Monday, February 14, 2022

දුර සිට සුවඳ බලමි.

අද ආදරවන්තයින්ගෙ දවසආදරය කියන වචනෙ තරම් මේ ලෝකෙ කතා කරපු තවත් වචනයක් නෑ කියල මට හිතෙනවමොනමආකාරයකින් හරි ආදරය කියන වචනය හැම ක්ෂේත්‍රයකම භාවිත වෙනවසාහිත්‍යයෙදිදේශපාලනයෙදිසංස්කෘතියෙදිමේවගේ හැම සමාජ ක්ෂේත්‍රයකම ප්‍රාණ වායුවක් වගේ ආදරය පවතිනවලෝකය පුරාම එහෙමයිඋපතේ සිට මරණය දක්වාම අපිආදරයේ විවිධ ස්වරූප අත්විඳිමින් ජීවත් වෙනව

ලෝකෙ පුරාම බොහෝ අය ආදරය ගැන විවිධ නිර්වචන ඉදිරිපත් කරනවඒක විවිධ වූ අන්ත දෙකක පවතින දෙයක් කිව්වෙආදරය හොඳයි හෝ නරකයි කීම  නිර්වචන වල ප්‍රධාන අරමුණ වෙනවආදරයේ ස්වභාවය ගැනත් විවිධ නිර්වචන ඉදිරිපත්වෙනවකොහොම වුනත් දර්ශනයෙන්තර්කනයෙන් හෝ සරළ සංවේදී සීනි බෝල තැවරමක් වැනි අදහසකින් ආදරයේ ගුණයහෝ ස්වභාවය නිර්වචනය කරන්න බෑ කියල මට හිතෙනවආදරය කියල දෙයක් මේ ලෝකෙ ඇත්තෙන්ම තියෙනවනමුත් ඒකටනිර්වචන දෙන්න හරි අමාරුයිමොකද ආදරය මෙන්න මේ විදියට කළ යුතුයි කියල කොහේවත් විශේෂ ලියවිල්ලක් නෑඒකටනිර්ණායක නෑහැම මනුස්සයෙක්ම එකිනෙකාට ආදරය කරන පිළිවෙල හරි වෙනස්

මම අද ඊයෙක කියවල ඉවර වුන නවකතාව “භේරුණ්ඩ කඳැල්ල” ඒකෙ ජිනපේම හා නාමලී කියන නවකතා චරිත දෙක ආදරයකරන විදියක් තියෙනවඒක හරිම අමුතුයිජිනපේමගෙ ආදරය ලබන්නෙ නාමලීනාමලී ආදරය කරන්නෙ ජිනපේමට සහඋපනුවන්ටඋපනුවන් ආදරය කරන්නෙ එයාගෙ බිරිඳ වුන සුරම්‍යාට නෙමෙයි නාමලීටසුරම්‍යා ආදරය කරන්නෙ උපනුවන්ටනෙමෙයි උපනුවන්ගෙ ගෝලයෙක් වුන රවින්දටරවින්ද සුරම්‍යාට ආදරය කරල කාලයක් ගියාම සුරම්‍යා වයස කෙනෙක් නිසා සහතවත් ගත හැකි දෙයක් නැති නිසා (?) සුරම්‍යාව අතහැරලඑයාගෙම යුනිවර්සිටි එකේ එයාට වඩා ගොඩක් වයසින් අඩුශිෂ්‍යාවක් එක්ක ආදරය කරනවනවකතාවෙ ප්‍රධාන චරිතයක් වුන වරුණ හේමපාල එයාගෙ බිරිඳට ආදරය කරන්නෙ නෑඑයාටවඩා වයසින් ගොඩක් අඩු නන්දිතාට ආදරය කරනවනන්දිතා කීප දෙනෙක්ටම ආදරය කරල  සේරම ඉවර කරල දාල වරුණහේමපාල එක්ක ලිවින්ටුගෙදර් ආදරයක් පවත්වාගෙන යනවවරුණගෙ වයිෆ් තව කෙනෙකුට ආදරය කරනවවරුණගෙත්  නිත්‍යානුකූල වයිෆ්ගෙත් දරුව වුන මධුමතී ආදරේ කරන්නෙ තව විවාහකයෙක් වුන කසුන්තට කසුන්ත එයාගෙ වයිෆ්ට ආදරේ නෑකසුන්ත මධුමතීවත් රවටනවඒක රාගික ආදරයක්අන්තිමට මධුමතී නන්දිතා කියන ඇයගෙ පුංචි අම්මගෙ හොඳම යාළුව වුනරාහුල්  විවාහ කරගන්නව

