|Mawbima | Young -යං | පොඩි සාදුගේ ලියමන - Podisaduge liyamana| Gurugoda siriwimala
සංස්කරණය - Thiwanka Wishwanath Jayasekara
2018.11. 20
|විමසා නොබලන රජ යහපත් නොවේ
අලසෝ ගිහී කාම භෝගී නසාදු
අසඤ්ඤතො පබ්බජිතෝ නසාදු
රාජා නසාදූ අනිසම්මකාරී
යො පණ්ඩිතො කොදනොතං නසාදු
මේ ජාතක පාලියේ රථලට්ඨ ජාතකයෙ දැක්වෙන ගාථාවක්. මේකෙ තේරුම මෙහෙමයි.
"අලස වූ කාමභෝගී ගිහියා යහපත් නොවේ. අසංවර වූ පැවිද්දා යහපත් නොවේ. විමසා නොබලා ක්‍රියා කරන පාලකයා යහපත් නොවේ. යම් පණ්ඩිතයෙක් කේරා්ධ කෙරේ නම් ඔහුගේ ඒ ක්‍රෝධය කිපෙනසුලු බව යහපත් නොවේ"
ලාංකීය ජනජීවිතය බලාත්මක වෙන්නෙ කොටස් හතරක් ඇතුලෙ. ලංකාව විතරක් කිව්වට ලෝකෙ ඕනම රටක් මේ හතර ඇතුලෙ තමා බලාත්මක වෙන්නෙ.
මහජනතාව
ආගමිකත්වය
රජු
බුද්ධිමතුන්
කියන මේ කොටස් හතර තමයි රටක පැවැත්ම. මේ හතර කොටස ගැන බුදුන්වහන්සේ කරපු විවරණයක් තමයි උඩ දි මම සඳහන් කරපු ගාථාව.
මේ ගාථාව මට මතක් වෙන්නෙ මේ දවස් වල ලංකාවෙ අවිනිශ්චිත දේශපාලනයේ වියරුව දැකල. මම මීට අවුරුදු ගානකට කලිං දහම් පාසලේ ලමයිට මේ ගාථාව කියල දුන්න හැටි මගෙ මතකෙට එනව. මේ ගාථාව ඉගෙන ගත්ත ලමයි මේ රටේ යහපත වෙනුවෙන් කැප වීම ගැන මට පෞද්ගලිකව ගොඩක් සතුටුයි.
මේ ගාථාව උගන්වද්දි එක ලමයෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුව. "හාමුදුරුවනේ, මහජනතාව, පූජ්‍ය පක්ෂය, රජතුමා, කියන කොටස් තුන ගොන්නු වෙලා බුද්ධිමත් පිරිස වෙනම හිටියම හරිද? ඒ ඒ මගෙ මූණට හිනාවක් ගේන ප්‍රශ්නයක් ඇහුවේ. හැබැයි විමර්ශනශීලී දරුවෙක්.
ඇත්තෙන්ම නැහැ. හැමෝම බුද්ධිමත් වෙන්න ඕන. හැබැයි බුද්ධිමත් කියන ප්‍රභේදයට රාමු කරපු මිනිස්සු ටික තමා රටේ සංවර්ධනයට මූලිකව යෝජනා ගේන්නෙත් ක්‍රියාත්මක කරන්නෙත්. උදාරණයක් විදියට ගත්තොත් පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන ඒ වගේ අය. පාර්ලිමේන්තුවෙ එහෙම අය නොහිටියම ඒ පාර්ලිමේන්තුවෙයි ගමේ හන්දියෙයි වෙනසක් නැතිව යනව.
සුකුරුත්තං ආයිත්තම් වගේ ෆැන්ටසි වල ජීවත් වෙන සාමාන්‍ය ජනතාව අලස නොවිය යුතුයි. තමාගේත් රටේත් සංවර්ධනය පිණිස එයාල වෙහෙස විය යුතුයි. සමාජය පසු නොබසින තරමටම රටේ ආර්ථිකය වගේම සදාචාරය සංස්කෘතිය නොපිරිහී පවතින්න ප්‍රධාන හේතුව මහජනතාව කියන මහා සාධකය.
දෙවනි එක ආගමිකත්වය. රටක ආධ්‍යාත්මික වශයෙන් නියම මිනිහෙක් නිර්මාණය කිරීමේ වගකීම තියෙන්නෙ පූජ්‍ය පූජක පංතියට. එයාල එයාලගෙ වගකීම නිසිවිදියට කරගෙන යද්දි රටේ අභෞතික ප්‍රශ්න ටික විසදෙනව. මනුෂ්‍යත්වය කියන සාධකය මත මිනිස්සු නිවැරදි වෙන්නෙ නිවැරදි ආගමික සංකල්පයන් තුලින්. ආගමික පක්ෂය කෲර වෙද්දි සමාජ ධර්ම නැත්තටම නැති වෙලා යනව. ඒ නිසා පැවිද්දෙකුට අසංවර බව වටින්නෙත් නෑ.
රජතුමා කියන්නෙ රට ගැන , රට යන දිශානතිය ගැන වැදගත්ම තීරණ ගන්න කෙනා. සියළු මහජනතාවට, ආගමිකත්වයට, රාජ්‍යත්වයට, බුද්ධිමතුන්ට වගකිව යුත්තා වෙන්නෙ රටේ ප්‍රධාන පුරවැසියා. උදාරණයක් විදියට ගත්තොත් රටේ ජනාධිපතිවරයා. රටේ ජනාධිපති වරයා නිවැරදි තීරණ ගන්නෙක් විය යුතුයි. යසලාලක පන්නයේ රජවරු පහළ වෙද්දි රටේ සංවර්ධනය, ජන ජීවිතය අඩාල වෙලා රට නන්නත්තාර වෙලා යනව. හරියට ලංකාවෙ මේ මොහොතෙ තත්වය වගේ.
බුද්ධිමත් කොටස රටේ සංවර්ධනයට මුල පුරන නව යෝජනා ගෙනෙන වෙනස්ව හිතන පිරිස. ඒ අයගේ හැකියාවන් තෝරගෙන රජතුමා විසින් ඒ අයට සුදුසු ස්ථානයක් දුන්නම එයාල එයාලගෙ වගකීම කරගෙන යන්න ඒ අය බැඳී ඉන්නව. පාර්ලිමේන්තුව වගේ තැනක බුද්ධිමත් පිරිස වැඩි වුනාම රටක් සංවර්ධනය වෙන්නෙ බලාගෙන ඉන්නැද්දි. ඒ අය වැරදි තීරණ ගත්තම රට දෙකඩ වෙනව. තැනින් තැන නාය යනව. කොටිම්ම කිව්වොත් රටේ බුද්ධිමතුන්ගේ අතේ තමයි මුළු මහත් ජනතාවගේම අනාගතය පාලනය වෙන්නෙ. ඒ පාලනය කෙරෙන අත මහළු, ඉතා දුර්වල, උනාම රටට විශාල කොඩිවිනයක් බවට ඒ අය පත් වෙනව.
දැන් තියෙන්නෙ මේ රටේ ඒ තත්වය. මේක නිවැරදි කරගන්න පුළුවන් වෙන්නෙත් ඉහත කිව්ව කොටස් හතරෙම සමගි සම්පන්න භාවයෙන්ම විතරයි.
|ගුරුගොඩ සිරිවිමල
No comments:
Post a Comment