සංස්කරණය - Thiwanka Wishwanath Jayasekara
අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න
අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න
ජීවිතේ හැම තැනකම අපට තියෙන්නෙ පාඩම් ඉගෙන ගන්න. මොහොතින් මොහොත වෙනස් වීම් ඈත් වීම් එක්ක අපඅට ජීවිතේ කියන්නෙ ඉස්කෝලයක්. ඒක ඇතුළෙ අපට මහා පාඩම් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ පාඩම් ඉගෙන ගන්නැතිව අපට අනාගතය පාස් කරගන්න අපහසුයි.
අපි ඉපදුණ දවසෙ ඉඳන් නිකමට මතක් කරලා බැලුවොත් අපි ලබාගෙන තියෙන්නෙ අද්දැකීම්. පුද්ගලයො, වස්තු හැමදේම වෙනස් වෙමින් පවතිනවා මේ මොහොතෙදිත්. මේ ගෙවෙන මොහොත අතීතයට එක්වෙද්දි ඒක පාඩමක් වෙන්නෙ ඒ නිසයි. ඒ වෙනස්වීම අපේ අනාගතයට අපූර්වත්වයක් එක් කරාවි. නිසැකවම.
මේ ජීවිතේට හම්බෙලා තියෙන කිසිම මිනිහෙක් අපේ ජීවිතයට වෙනස්කමක් කරල නෑ කියලා සහතික වෙන්න බෑ. හොඳ හෝ නරක විපර්යාසයක් මඟින් අපේ ජීවිතයට ඒ අය යම් බලපෑමක් කරලා තියෙනවා. ඒක හොඳ හෝ නරක වෙන්නෙ අපේ සිතුම් පැතුම් අනුව. එතන තමයි වැදගත්ම කාරණය තියෙන්නෙ. අපි හිතං ඉන්නවා නම් අපේ ජීවිතයට එන අය අපට ඕන දේ කරන්න ඕන කියලා ඒක වැරැදි ආකල්පයක්. කවදාවත් වෙන්නැති වැඩක්. එයාලා දැනුවත්ව හෝ නොදැනුවත්ව එයාලා එයාලට ඕන දේම මිසක් අපට ඕන දේ කරන්නෑ. ඒ නිසා ඒ අතීතයේ ගිය අය දිහා වැරැදි විදිහට බලනවනම් ඒක වැරැදියි.
දැනෙන හැම වේදනාවක්ම අපට මිදීම සඳහා පාඩමක් කියලා දෙනවා. ඒ වේදනාව දැනුණ කාල සීමාවෙ ලබාගත්ත මහා රිදුම් කන්දරාව. ඒ රිදුම් අපිට මිඳෙන්න පාර කපලා දෙනවා. ඒ නිසා අපිමිදෙන්න උත්සාහයක් දරනවා.
අපට මේ ජීවිතේ කියන ඉස්කෝලෙන් විශ්ව විද්යාලෙකට ඇතුළත් වෙන්න අවස්ථා තුනක් ලැබෙනවා. ඒ තමයි, තමා වෙනුවෙන් ජීවත් වීම, අනුන් වෙනුවෙන් ජීවත් වීම, සම සමව තමාත් අනෙකාත් වෙනුවෙන් ජීවත් වීම.
මේ අවස්ථා තුනෙන් එකක් පිළිබඳව අවබෝධයෙන් අවබෝධ කරගෙන තෝරාගැනීමක් කරලා ජීවත් වෙන්න පුළුවන්. මෙතනදි අපි තෝරගන්න ඔප්ශන් එක මොකක් වුණත් අපට අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න වෙනවාමයි. අනුන් වෙනුවෙන් කඳුළු සැලීම්, සිත් රිදවා ගැනීම්, වෙහෙසවීම්, සතුටුවීම් හැමදේම කරන්න වෙනවා. ජීවත් වීම සඳහා ආත්මාර්ථය තෝරගත්තත් ඒක එහෙම්මමයි.
මේකට මාතෘකාවක් දැම්මනං පොඩි හාමුදුරුවනේ.
ReplyDeleteස්තූතියි...හැදුවා...
ReplyDelete