Sunday, July 10, 2022

යාපනේ පුස්තකාලයත් තාම ගිනි ගන්නව.

යාපනෙත් පුස්තකාල ගිනි තිබ්බ. ගෝඨාගෝගමෙත් පුස්තකාලයක් ගිනි තිබ්බ. රනිල්ගෙ පෞද්ගලික පුස්තකාලයටත් ගිනි තිබ්බ.

යාපනේ පුස්තකාලය ගිනි තියද්දි මම හිටියෙ නැහැ. දවසක් ධර්මසිරි බණ්ඩාරණායක විමල් කැටිපෙආරච්චි එක්ක කරපු ඉන්ටර්විව් එකකදි යාපනේ පුස්තකාලය ගිනි තිබ්බ එක ගැන කතා කරනව. ඒකෙදි කියනව; යාපනේ පුස්තකාලය ගිනි ගත්ත කියල අහල මැරුන එකම එක මිනිහයි හිටියෙ. ඒ “ෆාදර් ඩේවිඩ්” එයා තව ෆාදර් කෙනෙක්ට කෝල් එකක් අරන් අහනව. ෆාදර්, ඈත ගොඩනැගිල්ලක දුමාරයක් පේනව මොකද්ද ඒ කියල. එතකොට අනික් ෆාදර් උත්තර දෙනව “ඇයි දන්නෙ නැද්ද යාපනේ පුස්තකාලෙට ගිනි තියල කියල?” ෆාදර් ඩේවිඩ් ෆෝන් එක එහෙමම අතේ තියාගෙන බිම වැටෙනව. කොහොම වුනත් යාපනේ පුස්තකාලය ගිනි තියන්නෙත් මිනිස්සු. දේශපාලනික නොවන කිසිදු සිදුවීමක් මේ ලෝකෙ නැහැ.

මීට මාසයකට විතර කලිනුත් පුස්තකාලයක්, චිත්රාගාරයක්, මිනිස් වෙහෙසක් අළු දූවිලි බවට පත්වුනා. ඒ ගෝල්ෆේස් අරගල භූමියේ ගෝඨාගෝගම පරිශ්රයේ තිබුන මිනිස් වෙහෙස. එදා අරගල භූමියෙ හිටපු තරුණ ළමයි ඇඩුව. වේදනාත්මක සටහන් ෆේස්බුක් හරහා එළියට දැම්ම. ඒ මිනිස් වෙහෙස විනාශ කලෙත් මිනිස්සුමයි. දේශපාලනික නොවන කිසිදු සිදුවීමක් මේ ලෝකෙ නැහැ.

අද රනිල්ගෙ නිවස සමඟ පෞද්ගලික පුස්තකාලය ගිනි තිබ්බම ගොඩක් අය ඒ ගැන කණගාටුව පළකරල තිබුන. ඇත්ත! මහා කණගාටුවක්. දේශපාලනිකව මේ මොහොත ගැන හිතුවත්, සෞන්දර්යාත්මකව හිතුවත් ඒක මහ කණගාටුවක්. මම දැකල තියෙනව රනිල්ගෙ සමහර ඉන්ටර්විව්ස් වලදි ඔය පුස්තකාලය. ගෝඨාගෝගම පුස්තකාලයෙ තිබුනට වඩා වැදගත් වටිනා පොත් ගොඩක් එතන තිබුන. මේ සිදුවීමට රනිල් පුද්ගලයෙක් විදියට කොහොම රිඇක්ට් කරයිද කියල මම දන්නෙ නැහැ. හරිම කණගාටුයි! දේශපාලනික නොවන කිසිදු සිදුවීමක් මේ ලෝකෙ නැහැ.

අපිට ඓතිහාසිකවම එන මෝඩකමක් තියෙනව. ඒ මෝඩකම පවතිනකල් අපට රටක් විදියට ඉදිරියට යන්න බැහැ. අපි ගිනි තියන්න, ගහන්න, වෛරය වපුරන්න, භේදබින්න කරන්නම උපන් ජාතියක්. ලේ වලට, ගින්දරට, කඳුළු වලට පුදුම ආසාවක් තියෙන මිනිස්සු අපි. මේ ක්රමය වෙනස් කරන්න රනිල්ට අවස්ථා ගණනාවක් තිබුන. එය ඔහුට පමණක් කළ නොහැකි දෙයක් තමයි. නමුත් ඔහුට ඒ සඳහා මේක අරගෙන යන්න යම් වෑයමක් කරන්න තිබුන. නමුත් ඔහු එය කළේ නැහැ. ඔහු මේ දේශපාලනය තුළ “දාම්” ක්රීඩාවේ යෙදුන. ඉතින් රනිල්! දේශපාලනික නොවන කිසිදු සිදුවීමක් මේ ලෝකෙ නැහැ.

