Wednesday, December 12, 2018

බුද්ධ සාසනේට ලොකුම හානිය කලේ වක්කලී හාමුදුරුවො ද?


සිප වැළඳ ගැනීම්, පේන්ඩ බැරි පිහියෙන් අනින ඒව ලොකු කර කර බලන මාර ධර්මිෂ්ඨ සමාජයක් තියෙන්නෙ කොහේද? ඒ ලංකාවය. 
කුඩා දැරිවියක් බුදු පිළිමයක් සිප වැළඳ ගැනීමේ සිද්ධියක් ඇතුලත් ඡායාරූපයක් fb හි සංසරණය විය. එය ඉතා ආදරණීය ඡායාරූපයක් බව කිව යුතුය. මම ද එය මාගේ කාළරේඛාව මත උඩුගත කරන්නේ යම් වැකියක්ද සහිතවයි. 
ඒ වැකියට සම්පූර්ණයෙන් ඇතුලත් වන්නේ බන්දුල නානායක්කාරවසම් ලියූ නිරෝශා විරාජිනී ගයන " සිනා තොටක් විය" ගීතයේ අන්තරා කොටසකි. එය කොයිතරම් එම ඡායාරූපයට ගැලපෙනවාද යන්න මගේ මනසෙහි අඳුනකි. 

කෙසේ වෙතත් ඒ සඳහා අදහස් පළ කල අයෙකු පවසා තිබුනේ මෙය සාසන විරෝධී බවත් එ් නිසා සාසනය පිරිහීමට පත්වන බවත්ය. 
2500 ය මාර කරගත්ත සමාජයකින් මම මෙවන් දේවල් බලාපොරොත්තු වෙමි. ඒක අවුලක් නැත. වක්කලී හාමුදුරුවො බුදුන්වහන්සේ දෙස බලාගෙන සිටි කළ බුදුන්වහන්සේ වක්කලී හාමුදුරුවන්ට "පක්සා ගාතයට දෙකක් ඇන පල යන්ඩ සාසනේ කන්නැතිව" යනුවෙන් පැවසුවේ නැත. උන්වහන්සේ කීවේ වක්කලී රූපය දෙස බලා ඵලක් නැත. ගොස් විදසුන් වඩා රහත් වන ලෙසයි. 
නමුත් අපි තවමත් දූපත් වාසී ප්‍රබල ගෝත්‍රිකයන් පිරිසකි'යි යන්න දිනෙන් දින උත්කර්ෂයට නගමින් සිටිති. සියල්ල භෞතිකව පෙන්වන්නට උත්සාහ කරණ ලෞකික ලෝකයා ලෝකෝත්තර අයකුට උවද සිය ආදරය පෙන්වන විදිය මේක බව ගෝත්‍රවාසී හුදී ජනයන්ට නොතේරීම දුකකි. 
බටහිර රටවල සිය ආදරය පෙන්වන අයුර මේ විදිහය. ඔවුන් වඩාත්ම කැමති පුද්ගලයා ප්‍රසිද්ධියේ සිප වැළඳ ගැනීම, එසේත් නැතිනම් ඔහුගේ රුව ඇතුලත් ඡායාරූපයක් සිය ඇඳුම ලෙස භාවිත කිරීම, වැඩි වැඩියෙන් දක්නට ලැබේ. 
ලෞකික මිනිස්සු එහෙමය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියා වැළපි වැළපී හඬ හඬා සිටින සංස්කෘතියට වඩා එ් බටහිර සංස්කෘතිය සමඟ මටනම් පෞද්ගලිකව එකඟ විය හැකිය. පංසිල් නැති අපේ ලංකාවේ තලේබාන් බෞද්ධයන්ද දැනගත යුත්තේ ඒකය " සතුටින් සිනා සී ජීවත් වීමට අපද හුරු විය යුතුය.