මේ කතාව ආදරය විවාහය එක්ක පටලවගත්තමුළු ජීවිතයම එකට එක්ව ගමන් නොයන මිනිස්සු ගොඩකගෙ ජීවන කතාවක්එයාලගෙ සිතුම් පැතුම් වෙනස්කොටිම්ම කිව්වොත් තමන්ගෙ සැමිය එක්ක නිතරම රණ්ඩු වෙන සුරම්‍යා ගිහිල්ල නතර වෙන්නෙත්එයාට නොගැලපෙන අදහස් තියෙන කෙනෙක් එක්කඑතන අන්තිමේ ඉතිරි වෙන්නෙත් හිස්තැනක් විතරයිමේ නවකතාවෙහම්බෙන හැම චරිතයක්ම යම් අන්තවාදී අල්ලාගැනීම් ටිකක නිමග්න වෙලා සිටීම මිසක් වෙනත් විශේෂ ආදරයක්  අය තුළතිබිල නැහැවරුන කවමදාවත් නන්දිතාට කරපු ආදරය තරමින් තමන්ගෙ බිරිඳට ආදරය කරන්නෙ නෑ බිරිඳ තමන්ගෙ දෙවනසැමියට තරමින් වරුනට ආදරය කරන්නෙත් නෑනාමලීත් එහෙමයිනන්දිතා විතරයි ටිකක් නිදහස් ජීවිතයක් තුළ තමන්ගෙඅනන්‍යතා බලෙන් හරි රඳවාගෙන වරුණ එක්ක ආදරය පවත්වාගෙන යන්නෙ.  මම හිතන්නෙ මිනිස්සු තමන්ට දැනෙන තැන නතරවෙලා ඉන්නවනම් එතන තමයි ආදරය තියෙන්නෙඑහෙම ආදරයකට අපට නිර්වචන සපයන්න බෑනමුත් මම ආදරය ගැනනිර්වචනයක් නොවන වචන කිහිපයක් දක්වනව

ගැලපීම් සීයට සීයක් සමාන වුන මිනිස්සු මේ ලෝකෙ නැහැආදරයකදි මම හිතනව නොගැලපීම් නොගැලපීම් ලෙසම පිළිගනිමින්එකිනෙකා අතර තියෙන විවිධත්වය තේරුම් ගැනීම තමයි සතුටු වෙන්න තියෙන එකම විදියනොගැලපීම් ගලපවා ගැනීම නොවෙයිආදරයගැලපෙන්න උත්සාහ කිරීම නෙමෙයි ආදරයමිනිස්සු ආදරය කියල බොහෝ විට තෝරාගන්න උත්සාහ කරන්නෙ තමන්වගේ හිතන පතන කෙනෙක්තමන්ට නිදහස දෙන කෙනෙක්ඇත්තෙන්ම මිනිස්සු තමන් පර්ෆෙක්ට් නොවුනත් තමන්ගෙ පාට්නර්වපර්ෆෙක්ට් කෙනෙක් වීම බලාපොරොත්තු වෙනවඑහෙම අය මම අහන්නෙ මේ ලෝකෙ ඉන්න පුළුවන්දමම හිතනවා අපි මේආදරය ආදරය කියල වැළඳගන්න හදන දේ තුළම දුක වැඩියෙන් උරුම වෙනව කියලලිංගික අනන්‍යතාආගමික අනන්‍යතාජාතික අනන්‍යතා මුල් කරගෙනතව තව නීති රාශියක් පිරිමියා සහ ගැහැණිය අතර බෙදා ගනිමින් කරන හරි අමාරු ආදරේඒකට අපි හුරු වෙන්න ඕනදඒක මට තේරෙන්නෙ නැහැ

කොහොම නමුත් මම මුලින් කිව්ව වගේ ආදරය කියල දෙයක් මේ ලෝකෙ තියෙනවආදරය කරන නිශ්චිත විධියක් පමණයිනැත්තෙඅනන්‍යතා තුළ දෙන්නෙක්ට සතුටු වෙන්න පුළුවන් කාරණා තියෙනවනම්  දෙන්න ගැලපෙන අය කියල මම හිතනවඒඅනන්‍යතා ඇතුළෙ මම ගොඩක්ම ආස කරන්නෙ තමන්ගේ අනෙකාට නිදහස දීම කියන කාරණයඒක ආදරයකදි ගොඩක් වැදගත්වෙනවතමන් තමන් වීම අනෙකා අනෙකා වීම තුළ තියෙන විවිධත්වයට ගරු කිරීම තමයි ආදරය ආදරය තුළ ඇතිවෙන පලමුගුණය තමන් තමන්ට ආදරය කිරීමතමන්ට ආදරය කරන කෙනෙක් අනෙකාට ආදරය කරන එක නවත්වන්නෙ නෑඅනෙකාව කඩාවඩා ගන්න උත්සාහ කරන්නෑඅනෙකාගේ විශ්වාසය පළුදු කරන්නෙ නැහැඅනෙකාව ආරක්ෂා කරනඅනෙකාව රැක බලාගන්නඅනෙකාට ඇහුන්කන් දෙනඅනෙකාව තකන එකට තමයි ආදර කියන්නෙතැකීමසැළකීමගෞරව කිරීම කියන දෙයට එහායින්හෝ මෙහායින් ආදරය කියල දෙයක් පවතින්නෙ නැහැ

