Tuesday, January 29, 2019

සංස්කෘතිය හා ලංකාව


සංස්කෘතියට නිර්වචන රාශියක් දෙන්න පුළුවන්. ඒකට මම සරළ නිර්වචනයක් දෙනව මෙහෙම. සංස්කෘතිය කියන්නෙ ශිෂ්ඨත්වය කියල. 

    සංස්කෘතිය සහ ශිෂ්ඨත්වය කියන එක අපිට බෙදල හදුනාගන්න බෑ. පසුගිය දිනෙක මගේ මිත්‍ර හිමිනමක් තමන්ගෙ FB එකේ යම් ඡායාරූපයක් අමුණනව වචන කිහිපයක් සමඟ ඒ මෑතකදි මුස්ලිම් තරුණයන් පිරිසක් දාගැබක් උඩ නැගල ඡායාරූපයක් ගැනීම සහ එය ෆේස්බුක් එකට මුදා හැරීම පිළිබඳව 
    මේ 21 සියවස. ඒ කියන්නෙ පළමු සියවසේ පටන් අපි සියවස් 20ක් පසු කරල එන අවධිය. පළමු සියවසේ පටන් විසිඑක්වන සියවසට සම්ප්‍රාප්ත වෙන අපි නැවත පළමු සියවසෙනුත් පල්ලෙහට නොවැටී සිටීමට හඳුන්වා දෙන අත්වැල තමයි සංස්කෘතිය සහ ශිෂ්ඨත්වය කියන්නෙ. මිනිහෙක් අසංස්කෘතික වෙනවා කියන්නෙම අශිෂ්ඨත්වයට පත්වීම. මිනිසා ශිෂ්ටාචාර ගත වෙනව කියන්නෙත් ඒකටම තමයි. අපි කන්නෙ බොන්නෙත්, යන්නෙ එන්නෙත්, අදින්නෙ පළදින්නෙත්, මූලික අවශ්‍යතා සියල්ලක්ම වගේ අමූලික අවශ්‍යතා සම්පාදනය කරගන්නෙ මේ ශිෂ්ඨත්වය කියන කාරණාව මත පදනම් වෙලා. 
    සංස්කෘතියේ නිර්මාණය සිද්ධ වෙන්නෙත් ලෝකෙ ආරම්භයේ ඉඳලමයි. මිනිසාට ශිෂ්ඨත්වයයේ මුල් පාඩම උගන්වන්නෙ ආගම දහම. ලෝකෙ අාරම්භයේදීම තමන් විශ්වාස කරන දෑ පදනම් කරගෙන ආගම ප්‍රතිනිර්මාණය කරගැනීමත් ඒ ආගමේ පැවැත්ම සඳහා සංස්කෘතිය ශිෂ්ඨත්වය වැනි කාරණාවන් ඉගැන්වීම් ලෙස ආව. මේ ආගම් තුළින් ආව කාරණා පදනම්ව බටහිර Ethics, සහ Culture  කියන එක නිර්මාණය වෙනව.  
    ලංකාවෙ අපිට සදාචාරය සභ්‍යත්වය කියන එක එන්නෙ විශ්වීය අර්ථයකින්. ඒ කියන්නෙ එක එක ආගම් හෝ විශ්වාස මත පදනම් වෙච්ච සංස්කෘතියකින් නෙමේ අපි සදාචාරයට හා සංස්කෘතියට සංවේදී වෙන්නෙ.  ලෝකෙ ඉහළම සංස්කෘතික හා සදාචාරාත්මක ලක්ෂණ තියෙන්නෙ බුදුන්වහන්සේ වදාල ධර්මය ඇතුලෙ. ඒ ධර්මය හරහා තමයි ලංකාවෙ අපි සංස්කෘතියටත් සදාචාරයටත් සංවේදී මිනිස් පරපුරක් බවට පත්වෙන්නෙ. ඒ නිසා සංස්කෘතිය ගැන සදාචාරය ගැන ලංකාවෙ සිංහල මිනිස්සුන්ට පෙනී සිටීමේ අයිතියක් තියෙනව. ඒව පැහැර හැරීමේදී කණගාටු වීමටත්,නැවත නිවැරදි කිරීමටත් සිංහලයන්ට අයිතියක් තියෙනව. 
   ඉහත කී මුස්ලිම් තරුණයන් පිරිස චෛත්‍යයක් මත නැගීමෙන් සිදුවන සංස්කෘතික හානිය කුමක්ද? කියල කාටහරි හිතෙන්න පුළුවන්. ඒ චෛත්‍යයක් කියන්නෙ මොකද්ද කියල නොදන්න නිසා. ලෝකයේ චෛත්‍ය නිර්මාණය වෙන්නෙ අමනයන්, කුඩ්ඩන්, බේබද්දන් වෙනුවෙන් නොවේ. දාර්ශනික හරයන් ලෝකයට දායාද කරපු සිල්වත්, වැදගත්, මිනිස්සු වෙනුවෙනුයි. මේ ශිෂ්ඨත්වය ගැන වන පාඩමක් මහාවංසයෙ දුටුගැමුණු රජතුමා ගැන සඳහන් වන පරිච්ඡේදයේ දි අපිට දැකගන්න පුළුවන්. දුටුගැමුණු රජතුමා එළාරට එරෙහිව කරන මුහුණට මුහුණ සටනින් එළාරව මරා දමනව. ඒ විදියට මැරුවට එළාර වෙනුවෙන් කළ යුතු සංස්කෘතික සහ ශිෂ්ඨත්වයේ කාරණාව දුටුගැමුණු විසින් සිද්ධ කරන්නෙ ඔහු වෙනුවෙන් සොහොනක් හදල ඒ සොහොන ලගින් හොරණෑවක ශබ්දයක්වත් පිට නොකළ යුතුයි කියන ආඥාව නිකුත් කරමින්.  ඒ අපිට ශිෂ්ඨත්වය සහ සංස්කෘතිය හුරු කරන එක තැනක්. 
  සංස්කෘතිය කියන්නෙ ඉතිහාසය මත පදනම්ව පමණක් ගොඩනැගෙන දෙයක් නොවේ. නමුත් සංස්කෘතිය සම්බන්දයෙන් ගොඩනගා ගත යුතු දෑ හැමදෙයක්ම ඉතිහාසයෙන් ලංකාවෙ අපිට හිමි වෙලා තිබේ.
   සිංහල, මුස්ලිම්, දෙමළ කියන අපි හැමෝම ලාංකිකයන් බව අප විසින් තේරුම් ගත්විට මෙම සංස්කෘතිකමය ප්‍රශ්නය විසඳෙනු ඇත. අන් අයගේ ආගමික හරයන් තුළ ගැබ් වන සංස්කෘතික කාරණාවන්ට හැම කෙනෙක්ම ගෞරව කළ යුතුය. එවිට චෛත්‍යයක් උඩ නැග සිය අශිෂ්ඨත්වය පිළිඹිබු කරන්නට කිසියම් කෙනෙක් උත්සාහ නොගනු ඇත. සිය සංස්කෘතිය පමණක් රැක අන් සංස්කෘතීන්ට එරෙහි වීම ලාංකීය මිනිසාගේ ක්‍රමය නොවේ. සියළු සංස්කෘතීන්ට ගරු කරමින් සිය රට තුළ ජීවත් වීම සංහිඳියාව වැඩි දියුණු කරන්නක් බව අප මතක තබා ගත යුතු කාරණයකි. 