මේ ගින්දර නිවන්න අපට තව කාලෙකට බැරිවෙයි. යාපනේ පුස්තකාලයත් තාම ගිනි ගන්නව.

 ඉතින් පුරවැසියනි, ගොඩක් රස්නෙයිද?

 

-ගුරුගොඩ සිරිවිමල-

 


24 comments:

  1. මේවාට වග කියන්න ඕනි සිරිවිමල උන්නාන්සේලා තමයි. මේ අපරාධයෙන් ඔබලාට ගැලවෙන්න බෑ

    ReplyDelete
    Replies
    1. sirivimala eetharam balawath kenekdha?

      Delete
    2. හොඳින් හෝ නරකින් ස්ථාවරභාවය ඇතිකරන්නට, ආර්ථිකය ට්‍රැක් එකට දාන්නට සහ දේශපාලනය කරන්නට රටක් ඉතිරි කරන්නට හැක්කේ වෙන්ඩ ජනාධිපතිලා අතරින් රනිල්ට පමණි.

      රනිල් හොඳ නැති බව නොදන්නා කිසිවෙකු නැත. එසේම රනිල් විශ්මකර්මයකු ද නොවේ. ආර්ථිකය ගොඩදාන්නට රනිල්ට බැරිය. පුළුවන් ගොඩයන මාර්ගයට දාගන්නට පමණි. ජාත්‍යන්තර හා ජාතික බල දේශපාලන සූදු මැද මියෙම්වා, රැක්ම්වා පන්නයේ ගේමක් ගහන්නට ඉන්න වෙන්ඩ ජනාධිපති රනිල්ය. අනෙක් එවුන්ට පවුල් පන්සල්ය. අහස උසට හීනය. මහජනයාට ගූ බයය. රනිල්ට ඒවා නැත. දැන් නම් ඉන්න ගෙයකුත් නැත.

      මේ වෙලාවේ පාලනය සඳහා පතෝලයන්ගෙන්, බල පෙරේතයන්ගෙන්, ෆැන්ටසිකාරයන්ගෙන් හෝ ආධුනිකයන්ගෙන් වැඩක් නැත. අවශ්‍ය වන්නේ නොම්මර එකේ කැරියෙකි. රනිල් අවශ්‍ය යයි අප කියන්නේ ඒ නිසාය.

      Delete
  2. 'යාපනේ පුස්තකාලයත් තාම ගිනි ගන්නව'

    නෑ අප්පච්චි, දැන් ආයේ හැදුවා ඒක.

    ReplyDelete
  3. උලපනේ සුමංගල කියන බේබදු සිවුරුකාරයා එක්ක එකතු වෙලා රට අරාජික කරපු සිරිවිමල් ලට දැන් සතුටුද?

    ගෑස් හම්බුනාද රනිල්ගේ ගෙදර ගිනි තියලා?

    අඩු කුලේ දිලිදු පවුල් වලින් සාසනේට ආවම ඕක තමයි වෙන්නේ.

    සිරිවිමලේත් අඩු ජාතියේ හිගන පවුලක නේද

    ReplyDelete
    Replies
    1. සිරිවිමල කන්න නැතුව මහන උනේ.

      Delete
  4. දලදා මාලිගාවත් තාම ගිනිගන්නවද?

    ReplyDelete
  5. මල්ලිලා ගෝල්පේස් එකේ කුඩාරං ගහගෙන එකම ලංකට් එක ඇදගෙන දවස් 11 ක් පිකට් කරලා ප්‍රීති කසානා ඇරෙන්න වෙන මොනවද ලබා ගත්තේ?

    ReplyDelete
  6. පොඩි අවසර ඔයාලා දැන් බලය ගත්තානේ රටේ. දැන් කෝ අපිට තෙල් ගෑස්?

