Tuesday, March 19, 2019

සිහළ දෙමළ මුස්ලිම් කල්‍යාණ මිතුරනේ!


දෙමළ මිනිස්සු හරි ලෙන්ගතුයි. ඒක සිංහලයා අතින් කොයිතරම් දුරට රැකෙනවද කියන එක එහෙම කියවන්න දෙයක් නෙමේ. සිංහල මිනිස්සුත් හරි ලෙන්ගතුයි. ඒත් අන්‍ය වූ සංස්කෘතියකින් අපිට ලැබෙන ලෙන්ගතුකම් අපිට විශේෂයි. 

    මෑතකදි මම අදුනන අක්ක කෙනෙක් පංසලට ආව හම්බෙන්න කොළඹ ඉඳන්. ඒ ආවෙ ඒ අක්ක වැඩ කරන තැන වාහනයක. එයාගෙ රියදුරා එක්ක. ඒ රියදුරා දෙමළ. මම ඉතිං කෑම කන්න දීල එහෙම වෙනත් වැඩ කරමින් හිටියෙ. අර දෙමළ මනුස්සය කාල පිගාන හෝදන්න යන වෙලාවෙත් එයාගෙ පපුවට අත තියල ස්තූතියි කියනව. කෑම රසයි කියනව. (මම දන්නව එදා කෑම රස නැහැ) ඒ කරල මාව දකින දකින සැරේ එයා පපුවට අත තියල මං ඉස්සරහ නැමෙනව. 
ඒ වැඩේ ඉවර වුනාට පස්සෙ මම ත්‍රීවිල් එකකත් එයාල එයාල ආපු වාහනෙත් එළියට ගියා. ඒ ගිහිං මම එයාලගෙ වැඩේ කරල දීල වෙන වැඩකට යද්දිනුත් ඒ දෙමළ මනුස්සය වාහනෙන් බැහැල මං ගාවට එන්න හදනව. මං ආයෙ එනව කියල අතින් සංඥාවක් දුන්න. ඉතිං ඒ වෙලාවෙත් මේ මනුස්සය පපුවට අත තියල ඔළුව නමනව ඩ්‍රයිවින් සීට් එකේ ඉදන්ම. ආයෙ මම එතන්ට එද්දි මේ මනුස්සය වාහනෙන් බැහැල මං එනකල් බලං ඉන්නව. මං යන්න යද්දි මේ මනුස්සය මොකද කරන්නෙ කියල බැළුව. ඒ මනුස්සය මං ගාවට ඇවිත් පපුවට අත තියල ඔළුව නැමුව. කෑම ටික රහයි කියනව. හිතවත්ව හිනාවෙනව. 
     ඒ වගේ දේවල් වෙද්දි මට හිතෙනව ලංකාවෙ තියෙන්නෙ දේශපාලනමය අවුලක් සහ ආකල්පමය අවුලක් විතරයි කියල. නන්දා මාලනී ගයන සුනිල් ආරියරත්නයන් රචනා කරන එක ගීයක තැනක තියෙනව මෙහෙම,
සිහළ, ද්‍රවිඩ, මුස්ලිම් කල්‍යාණ මිතුරනේ 
බොදුනු කිතුණු හින්දු ඉස්ළාම් සොයුරනේ 
එකම රටක ඉපිද ගැටෙමු මියෙමු යුධ වැදී
සතුරු කැළක සදළුතලෙහි ඉදිති මධු බිබී
මේ වචන ටික සදාකාලික ප්‍රශ්නයක විසඳුමක්. මේක අපිට තේරුම් කරල දෙන්න මැදිහත් වෙන්න ශාස්තෘවරු වගේ අය පහළ වෙනව. කාලෙන් කාලෙට, දීපෙන් දීපෙට. ඒත් ඒ අයත් අර සතුරු කැළ එක්ක අන්තිමේට සඳළුතලේ අතරමං වෙන එක විතරයි වෙන්නෙ. අන්න ඒ නිසයි අපිට අපේ ආකල්පමය වෙනසක් අවශ්‍යයි කියල කියන්නෙ. මේ සිස්ටම් එක එක්කෝ අර සතුරාට විසඳල දෙන්න පුළුවන්. ඒත් එයාල මේ වැඩේට එච්චර කැමති නැහැ. මොකද එයාලගෙ බඩට තට්ටු වෙන වැඩක් ඒක. එහෙම නැත්තං කවුරුත් කරල දෙනකල් බලං ඉන්නැතිව උඩ කියපු හතුරට එරෙහිව අපක්ෂපාතීව කැරැල්ලක් දියත් කරන්න වෙනවාමයි. 
       ඒත් අවාසනාවට එහෙම මැදිහත් වෙන්න නායකත්වය දිය යුතු අය අර හතුරන්ට වඩා ම්ලේච්ඡයි. සිංහල දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සිරීපාදෙ නගින අයට ඒ අවස්ථාව තවදුරටත් නැති වෙන්න යන මොහොතක්, (සිරීපාදෙ බෝඩ් එක ගලවන්න යන එක ගැඹුරින් කියවාගන්න) නවසීලන්තෙ වුන සමූහ ඝාතනය අනේ හොඳයි කියන මාධ්‍යවේදීන් ඉන්න රටක් මේක. වර්ගවාදී, ආගම්වාදී ම්ලේච්ඡයන්ගෙ ගොඳුර වචන තරම් සරළ නැහැ. ඒවයෙ ප්‍රතිවිපාක අපි නැවත නැවතත් භුක්ති විඳිමින් ඉන්නව. ඒත් මේ රටේ සැබෑ මිනිස්සු ටික මේ වගේ පැතුමක ඉන්නෙ. 
ලේ නොගලන බිමක හුස්ම ගන්ට ඉඩ දියවු
අපට කැමැති කෝවිලකට යන්ට ඉඩ දියවු
දරු පැටවුන් සමග සිනාසෙන්ට ඉඩ දියවු
අපට නිදහසේ දොඩන්ට ඉන්ට ඉඩ දියවු
    වර්ගවාදීන්, ආගම්වාදීන් තමන්ගෙ ගොඳුරු බිමක් කරගත්ත මේ බිම්කඩ ලේ විලක් වෙන්න අවශ්‍ය පිඹුරුපත් දැන හෝ නොදැන ඔවුන් සකස් කරමින් ඉන්නව. ඒක අපි තේරුම්ගන්නකල් මේ ප්‍රශ්නය මේ රටේත් ලෝකයේත් පවතිනව!