|ගුරුගොඩ සිරිවිමල


2 comments:

  1. එතකොට පුංචි සාදු, තලෙවර්ගේ අළු ටිකත් මුහුදට දැම්ම එක හරිද?

    ReplyDelete
  2. වැලිමඩ-කොළඹ(79) ගලහාගම හරහා බස් සේවය. වැලිමඩ නගරයෙන් පිටත්වීම මධ්‍යම රාත්‍රී 12:00.

    ඌමා ඇල හන්දියට ලගාවීම රාත්‍රී 12:30

    මැදවෙල හන්දියට ලගාවීම රාත්‍රී 12:45

    නුවරඑළියෙන් නගරයෙන් පිටත් වීම අළුයම 1:30

    තේපානය සදහා තවලම්තැන්න හන්දියේ නැවැත්වීම අළුයම 2:30

    කොළඹට නගරයට ලගා වීම උදැසන 6:30

    කලින් ආසන වෙන් කරවා ගත හැක.

    ( RAD බස් කොම්පැනිය-රාජගිරිය )

    ...........

    කොළඹ-වැලිමඩ(79) කැප්පෙටිපොළ හරහා බස් සේවය. කොළඹ නගරයෙන් පිටත්වීම මධ්‍යම රාත්‍රී 12:00.

    සියළුම ආසන කලින් වෙන්කරවා ගත යුතුය.

    තේ පානය සදහා පේරාදෙණිය කිට්ටු කර නවතනු ලැබේ.

    උදැසන 6:30 වන විට වැලිමඩ නගරයට ලගාවනු ලැබේ.

    (ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය- කැප්පෙටිපොළ ප්‍රාදේශීකය)

    ReplyDelete