    ReplyDelete
  7. නිවැරදි පිළිතුර තෝරන්න.

    ලීක් කරගෙන ඇති මෙම බ්ලොග්කරු තට්ටය බා කහ පාට ඇදුමක් අදිනා කළු ඩයල් එකකි. කවි ආදිය ලියමින් කාන්තාවන් ඒවාට ආසා වේ යැයි සිතා තනිවම ආතල් එකක් ගනී.ප්‍රීති කසානා හැදෙන තෙක් එකම ලංකට් එකක් ඇදගෙන අරගලයේ තැප්පත් කෑල්ලක් සෙට් නොවීම ගැන විස්සෝපයෙන් සිටි


    (A) තට්ට කොළඹ ගමයා
    (B) පුංචි සාදු
    (C) තට්ට පැරා
    (D) මාරයා

    ReplyDelete
    Replies
    1. 'ලීක් කරගෙන ඇති මෙම බ්ලොග්කරු තට්ටය බා කහ පාට ඇදුමක් අදිනා කළු ඩයල් එකකි.' hitha gihin vagee

      Delete
  8. මේ ලිපිය මම ෆේස්බුක් එකේ කියවුවා. රනිල්ගේ පුස්තකාලය ගිනි තිබ්බ හොඳයි කියන අයත් ඉන්නව අරුම පුදුම ලෙස. ඒ අය හේතු ලෙස කියන්නේ රනිල් ගේ අර වැඩේ, මේ වැඩේ, මිනිස්සුන්ට කන් නැති එක , තෙල් නැති එක , සිරසට ගහපු එක වගේ කතා. මේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ උන් විනාශ කරන්න කවදාහරි තමන්ටම අයිති වෙන්න තිබබ් දේ කියල.

    ReplyDelete
    Replies
    1. අරගලේ පවා දෙන්න ආපු ද්‍රෝහියා.

      සන්නද්ධ අරගලයට ජය. ද්‍රෝහීන්ට මරණය!

      Delete
  9. මේ අරගලය කියන්නෙ හරිම ඉන්ටරෙස්ටින් දෙයක්. ඒකෙ ප්‍රතිවිරුද්ධ අන්තයේ රැදීම තමයි වැඩියෙන්ම වටින්නෙ. බහුතරයක් පෙනී ඉන්න අරගලයක ඒ සමූහය විසින් රංචුව විසින් අර තනි තනි පුද්ගලයන් මෙතෙක් දරා සිටි වටිනාකම් මොහොතින් අහෝසි කරනවා. මෙච්චර කාලයක් යුධ විරෝදී පෙරමුනුවල හිටපු අය එකපාරට ගෙවල් ගිනිතැබීම් සාධාරනීකරණය කරනවා. පහරදීම්වලට හුරේ දානවා.

    අරගලයෙන් සිද්ද වෙන ආන්ඩු මාරුවලට වඩා මට වැදගත් වෙන්නෙ මං අරගලය ඇතුලෙ යාලුවන්ගෙ දැකපු මූනු මාරුවීම්. මං කිසි දවසක විශ්වාස නොකරපු තරමෙ භයානක මිනිස්සු මෙතෙක් කල් ප්‍රගතිශීලී සංස්කෘතික කතිකාවල ඉදිරියෙන් වැජඹුනු උන්ම වග දැක්කා.

    මේ අරගලය ඇතුලෙ මතුවෙන සමහර කාරණා සාකච්ඡාවට ගැනීම වටිනවා. රනිල්ගෙ ගේ ගිනිගත්තම ගොඩක් මොළයක් ඇතැයි කියල හිතන අය පවා, ඇයි අර පාර‍ෙ මැරෙන මිනිස්සු මිනිස්සු නෙමෙයිද? ඒ අයගෙ පොත්වලට වටිනකමක් නැද්ද? වගේ ඉතාම පිටිසර කතා කියන්න ගත්තා.