|ගුරුගොඩ සිරිවිමල




6 comments:

  1. කාලීන ලිපියක් හාමුදුරුවනේ !

    ReplyDelete
  2. Najachcha Wasalo Hothi, Najachcha Hothi Brahmano
    Kammana Wasalo Hothi, Kammana Hothi Brahmano

    ReplyDelete
  3. ඔබ වහන්සේ මගේ බ්ලොග් එකට ගොඩ වැදී බැලුව හොත් පෙනේවි මා පෞද්ගලිකව මොන තරම් අන් ජාතීන් වෙනුවෙන් පෙනී සිට ඇත්දැයි කියා.
    එහෙත් මා මෑතක සිට දකින ප්‍රවණ තාවය වන්නේ සිංහල අපට; සාමය වෙනුවෙන් ඇති අවශ්‍යතාවය දෙමල හා මුසලිම් සොයුරණ් වෙත ඇත්දැයි කියා? ඇත්තෙන්ම මෙය ප්‍රශ්නාර්ථයක්. මෙතනදී අපගේ බහුතරය සිටින ස්ථාවරයට බොහෝ සෙයින් ඔවුන්ගේ අදහස් උදහස් ඈතට ගොසින්.
    අප එදිනෙදා ජීවිතයේදී දකින සුන්දර මිනිසෙකු තුලින් ඔහුගේ ජාතිය ආගම දැක පහන් සිතක් ඇතිකර ගන්නා නමුදු එවන් සිතුවිල්ලක් මා ඔවුන් තුලින් දකින්නේ ඉතාම අල්ප වශයෙන්. මේ ඔවුන්ගේ අවාසනාවද නැතහොත් අපේ අවාසනාවද නැතිනම් පොදුවේ රටේ කරුමෙද කියා මා නොදනිමි. මේ වටා පිටාව තුලම අන්තවාදී නායකයින් බලයට පත්වීම වැලැක්විය නොහැකියි.

    ඔබ වහන්සේ කියවා බලන්න "නාසීන්ගේ කතාව" පොත. හිට්ලර් හට යුදෙව්වන් සමූහ ඝාතනය කිරීමට නො එසේ නම් යුදෙව්වන්ට එරෙහිව ජර්මානුවන් පෙල ගස්වන්නට මහා විශාල වෙහෙසක් දැරීමට ඇවැසි උනේ නැති බවයි ඉන් කියැවෙන්නේ. එවන් ප්‍රථිරෝධයක් ජර්මානුවන් තුල කෙමෙන් කෙමෙන් කැකෑරෙමින් පවතිනවා.
    මීට ටික කලකට පෙර මාවනැල්ලේදී අප දකින්නේ එයයි. එය සාධාරණ කට යුත්තක් නොවුනද සිහළුන් තුල කෙමෙන් කෙමෙන් වැඩෙන ක්‍රෝධයක් පවතින බවනම් මොනවට පැහැදිලියි.

    මෙයට මා ප්‍රධාන වශයෙන් මා දකින්නේ සුළු ජාතික ඡන්ද වලට ඉව අල්ලන දේශපාලුවන්ගේ වැනෙන සුළු ප්‍රථිපත්ති හා නීතිය! ඔබ වහන්සේ පිළිගන්න මේ වන විට විල්පත්තුව පිළිබඳ දක්වන ලිහිල් ප්‍රථිපත්ති; ඝෝඨාභයට පර කපන බව?

    ReplyDelete