Tuesday, May 7, 2019

අවමංගල්‍යාධාර ලන්තය

මෙරට දේශපාලන ව්‍යුහය ඉතා අසාර්ථක එකක් බව ලියන්න ගත් මුල් වතාවේ සිට මේ මොහොත වන තෙක්ම මම නිතර නිතර පවසා ඇත. අප පාඩම් ඉගෙන නොගන්නා ජාතියකි. මෙරට දේශපාලන වැරදි නිසාවෙන් අනාථ වූ, මියැදුන ජීවිත කෙතරම්ද යන්න මා හට පැවසිය නොහැකිය. මන්ද යත් ශ්‍රී ලංකාවාසීන් සැවොම මෙරට දේශපාලන ක්‍රමය තුළින් අනාථ වූ අම්මෙක් අප්පෙක් නොමැති, රටක්, ජාතියක් නොමැති, අනාථයන් බවට පත්ව ඇත.ඉතිහාසයේ වරද නිවැරදි කරගනිමින් රට පවත්වාගෙන යාම පාලකයන්ගේ වගකීමය. මෙරට පාලකයාගේ මන්ද බුද්ධික දේශපාලන ක්‍රියාවලිය නිසා ඉතිහාසය සොයාගැනීමට වඩා ඉතා අමාරු දේ වර්ථමානයේ ජීවිතය සොයා ගැන්මය. වසර ගණනක ප්‍රෞඩත්වය එක් තැනකට ගාල් කර වර්ථමානය දෙස විපරම් කල විට වර්ථමානයේ දී ලංකාවේ ප්‍රෞඩත්වය රදා පවතින්නේ කිසිදු දෙයක් නොකල, කිසිඳු දෙයක් නොමැති රටක්, ජාතියක් යන තැනකය. 

රටේ ගංවතුර ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් වී ඇති මොහොතකි මේ. සතියක් වැසි වැටුන⁣හොත් ලංකාවේ කිනම් හෝ ප්‍රදේශයක් ගංවතුර තත්වය නිසා විශාල පීඩාවකට පත්වන බව නොරහසකි. ලක්රජය විසින් එයට විසඳුම් දෙන්නේ ඒ පීඩාවට පත්වූවන්ට බත බුලතින්, මිළ ⁣මුදලින්, ගෙයින් දොරින් වන්දි ලබා දෙමිනි. 




රටේ බරපතල ව්‍යසනයන් සිදු වූ සෑම මොහොතකදීම මෙරට රජයන් විසින් හේතුව සොයා එතැනට ⁣බෙහෙත් කරනවා වෙනුවට ඵලය අල්ලාගෙන ඒ ඵලය උඩ දැමීමය. 
මේ මොහොත යනු මහජනතාව විශාල බියකින් කල් ගෙවන මොහොතකි. රාත්‍රී 9 -10 පසූ වූ විටත් විශාල මාර්ග තද බදයක් පෙනුනු ලංකාවේ මාර්ග පද්ධතිය අද ජන ශූන්‍ය පාරාදීස බවට පත් වී ඇති බව අප අත්දකිමින් ඇත. සියළු පැතිකඩයන් අක්‍රිය වී විශ්ව විද්‍යාල, පාසැල්, වෙනත් විභාග කටයුතු සියල්ලම දින නොදක්වා නිවාඩු ලබා දී ඇත. මේ සියල්ලම සිදු වූයේ ත්‍රස්තවාදීන්ගේ අමනෝඥ ක්‍රියා අභිමුවය. 
ඒ ත්‍රස්තවාදී බල ඇණියේ ප්‍රශ්නය විසඳනවා වෙනුවට මෙරට රජය මේ මොහොතේ කරමින් සිටින්නේද ඉහත කී ව්‍යසනයන් ඉදිරියේ ඒ ප්‍රශ්න වලට විසඳුම් සෙවූ ආකාරයටමය. මේ ලියන මොහොත 2019. 05. 03 වන දිනය වන විට ත්‍රස්ත ප්‍රහාරය සිදු වූයේ කිනම් ත්‍රස්ත කණ්ඩායමකින් ද? ISIS ත්‍රස්තවාදීන්ගෙන්ද? මෙරටම වෙසෙන ත්‍රස්තවාදී කොටසකින්ද?⁣ මෙරට වෙසෙන පිරිසක් කිනම් හෝ ත්‍රස්තවාදියෙකුගේ උදව් ලබා ගනිමින් කරන ලද්දක් ද ? යන්නවත් පැහැදිලිව දක්වා නොමැත. නමුත් රටේ වගකිව යුතු ආයතන රාශියක නිළයන් මාරු කරමින්, ස්ථාන මාරු ලබා දෙමින් එකිනෙකා මත වරද පටවමින් වගකීම් විරහිතව කල් යල් ගෙවති. ඒ සියල් අසු අස්සේ පාලකයන්ද, මහජනතාවද, ජාතිවාදී, ආගම්වාදී අමුතු දේශපාලනයක් කරමින් සරත් ෆොන්සේකා මහතා දිනක් පැවසුවා සේ කානිවල් ජීවිතයකට මුහුණ දෙමින් සිටිති. මෙය රටේ ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් ය, එය විසඳිය යුතුය, යන මහජන උවමනාව වත් මහජනයා රැකිය යුතු පාලකයන්ගෙන් ⁣තවමත් නොපෙනී ඇත. රටේ ආරක්ෂක මුරදේවතාවුන් වන්ව ත්‍රිවිධ හමුදාවන්, පොලීසිය වගකීම් සහගතව තනි සටනක් කරනවා නොවන්නට මේ වන විටත් ලංකාව විශාලාවක් වී හමාර බවනම් කිව යුතුමය. ත්‍රිවිධ හමුදාවත්, පොලීසියත් ගෞරවයෙන් සිහිපත් කල යුතු වන්නේ එබැවිනි. 
මේ සියළු ප්‍රශ්නයන්ට විසඳුමක් ලෙස රජය පරණ සෙල්ලමම සිදු කරමින් 21වන දා සිදු වූ ත්‍රස්තප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල් වලට මුදල් වන්දියක් ගෙවා මියගිය අයවලුන්ට මුදලක් නියම කර ඇත. ඒ මදිවාට රටේ අගමැති වරයා කාදිනල් තුමන්ගේ ආරක්ෂාවට යැයි කියමින් සිය වෙඩි නොවදින රථයක් එතුමන්ට ලබා දෙන්නට ක්‍රියා කර ඇත. නමුත් කාදිනල් තුමා පවසා ඇත්තේ රටේ මහජනතාවට ආරක්ෂාවක් ලබාදීම පිණිස වැඩ පිළිවෙලක් නොමැති කළ තමන්ට කුමට ආරක්ෂාවක්දැයි කියමින් එය ප්‍රතික්ෂේප කර ඇත. ආගමික පංතියට වරදාන වරප්‍රසාද ලබා දෙමින් චූන් කරන්නට හදන පාලකයන්ට ගැසූ බරපතල කනේ පහර පිළිබඳව කාදිනල් තුමා පිළිබඳව මට ඇත්තේ පැවසිය නොහැකි ප්‍රීතියකි.