තමා තුළ ඇති ගූඪ ගුප්ත වහල්කම තුලින් අනෙකාව මැන, ඒකාට පහර ගැසීමේ හුරුවේ ප්‍රතිඵල අප දිනෙක දැක ගත්තෙමු. ජඹුරේවල නැමති භික්ෂුවක් සපත්තු කඩයකට ගොස් නැංගුරමක ඡායාවක් තිබූ සෙරෙප්පුවකට එරෙහිව හඬ නැඟූ ඒ දැවැන්තමය අවස්ථාව හිරු නාලිකාව මඟින් දිටිමු. විදේශික කාන්තවක් සිය අතෙහි ගසාගෙන සිටි පච්චය ප්‍රශ්න කල ලංකාවාසී බොදු සැඳැහවතුන් හිතා ගෙන සිටින්නේ තමන් මෙන් අනිත් වුන්ද ආගම වෙනුවෙන් සිය අමුඪය පවා කැප කළ යුතු බවයි. ඒත් එහෙම එකක් නැත.
ඒ බෞද්ධයන්ගෙන් මේ ඉල්ලීම පමණක් කර මම නිහඬ වෙමි.
" ලංකාවේ සියළු බුදු පිළිම වහන්සේලා තිබෙන තැන් වලින් ඉවත් කරන්න, ඉඳිකර පහුවදා සිට කුසගින්නේ අව්වට වේලෙන, වැස්සට තෙමෙන බුදු පිළිම වහන්සේලා මක් කරන්නද? 
B.M.I.C.H ඉදිරිපිට ඉදිකර ඇති මහා හිටි පිළිම වහන්සේ ඉවත් කරන්න. කාක්කන්ට බෙටි දාන්ඩ බුදු පිළිම වහන්සේලා කුමට?
සියළු ධාතු තැන්පත් රුවන්මැලි සෑය වැනි මහා චෛත්‍ය රාජයන් කුමටද? සතේ පවා හම්බකරගෙන ඉන් බඩවියත රැක ගෙන බුදු දහම පවා ආර්ථික මාර්ගයක් කරගත් අපේ මාර බෞද්ධයිනි, ඒ චෛත්‍ය වහන්සේලා තව දුරටත් අපට කුමටද? චෛත්‍ය තියෙන්නේ සිය බඩ වියත රැක ගැන්මටද?
සියළු බෝධීන් වහන්සේලා ද ඉවත් කරන්න. මිනිස්සු මුළා කර කීයක් හරි හම්බ කරගන්නා බෝධි මාකට් රටකට අවැසි නැත. "

ඒවා ගැන මෙලෝ තැකීමක් නැති අපේ බෞද්ධයන් ට දැරිවියක් බුදු පිළිමයක් සිප ගැනීම පුදුම විදිහේ රිදුමක් ඇති කරන්නකි.
අනේ සාදූ!!!
|ගුරුගොඩ සිරිවිමල


7 comments:

  1. ඔබ වහන්සේ කියන එකේ ගැඹුරු අර්ථය තේරෙනවනම්, අපේ එවුං තාම මෙහෙම ඉදියිද හාමුදුරුවනේ. අපේ උන් දන්නෙ බුද්ධාගම ගැන විතරයි.එතනින් එහාට බෞද්ධ දර්ශණය ගැන හොයන්නවත් හිතන්න වත් කාටවත් වුවමනාවක්. 'ඒකයි තවමත් සංසාරේ'.

    ReplyDelete
  2. මිනිස්සු පොතේ විදිහට වැඩ කරන එකයි ලොකුම ප්‍රශ්නෙ.. උන් හිතන්නෙ නෑ.. උන්ට හිතන්න බෑ.. වගේම අනිත් අයව පිලිගන්නෙත් නෑ..

    ReplyDelete
  3. බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී
    සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී
    පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී
    නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී

    සහසක් මල් අතරින් මලක් නොවන්නට සැමට වාසනාව උදාවේවා....
    ඔබවහන්සේට පිං අපේහාමුදුරුවනේ.


    ReplyDelete
  4. ගරුතර ගුරුගොඩ සිරිවිමල ඔබ සියල්ල අත්හැර පරම්පරාවම සසරින් එතර කරන්න පැවිදි සාසනයට අතුලවුනේ ඇත්තටම සසර මග කෙටි කරගන්න ද ? පේස්බුක් සමාජ මාධ්යේ කාලය ගත කර ආතල් ගන්නද

    ReplyDelete
  5. මේ යකා කඳපනුවෙක්

    ReplyDelete