව. කෙසේවෙතත් අපි සැකයක් අැති කර ගැනීම සාධාරණයි. අනිවාර්යයෙන්ම ඔබ ඔබේ සහ පවුලේ , රටේ ආරක්ෂාව වෙනුවෙන් ඒ සැකය තියාගන්න. නමුත් තමන්ගෙ හිත තුවාල කරගන්න නම් එපා. සැකය අවධාන මේ වගේ මොහොතක අපි හැම කෙනෙක්ටම වටිනව. 

ඒ වගේම තමයි 4/26 වෙනිද ජනාධිපතිවරයා(එයාට මමනම් ජනාධිපති කියන්නෑ) මුණගැසුණ සර්වාගමික නායකයින්ගෙ අතර හිටිය එක ඉස්ලාම් මවුලවි කෙනෙක් හඩමින් කතා කරනව. අඩු තරමෙ අපි ⁣ඒ හැඩීමවත් මේ මොහොතේ විශ්වාස කළ යුතු නෑ. නමුත් මට ඒක තදින් දැනුන. මට ඉස්ලාම් ධර්මයෙ එකඟවෙන්න බැරි කාරණා රාශියක් තිබුනත් එයා කියන කාරණා එක්ක මම එකග වෙනව. "අපේ ආගමේ මෙහෙම දේවල් කියල නෑ" මේ වගේ තැනකින් හිතුවම එහෙම හිතන ඉස්ලාම් ආගමික නායකයින් සහ බැතිමතුන් මේ ලංකාවෙ ඉන්නව. ඒ සාම්ප්‍රදායික ඉස්ලාම් ජනයා. නමුත් ඔවුන් යම් කාලසීමාවක් තුලදි සිංහල සංස්කෘතිය අමතක කරල පූර්ණ අරාබි සංස්කෘතියකට නැඹුරු වෙනව. කොහොම වුනත් ඉහත මම සඳහන් කරපු මවුලවි තුමා කියනව එයාගෙ පුතාගෙ සිද්ධියක්. "ආයෙ මම කොහොමද තාත්තෙ ඉස්කෝලෙ යන්නෙ" නැවත හම්බයගෙ පුතා" , වැනි වචන වලින් ආමත්‍රණය කරන අශිෂ්ඨ ජනතාවක් ඇති වේවි.
අර්ක්‍රම් නූර් අමීඩ් මවුලවිතුුුුමා 
 මේ හැම දෙයක් පිටුපසම ඉස්ලාම් ජඩ අන්තවාදය හැසිරෙනව. ඒ වගේම තමා නැවත නැවතත් අප ඉදිරියේ ඔප්පුවෙමන් පවතින කැත ගද ගහන දේශපාලනේ. මේ හැම දෙයක් නිසාම මිනිස්සු විරසක වෙනව. භෞතික තුවාල සුවපත් කරගන් ලේසියි. නමුත් අභ්‍යන්තර තුවාල හොඳ කරන්න අමාරුයි. කොහොම නමුත් බෞද්ධයා, කිතුණුවා මේ වගේ තැනකට පත් කලේ මුස්ලිම් අන්තවාදය. මේකෙ ශිෂ්ට බව අශිෂ්ට බව හොයනවට වඩා ඉතා වැදගත් වෙන්නෙ ප්‍රශ්නය ප්‍රශ්නයක් විදිහට දැකල විසඳුමක් ලැබෙන වැඩ පිළිවෙලක් කරා යාම. නමුත් ඒකට පැයක් ප්‍රමාද වෙනව කියන්නෙ තව ඉස්සරහට පැය දෙක තුනක් දීර්ඝ වෙමින් මේ ත්‍රස්තවාදයට අපේම අය බිලි වෙන එක. 
මේ තියෙන තත්වය සාමකාමී ආගමික බලවේගයන්ට විශාල තර්ජනයක් වෙලා තියෙනව. ඊළඟ වෙසක් එක වෙද්දි මේ ප්‍රශ්නය නිරාකරණය වෙලා තිබ්බොත් ඒත් අනුරාධපුරය ඇතුළු සියළු ආගමික සිද්ධස්ථාන ජනාකීර්ණ නොවේවී. මොකද ඉස්ලාම් ආගමේ නිර්මාණය වෙන අශිෂ්ට ආගමිකයා තමන්ගෙ මරණය හෝ කියල පල්ලි ගියාට, දරුව බඩේ ඉද්දි මරාගෙන මැරෙන බෝම්බෙකට පණ දුන්නට ශිෂ්ට ආගමිකයා මොනම ආකාරයෙන්වත් තමන්ගෙ ජීවිතේ අනතුරක තියල ආගමක් සරණ යන්නෙ නැහැ. 
මේ සිදුවීමෙදි මේං කියල මහජනතාවට මැදිහත් වෙන්න පුළුවන් මට්ටමක නැහැ. රජය විසින්ම මේකට මැදිහත් විය යුතු වෙනව. ඒ මැදිහත් වීම 26 රාත්‍රියෙ සිදුවුණ "කල්මුණේ" සිදුවීමෙදි මහජනතාවගෙ පැතුම් දැල්වීමක් වුනා සහ මේ වෙලාවෙදි අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන යුධ වදින සෙබළු. ඒ අය තමන්ගෙ ජීවිතේ පැත්තකින් තියල අපේ ජීවිත මේ වෙලාවෙ දරාගෙන ඉන්නව. ඒ මිනිස්සුන්ට අපි නැවත වතාවක් සදා ණයැති ජාතියක් වුනා. මේ සෙබළුන්ගේ මැදිහත්වීම නිසා අපිට පැතුම් දල්වාගෙන බලාගෙන ඉන්නව බාහිර තුවාලය හොඳ කරගන්න. අනිවාර්යයෙන්ම ඒ බාහිර තුවාලය සුව වෙනව. මට විශ්වාසයි. නමුත් අපි පුළුවන් තරම් වෙහෙස වෙලා අභ්‍යන්තරව හිතේ තුවාල ඇති නොවන පරිදි මුහුණු පොතේ හැසිරෙන්න වගබලා ගමු. 
මොකද මේක බොහෝ විට ආගමිකව ඇතිවුන තත්වයක් විතරක්ම වෙන්නත් බැහැ.


|ගුරුගොඩ සිරිවිමල

1 comment:

  1. යම් කනඩායමක් කල වරදක් සමස්ථ ප්‍රජවටම අනුගත කර සැලකිම බුද්ධිමත් ජනයා අනුමය කරන්නේ නැත.

    ReplyDelete