    රනිල්ගෙ ගෙදරට ගිනි තැබීමයි මගේ ගෙදරට ගිනි තැබීමයි කියන්නෙ දෙකක්. මාව මරලා දාන එකයි ප්‍රභාකරන් මරලා ‍දාන එකයි කියන්නෙ දෙකක්. රටේ දේශපාලන ඉතිහාසය ඇතුලෙ රනිල් වික්‍රමසිංහ කියන්නෙ මිනිහෙක් විතරක් නෙමෙයි ප්‍රතිරූපයක්. ලංකාවෙ ලිබරල් දේශපාලන කඳවුරේ අවසානය තමයි ඒ මනුස්ස ශරීරය විසින් දරන්නෙ. රනිල් කියන්නෙ ලංකාවෙ සංකේතීය උරුමයක්. මගේ දතක් වගේ නෙමෙයි බුදුන්ගෙ දතක් කියන්නෙ. ඒක ක්‍රිස්තියානිකාරයෙකුට වුනත් සංකේතීය වටිනකමක් තියෙන දතක්.

    ඒක රනිල්ට විතරක් නෙමෙයි, සජිත්ට පාඨලීට අනුරට වුනත් පොදුයි. ඒ මිනිස්සු සාමූහික දේශපාලන අදහසක, සංකල්පයක නියෝජන. ඒ අය පුද්ගලයො විදිහට අපිට වැඩක් නෑ. මේ සංසන්දන පිටිපස්සෙ තියෙන්නෙ ගෝත්‍රවාදය විසින් අහිමි කරපු වටිනාකම්. සංකල්පීය සිතීම එහෙම්පිටින්ම අහෝසියි.

    තව පෝස්ට් එකක් ලියලා තිබුන රනිල්ගෙ පොත් ඔච්චර වටිනවා නම් තනියම තියන් ඉන්නෙ නැතුව ජනසතු කරන්න තිබුන කියල. ‍මට අදහාගන්න බෑ මේ පිරිහීම. කලෙක්ෂන් එකක තියෙන වටිනාකම තේ‍රුම්ගන්න බැරි අයද දේශපාලනය කරන්නෙ? රනිල්ට විතරක් නෙමෙයි ලෙනින්ටත් තිබුන පුද්ගලික පුස්තකාලයක්. ඒ පොත්වල වටිනාකම තියෙන්නෙ ඒ මනුස්සයා එක්ක බැඳිලා. එයාගෙ රසය, එයාගෙ සංකල්ප එක්කයි එයාගෙ පුස්තකාලය නිර්මාණය වෙන්නෙ.

    ඒ මනුස්සයා මැරුන දවසක ඒ පුස්තකාලය පැවරීමේ වැදගත්කම අපිට ඒ මනස ඇතුලෙ චාරිකාවක් යන්න අවශ්‍ය දැනුම එතන තියෙන හින්ද. හැම කෙහෙල්මලක්ම ජනසතු කරන මනස තමයි අරගලයේ දුප්පත්කම. සියලු ‍සෞන්දර්යාත්මක, සංකල්පීය වටිනාකම් විනාශ කරන බලවේගයක් බවට ඒක පත්වෙනවා.

    ජනාධිපති මන්දිරේ අපි දකින්නෙ ඒකයි. ඒ තැනට තියෙන සංකල්පීය අගයයි මේ විනාශ කරන්නෙ. ඒක පිලිස්තීනු වැඩක්. ඕනෑම ගොඩනැගුනු සංකල්පීය අගයක් කියන්නෙ සාමූහිකත්වයක්, ඓතිහාසිකත්වයක්. ඒවා ගරු කරමින් තමයි අලුත් සංකල්පයන් ගොඩනැගෙන්න ඕන. ඒත් මේ සිද්ද වෙන්නෙ මුලු රටේම සංස්කෘතික වටිනාකම් ග්‍රාම්‍යත්වයට ඇද දැමීමේ ක්‍රියාවලියක්.

    ReplyDelete
  10. හාන්දුරුවෝ, අරලියගහ මන්දිරේ කාමරයක් අස්සේ අරගලකාරයෝ ලිංගික ක්‍රියාවේ යෙදෙද්දී අනික් කට්ටිය දැකලා රණ්ඩු සරුවල්වෙලයි නේද

    ReplyDelete
  11. ගෝඨාභය රාජපක්ෂ සමඟ දින 969 ක්

    ගෝඨාභය රාජපක්ෂ දින 969 ක් ජනාධිපතිවරයා විය. අද අළුයම, රාජ්‍ය නායකයෙකුට තබා, සතා සිව්පාවෙකුටවත් හිමි නොවිය යුතු අවමන් විද රටින් පැනගත්තේය.

    රටම සාගතයකට දමා, පුරවැසියන් පෝලිම්වල මැරී වැටෙන රටක් බිහිකර, රාජ්‍ය යාන්ත්‍රණයට මිනිසුන්ගේ තිබූ ගෞරවය, පිළිගැනීම පමණක් නොව ගොඩනැගිලි, බඩු භාණ්ඩ පවා විනාශවන තැනට රට ඇඳ දමා ඔහු යන්නට ගියේය.

    තමන්ට දේශපාලනික, පරිපාලන, සතුටු සමාගමේ ද, උදව් උපකාර කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 77 ක් ඇතුළු බොහෝ දෙනාට තමන් හරි හම්බකරගෙන ජීවත් වූ ගේ දොර, යාන වාහන පවා අහිමි කරමින් ඔහු පැන ගියේය.

    රාජ්‍ය පරිපාලනයට විශ්‍රාමික හමුදා නායකයින් රිංගවා සෞඛ්‍ය, විදේශ සම්බන්ධතා, කෘෂිකර්මය, අධ්‍යාපනය, ප්‍රවාහන ඇතුළු සෑම කේෂ්ත්‍රයක්ම විනාශ කර යන්නට ගියේය.
    තම හිතවතුන්ට බදු, ව්‍යාපාරික සහන දෙමින් රටම ගජමිතුරු ජාවාරමක් කර, අශුචි නැවෙන් පවා වංචාකර ඔහු පැන ගියේය.

    රටේ නමක් දිනූ ව්‍යාපාරියකයින්, වෘත්තිකයින් ගේ ගෞරවය, ආත්ම විශ්වාසය, අභිමානය විශකර කර ඔහු සැඟව ගියේය.
    දේශීය වෙදකම, සංස්කෘතිය, ආගමික නායකයින්ට, සිද්ධස්ථානයන්ට තිබූ බැඳීම, ගෞරවය විනාශ කර ඔහු වාෂ්ප වූවේය.

    පරිසරය, ගහ කොළ, සතා සිව්පාවට පවා වින කරමින් රටම වැලි - පස් ජාවාරකම් කර, ලංකා ඉතිහාසයේ දැවැන්තම වන සංහාරයකට පාර කපා වැලි පවුරක් වු මාලදිවයිනට පැන ගියේය.

    යන්නට පෙර ‘ද ටර්මිනල්‘ චිත්‍රපටයේ ගුවන් මගියා, එක් ගොඩනැගිල්ලකින් අනෙක් ගොඩනැගිල්ලට යන සේ, ගුවත් තොටුපලෙන් තොටුපලට යමින් සියළු අපහාස අවමානයන් වින්දේය.

    කරේ තබාගෙන සිටි ඇමරිකාවට තබා ඉන්දියාවටවත් වීසා ලබාගත නොහැකිව අසරණ වූවේය.

    තමන් බලයට ගෙන ආ විමල්, ගම්මන්පිල, ඩලස්, පමණක් නොව දිලිත් ජයවීර වැන්වුන්ගේ ද කෝපය ඔහු දැවී ගියේය.
    ගෝඨාභය රාජපක්ෂ යනු සකලවිධ ව්‍යාජයන් එකට අඹරා තැනූ පල්ප් පිළිමයක් නැත්තම් පඹයෙකි. ඔහු ගල් පිළිමයක් වූ මහින්ද රාජපක්ෂට රටේ තිබූ ගෞරවය පමණක් නොව, අවමඟුලට එන මිනිසුන් ටිකත් නැති කළේය.

    දැන්, රට බංකොලොත්ය. දරුවන්ට අධ්‍යාපනයක්, රෝගීන්ට බෙහෙත්, වාහනයට ඉන්ධන, උයන්නට ගෑස් ටිකක්වත් නැත.
    ඇට දෙකක් විසි කළ විට පැලවී ගෙඩි හැදෙන රටක්, මිනිස්සුන්ට තබා සතා සිව්පාවාටවත් කන්නට නැති රටක් බවට පත් කිරීම ලේසි පහසු නැත.

    මේ සියළු ව්‍යසනයන් සිදු කිරීමට ගෝඨාභය රාජපක්ෂ ට ඒ සඳහා අවශ්‍ය වූවේ දින 969 කි.

    ඊලඟ පාලකයාට සතියකට හෝ රට බාරදීමට පෙර සිය වරක් සිතිය යුතු වන්නේ ද ඒ නිසාමය.

    -රසික සූරියආරච්චි‍-

    ReplyDelete
  12. කෝ තට්ට හුත්තෝ දැන් ගෑස් තියෙනවද?

    ReplyDelete
  13. රාජපක්ෂලා එළවන මගේ අරගලයට දැන් අවුරුදු 18ක්. ඒක පටන් ගත්තෙ 2004දි. ගෑස් විදුලිය බෙහෙත් ඉන්ධන නැති වීමෙන් පටන්ගත්ත මැද පාංතික අරගලයෙ මුල් පරිච්ඡේදයෙ මාත් සක්‍රීය සාමාජිකයෙක් වුනා. ඒ වෙනුවෙන් ලිව්වා. කතා කළා. මට අනන්‍ය විරෝධයන් පැවැත්තුවා. මේ අරගලයෙන් මං තීරණාත්මකව කැඩෙන්නෙ සජිත්ට පහර දී එලවා දාපු දවසෙ. ඒ පහරදීම ගැන කිසිම විදිහක සාධාරණ මැදිහත් විවේචනයක් අරගලකරුවන්ගෙන් සිද්ද වෙන්නෙ නෑ. ඒ ගැන ප්‍රශ්න කිරීම හින්ද මං ඒ වෙලාවෙ සජිත්වාදියෙක් වෙනවා. ඒ මොහොතෙදි මං තේරුම් ගත්තා අරගලය ප්‍රචන්ඩත්වයට සහයෝගය දක්වනවා කියන එක. ඒ වගේම රාජපක්ෂලාගේ පාක්ෂිකවාදයම අරගලය ඇතුලෙත් වැඩ කරනවා කියන එක.

    අරගලය මුල ඉඳලම මගේ ආස්ථානය වුනේ පාර්ලිමේන්තුව තුල සිදුවන ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කමක් වෙනුවෙන් අරගලය මහජන මැදිහත්වීමක් කියන එකයි. අරගලයෙ හැටියට රටක් කරන්න ඕන කියන එක නෙමෙයි. වඩා ප්‍රජාතන්ත්‍රවාදී තත්වයක් නිර්මාණය කරනවා වෙනුවට ෆැසිස්ට්වාදයක් කැඳවන අරගලයකට මගේ කිසිම සහයෝගයක් තිබුනෙ නෑ. සර්ව පාක්ෂික නායකයන් එකට කැඳවමින් අරගලකරුවන් ඊට සම්බන්ධ කරන වේදිකාවක් නිර්මාණය කිරීමට දායක වීම හේතු‍වෙන් මං අරගලය පාවාදෙන්නෙක් වුනා.

    එදා මං කියද්දි අරගලය ජවිපෙ සහ පෙරට්ටන් විසින් අත්පත් කරගන්නවා කියල මහා පිරිසක් මට විරුද්ද වුනා. ඒත් දැන් අපිට දකින්න තියෙන්නෙ මොකක්ද? මේ කවුරුහරි ප්‍රාර්ථනා කළ අරගලය නම් මට කියන්න තියෙන්නෙ අබසරණයි කියල විතරයි.

    දැන් මේක නවත්තන්න එපා. තව පුළුවන් තරම් රාජ්‍ය ගොඩනැගිලි අත්පත් කරගන්න. අරගල එහෙම තමයි කියමින් ගිනි අවුලන්න. කුමාර ගුනරත්නම් කියන විදිහට අරගලයේ නීතිය රටේ නීතිය කරන්න. තව නොබෝ දිනකින් ජනතාව විසින් අරගලකරුවන්ට ගහලා පන්නන කල්ම අරගලය කරන්න.

    අරගලයට ජයවේවා!

    ReplyDelete
  14. මහින්දෝදය විද්‍යාගාර රනිලෝදය ලෙස වෙනස් කිරීමට යාමට එරෙහිව නැගී සිටිමු!

    ReplyDelete
  15. රාජපක්ෂ රෙජිමයාධිපති
    රෙජිමයාධිපති රාජපක්ෂ

    රාජපක්ෂ රෙජීමයේ මිලිටරි ජුන්ටාවට එරෙහිව
    රාජපක්ෂ රෙජීමයේ මිලිටරි ජුන්ටාවට එරෙහිව අභිතව සටනට


    සිරිවිමලේ මල්ලිලා එකතුවෙලා තම්බිගෙන් රට බේරගන්න රුවන්මැලිසෑය ලග දිවුරුම් දීලා ගෙනාපු සිංහල බෞද්ධ නායකයා අන්තිමේදී මක්කම ලැග්ගා නේද. මිනිහා එහෙදි සුන්නත් වෙලා මුල්ලා කෙනෙක් වෙලා පල්ලියක් දාගෙන ඉන්නවලු මක්කම.

    ReplyDelete
  16. ඇත්තද සිරිවිමල් ට අරගලේදී කවුද ගැහුවයි kiyanne

    ReplyDelete
  17. රනිල් තමයි මිනිහා

    දේශපාලන අනාගතයක් ගැන අපේක්ෂා තියෙන ජනාධිපති කෙනෙක් නෙමෙයි දැන් ඕනැ. ජනප්‍රිය නොවන තීරණ අරන් ආර්ථිකය නිසිමගට ගන්න කෙනෙක්.

    සජිත්, ඩලස්, අනුර, චම්පික වගේ අය 2024 වෙනකල් ඉවසන්න.

    සරත්ට ආසාව තිබුණට කරන්න පුළුවන් දෙයක් නැහැ.

    රනිල් අර්බුදයකදී පාලනය ප්‍රතිස්ථාපනය කරන හැටි පැය 24න් කරල පෙන්නුවා. ඒ නිසා රනිල් තමයි මිනිහා. ඔහුට විරුද්ධව කියන අවලාදත් ඔහුට අදාළ නැහැ. ඔහු කළයුතු වැඩක් තියෙනවා. ඒක කරලා ඔහු යා යුතුයි. කොහොමත් ඔහු විශ්‍රාම යායුතුයි.

    අනෙක් අය 2024 වෙනකල් අනාගත නායකත්වයට සූදානම් වෙන්න. පුළුල් පෙරමුණු හදාගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කරගන්න. වේදනාකාරී ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන විචාරාත්මකව හිතන්න.

    පාර්ලිමේන්තුවෙන් පිට ඉන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඔය අරගලයේ සම්මුතිය/ නීතිය අමතක කරදාන්න. බලය වෙනුවෙන් ඕනැ පුපක් ප්‍රීති වෙසක් කියන අවස්ථාවාදීන් ඒක මරු කිව්වට කිසිම පාලකයෙකුට ඒක ක්‍රියාත්මක කරන්න බැහැ.

    එක්කො අඩියක් පස්සට ගන්න. නැතිනම් අඩි දෙකක් ඉස්සරහට ගන්න. හැබැයි, රනිල් හිටියොත් ඔයගොල්ලන් පන්නපු ගෝඨාභය වගේ නිවට නොවෙන්න පුළුවන්.

    -රසික සූරියආරච්චි-

    ReplyDelete
  18. අජිත් කීර්ති, අනුර කුමාර සහෝදරයා සමග ජන්මාන්තර වෛරී ඔබ ඉහත සදහන් කරන කාරනාව විය හැකියි. අනුර කුමාර කොණ්ඩය පීරා පෙනුමට ඉන්නවා.

    ඒ වගේම අජිත් කීර්ති විසින් හිසේ එකදු කෙස් ගහක් නැති, දෑස් වපර කුමාර් ගුණරත්නම්ගේ පක්ෂයට සහය දෙන්නෙත් ඒ නිසා විය හැකියි.

    මනුස්සයෙක්ගේ පෞද්ගලික පෙනුම නිසා ඇතිවන හීනමානය රටකට බලපාන අන්දම !

    රෝහණ විජේවීර සහෝදරයාගේත් දත් බොල්ලෑ නිසා යම්කිසි මානසික පීඩනයකින් හිටියා කියලා කටේ ඉස්සරහ දත් දෙක විතරක් තියෙන, අතකුත් නැති වික්ටර් අයිවන් දවසක් කිව්වා.

    ReplyDelete