ගොඩක් අය හිතන්නෙ කෙනෙක් විදින සැප දුක අනුව
මහණකම තීරණය වෙනව කියල. දුක සැප කියන එකම සාපේක්ෂයි. කන බොන විදිය, අදින පලදින විදිය, ගමන් බිමන් පහසුව සලසා
ගන්න විදිය. මේව අපි කොච්චර මිනුම්දඬු විදියට පාවිච්චි කලත් අපිට පුළුවන්කමක් නෑ
කෙනෙක් සැපෙන් හෝ දුකෙන් ඉන්නව කියන්න.
ඊයෙ පෙරේදා අර
හාමුදුරුවො කෙනෙක් V8 කාර් එකක් ගත්ත කියල
බොහෝ දෙනා අදහස් දැක්වීම් කරල තිබුන. ඇත්තෙන්ම ඒ අදහස් දැක්වීම් පිළිබඳව මට
කිසිම විවේචනයක් නෑ. නමුත්:
“පිංවතුනි! මේක දුකක්. කොච්චර හම්බකරත්, සැපපහසු වාහනවල ගමන් බිමන් ගියත්. හැම් බේකන්
කෑවත්, මේ සියල්ල අනිත්යයි. මේ බධාගන්න හැමදෙයක්ම මහ පුස් දේවල්. පෙණ
පිඩක් වගේ. තණ අග පිනි බිද වගේ”
මේ වගේ බණ උදේ හවා
වදාරමින් තමන් වදාල දේට හාත්පසින් ක්‍රියාවෙහි යෙදීම තමයි වැරදි.
මම ඒ හාමුදුරුවො නෙමෙයි
වෙන හාමුදුරුවො කෙනෙක් වාහනයක් ගත්තත් මුකුත් කියන්නෙ නෑ. ඒකට අපට අයිතියකුත් නෑ.
හැබැයි අතිශය ලෞකික ජීවිත ගත කරන මිනිස්සුන්ට මේක කරන්න එපා අර විදියට කරන්න එපා
කියල බණ දේශනා කරන හාමුදුරුවරු අර විදියට කරද්දි ඒක ආදර්ශයක් නෙමෙයි.
මේ පහළ ටික ඔය වාහනය
ගැන කතාව නෙමේ; මේක සැප දුක සහ
අල්පේච්ඡ බව ගැන. මොකද අර හාමුදුරුවො ගැන ලියපු ගොඩක් අය තීරණවලට ඇවිත් තිබුන සැප
දුක අල්පේච්ඡ බව ගැන.
මම උඩදිම කිව්ව සැප දුක
සාපේක්ෂ කතාවක්. සැප දුක තීරණය පුද්ගලයකුගේ අතේ තියෙන ධනයට සහ ඔහු සතු වස්තුවට
අනුව. හැම කෙනා ලගම එක විදියට ධනය සහ වස්තුව පවතින්නෙ නෑ. අර හාමුදුරුවො V8 එකක් ගත්තම ඒක සැපයක් කියල හිතෙන්නෙ V8 එකේ ඉදන් පහළ වාහන තියෙන අයට. V8 එකේ ඉදන් ඉහළ මට්ටමේ වාහන තියෙන අයට V8 ගානක්වත් නෑ. සමහරවිට ගනන් ගන්නෙවත් නෑ. V8 එකක් තියෙන ඔය හාමුදුරුවො පවා මේ වෙද්දි දුකෙන්
ඉන්නෙ එයාට ඊට වඩා හොඳ වාහනයක් තිබුනනම් මරු කියල.
අපි මාර සැපයි කියල
ලංකාවෙදි කන KFC එකක් mc Donald එකක් තවත් රටක පයිසෙකට
මායිම් කරන්නැති කෑම වේලක්. වාහන පවා එහෙමයි. අපි ලක්ෂ 25 වියදම් කරන ඉන්දියන් වාහනයක් ඉන්දියාව ඇතුළෙ ඊට
වඩා ගනන් අඩුයි.ඒ අනුව අපි හිතන කාර් සැප ඉන්දියාවෙදි ත්රීවීල් සැපක්. මේක මහ සාපේක්ෂ දෙයක්. අර හාමුදුරුවන්ට සැප කියන්නෙ V8 එකෙන් ඉහළ තියෙන දෙයක්. තවත් පැහැදිලිවම
කිව්වොත් ඒ හාමුදුරුවොත් සමහරවිට සැපය විදින්නෙ නැහැ. දුක කියන්නෙ V8 එක සහ V8 එකට පහළින් තියෙන
දෙයක්. අල්පේච්ඡ බව කියන්නෙ දේවල් පිළිබඳව ආශාව අඩු බව. ඒක උදාහරණයකින් කිව්වොත්
වාහනයක් පාවිච්චි කරන එක වෙනයි. ඒකට ආසා වෙන එක වෙනයි. සමහරෙකුට ඇදුමක් කියන්නෙ
විළි වහගන්න දෙයක්. තව කෙනෙක්ට ඒක තමන්ගෙ තත්වය පෙන්වන දෙයක්. බඩු බාණ්ඩ, ධනය අවශ්යතාවයට පමණක් පරිබෝජනය
කිරීම තමයි අල්පේච්ඡ බව කියන්නෙ.
දන්නවද?
අල්පේච්ඡ කෙනා තමයි
සැපෙන්ම ඉන්නෙ. ඉස්සර අර්හත් ඵල ලාබී උතුමන් වැඩ හිටිය කියන්නෙ ගල් ලෙන්වල. ඒ ගල්
ලෙන්වල ජීවත්වීම මට අනුව මහා සැපක්. ඒ කියන්නෙ හොඳටම සැප විදල තියෙන්නෙ උන්වහන්සේලා.
බුදුන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු තැන් ටිකක් බලන්න. ගහක හෙවන පවා
අපට කොච්චර කායික මානසික සුවයක්ද? අර විශාඛාව පූජ කරපු
පූර්වාරාමෙ එහෙම? ඉතින් මේ සැප හරි
වෙනස්. අල්ල ගන්නැතිව අත්හැරල ජීවත් වෙනව කියන්නෙ වෙනම පාඩමක්. ඒක Next level එකක්.
මට කියන්න මේක! සැප දුක
තීරණය කරගන්න ඕන මොන රට ට සාපේක්ෂවද? මොන කලාපයට, මොන ගමට, නගරයට අනුවද?
මහරජතුමණි!
හේ “ඇතුන් අසුන්
වෙළෙඹුන් ගෙරින් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. වෙළෙඳ ගනුදෙනුයෙන් වැළැක්කේ වෙයි.”
- සාමඤ්ඤපල සූත්‍රය - (බුදුන් වහන්සේ)
මහණෙනි!
චරථ භික්ඛවේ, චාරිකං - බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය
සුඛාය දේව මනුස්සානං
(බුදුන් වහන්සේ)
- ගුරුගොඩ සිරිවිමල -
Painting by Michael Newhall. |
No comments:
Post a Comment