Thursday, January 24, 2019

|බස් | සීට් | පූජ්‍ය පක්ෂය සහ මගීන්.

මේ කතා කරන්නේ ලංකාව ගැන. පිටරටක බසයක අද්දැකීම් නැහැ. ලංකාවෙ බස් කියන එකට වඩා ප්‍රවාහන සේවය කියන එක යොදාගත්තත් වරදක් නැහැ. බස් කිව්වත් ප්‍රවාහන සේවය කිව්වත් අපිට ඔළුවට එන්නෙම බස් ම තමා. ඒ එක්කම මහා අප්‍රසන්න හැඟීමක් මහජනතාවට එන එකත් නවත්තන්න බෑ. ඒක ඉබේම එන එකක්. 
ලංකාව බස්කරණය වුනාට පස්සෙ සාමාන්‍ය ජනයා බස් එකේ යන්න පුරුදු වෙන්නෙ තමන්ගෙ අතේ වියදම ගැන හිතල. නමුත් ගතේ විඩාව ගැන මිනිස්සුන්ට නැවත නැවතත් මේ වන විට හිතන්න වෙලා. 
කසිකබල් අදෝනා ටිකක් ප්ලේ කරගෙන කොන්දොස්තරගෙ, ඩ්‍රයිවර්ගෙ කුණු බැනුම් අහගෙන හිර වෙලා තද වෙලා යන ලංකාවෙ මගීන් ගැන ඇත්තටම දැනෙන්නෙ කණගාටුවක්. කායික පමණක් නෙමේ මානසික වශයෙන් පවා පීඩාවට ලක් වෙන කාරණයක් තමයි බස් එකක යනව කියන්නෙ. 
මේකෙදි මම මගෙ පෞද්ගලික අද්දැකීම් කිහිපයක් ලියන්න බලාපොරොත්තු වෙනව. මොකද බස් සම්බන්දයෙන් ආගමික පාර්ශවයට ලොකු චෝදනාවක් තියෙනව. 
මම බොහෝවිට කොළඹ ආවොත් A/C බස්⁣ එකක එන්නත් යන්නත් පුරුදු වෙලා තියෙනව. ඒකට එක හේතුවක් හයිවේ එක හරහා ඉක්මනින් ගමනාන්තයට ලංවිය හැකි කම. අනිත් එක ඉහත කිව්ව මානසික පීඩාව සීයට විස්සකින් තිහකිං අඩු කරගන්න පුළුවන් A/C බස් එකේ ගියාම. 
මේ වගේ දවසක් මම කොළඹ සාහිත්‍ය වැඩකට ගිහිල්ල රෑ වෙලා කොටුවට එන්නෙ A/C බස් එකක් අල්ලගන්න. ඒ ආවට මොකද A/C බස් දෙකක යන්න සෙනඟ පෝලිම. එක බස් එකක් සෙනඟ ලෝඩ් කරගෙන මං යද්දිම කොන්දොස්තර මහත්තය කිව්ව "ආහ්..හා..හා සීට් නෑ" කියල. මම කොහොමත් මිනිස්සු පිරිල ඉන්නවම් බස් එකට නගින්නෑ. හේතුව ඉඳගෙන ඉන්න මනුස්සයට නැගිටින්න වෙනවනෙ. ඒත් මට කොන්දොස්තරගෙ ප්‍රතිචාරය සම්බන්ධයෙන් පොඩි ඇරියස් එකක් තිබුන. ඒ නිසා මම ටික වෙලාවක්( වි. 05 විතර ) බලාගෙන ඉඳල ඇහුව දැන් මේ බස් එක යන්නෙ කීයටද කියල. බස් එක යන පාටක් නම් නෑ. කොන්දොස්තර කියනව තව පැය කාලක් විතර තියෙනව කියල. ඒ කියන්නෙ අර බස් එකේ පොල් පටෝගෙන යනව වගේ වැඩක් තමා වෙන්න නියමිත. ඉතිං මං පස්ස ගහගෙන හිටියෙ නෑ. ගියා ටයිම් කීපර් ගාවට. ගිහිං ඇහුව මේ බස් එක යන්නෙ කීයටද? සෙනඟ ⁣පුරෝගෙන බලාගෙන ඉන්නෙ මොකටද ඒ බස් එකට තව මිනිස්සු දාන්න සීට් නෑනෙ? වගේ ප්‍රශ්න ටිකක් ඇහුව. අැහුවම ටයිම් කීපර් කිව්ව හරි හාමුදුරුවනේ ඒ බස් එක මම දැන්ම යවන්නම් කියල. ඒ කරල මාත් පැත්තකට වෙලා කෝල් එකක් ගත්ත. ඒ ගන්න ගමන් මම දැක්ක ⁣අර කියපු බස් එකේ කොන්දොස්තර ඇවිත් ටයිම් කීපර්ට