Thursday, April 25, 2019

"අප්‍රේල් 21 ප්‍රහාරයේ වගකීම සිංහල බෞද්ධයන්ගේ" කරමත පැටවීම

"අප්‍රේල් 21 ප්‍රහාරයේ වගකීම සිංහල බෞද්ධයන්ගේ" - විදේශ මාධ්‍යවල අමුතු භාවිතාව
පුවත් උපුටාගනිමින් පළ කරන ප්‍රවෘත්ති වෙබ් අඩවි ගණනාවක පහත ආකාරයේ ප්‍රකාශ ඇතුළත් වී තිබෙන්නේ ප්‍රහාරයේ වගකීම ශ්‍රී ලංකාවේ බෞද්ධයන් කෙරෙහි යොමුවන ආකාරයෙනි.
"Local Christian groups have said they faced increasing intimidation from buddhist monks in recent years" (පසු ගිය වසර කිහිපය තුළදී තමන් හට බෞද්ධ භික්ෂූන්ගේ තර්ජනවලට මුහුණ පෑමට සිදු වූ බව දේශීය ක්‍රිස්තියානි කණ්ඩායම් ප්‍රකාශ කර සිටිනවා)
edition.cnn, chinadailyhk, reuters ආදී වෙබ් අඩවි ගණනාවක එසේ සඳහන් වෙද්දී මීට පැය කිහිපයකට පෙර BBC යේ අදහස් දැක් වූ එහි නියෝජිතයෙකු වන තුසියාන් නන්දකුමාර් (Thusian Nandakumar) මෙම ප්‍රහාරය සිංහල බෞද්ධයන් ගේ එකක් බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට මේ පිපුරුණේ බෝම්බයක්‍ද යන්න වත් කොන්ද කෙළින් තබාගෙන ප්‍රකාශ කළ නොහැකිව තිබියදී ජාත්‍යන්තර මාධ්‍ය මේ ආකාරයෙන් බොර දියේ මාළු බාති.
මේ අතර අද උදෑසන සමාජ ජාල වෙබ් අඩවිවල සංසරණය වූ බුද්ධි අංශ ලියවිලි අසත්‍ය ඒවා බවට ආරක්ෂක අංශ තවමත් ප්‍රකාශ නොකරයි.
මිනිසා විශ්වාස කරන සත්‍ය පදනම් වන්නේ ඔහුගේ දෘෂ්ටිය මතය. වසර ගණනාවක් තිස්සේ දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව දියත් කොට ඇති ප්‍රචාරණ යාන්ත්‍රණය නිසා සිංහල බෞද්ධයන්ගේ ප්‍රතිරූපය බිංදුවට වැටී ඇත. එබැවින් මෙවැනි ම්ලෙච්ඡ ක්‍රියාවල බරපැන නිසි තොරතුරු නොදන්නා ජාත්‍යන්තරය තුළ නිතැතින්ම සිංහල බෞද්ධයන් වෙත එල්ල වේ.
ශ්‍රී ලංකාවේ රජයේ නිල වෙබ් අඩවි පවා නිද්‍රාශීලීය. ජනතාවගෙන් සත්‍ය තොරතුරු වසන් කිරීමට උත්සාහ කරන බව පෙනෙන්නට තිබේ. සමාජ ජාල මාධ්‍ය අවහිර කර ඇත. සාම්ප්‍රදායික මාධ්‍ය හැර තොරතුරු ලබාගැනීමේ අන් මාර්ගයක් පොදු ජනයාට නැත.
රටේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම සඳහා ජාත්‍යන්තරයට මුහුණ දීමේ වගකීම කා සතුද?
දිගින් දිගටම සත්‍ය වසන් කිරීම නිසා සිදු වන්නේ එකිනෙකා අතර සැකය සහ අවිශ්වාසය වර්ධනය වීමයි. පටු වාසි අවාසි නොතකා වගකිවයුත්තන් කටයුතු කරන්නේ නම් අගනේය.
ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ආදරණීයයන් සැමට නිවන් සුව පතමි.

pethum ranasinhe




2 comments:

  1. පුංචි සාදු ඕකට ඔච්චර කලබල වෙන්න එපා.

    දැන් මෙහෙම හිතන්නකෝ, සයිබීරියාවේ බෝම්බයක් ගහලා සෙට් එකක් නිවන් යනවා. එතකොට ඒක වාර්තා කරන ඉල්ලංකාවේ මාධ්‍ය සෙට් එක බලනවා මේක හිට් කරගන්නේ කොහොමද කියලා. ඉතිං කරන්නේ සයිබීරියාව දිහා බලං බොක දාපු ඩයල් එකක් හරි කමක් නෑ, ටෙලිවිෂන් එකට ගෙනත් උගේ කයිවාරු අහනවා.

    පුංචි සාදු ඔව්ව කල්පනා කර කර ඉන්නෙපා.ලාමක වැඩිනේ මෙව්වා හිතන්න. සාදුගේ ෆේස්බුක් එක දැක්කම ඒක පේනවා. ඒ නිසා බණ බාවනා කරලා සසරෙන් එතෙර වෙන්නකෝ.

    ReplyDelete
  2. මෙ රට රැක ගත්තේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා

    ReplyDelete