Monday, March 8, 2021

එයා කොච්චර පව් ද? - Women's Day

අද කාන්තා දිනය. කාන්තා දිනයෙදි කාන්තාව ගැන වැඩියෙන් කතා වෙනව. කවුරු හරි ගැන යමෙක් විසින් කතා කිරීම ම හොඳ දෙයක්. අපිට අපි ව මිස් වෙන වෙලාවක තව කෙනෙක් මිස් කරගන්නැතිව ඉන්න උත්සාහ කරන එකම කොච්චර දෙයක්ද?

කාන්තාව ගැන කතා කරද්දි බුදුන් වහන්සේ කාන්තාවට දීල තියෙන තැන ගැන කතා කිරීම හොඳයි කියල හිතුන. බුදුන් වහන්සේ කාන්තාව වෙනුවෙන් කරපු ලොකුම දේ තමයි “ඒ අය අමුතු සත්තු විදියට නොසැලකීම.” අපි ලෝකෙ දිහා බලපුවම කාන්තාව වෙනස් කෙනෙක්, හයිය නැති කෙනෙක්, සියුමැලි කෙනෙක් අරව මේව දාහක් දේවල් කියල කවි ගී ලියන්නෙ කාන්තාව පිරිමියාට වඩා දුර්වලයි කියල හිතාගෙනයි කියල මට හිතෙන්නෙ. නමුත් බුදුන් වහන්සේ ගේ දහම තුළින් සහ ජීවිතය තුළින් ඒ අයට හයියක් දුන්න. තමන්ට තමන්ව විශ්වාස කරන්න කියල එයාලගේ ආත්ම විශ්වාසය ගැන එයාලට කියල දුන්න.
එවකට බමුණු සමාජයක් ඉදිරියේ ඉදගෙන බුදු හාමුදුරුවෝ මේ කරපු වැඩෙන් මුළු සමාජයම හෙල්ලෙනව. සමාජයේ අන්ත අසරණ තැනක් විදියට කාන්තාව නම් කරල තිබුන අයව එතනින් මුදවගන්න එක කොච්චර දෙයක්ද!
හැබැයි දැන් අපිට පේනව ලංකාවෙ විතරක් නෙමෙයි සමහර රටවල පවා පුවත් දැක්කම කාන්තාවට තිබෙන තැන. මෑතම සිද්ධියක් විදයට පොලිස් නිලධාරියෙක් විසින් කාන්තාවක් මරා දැමීමේ සිද්ධිය දිහා බැළුවත් එතනදි කාන්තාවට සිදුවුන අපහාස උපහාස එක්ක අපට පේනව “එම පුද්ගලයා ඉක්මවා සමාජය තුළ කාන්තාව ගැන තියෙන අදහස”
මේ සමාජය තුළ ස්ත්‍රිය සම්බන්ධයෙන් විවිධ සහ වෙනස් අදහසක් කෙනෙක්ට තියෙනව කියන්නෙම එයා කාන්තාව දුර්වල කෙනෙක් විදයට දකිනව කියන එකයි. වෙනම නීති, වෙනම අයිතිවාසිකම් වෙනම තැන් කියන්නෙම හරි බර ගැඹුරු දේවල්.
හැමෝටම තමන් කැමති විදියට සතුටින් ජීවිතය ගත කිරීම. අධ්යාත්මික පරමාර්ථ, ලෞකික පරමාර්ථ දෙපැත්තෙන්ම එකම මොහොතක ජීවත් වෙන්න ලැබීම තමයි නිදහස කියන්නෙ. ඒක කාන්තාවටත් පිරිමියාටත් පොදු දෙයක්. ඒක හරි සැහැල්ලු නොගැඹුරු තැනක්.
මේ වෙද්දි ලංකාවෙ තත්ත්වය ගත්තම කාන්තා සමාජය හුදෙක්ම මිනිස් බාවයෙන් තොර සතෙක් බවට පත්වෙලා. මෙහෙණි සස්න නොපිලිගන්න හිමිවරු, ආගමික අභිචාර විධි වල දී වෙනස් ලෙස සැලකීම්. මේවගේ පිරිච්ච ආගමික, සමාජ අවකාශ අපට දකින්න සිද්ධ වෙලා. ආගම් ඇදහිලි මත, සංස්කෘතිකත්වය මත, තව කෙනෙක්ගෙ නිදහස සීමා වෙනවනම් එයා කොච්චර පව් ද? සමාජ හිස්තැන් කියන්නෙ අපි අකමැති දේවල්. සමාජ හිස්තැන් ස්ත්‍රී පුරුශ භාවය නිසා ඇති වෙනවනම් අපි කොච්චර හීන ද? ග්‍රාම්‍ය ද?
පිරිනිවන් පාන්න ලන් වෙද්දි බුදුන් වහන්සේ ළඟට වැඩම කරණ යශෝධරා රහත් මෙහෙණිය මෙහෙම කියනව:
’මාගේ වයස මුහුකුරා ගියේය. මාගේ ජීවිතය ස්වල්පය. ඔබ හැර දමා යන්නෙමි. මාගේ පිහිට මා විසින්ම කරන ලදී.”
තමන්ගේ පිහිට තමන්මයි. ඒ අයිතිය මේ සමාජයේ කාටවත් කොයි වෙලාවකවත් යටපත් කරන්න බැහැ. ස්ත්‍රිය ද ශ්‍රේෂ්ටයි
Old age has ripened for me now; verily my life's a trifle. Giving all you up I will go: my refuge is made in myself.
පරිපක්කො වයො මය්හං පරිත්තං මම ජීවිතං
පහාය වො ගමිස්සාමි කතං මෙ සරණමත්තනො
•ගුරුගොඩ සිරිවිමල
ගාථාව : ඛුද්ධක නිකාය : ථෙරී අපදානය : යසොධරාපදානය
චිත්රය : Buddha and yashodhara : by Nidhi Jaiswal



No comments:

Post a Comment