Tuesday, May 14, 2019

ආදරය තියෙන තැනකින් ඇවිත් ඉදගන්න

පොඩි සාදුගේ ලියමන - මව්බිම - යං අතිේකය |සංස්කරණය - තිවංක විශ්වනාත්

05/14

 අපි සහෝදරයන් ලෙස පිළිගත් වටලප්පන් බෙදාගත් කැවුම්, කොකිස් බෙදාගත් ඉස්ලාම් සිංහල සුහදතාවය දැන් දැන් පලා යන බව ඇස් පනා පිට ඔප්පුවෙමින් පවතියි. 

අප්‍රේල් 21 මොනාද වුණේ? 
මල් දැකලා නැති මිනිස්සු ටිකක් සමනලයින්ට වෙඩි තිබ්බා. 
දැන් අපි මොනවද කරන්න ඕනෙ? 

පුළුවන් තරම් මල් වවන්න ඕන 

- ඉලක්ෂ ජයවර්ධන -

සහජීවනය වෙනුවෙන් කවි, ගීත, ඇතුළු කොටගත් සෑම සාහිත්‍යයක්ම ලිව්වේ සිංහල සාහිත්‍ය කරුවෝය. ෆාතිමාලා සමග අත්වැල් බැඳගෙන යාමේ පළමු පියවර තබන්නේ සිංහල ගේය පද කරුවෝය. ජෙයපාලන් නැමැති දෙමළ කවියා සිය දෙමළ භූමිකාව නියෝජනය කරමින් එහි ඇති අවුල් සමාජයට පෙන්වා දුන් කවියාය. මුස්ලිම් වුවද සිංහලෙන් කවි, ගී ලියන රිනාස් මොහොමඩ්, නිලාර් එම්. කාසීම් වැන්නෝද සිටිති. නමුත් දැන් දැන් ඒ ඉස්ලාමය පරාජිත වී ඇති සෙයක්ය. වගකීමෙන් වැඩ කළ යුතු මවුලවි වරු ඇතුළු ඉස්ලාම් සමාජයෙ දැන උගතුන් වගකීම් රහිතව බොලඳ කතා මාධ්‍ය වෙත පැමිණ දොඩවන්නට පටන් ගෙන ඇත. මවුලවි වරුන්ගේ පල්ලිය තුළින් අපරාධයකදී සැකකටයුතු ලෙස ගණන් ගැනෙන කඩු දහස් ගණනින් සොයාගෙන ඇත. සිංහල සමාජයෙන් කෙළ ඇබින්දක් ඔවුන් වෙත නොසැලුණ මොහොතක ඔවුන් සැකකටයුතු බව මහා සමාජය විසින් පිළිගනු ලැබීම යුක්ති හසගතය.

රජවරුනි මගේ කෝපයද 
මිත්‍රයනි මගේ ශෝකයද පිළිගන්න 
ඔය පේලියේ ලේ සුවඳ නම් 
ආදරය තියෙන තැනකින් ඇවිත් ඉදගන්න
 - දිනූ රාජගුරු - 

සිය සමාජයේ අන්තවාදය දකිමින් වසර ගණනාවක් තිස්සේ අරගල කොට ඒවායේ වැරැදි පෙන්වාදුන් ඉස්ලාම් භක්තිකයන් අපගේ මිතුරන්ය. සිය සමාජයේ වැරැදි සියැසින්ම දැකීම ඉතා යහපත් කාරණයකි. කිනම් සමාජයකින් වැරැදි පෙන්වූවද සිය සමාජයේ වරද සියැසින් පෙන්වාදීම වන තුරුම ඒ ගැටලුව නොවිසඳෙන්නක් බවට පත්වේ. නමුත් පාලකයා මේ වසර ගණනාවටම කර ඇත්තේ අන්තවාදී මතයට ඉඩ හසර විවර කරදීම පමණක්ය. මුස්ලිම් ඇමතිවරුන් සිය ජනතාවට මිත්‍යාව දී අමුතු දේශපාලනක් කරමින් සිටියහ. පාලකයා ලේ සුවඳ ඉව කරන්නට කැමති වන කල මහජනයා ආදරය බෙදාගන්නට උත්සාහ කරන යුගයක් හැම මොහොතකම මේ රටේ පැවතී ඇත. ඒ සිදුවීමම මේ මොහොතේද සිදුවෙමින් පවතියි. පාලකයා සිය පේළියේ සිටින්නවුන්ගේ ලේ සුවඳ ග්‍රහණය කරගනිමින් සිටින විට මහජනතාව ඉල්ලා සිටින්නේ ආදරය තියෙන පේළියකින් ඇවිත් ඉදගන්න යන ඉල්ලීම පමණක්මය. නමුත් පාලකයා එයට එකඟ නැත. ඉතිං මිතුරනි, මේ අප නැඟිටිය යුතු මොහොත නොවේද? මේ අපගේ ආදරය ඔවුන්ගේ ලේ සුවඳට වඩා ශක්තිමත් බව පෙන්වා දිය යුතු වේලාව නොවේද? 



|ගුරුගොඩ සිරිවිමල

3 comments:

  1. ඔබවහන්සේ පහුගිය දින ටිකේ ෆේස්බුක් ඔස්සේ දාලා තිබ්බේ ජාතිවාදය ඇවිස්සෙන ලිපි. දැන් මේ විනාශය උනාම පස්සේ බොරුවට අඩන්න එපා. ඔබ වහන්සේලාත් ඊයේ පෙරේදා දවස් දෙකේ ඇතිඋන ගින්නට පිදුරු දාපු අය.

    දැන් බලං ගියාම හැමෝම කියනවා මේ උන දේ හොද නෑ කියලා. හැබැයි මේක වෙනකං ගින්දර දාපු ඔබවහන්සේලා එහෙම කියන එකයි ලොකුම අපුල.

    ReplyDelete
    Replies
    1. මෙන්න මගේ සත දෙක,
      https://lankasithuwili.blogspot.com/2019/05/blog-post_14.html

      Delete
    2. එහෙම තියෙනවනම් එක ලිපියක් තිතියෙනම් පෙන්වන්න

      Delete