අතහැරීම්අල්ලාගැනීම්ඇතුලත් දුක - සැපනින්දා - ප්‍රශංසාලාභ - අලාභයස - අයස මේ හැමදේම අපිට ආදරය කරද්දිඅත්විදින්න පුළුවන් වෙනවනිදහසේ පිපෙන්න දෙන එක තමයි ආදරයආදරයෙදි හැමවෙලාවකම මලක් වෙන්න හදන්න එපාඅනෙකා මලක් ලෙස දකින්නත් එපා.  ඊර්ෂ්‍යාවතරහවකරුණාව මෛත්‍රිය මේ හැමදේකින්ම යුක්ත ලේ මස් ඇට නහර ඇතිමිනිස්සු වෙන්න. 

 

 හරාමි 

 භඤ්ජාමි

ආරා සිඞ්ඝාමි වාරිජං

සුවඳ හොරා රැගෙන නො යමිඇසුරු  නොකරමිදුර සිට සුවඳ බලමි.

 

- ගුරුගොඩ සිරිවිමල -




5 comments:

  1. පුංචි සාදු ඔයත් එහෙනං ලීක් කර ගත්තා.

    ReplyDelete
    Replies
    1. මම ලීක් කරගෙන ගොඩක් කල්

      Delete
  2. ඒක අරගෙන කියවන්න ඕනේ. අන්තිම වාක්‍ය ටික හරි. ආදරයට ආදරය කිරීම

    ReplyDelete
  3. අලුත් මාසයක් එළැඹ ඇති මේ මොහොතේ අප පැමිණ සිටින්නේ අලුත්ම බ්ලොග් ප්‍රශ්න වට තරඟාවලියක් සමගයි. පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයා තෑගී දිනන්න. ජයග්‍රහී ඔබට වසරක් පුරා යට ජංගි දිනා ගැනීමට වරම්.

    1) හතේ හත වැදී සිටියදී සෙට් උන 40 ශ්‍රී රිවස් එක හොදටම වැඩ ලොරියේ එල්ලී ස්කොට්ලන්තයට ගිය බ්ලොග්කරු මොහුය. බ්ලොග් අඩවියත් දැන් අකුලාගෙන ඇත.

    (A) කොළඹ ගමරාල
    (B) රසිකලොජි
    (C) මාරයා
    (D) කොලොම්පුරේ

    2) කෝටා එකෙන් පේරාදෙණියට පැමිණි මෙම බ්ලොග්කරුගේ පියා ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කරන අවදියේ එහි කඩයක් කෙරු අයෙකි. මොහුගේ මව ලොතරැයි විකුණා ඇත. මෙම බ්ලොග් කරු මේ වන විට ඇමරිකාවේ සිටිනා ගමන් ලංකාවේ බංකොලොත් බව ගැන කියමින් ආර්ථිකය ගැන උගන්වමින් පොස්ට් දමයි. මෙම තැනැත්තා බ්ලොග් අවකාශයේ ගූ පුච්චන් කන අමු කුනා-ලොභයා යන විරුධවලියද ලබා ඇත. මොහුගේ හිගන මසුරුකම නිසා බිරිඳද පිට ගොස් ඇත.

    (A) හැලපයා
    (B) හිස් අහස
    (C) ජෙනරාල් විචාරක
    (D) ඉකොනෝමැට්ටා

    3) තට්ටය බා ඇති මෙම බ්ලොග්කරුගේ ගමන සයිකලයෙනි. බෝට්ටු පදිනවයි කියා කොල්ලෝ රවට්ටාගෙන ගොසින් ලෝඩ් බාගනී. මුදල් වංචාවකටද ගෑවී ඇත. කඩවත සයිකල් කඩේ පොඩි කොල්ලෙක්ට අතවර කිරීමට ගොස් තට්ටය පලාගෙන ඇත.