එසේම දින නියමයක් නොමැතිව නවාඩු දුන් පාසැල් වල නැවත වැඩ ආරම්භ කරන්න යැයි කියමින් අධ්‍යාපන අැමති වරයාද දරුවන්ට මිළක් නියම කර ඇත. "ආරක්ෂාව පිළිබඳ වඳ වෙන්න එපා. අපි දරුවන්ට රක්ෂණයක් ආරම්භ කරල තියෙනවා" වැනි කතාවක් පවසා සිටී. 
පොඩි සාදුට තේරෙන අයුරින් මෙය රටක්ද? අවමංගල්‍යාධාර සමිතියක් දැයි  සිතා ගන්නට බැරිය. ව්‍යසනයන් වලක්වනවා වෙනුවට ව්‍යසනයක් වූ පසු වන්දි ගෙවීමට රජයක්, පාලකයෙක් රටවැසියාට අවැසිද?


|ගුරුගොඩ සිරිවිමල
මව්බිම - යං අතිරේකය - ‌පොඩි සාදුගේ ලියමන තීරුලිපිය - 2019‍‍‍‍‍.05. 07 - සංස්කරණය, තිවංක විශ්වනාත් 

7 comments:

  1. අවසර හාමුදුරුවනේ, ත්‍රස්ත විමර්ෂණ කටයුතු පොලිසිය හා හමුදාව එක්ව කරන අවස්ථාවකදි ඒ ගැන අරක දන්නේ නෑ මේක දන්නේ නෑ කියන්නේ විමර්ෂණ ප්‍රතිඵල හා ප්‍රගතිය මාධ්‍යවලට නොදෙන නිසානේ? ඉතින් ඒවා කොහොමත් මාධ්‍යයන්ට දෙන්නේ නෑ. අනික හානියක් වළක්වගන්න කොච්චර උත්සාහ කරත් ඒ වැළකුණු හානිය ගැන කොහෙවත් වාර්තා වෙන්නෙ නෑනේ. එතකොට එහෙම දෙයක් වුනේ නෑ වගේ. දැන් අත් අඩංගුවට ගත්ත ආයුධ නිසා කොහොම අපරාධ අඩු වෙන්න ඇද්ද? හානියක් වුනාට පස්සේ වන්දියක් කඩිනමින් දෙන එකත් වැරදි නම් ඔබ වහන්සෙගේ විකල්පය මොකක්ද? අතීතයට ගිහිල්ලා හානිය වළක්වන්න බෑනේ.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවට වගකීමක් තියෙනව මිනිස්සුන්ගෙ පරිස්සම ගැන. ේක කාගෙ වැඩක්ද කියන එක කියන එක පිළිබඳව මිනිස්සුන්ට දැනුවත් බාවයක් තියෙන්න ඕන. ඒ නැති නිසයි සාම්ප්‍රදායික මුස්ලිම් මනුස්සය දිහත් අපි දෙවතාවක් හැරිල බලන්නෙ. ඒක සාධාරණ සැකයක්. ඒක නිවැරදි කරන්න පුළුවන් රජයකට විතරයි. ඒක මාධ්‍ය හරහා ෝ කයට කීම වරදක් නෙමෙයි.