රුපියල් සීයක් දෙනව. මම වහාම නැවතත් ටයිම් කීපර් ගාවට ගියා යද්දි කොන්දොස්තර ත් හිටිය එතනම. මම ඇහුව ටයිම් කීපර් ගෙන් සල්ලි ගත්ත නේද? කියල. කොන්දොස්තර පැනල උත්තර දෙනව නෑ මේ කලිං දෙන්න තිබුන සල්ලි වගයක් කියල. ටයිම් කීපර් කියනව ඔව් මෙයා සල්ලි දුන්න කියල. කොන්ද නෑම කියනව. ටයිම් කීපර් බය වෙලා මොකද මං කේස් එක දැම්මොත් රස්සාව පවා ගහල යන වැඩක්නෙ. ඉතිං ඔහොම ඉඳල ටිකකිං බස්සෙක යැව්ව. අලුතින් තව බස් එකක් එන්න වි. 10ක් විතර ගියා. ඒ බස් එකේ මිනිස්සු පිරුණ ගමන් ගියත් තව බස් එකක යන්න මිනිස්සු එතන පෝලිමේ හිටිය. ඒ සියළු මිනිස්සු රස්තියාදු කරමින් අර උඩදි කිව්ව බස් එක උන්ගෙ කොමිස් මුදල හොයාගන්න වැඩිපුර සෙනඟ පටෝගන්න තමා ⁣ට්‍රයි කලේ. 
අද කොයි ස්ටෑන්ඩ් එකෙත් තත්වය ඕකයි. සෙනඟ පොල් පටෝනව වගේ පටෝගෙන අනවශ්‍ය තද බදයක් ඇති කරගෙන තමයි ගමනාන්තයට යන්නෙ.
තව දවසක් කොළඹ - අවිස්සාවේල්ල බස් එකක යද්දි සෙනග පුරෝල. නෝමල් බස් එකක්. ඒකෙත් හිටපු අම්ම කෙනෙක් මගෙ සීට් එක ලඟම හිටගෙන යනව. බස් එකේ කෑල්ලක් කඩාගෙන වැටුන. හැබැයි කකුලට මුකුත් වුන්නෑ. ඒ වුනාට මේ අම්ම බස් කොන්දොස්තරට මේ බව කිව්වම මේ යකා කියාපි ඔයා හිතුවද මේව ලී වලිං හදල කියල. මේව තනි යකඩ තියෙන්නෙ. එහෙම කැඩෙන්නෑ වගේ කින්ඩියට හිනා පාරකුත් දානව. ඒත් ලග හිටපු අයත් කියනව සද්දයක් ආව කියල. මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ තියාගෙන සල්ලි හම්බ කරන තත්වයක තමයි අද ලංකාවෙ මගී ප්‍රවාහන සේවය තියෙන්නෙ. 
ඉතිං කොහොම වුනත් මිනිස්සු යන එක නවත්තල නෑ. හේතුව ඒ සඳහා වෙනත් ඔප්ෂන්ස් නැති කම. අපි වුනත් බැන බැන හරි හෙටත් කොළඹ එන්නෙ බස් එකේ. ඒකයි තත්වය. 
මේ අස්සෙ බස් සීට් සම්බන්දයෙන් තියෙන නීති වලින් පූජ්‍ය පක්ෂයට, ආබාධිත, ගැබිනි, කියන මේ අයට විශේෂත්වයක් දීල තියෙනව. මෙතනදි අද වෙද්දි ලොකුම ගැටළුව වෙලා තියෙන්නෙ මේ අයට සීට් දෙන එක. සමහර බස්වලිං කියලම නග්ග ගන්නෙ මේ අය නැග්ගොත් සීට් එකෙන් නැගිටින්න වෙනව කියල. ඒ පොරොන්දුව මත තමා මගියාව නග්ග ගන්නෙ. ඒත් පූජ්‍ය පක්ෂය ගත්තම මම දැක්ක වටිනම දේ තමයි. මම ආශ්‍රය කරන ගොඩක් හාමුදුරුවරු බස් එකට නගින්නෙ බලල. එයාලට කොච්චර වෙලා ගියත් මිනිස්සු ඉන්නවනම් නගින්නෑ. ඒ ගමනක් ඉඳගෙන යාමේ පහසුව අපිට වගේම අනිත් අයටත් දැනෙන නිසා විය හැකියි. 
