Monday, April 29, 2019

| ❝ Easter Sunday attacks Sri lanka ❞ ❝ පාස්කු ඉරිදා ප්‍රහාරය ❞ 

පාස්කු ඉරිදා ප්‍රහාරහ වනාහී අප කිසිසේත්ම නොසිතූ නොවිරූ ප්‍රහාරයකි. ඉස්ලාම් ත්‍රස්තවාදයේ ඇති ප්‍රචන්ඩත්වය අප දැනැ සිටියෙමු. බොදු බල සේනා, වැනි වූ විවිධ සංවිධානයන් රටේ මහජනතාව වෙතත්, පාලකයන්ටත් බලකර සිටියේ ය. අප එය ප්‍රචන්ඩත්වය යැයි පසෙක ලූහ. සත්‍යය. එය ප්‍රචන්ඩය. නමුත් ප්‍රචන්ඩත්වයේ සියළු අද්දැකීම්වලට මුසුවී තිබුනේ කිනම් හෝ අවධානමක පෙරනිමිත්තක් බව අපට අවබෝධයක් නොවුනි. මන්ද යත් මා පවසන්නේ එය සන්නිවේදකයාගේ දුර්වලතාවයක් කියායි. අවසානයේ උක්ත කී ඉස්ලාම් ත්‍රස්තවාදයේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත්වින. එ් 21වන ඉරු දිනයේය. තම අවිහිංසක ආගමික අදහිලි තුළින් දහසක් පැතුම් මල් විකසිත කරගනු වස් සාම්ප්‍රදායික පාස්කු මංගල්‍යයේ අවසාන ඉරිදා ඔවුන් දෙව්මැදුරු වල දෑත් ඔසවා, ගීතිකා ගයා යාඥාවේ යෙදුනෝය.


ඒ අතර මැද ඔවුන් ඉස්ලාම් අන්තවාදයේ මරු පහර භුක්ති වින්දහ. නින්දිත වූත් අමනෝඥ වූත් ඉස්ලාම් අන්තවාදයේ තර්ජනාත්මක අඬහැරයට නියම පිළිතුර දුන්නේ කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු තුමන්ය. ඔහු මිනිස් සිත් අස්වසාලූ අයුරු විශ්මිතය. "කවුරුත් කාටවත් කටක්වත් අරින්න එපා, අතක් උස්සන්න එපා" මිනිස්සුන්ට මීඩියා හරහා රට දැනුවත් කලේය. මිනිසුන් ඒ බස අසන්නට නැඹුරු වූ නිසා විශාල ගැටුමක් අැතිවනවා නියතය. සිංහලයා ශිෂ්ටත්වය මගින් ඉවසා, කඳුළු හළා දුක පිට කරගන්නා ලදි. අප තවමත් අවුලෙනි. කවුරු මේ පිටු පස සිටීද? ත්‍රස්තවාදීන් රකින්නන් කවරහු? අප නොදැනුවත්ය. ඉදින් අප අවුලෙනි. සියල්ලටම වඩා මියගිය 350+ ක් වූ මිනිසුන්ගේ රුධිරය ය. රුධිරය ඉදිරියේ, මරණයක් ඉදිරියේ අප සංවේදීය. ලෝකයම සංවේදී වූහ. කෙසේවෙතත් මේ සිදුවීම් හරහා රටක ජාතික ප්‍රශ්නයක් කලෙක පටන් ඇති වග අප දැනුවත් වීමු. රටේ අනාරක්ෂිත අප අනාරක්ෂිතයන් බවත් අපව පාලනය කරන දේශපාලකයන් අපව අනාරක්ෂිත තත්වයට ඇද දමා ඇති වගත් දැනුවත් වීමු.




එදින සිදු වූ මරණයන්ගෙන් පසු ශ්‍රී ලංකා උත්තරීතර යැයි පවසන පාර්ලිමේන්තුව නියෝජනය කරන වග කිව යුතු මන්ත්‍රී වරයෙක් "තාත්ත කලිං දා කිව්ව මෙහෙම දෙයක් වෙන බව, පල්ලි යන්න එපා කිව්ව, මම ඒ නිසා ගියෙ නෑ." යනුවෙන් සිනාසෙමින් පවසන්නට තරම් ම්ලේඡයෙක් විය. අහෝ! මේ ලංකාවය, සිරි ලංකාවය, අපි සිටින, අප ජීවත් වන ලංකාවය. අන්තෝ ජටා ය, භහී ජටා ය. "අපි කලිං ඕව කිව්වා, මේව වලක්වගන්න තිබුනා " යැයි කටමැත දොඩන්නන්ද, මෙයින්ද දේශපාලනයක් කරන වහල් මානසිකත්වයක් ඇති ජනී ජනයාද එක එක වුන් වීරයන් කරන්නට පොරකති, අනෙකාට බැන වදිති, ඉතා නින්දිත, කැත, අමනෝඥ දේශපාලකයාගේ තත්වයටම මහජනතාවද පත්වෙමින් ඇත. ප්‍රශ්නය නම් කලිං කීම නොවේ. ක්‍රියාත්මක වීමය, අඩුතරමේ ඒවා කීමේ ගෞරවය අප ඔවුනට ලබා දිය යුතුය. නමුත් ඔවුන් මේ මිනී වැපිරුණ, කුණු, මස්, ලේ ගද ගසන විශාලවක සිරි ගත් පරිසරයක වැටී මියැඳී සුනුවිසුණු වූවන්ගේ ජීවිත මගින් වීරයන් වන්නට හැදීම ඉතාමත් කැතය. ලියන්නට බොහෝ දේ ඇතත් නොලියා හිදිමි. 
 ❝කිසිත් නොදන්නා කිරි දරුවන්, කිනම් ආගමකද? කිනම් ජාතියකද? මේවා නො දන්නේය, ඒ කිසිත් බෙදීමක් නොතිබූ කුඩා දරුවන් මස් වැදැලි වී ලේ විල් මත සැතපෙන්නට ඇත, මධුසමය පතා හොටලයට සම්ප්‍රාප්ත වූ තරුණ යුවලකගේ එම බිරිඳ සැමියාගේ මළ සිරුර හඳුනාගෙන ඇත්තේ අත දැමූ මඟුල් මුදුවෙන් බව කටුවාපිටිය දේවස්ථානයේ බාරකාර පියතුමන් මාධ්‍ය වෙත පැවසීය, තත්වය ඛේදජනක නොවේද? 22 දෙවනදා පාසල් සමය ඇරඹි පසු සුදු පිරුවටයෙන් සන්නද්ධව පෑන් පොත් පාඩම් හරඹය පිණිස යන්නට සිටි දූ දරුවන්ට නැවත ගෙදර දොරටවත් පියමන්නට නොහැකි විය. පාටාචාරලා, කිසාගෝතමීලා දැන් තැන් තැන් වලය. සෝපාකලා රාහුල ලා සුණු විසුණු වී හමාරය. තවමත් නො පසු බස්නා වීරියෙන් දේවදත්තලා අජාසත්තලා සැලසුම් වලය, දෙවිවරුන් අප සුරැකිව තබන්නට නොනිත් වෙර දරයි. ඔවුහු දෙවිවරුය. මීසම් වල වැඩ සිටි දෙවි වරු මේ වන විට ඒ සෙබළුන්ට ආරූඩ වී ඇති වග කිව යුතුය. ඔවුහු තම ජනතාව වෙනුවෙන් සටනකය!.❞ 




 |ගුරුගොඩ සිරිවිමල 

සේයා රූූ - චරිත් ජනප්‍රිය 

No comments:

Post a Comment