Friday, June 3, 2022

ආවේගය‌ට සිහියෙන්....

මේක මට නිකමට හිතුනෙ ඇමතිවරයෙකුගෙ පුතෙක් සහ ඒ පුතාගෙ බිරිඳ මුහුණ දුන්න ප්‍රශ්නයක් ගැන ටිකක් කල්පනා කරද්දි. නිකමට හිතන්න! තාත්තල අම්මල වැඩිහිටියො මොනා කිව්වත් කළත් සාමාන්‍යයෙන් පවුලක තරුණ දරුවෙක්ට එයාලගෙ මට්ටම තියන් ජීවත් වෙන්න හැකියාව තියෙන්න ඕන.

තමන්ගෙ ආවේගයට කරන පහරදීම් වැනි ක්‍රියාවකින්, වාචසිකව කරන දරුණු බැණවැදීමකින් අනතුරුව තමන්ගෙ ආවේගය පහවුන වෙලාවක තමන්ට ඒ සිදුවීම් ගැන මොනවගේ කම්පාවක් දැනෙන්න පුලුවන්ද? තමන් නොහිතපු මොහොතක නොපතපු අද්දැකීමකට මුහුණ දෙද්දි ඒකට කිසිම සූදානමකින් තොරව අපි ආවේගය පිට කරන්න පුලුවන්. නමුත් ආවේගයෙන් පසු මොහොතේ අපිට දැනෙන ලැජ්ජාවෙන් කවමදාවත් වැළකෙන්න බැහැ.

කය වචනය පරිස්සම් කරගන්න එක ලේසි පහසු දෙයක් නෙමේ. සමහර O/L වයසෙ තරුණ දරුවන්ගෙ ආවේගශීලී හැසිරීම් අපි කොයි තරම්වත් වීඩියෝ වලින් දැකල තියෙනව. එයාල ගහනව, ගහන්න ගිහිල්ල ගුටි කනව, ගැහැණු ළමයින්ගෙන් ගුටි කනව, ඒවයෙදි විවිධ වචන වලින් ඇණුම්පද කියනව. ඒ වගේම ගැහැණු ළමයින්ගෙ ගෲප් චැට් ලීක් වෙනව, ගෲප් කෝල් ලීක් වෙනව.

සමහර විට තරුණ වයස්වල විවාහක ගැහැණුන් පිරිමින් වාහනයක ඩ්‍රයිව් කරන් යද්දි මොනාහරි සිද්ධ වෙන දෙයකට අනවශ්‍ය ලෙස කුණුහරුප කියමින් හැසිරෙනව. එහෙම නැත්තං පවුල් ප්‍රශ්නයකදි හැසිරෙන විදිය. ඒව පසුව වීඩියෝ විදියට මුලු සමාජයකටම බලන්න අවස්ථාව ලැබෙනව.

සමහර විට තරුණ ගැහැණු පිරිමි පෙම්වතුන් ආදරයේදි හැසිරෙන විදිය, ඉක්මන් තීරණ ගන්න විදිය අපි ටික්ටොක්වලදි සහ මේ වගේ තැන්වලදි නිතරම දකින්න ලැබෙනව. සමහරවිට එයාල එකිනෙකාට දැඩිව අපහාස කරමින් හෝ අනවශ්‍ය සොයාබැලීම් හෝ දේවල් ඉල්ලල එකිනෙකා ආයාචනා කරනව අපි දැකල තියෙනව.

සමහරවිට තරුණ භික්ෂූන් විවිධ අවස්ථාවලදී කරන ආවේගශීලී මැදිහත්වීම් අපි කොයිතරම්වත් දකිනව. සමහර විට ආගමික ප්‍රශ්නයකදි, ජාතික ප්‍රශ්නයකදි එහෙම නැත්තං තමන්ගෙ ප්‍රශ්නයකදි ඒවත් අපිට පසුව වීඩියෝ විදියට දකින්න අවස්ථාව ලැබෙනව.