මම පූජ්‍ය පක්ෂයට අයත් සීට් එකේ මුස්ලිම් කාන්තාවක් සමඟ ඉඳගෙන ඇවිත් තියෙනව. ඒ වගේම වෙනත් කාන්තාවක් සමගත් එකට ඉදගෙන ඇවිත් තියෙනව. මටවත් ඒ කාන්තාවන්ටවත් අතවරයක් නම් වෙලා නෑ. හැබැයි හිනායනම සීන් එකක් මෑතකදි වුනා. කොච්චිකඩේ පාලම පහුකරල උපාසකම්ම කෙනෙක් මගෙ සීට් එකේ වාඩි වුනා. මෙයා දැක්කෙ නෑ මං ඉන්න බව. මාව දැක්ක ගමන් බුදු අම්මෝ ස්වරූපයෙන් උපාසකම්ම නැගිට්ට. නැගිටල තව පිරිමි පහ හයකටත් වහං වුනා. සමහර විට මම නිසා උපාසකම්ම ගෙ කාමාශාවන් උද්දීපනය වෙයිද? උපාසකම්ම නිසා මගෙ කාමාශාවන් උද්දීපනය වෙයිද? කියන උභතෝකෝටිකයට උපාසකම්ම ක්ෂණිකව පත්වුනා වෙන්න බැරි නෑ. ඔය හාමුදුරුවෝ එක්ක එක සීට් එකේ කාන්තාවන් නොයා යුතුයි කියන සම්මුතිය හැදෙන්නෙම අර උඩදි කිව්ව කාමාශාවන් උද්දීපනය වෙයි කියන හැගීම නිසා. මංනම් කියන්නෙ ඔය කියන විදියට සමලිංගික ආශාවන් තියෙන හාමුදුරුවෝ හෝ වෙනත් ෆාදර්, මවුලවි ඕනම කෙනෙක් ලග කොල්ලෙක් ගියත් ඔය තත්වය ඇති වෙනව. ඒ නිසා කොල්ලෙක් වත් එක්ක එකට ඉදගෙන නොයායුතුයි කියන කාරණයට අපිට අකමැත්තෙන් හරි එකඟ වෙන්නම වෙනව. 
හැබැයි මේ ප්‍රශ්නය පූජ්‍ය/ පූජක පක්ෂයට ප්‍රශ්නයක් නෙමේ. අනුගාමිකයො තමයි රිදෝගෙන ඉන්නෙ. මට මෑතකදි ඒ. සී බස්එකේ දොර ළග සීට් එකක යන්න වුනා. පූජ්‍ය පක්ෂයට අයිති සීට් එකේ කපල් එකක් ඉදගෙන හිටිය නිසා මම එයාලට ඉන්න කියල අර සීට් එකේ වාඩිවෙලා පාඩුවෙ පොතක් කියෝ කියෝ ගියා. එක කෙල්ලෙක් එතනම ජම්පින් එක දාගෙන මගෙ ලඟම ඉදගෙන ගියා. මෙන්න මේක දැක්ක එක කාන්තාවක්ම අර කෙල්ලට අම්මම්මෝ නැතිව බයින්ඩ ගත්ත. මං කිව්ව කටවහගෙන යමු මම මේ පොතක් කියෝනව පේන්නැද්ද කියල. ඒ කරල මම ෆෝන් එක අරං හෑන්ඩ් ෆ්‍රී දෙකක් ගහගෙනම පොත කියවන්න ගත්ත. පාඩුවෙ කට්ටියම ගියා. 
තැනට සුදුසු පිළිවෙලට හැඩගැහෙන්න දැන් ඉන්න පූජ්‍ය පක්ෂය බොහෝ විට උත්සාහ ගන්නව. නමුත් අනුගාමික පාර්ශවය තමන්ගෙ බැම්ම කඩාගන්න ආස නැති කමක් තියෙනව. සමහර විට ඒ නිසාම පූජ්‍ය පක්ෂය බැනුම් අහන තත්වයටත් පත්වෙලා තියෙනව. ඒත් බණ කියන , වාහන වල යන ගලිගමුවෙ හාමුදුරුවෝ වගේ අය FB වල ෆොටෝ දාගෙන කියනව හාන්දුරුවන්ට සීට් එකක් දුන්නෑ කියල ඒක ප්‍රශ්නයක්ය පිටිපස්සෙ සීට් එක දුන්නම හරිද? වගේ ගොං සංවාද අැති කරල තමන්ගෙ අනුගාමික ෆලෝවර්ස්ලගෙ මනස කචල් ගොඩක් කරනව. මේ ප්‍රශ්න ඇතිවීමට එයාල වග කිව යුතු වෙනව. බොහෝ අය කිසිදු හික්මීමක් නැති විදියට හාමුදුරුවෝ කෙනෙක් ලග හෝ අනිකුත් පූජ්‍ය පක්ෂයක කෙනෙක් ලග ගෑණු කෙනෙක් ඉදගෙන ගියොත් බයිනව. එතනින් ඒ ගැහැණිය අපහසුතාවයට ලක් වෙනව.
කොහොම වුනත් කොන්දොස්තර, ඩ්‍රයිවර් වගේම බස් එකේ යන මගීනුත් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි.



|ගුරුගොඩ සිරිවිමල


9 comments:

  1. ආගමික පුද පූජා පවත්වන අවශ්තාවල හැර සාමාන්‍ය ජීවිතයේදී පූජක වස්ත්‍රාබරන ඉවත් කර සිවිල් ඇඳුමකින් යනවා නම් කාටත් පහසුයි කියා මම හිතන්නේ, අදහන්නෝ ඒකට දොස් කියාවි, ඒත් ඉතින් සම්ප්‍රදායිකව අනුමත නොකෙරුණු දහසකුන් දේ කරන ඒකේ ඔ්කත් මහ කජ්ජක්ද?

    අනෙක, ආයෙත් ඔය උපාසකම්මල නොදැන ළඟින් වාඩිවෙන්න ආවොතින් පොඩි කැස්සක් වගේ ඒකක් දාලා ඔබ ඉන්නාබව අගවන්න, නැතිනම් ඔය ඇත්තියෝ ඉළඟ ආත්මේ රුවැත්තියක් වෙලා උපදින්න දුක් කම්කටොලු විඳලා රැස්කර ගත් පින් අපතේ ගියා කියලා හිතින් බොහොම විඳවාවි, ඒක නම් හැබෑම දුකක් තමයි.

    ReplyDelete
    Replies
    1. උඩදි කිව්ව ‌කාරණය ‌ෙබෞද්ධ භික්ෂු සම්ප්රර්දාය සමග ගලපන්න බැහැ.

      Delete
    2. අනේ මගේ කට, සම්ප්‍රධායට ගැලපෙන ඒව්වම විතරයිනේ කරන්නේ

      Delete
  2. Podisadu must be commended for questioning bus conductor and the time keeper, how many people do this in Sri Lanka? Not many. Did anyone come forward to support Podisadu? I guess not. Our society will go downhill fast if we do not stand up for our rights and the rights of others. Wrong doers will take it as a our weakness and continue to do wrong things and get advantage. People should speak up and others should support.

    I was in Gangodawila land registry last month to collect a document. I was first in line, one man join after me and then 4 women (6 in the queue by the time counter opens) As soon as counter open, a man come between two of us and point his document at the counter. I as him to go to the queue, he ask me to mind my business and go. I ask him 'Ladgga nedda ganu polime indeddi issarahin panninna'? He moved to the side, did not go to the queue, no one in the queue said anything. I shouted at the security staff and asking him to watch the queue. Everyone was looking at me as if I done wrong.



    ReplyDelete
  3. ෂීට් කියන්නෙ පොඩි හාමුදුරුවනේ ඇස්බැස්ටස් ෂීට්, සිවිලිං ෂීට්, පේපර් ෂීට් වගේ ඒවට. බස්වල තියෙන්නෙ කෝච්චිවල තියෙන්නෙ සීට්.

    ReplyDelete
    Replies
    1. හැදුව අයියෙ. ස්තූතියි. ලිපිය ගැන අදහසක් කියන්න.

      Delete
    2. ලිපිය ගැන අදහසක් කියනවනං පොඩි හාමුදුරුවනේ, බස් සීට් ගැන නම් එච්චරම අත් දැකීමක් නෑ මොකද මම අවුරුදු තිස් ගණනක් වැඩට ගියේම කෝච්චියෙ. කෝච්චි සීට් ගැන නම් අත්දැකීම් අනන්තයි. මමත් කියන්නෙ කාන්තාවක් ළඟ හාමුදුරු කෙනෙක් හෝ වෙනක් පුජකතුමෙක් ඉඳගෙන ගියාට කිසිම ඇවැතක් සිදුවෙන්නේ නැහැ කියලයි. ඒ අපේ අයගේ තියෙන ගොන්කම. හාමුදුරු නමක් කෝච්චියට ගොඩවුනාම සීට් එක දෙන්න කාන්තාවො පේලියකටම නැගිටින්න වෙන වෙලාවල් මම ඕනෑතරම් දැකල තියෙනවා. හාමුදුරු නමක් කාන්තාවක් ළඟ ඉඳගත්තට ඒ මනුස්සය හාමුදුරුවන්ගෙ ඇඟේ ඇලෙනවයැ. මොකද පොඩි හාමුදුරුවො කියන්නෙ.

      Delete