    (A) තට්ට මංජුවා
    (B) තට්ට රසිකලොජි
    (C) තට්ට කොළඹ ගමයා
    (D) තට්ට පුංචි සාදු

    4) දවසට පැය 8 ක් පමණ කළුවරේ ඉන්නා ගමන්, තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ, බෙහෙත් පෝලිමේ ආදී පෝලිම් වල ඉන්නා ගමන් ආණ්ඩුවට කඩේ යන නුගත් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකි. ෆේක් එකවුන්ට් නිසා මොහුගේ ෆේස්බුක් ගිණුම් සියල්ල වාගේ හදපු ගමන් බ්ලොක්වේ.

    (A) හැලපයා
    (B) කොලොම්පුරේ
    (C) අන්සතු දිනපොත
    (D) ගූතලන්

    5) ලීක් කරගෙන ඇති මෙම බ්ලොග්කරුද තට්ටය බා කහ පාට ඇදුමක් අදිනා කෙනෙකි. කවි ආදිය ලියමින් කාන්තාවන් ඒවාට ආසා වේ යැයි සිතා තනිවම ආතල් එකක් ගනී.

    (A) තට්ට කොළඹ ගමයා
    (B) පුංචි සාදු
    (C) තට්ට පැරා
    (D) මාරයා

    6) නාකි වී කසාඳ බැන්ද මෙම බ්ලොග්කරු ඊයේ පෙරේදා හද්ද ඩොටේ ගෙයක් සදා එහි ලයිට් දමා පින්තුර ගෙන ඒවා පළකරමින් මෙහි වටිනාකම මෙච්චරයි, අච්ච්රයි කියා තනිව වින්දනයක් ගනී. රොටි වලට සෝස් තවරා පිසා හැදුවා යයි කියාද පොස්ට් දමයි. ඇල්ටෝවෙන් සමාජවාදය කරා සිඝ්‍රයෙන් ගමන්කරන බ්ලොග්කරුවා ලෙසද හදුන්වයි. මෙම බ්ලොග්කරු නොම්බර එකේ කුහකයෙක් ලෙසද හඳුන්වනු ලැබේ.

    (A) අගලවත්තේ පී ජයසිංහ
    (B) ලංඩනයේ ඩී කීර්ති
    (C) අම්පාරේ ඊ සඳරු
    (D) කඩවත ටී මංජු

    7) බ්ලොග් පොලිසියට අලුතින් ආ සාජන් මහත්තයා මෙතුමාය

    (A) ලෝටස් අජිත්
    (B) ගූතලන්
    (C) හැලපයා
    (D) රංග තේනුවර(GTRZ)- ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි

    8) නොගැලපෙන උත්තරය ඉවත් කරන්න

    (A) කොළඹ ගමයා
    (B) ලෝටස් අජ්ජා
    (C) ලන්ඩන් අජිත්
    (D) අගලවත්තේ අජිත්

    9) ගුණයහපත් ක්‍රිස්තියානිකාරයෙක් වන මෙම බ්ලොග්කරු හිටපු නාවිකයෙකි. මොහු ඒ කාලයේ නැවේ කරපු කියපු දෑ ගැන පොස්ට් දමයි. ඒවා බලන අපට සිතෙන්නේ මේ මිනිහට අරින්නමයි වටේ උන් ඔක්කොම බලන් ඉදලා තියෙන්නේ කියාය. ඒ තරම් අකරතැබ්බ වලට නැවේදී මුහුණ දී ඇත. නැවේදී අනික් අයගෙන් ගුටි කා බැල මෙහෙවර කම් කොට අන්ත අසරණ වූ අයෙකි. නැව් රස්සාවේ කිසිදු හොදක් ගැන ලියා නැත. මේවා බලන අලුත් ගැටව් නැව් දිහා පැත්ත පළාතේ නොබලනු ඇත.

    (A) කොලොම්පුරේ නාවිකයා
    (B) කල්‍යාන මිත්‍ර නාවුකයා
    (C) හිරකරුවා බ්ලොග් අඩවිය
    (D) දේශකයා

    10) අනුන්ගේ බ්ලොග් අඩවියක නමක් තමුන්ගේ බ්ලොග් අඩවියට දමාගෙන පොර ටෝක් දිදී සිට අකාලයේ මියපරලොව ගිය උද්දච්ච බ්ලොග්කරුවෙකි.

    (A) ඔබා මාමා
    (B) රසිකලොජි
    (C) ආටියා
    (D) තට්ටයා

    මෙම ප්‍රශ්න වලට උත්තර සපයා තෑගී දිනන්න. ජයග්‍රහයකයන්ට 12.5KG ගෑස් සිලින්ඩරයක බරට යට ජංගි. ගොනා හරි පාරට දාගන්න. යට ජංගි දිනා ගන්න. අදම උත්තර සපයන්න.

    ReplyDelete