මේ සියල්ලම නොසිතූ විදියට ඒ සියලු දෙනාට සිද්ධ වුන දේවල්. ඒ අවස්ථා වලදි සිදුවෙලා තියෙන දේ ගැන හිතිල තමන්ට ලැජ්ජාවක් දැනෙනනවනම්. ආයෙ තමන්ගෙ යාළුවෙකුට, වැඩිහිටියෙකුට, පොදුවේ ගත්තම සමාජයට මුහුණ දීගන්න බැරිකමක් දැනෙනවනම් ඒ ක්‍රියාවන් ගැන ඇත්තෙන්ම ඒ අය අපහසුතාවයට පත්වෙලා ඉන්න අය. නමුත් තමන්ට ඒ දේ සිද්ධ වෙලා ඉවරයි. ඒ අයට දරුණු ලැජ්ජාවක් දැනෙනව. (මම කියන්නෙ ඒ අය තරුණ අයනම්. ඒ අය මේ වගේ දේවල් වලට නිතර මැදිහත් නොවන ජීවිතේ සාමාන්‍ය විදියට ගෙවන අයනම්. මේ ලැජ්ජාව සාමාන්‍යයෙන් නිතර වැරදි කරන සමාජයක ඉන්න කෙනෙක්ට දැඩිව දැනෙන්නෙ නැහැ. නිකමට හිතන්න පොලිටිෂන් කෙනෙක්ට වැරදි කරන්න ලැජ්ජාවක් දැනෙන්නෙ නැහැනෙ.)

අපේ ආවේග කියන දේවල් පාලනය කරගන්න ; ඒ කියන්නෙ අපේ හිතට එන හැම අයහපත් දෙයක්ම පාලනය කරගන්න අපට විශේෂ හැකියාවක් තියෙන්න ඕන. එහෙම නැත්තං අපට සිද්ධ වෙනව සමාජයක් ඉදිරියේ අපහසුතාවයට ලක්වෙන්න සහ තමන් විසින්ම තමන්ව ප්‍රතික්ෂේප කරන තත්වයට පත්වෙන්න. ඇත්තෙන්ම ආවේගය කියන්නෙ අපේ ස්වභාවය නෙමේ. එතන ඉන්නෙ ස්වභාවික මනුස්සයෙක් නෙමෙයි.

නිවැරදි වචන, නිවැරදි ක්‍රියා කියන්නෙ ඇත්තෙන්ම නිසි පරිදි, නිසි කලට, නිසි අවස්ථාවන්හි පාවිච්චි කළයුතු දෙයක්. අපිට සිද්ධ වෙනව සමහර වෙලාවලදි විධිමත් හා අවිධිමත් ලෙස කටයුතු කරන්න. මේ අවස්ථා දෙකේදිම අපට පුලුවන්නම් නිවැරදිව අපේ වචන හසුරුවන්න. නිවැරදිව අපේ කය හසුරුවන්න. ඒ ගැන අපටත් සිදුවීමේ අනෙක් අන්තයටත් අනිවාර්යෙන්ම සතුටු වීමේ හැකියාවක් තියෙනව.

ඉතින් මෙතනදි අපට වඩාත් අවශ්‍ය වෙන්නෙ විශේෂයෙන්ම දේවල් ගැන “සිහියෙන්” කටයුතු කරන එක. දෙයක් ගැන සිහියෙන් කටයුතු කරද්දි අපට කිසි ලෙසකින්වත් අපේ ජීවිත ගැටළුකාරී තැන්වලට තල්ලු වෙන්නෙ නැහැ. කොටිම්ම කිව්වොත් මැරෙන්න තරම් ලැජ්ජාවෙන්න සිද්ධවෙන පශ්චත්තාපයට පත් වෙන්න සිද්ධ වෙන්නෙ නැහැ.

 

-ගුරුගොඩ සිරිවිමල-

8 comments:

  1. ' ආවේගයට අපිව පාලනය කරන්න ඉඩ දෙනවද අපි ආවේගය පාලනය කරනවද?
    තෝරා ගැනීම අපේ.'
    බොහොම හොඳ බනක් පොඩි සාදු.

    ReplyDelete
    Replies
    1. බණක් නම් නෙවේ, සරල උපදෙසක් නේ ද?

      Delete
  2. ඉවසීමේ සීමාවත් පැන්නා වළහා නරියගෙ හොම්බට ඇන්නා

    ReplyDelete
  3. නායකයකු වෙන්නත් බැරි, කිසිම නායකයකුට කැමතිත් නැති, මේ වගේ අර්බුද අවස්ථාවකදිවත් පාලනයට උදව් කරන්නට අකැමැති, මං වගේ කම්මැලි, අසුබවාදී, කුහක, කුජීත, තක්කඩියෙකුට මේ වෙලාවෙ අවශ්‍ය වෙන්නෙ නිකං ඉඳන් කාලා බීලා සැපට ඉන්න පහසුකම් සපයන සුරංගනාවියකගේ සහාය ලැබෙන ආණ්ඩුවක්.
    මං කැමති පක්ෂෙ ජාතික සුරංගනා පක්ෂය. ඒ පක්ෂෙට පුළුවන් බදු ඔක්කොම අහෝසි කරලා, හැමෝටම රජයේ රස්සා දීලා, වැඩ නොකර කූල් එකේ ඉන්න ඇරලා, මාසෙ අන්තිමට පඩි හා වරප්‍රසාද දීලා, ඔක්කොම ජාති නිකම්ම දීලා ආතල් දෙන්න.
    ඔයගොල්ලොත් මං වගේද?

    ReplyDelete
  4. ඩ්‍රින්කෙක දාලා ඉන්නේ

    ReplyDelete
  5. යාලුවො කට්ටියක් ඔන්න ගියාලු විනෝද චාරිකාවක්. ඒ කිව්වෙ මේ ට්‍රිප් එකක්. රයිට් අපි කියමු පොළොන්නරුව පැත්තෙ කියල. දවල්ට කන්ට කලින් ඔන්න පරාක්‍රම සමුද්‍රෙ නාන්ටයි සූදානම. හැමෝම කලසං ගලෝල ජොකා පිටිං ඔන්න බැස්ස වතුරට. එකෙක් විතරක් ගොඩ ඉන්නව. උගෙ නෑ නාන්ට කිසිම සුදානමක්.

    " ඒයි වරෙං බං..කලිසම ගලවල වරෙං..නියම වතුර ටික.." යාලුවො කෑගහනව.

    " අනේ බෑ බං මම නාන්නෙ නෑ. " අරකා පිංසෙංඩු වෙනව.

    දන්නවනෙ ට්‍රිප් එකක් ගියාම ඔහොම කියල බේරෙන්ට බෑනෙ යාලුවංගෙං…

    " අඩෝ ඒව හරියන්නෙ නෑ හොඳද? වරෙං බැහැපං වතුරට. ගලවපං කලිසම. " යාලුවො අවසාන නිවේදනය නිකුත් කලා.

    බේරෙන්ටම බැරිතැන මිනිහ ඔන්න බොහොම අකමැත්තෙං කලිසම ගලවල වතුරට බැස්ස. අනික් එවුං ඇඳල ඉන්න ට්‍රන්ක් වල ඔන්න පිටිපස්සෙ ගහල තියනව නයික්, අඩිඩාස් ඒ වගෙ සුප්‍රසිද්ද බ්‍රෑන්ඩ් නේම්ස්. මුගෙ එකේ පිටිපස්සෙ තියෙන්නෙ " වන් සැප " දැං කට්ටියම හොල්මන් ද පොල්කොල..... ඇයි දෙයියෝ සාක්කි වන් සැප කියල බ්‍රෑන්ඩ් එකක් කලින් අහලම නෑනෙ. මුගෙං ඇහුව ඇහුව මූ කියන්නෙම නෑ. එහාට මෙහාට ඇඹරෙනව.

    අන්තිමට මූ මරන්ඩ වගෙ ගියාම තමයි ඔන්න විස්තරේ කිව්වෙ.

    " අනේ මචංලා. කාටවත් කියන්ට එහෙම එපා. ඔය මළ ගෙයක් උනාම පාර හරහ බැනර් දානවනෙ. අහවලාට නිවන් සැප ලැබේවා!!! කියල. ඒ පරන වෙච්චි බැනර් එකකින් මහගත්තු ජොකෙක් තමයි මේ. නිවන් සැප ලැබේවා!! කියල ලියල තිබ්බ හරිය තමයි කරුමෙක පස්සට සෙට් උනේ. "

    ReplyDelete
  6. මහව ස්ටේෂන් එක තියෙන්නෙ හරියටම ටවුම මැද. යාල්දේවි මහව ස්ටේෂන් එකේ නතර කරාම ඔන්න කෝච්චියෙ ඉන්න සෙනඟ බාගයක් දනි පනි ගාල පෙට්ටිවලින් පැනල රේල්පාර දිගේ ආතබූත නැතුව දුවනව. පලවෙනි දවසෙ මට මේක හරි ප්‍රශ්ණයක්. කටත් ඇරගෙන මම බලා හිටිය මෙවුං මේ දුවන්නෙ කොහෙද කියල.වැටවල් අස්සෙං රිංගල කාණු වලිං පැනල කට්ටියම පාර දිගේ දුවල ඔන්න නොපෙනී ගියා. දෙමලු වේට්ටි උස්සගෙන, සිංහලයො සරං උස්සගෙන බොගොම සමඟියෙං එකාට එකා උදව් කරගෙන එක සීරුවට දුවගෙන ගියා. මම කටත් ඇරගෙන බලා ඉන්නව දැකල මා ගාව හිටපු වයසක අංකල්ට හිනා ගියා.

    " ඔය කොහෙද දන්නවද කට්ටියම දිව්වෙ? ඔතන එහා පැත්තෙ තියෙනව තැබෑරුමක්. මෙතන කෝච්චිය හැමදාම විනාඩි පහළවක් වගෙ නවත්තනව යාපනෙං කොළඹ යන කෝච්චිය මාරු වෙන්ට. ඒ අතර මොනව හරි ටිකක් බීගන්ටනෙ ඔය මෙලෝ සිහියක් නැතුව දිව්වෙ..අම්මාපල්ල මෙහෙමත් මිනිස්සු…"

    අංකල් කෝච්චි පෙට්ටිය දෙකක් වෙන්ට හිනා උනා. මටත් ඒ වෙලාවෙ හිනා ගියා.

    ඒ වෙලාවෙ එහෙම හිනා උනාට වැඩිකල් නොයාම මමත් ඒ වැඩේම කලානෙ.

    ReplyDelete
  7. මේ ගමන ගැන එතරම් ලොකුවට හිතලා වද වෙන්න අවශ්‍ය නැහැ මල්ලි.

    මොකද ලංකාව වටේ මිසක් ලෝකේ වටේ නෙමෙයිනේ ගමන යන්නේ.

    මොකද දැන් හිතන්නකෝ කඩවත ඉදන් යනකොට අක්කරෙයිපත්තුවේදී ෆුස්‌සයිකලේ කැඩුනා කියලා. එහෙනම් ඒක හදා ගන්නත් විදියක් නැත්තම් ඕක අල්ලලා විසි කරලා අක්කරෙයිපත්තුව කොළඹ බස්සේකක නගින එකයි ඇත්තේ.

    අක්කරෙයිපත්තුවේ මහ පල්ලිය ලග මුතාලිප්ද එකෙන් දවල්ට හරක් මස්සෙක්ක බත් කාලා නැග්ගා නං බස්සෙකට හවස තේ බොන්න කඩවත හන්දියෙන් බැස්ස හැකි.

    වෙන කොහේදී හරි අකරතැබ්බයක් උනත් එහෙම තමයි.

    ReplyDelete