      හානිය වලක්වගන්න ොනාද කරපු උත්සාහ? මුලින් ප්‍රහාරය ගැන දැනගෙන ඒක ොකිව්ව අය ත්‍රස්තවාදයට වඩා භයානකයි. ඒක වුනාට පස්සෙ අනී මීක ගන්න උයාල පව් කියල වන්දි ගෙවන එක නෙමෙයි රජයක වගකීම. ඊයෙ අත්අඩංගුවට ගත්තු කීප දෙනෙක් එලියට දාල කියලත් ආරංචියි.

      ඔව් විකල්පය ේ මිනිස්සුන්ගෙ ජීවිත වල වටිනාකමක් ොදන්න පාලකයන්ව පාලනයෙන් ඉවත් කිරීම.

      මම වර්තමානය උදෙසා ලියන කෙනෙක්. අතීතෙන් පාඩම් ⁣ඉගෙන ගන්නැතිව පාලනය භයානකයි. ේ ඒවයෙ ප්‍රතිවිපාක.

      Delete
    2. අත් අඩංගුවට ගන්න හැම මිනිහම වැරදිකාරයෝ කරන ලියන අප්පු මාධ්‍යවලටත් වඩා ඔබ වහන්සේ අන්තයිනේ. සැකකාරයෙක්ට සාක්කි නැතිව චෝදනා ගොනු කරන්න බෑ. එහෙම සාක්කි ඉදිරිපත් වෙලා නැත්නම් ඇප ලැබෙනවා. ඔබ වහන්සේ වදාරන්නේ පාරේ ඉන්න ඕනම මිනිහෙක් අත් අඩංගුවට අරන් සැකයි කියලා මරලා දාන්නද? නීතිය ගැන දන්නෙ නැති එක නම් පේනවා. ඒත් යුක්තිය කියන දේ ගැන අබමල් රේණුවක් වත් දන්නවා නම් ඔය වගේ බොළඳ කතා කියන එක ගැන තව පාරක් හිතයිනේ.

      Delete
  2. ඔබවහන්සේ එක්සත් ජාතික පක්ෂ භික්ෂු පෙරමුණේ සාමාජික හිමිනමක් නේද? ඉතිං මෙතන අපිට ඔව්ව කියන්නේ නැතිව බානගල උපතිස්ස හිමි, අඹන්වල ඤානාලෝක හිමි වගේ ස්වාමින්වහන්සේලා අතේ රනිල් හාමුට පණිවිඩේ යවන්නකෝ.

    කොච්චර දක්ෂිණාංශිකයා වගේ පෙනී හිටියත් රනිල් හාමු ඔය හාමුදුරුවරු දෙනම කියන ඕනි දෙයක් කරනවා.

    ReplyDelete
  3. කවුද අනේ මම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධයි කියල ඔයාට ලණුවක් දුන්නෙ. ��
    යන්න අනේ යන්න. මම තනි නිර්පාක්ෂික කෙනෙක්. ඔයාලගෙන් තමා මේ රට ඉස්සරින්ම බේර ගන්න ඕන. අසත්‍ය ප්‍රචාර යවනවට

    (ගුරුගොඩ සිරිවිමල )

    ReplyDelete
    Replies
    1. ඔබවහන්සේගේ ඔහොම තඩි බොරු කියන්න එපා. ගුරුගොඩ සිරිවිමල කියන්නේ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත භික්ෂු පෙරමුණේ සාමාජික හිමිනමක්. රනිල් වික්‍රමසිංහ අගමැතිට උපදෙස් දෙන හිමිවරුන් දෙතුන් දෙනාගෙන් අයෙකු තමයි සිරිවිමල හිමියන්ගේ නායක හිමියන්.ඔබවහන්සේ ඇයි අන්ත දක්ෂිණාංශික ධනපති එක්සත් ජාතික පක්ෂයට සහ සම්බන්ධ උනේ? ඔබ වහන්සේගේ ධනවත් කුලවත් පවුල් පරම්පරාව නිසා නේද? ඇත්ත කතා කරමු.

      Delete