Friday, May 10, 2019

ඉස්ලාම් අන්තවාදයට සැබෑ ඉස්ලාමයෙන් හඩක් නැගිය යුතුය

මෙතුමගෙ සම්පූර්ණ කතාව අහන්න ලැබුන.
මෙහෙම දෙයක් තියෙනව. මෙයාගෙ සම්පූර්ණ කතාවෙදි මෙයා කියන්නෙ කඩු ගැන විතරක් නෙමෙයි. මුස්ලිම් සමාජය මේ මොහොතෙ හැසිරුන විදිය ගැනත් ප්‍රාමාණික අදහස් දැක්වීමක් කරනව. අපි ඒ ටික හලල අර කඩු කතාව විතරක් ගන්නෙනම් පිංවතුනි අපේ අර ඇතුලෙ ඉන්න ජරා සතා අවුස්සගන්න. ඔව්. ජාතිවාදී කැත සත්තයව තමා.
දැන් මම මේ කතාව ඇහුව සම්පූර්ණයෙන්. මම මේතුමා කියන කතාවලට එකග වෙන්නෙ නෑ. හේතුව තමා. 
මෙයා එක තැනකදි කියනව මුස්ලිම් සමාජය ආරක්ෂක අංශවලට ස⁣හයෝගය ලබා දුන්න කියල. ඔව් ඒක ඇත්ත. අර සයින්දමදුර් වලදි එහෙම ඔත්තුව දෙන්නෙ මුස්ලිම් මිනිස්සුනෙ. ඒක ඕන්නම් අපිට ප්ලෑනක් කියල කියන්නත් පුළුවන්. එහෙම නැත්තං සැබෑ ජාති ආලෙන් ආව ස⁣හයෝගයක් වෙන්නත් පුළුවන්.

ඒත්, ඊයෙ මොකද වුනේ? 
ඊයෙ මුස්ලිම් පල්ලියක් පරීක්ෂණ කරන්න යද්දි මුස්ලිම් මිනිස්සු මැදිහත් වෙලා ඉඩ දෙන්නැතිව එතන කලඹලයක් ඇති කරනව. වටේම ගංජ තියෙනවලු, ඒව අල්ලන්නලු. අරක මේක කියල පල්ලියට යන එක නවත්තන්න හදනව. මොනාද ඒ කතා. යකෝ ගංජ වලට වැඩිය මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙනව. මිනිස්සු 250+ ක් මැරිල. ජාතික ආරක්ෂාවට තර්ජනයක්. එහෙම වෙලා තියෙද්දි මුස්ලිම් සමාජයෙන් ලැබෙන සහයෝගෙ ඒකද? මට කවුරු හරි සංහිදියා අප්පෙක් ඉන්නවනම් පැහැදිලිව කියන්න.

අනිත්තෙක අද සිද්ධිය. අද කීල්ස් එකට යන මුස්ලිම් කෙල්ලගෙ බෑග් එකේ කිණිස්සක්. එතකොට ඒක ජාතික ආරක්ෂාව පිණිස ලබා දෙන මුස්ලිම් සමාජයෙන් ලැබෙන සහායද?
පෙරේද මුස්ලම් ගැහැනියද්ද? පිරිමියෙද්ද මන්ද බුර්කාවත් හැටට හැටේ ඇදගෙන තැම්බි තැම්බි යනව. අර මාක්ස් එකද්ද මොකද්ද එකකින් මූණ වහගෙන. ⁣මේ වෙලාවෙ පැහැදිලිව කියල තියෙනව රටේ ආරක්ෂාව පිණිස මුහුණ අනාවරණව හැසිරෙන්න කියල. එතකොට ඒව ජාතික ආරක්ෂාවට ලැබෙන සහායද?
මේකයි. මෙතනදි සිංහල මහ සමාජය ඉස්ලාම් මිනිසා වෙත දික් කරන ඇගිල්ල වරදක් නෙමෙයි. මේ වගේ දේකදි අන්න ඒ නිසයි රජය ටක් ගාල මැදිහත් වෙන්න ඕන. මිනිස්සු පිස්සු බල්ලො වගේ හැසිරෙනව. එයාලගෙ ඇග ඇතුලෙ ඉන්න ජාතිවාදී සතා ගොරණාඩු දීගෙන එනව. ඒක එහෙම තමයි.
ඒත් මේ මැද්දෑවෙ ගෙදර තියෙන පිහියත් පොලිස්සියට බාර දියල්ල කියල නිවේදන දීපු ආණ්ඩුවෙ (එහෙම එකක් fb එකෙන් දැක්ක) ජනාධිපති ඩයල් එක මාර සංහිදියා ටෝක් එකක් ඉෂු කරනව. "අනී. ඉයාල ඉයාලගෙ ආරක්ෂාවට හැම ගෙදලකම කඩුවක් තියාගන්නව. ඊක අත්තඩංගුවට ගන්න ඉක සාධාරණ නෑහ්" මේ මොන දෙකේ කතාද අනේ. උන්ට කඩු තියාගෙන ඉන්න දීල අපිට පාන් ගෙඩිය කපන පිහියත් දෙන්න කියන්න ජනාධිපති කෙනෙක්ට වටිනවද අනේ. මේ ජනාධිපති ⁣ගෝතය ඡන්දෙ බලාගෙන අමුතු දේශපාලනයක් කරන්න පටන් අරං.
මම මේ දැනුන දේ කියන්නෙ. මුස්ලිම් සමාජෙන් සීයට 50+ කොටසක්වත් මේ දේවල් වලට සම්බන්ධයි. පල්ලි කීයක කඩු කිණිස ආයුධ හම්බුනාද? සිව්රු, ආර්මි ඇදුම් , කොච්චර හම්බුනාද? මේව මේ කොලේ වහ වහ හිටියොත් ඔක්කොටම වෙන්නෙ මැරම් කාල ඉවර වෙලා ලෙබ්බෙලාට රට කරන්න දෙන්න. එහෙම බෑ. මේක සිංහල රට. මේ සිංහල භූමියේ අයිතිය සිංහලයට, මුස්ලිමාට දෙමළට තියෙන්න ඕන. මේකෙ අමුතු සංහිදියා කතන්දර වලිං ස්ක්‍රිප්ට් ලියාගෙන ඒව ශුට් කරන එක වැරදියි මේ මොහොතෙදි.
මේ අන්තවාදීන්ව පරාජය කරන්නනම් සැබෑ ඉස්ලාම් සමාජයෙන් හඩක් නැගිය යුතුමයි. බෞද්ධයාගෙ ප්‍රශ්න වලදි බෞද්ධ භික්ෂූන් මිනිසුන් එකතු වෙලා ඒක වැරදියි කියල බෞද්ධයන්ටම ඇගිල්ල දික් කරනව. එතකොට ගැටේ ඉඹේම ⁣ලිහෙනව. ආන්න ඒක මුස්ලිම් සමාජයෙනුත් වෙන්න ඕන. ඒක නැතිව මේක කරන්න බෑ. තාම තවිහීඩ් ල සා වෑව් කියන අය ඉන්නව. එහෙම මේව කරන්ක බෑ. පනත් හද හද පණත් නැති කරගන්න ගමනක් මේ යන්නෙ. මේක විනාස කරන්න සමාජයෙ ඉඩ තිබුනත් දේශපාලනයෙදි ඉඩක් නෑ. ඒක මාර ප්‍රශ්නයක්. ඔව් මාරම මාර ප්‍රශ්නයක්.

|ගුරුගොඩ සිරිවිමල

2 comments: