Sunday, October 17, 2021

ත්‍රිපිටක පෙරළීම

ත්‍රිපිටකයේ තිබෙන සූත්‍ර පාඨ එහෙම් පිටිම්ම අරගෙන අර්ථ විමසීම තුළින් බොහෝ වැරදි අවබෝධයන් සිද්ධ වෙන්න පුළුවන්. ත්‍රිපිටකය කියන්නෙ බුදුන් වහන්සේගේ දේශණා ඇතුළත් ප්‍රධාන මූලාශ්‍රය. (බුදුන් වහන්සේ සකස් කරපු දෙයක් නෙමෙයි.) නමුත් ත්‍රිපිටකය කියන්නෙ වෙනම දැනුමක්. ඒක රහතන් වහන්සේලාගේ පටන් අවිච්ඡින්න සංවර්ධනයකට ලක්වෙමින් ආව එකක්. ඒක නිර්මාණාත්මක, විද්‍යාත්මක, භාෂාත්මක ක්‍රමවේද ගණනාවකින් සිද්ධ වුන දෙයක්. සරළවම මේක පැහැදිළි කරොත් ත්‍රිපිටකයේ සූත්‍ර හැමකෙනෙක්ටම කියවන්න පුළුවන් නමුත් ඒකෙ අර්ථ නිරූපනයන්ට එද්දි ප්‍රවේසම් විය යුතුමයි. මම බොහෝවිට ඒ දේවල් භාෂා දැනුම සහ ධර්මය පිළිබඳ දැනුම තියෙන හිමිවරුන්ගෙන් අහගෙන තමයි සමහර සූත්‍ර දේශණාවන් තේරුම් ගන්නෙ.

මට මේක ලියන්න හිතුනෙ “තාලපුට සූත්‍රය” ඇසුරින් භික්ෂූන් වහන්සේ නමක් කරපු දේශණාවක වි. 02 විතර ක්ලිප් එකක් යූ ටියුබ් එකේ තියෙනව දැකල. සහ ඒ ගැන බොහෝ දෙනා කතා බහ කරල තිබුන නිසා. සාමාන්‍යයෙන් ත්‍රිපිටකයේ දේශණා සමහරවිට සමස්ථයට ආදාළ නොවෙන්න පුළුවන්. එහෙම නැත්තං ඒ යෙදුන සන්දර්භය තුළ පමණක් භාවිත කළ හැකි දෙයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තං ඒ සූත්‍ර බුද්ධ භාෂිත නොවෙන්න පුළුවන්. එහෙමත් නැත්තං සූත්‍ර තුළ යටි අරුත් වගේ දේවල්, එකළ සංස්කෘතිය, සමාජමය තත්ත්වයන් මේ හැමදෙයකම බලපෑමකින් සිදු වුන දේශණා වෙන්න පුළුවන්. මේ ඔක්කෝම නැතත් භාෂාව පිළිබඳව විශේෂ සැලකිලිමත් භාවයක් තිබිය යුතුම වෙනව සූත්‍රයක් කියවීමේදී. ඇත්තෙන්ම සූත්‍රය කියවද්දි සමහර විට බොහෝ අය සිංහල භාෂාවට පෙරළපු පරිවර්තනය විතරයි කියවන්නෙ. සමහරවිට ඒ සිංහලය සාමාන්‍ය මනුස්සයෙකුට දුරවබෝධ වෙන්නත් පුළුවන්. (මේ කියන්නෙ සිංහල පරිවර්තන වැරදියි කියල නෙමෙයි.) දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් තමුන් පාලි දන්නෙ නැහැනෙ; කොහොමද මේක කියවන්නෙ කියල. සාමාන්‍යයෙන් ඒ නිසා තමයි මේව කියවීමේදී දැනුම තියෙන කෙනෙක් එක්ක කතා කරගන්න අවශ්‍යය වෙන්නෙ.

ඒ වගේම තමයි බුදුන් වහන්සේ දේශණා කරපු “හැම සූත්‍රයක්ම” පාහේ අපේ එදිනෙදා ජීවිතවලට යෝජනා කරගන්න බැහැ. මිනිසුන්ගේ සංස්කෘතික ජීවිත වලට යෝජනා කරන්න බැහැ. නමුත් බොහෝ සන්දර්භ තුළ දේශණා වුන ධර්ම කරුණු දෛනික ජීවිතවලට යෝජනා කරන්න පුළුවන්. සමහර විට ගැඹුරුම ධර්ම කාරණයක් වුනත්. නමුත් ඒක කරන්න පුළුවන් දක්ෂ ධර්ම සන්නිවේදකයෙකුට පමණයි. 


- ගුරුගොඩ සිරිවිමල -




12 comments:

  1. ඔක්කොම ආගම්වල ලියවිලි හුගක් ඒ කාලයේ අවශ්‍යතා සදහා ලියවුනු ඒවා නේද?
    ආගම්වල ලොකුම දුර්වලතාවයක් මූලධර්මවාදීවීමේ අවශ්‍යතාව. ඒක වෙන්නෙ ඒ ලියවිලි පරම සත්‍යය කියල පිලිගන්නවෙන නිසා නේද?

    ReplyDelete
  2. ශුද්ධ බයිබලයනම් ශුද්ධාත්ම මගපෙන්විම මත ලියැවුනක්.
    එය හරියට තේරුම් ගන්න නම් ශුද්ධාත්මයානන්ට ආරාධනා කර එතුමා හරහා පැහැදිලි කරගත යුතුයි. ඒ වගේම බයිබලය සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න හැකියාව ඇත්තේ ලෝක අවසානයේදී පමණයි. ශුද්ධාත්මයානන් එය අනාවරණය කරන්නේ කොටස් වශයෙන්.

    හලේලුයා!

    ReplyDelete
  3. මම Australian හාමුදුරු කෙනෙක් ගෙන් විනය පිටකය ගැන බණක් ඇහුවා. එකට අනුව පන්සල් වල පදින්ච් ව සිටීම, එකට ඉඳ ගෙන දනේ වැලදීම් විනය පිටකය අනුව වැරදිය්. පොඩි සාදු මේ ගැන මොකද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ඉකා ඉක්මනින් අදහසක් ලියන්නම්

      Delete
  4. හ්ම්....හිතන්න බොහෝ දේ ලබාදෙන ලියවිල්ලක්. බොහොම අපූරුයි. ආයෙ එන්නම් කියවන්න.

    ReplyDelete
  5. කල්පනා කරලා කියන්න ඕනේ බණ කල්පනා නොකර කීම

    ReplyDelete
  6. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "7. බර කතා බහ" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
  7. The Casino Site Review | Lucky Club
    The Casino is a new casino that's luckyclub.live going to have some good things to say about it. Read our review and learn all you need to know about the site,

    ReplyDelete