Saturday, January 1, 2022

හෙට ඉදන්වත්....

අද 2021 අන්තිම දවස. හෙට ඉදන් 2022 පළවෙනි දවස

හෙට ඉදන්වත්;
කාලෙකින් කෝල් කරපු නැති, මුණ ගැහුනෙ නැති කෙනෙක්ට කතා කරපුවම. “අම්මෝ කාලෙකින් දැක්කෙ/කතා කලේ උඹලට දැන් හරි ගිහිල්ලනෙ” කියල කියන්න එපා. මොකද කෝල් එකක් ගන්න බැරිවුන, හම්බෙන්න බැරි වුන ඔයාගෙ හේතු වගේම තමයි එයාගෙ හේතුවත්. ඒක හරි යාමක් නෙමෙයි. වැඩ වැඩි වෙලා අපි හැමෝටම. ටිකක් බිසී වෙන එක අඩු කරල මිනිස් ගනුදෙනු ගැන තව පාරක් හිතල බලන්න.
හැමෝටම හොඳයි නරකයි කියල බෙදල ඉරි ගහල කොටු ගහන එක නවත්තල හැමෝම මිනිස්සු විදියට දකින්න පුරුදු වෙන්න.
අනික් අය කරන කියන දේවල් ගැන දුක් හෝ සතුටු නොවී තමන්ගෙ ජීවිතේ හීන හැබෑ කරගන්න උනන්දු වෙන්න. ජීවිතේ හීන කියල කිව්වෙ හැම දෙයක්ම. මම හිතන්නෙ හැම මනුස්සෙයක්ගෙම හීනය වෙන්න ඕන සතුට හොයන එක කියල.
හොඳ රැකියාවක්, හොඳ තනතුරක් හොයනව වගේ තමන්ට ලැබෙන හැම එකේම හොඳම දේ හොයනව වෙනුවට ලැබිල තියෙන දෙය හොඳම එක කියල හිතන්න මහන්සි වෙන්න.
මුළු ජීවිතේ පුරාවටම අපිට ලැබෙන හැම දෙයක්ම සතුට උපයාගන්න ක්රමයක් කියල හිතන්න. ඒ කියන්නෙ සතුට කියන්නෙ හිනාව විතරක්ම නෙමෙයි. කඳුළ කියන්නෙත් සතුටේ කොටසක් බව මතක් කරගන්න.
අනිත් මිනිස්සුන්ට උදව් කරන්න. දුප්පත් පොහොසත් බේද නැතිව හැමෝටම උදව් කරන්න. හැමෝම ඉන්නෙ එකම ප්රශ්නයක බව හිතන්න. කාට වුනත් උදව් කරද්දි එතික්ස් තියාගන්න.
කරන හැමදේම වරදිනව වගේනම් වරදින තැනින් පටන් ගන්න. ප්රශ්න වලට විසඳුම් හොයද්දි පලය නසනව වෙනුවට හේතුව නසන්න උනන්දු වෙන්න.
හැමදේම වෙනස් වෙන බව හිතන්න. වෙනස් වීම් වලට පුරුදු වෙන්න.
මේ තමන් ජීවත් වෙන රටේ දේශපාලන විසඳුමක් ගැනත් හිතන්න.
- ගුරුගොඩ සිරිවිමල -
2021.12.31 දින


4 comments:

  1. මහත්තයා ආසා නැද්ද මහන කෙනෙක් වෙන්න

    ReplyDelete
    Replies
    1. ගාමන්ට් වල වැඩ කරන්න කැමති නෑ සින්හලු

      Delete
  2. එම නව වසර එහෙම හිතෙන වසරකම වේවා

    ReplyDelete
  3. මම ගත්තා ටෙලස්කෝප් එකක්. එළකිරි ඩොට් කොම් එකේ ඇඩ්මින් රංග තේනුවර(GTRZ) එක්ක තමයි ඉස්සෙල්ලම තරු බැලුවේ. ඊයේ හවසත් අපි දෙන්න නෝර්වීජියානු සැමන් ෆිලට් එක්ක ගොට් චීස් කන ගමන් බියර් බිව්වා.

    මේ පහලින් තියෙන්නේ මගේ එකේ පින්තුරයක්.

    -මහේෂ් වලතර(Scurvy)

    මෙතනින් බලන්න

    ReplyDelete