Wednesday, March 18, 2020

‌‌‌බෞද්ධයකු වන්න උත්සාහ ගන්න එපා


|Mawbima|Young -යං|සංස්කරණයPramesh Wickramasinghe
(සම්පූර්ණ ලිපිය කියවා පමණක් ඔබගේ අදහස දක්වන්න.)

ආගමිකමය අපරිණතකම් මැද ජීවත් වන පූජ්‍ය සහ පූජක සංස්ථාවකුත් එයටම ගැලපෙන දායක සභාවක් ද හිමි සංස්කෘතික පරිසරයක ශිෂ්ට මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙනව කියන්නෙ හරි ඛේදනීය අත්දැකීමක්.
හැම දෙයක්ම රත්තරන් පාටින් තිබුනට ඒ හැම දෙයක්ම රත්තරන් නොවන බව අපිට කියල දුන්නෙ බුදු හාමුදුරුවෝ. දවසක් කොසොල් රජ්ජුරුවන් සමඟ සම්මුඛ වන මොහොතක.
"සමහරවිට මැටි කල වලටත් රත්තරන් ආලේපනය කරල තියෙන්න පුලුවන්"
ඒව සැබෑ රත්තන්ද නැද්ද කියන කාරණාව හුදෙක් පරිහරණය තුළින්ම දැනගත යුතුයි. දැන් අපිට වැටහෙන සමාජ දේශපාලනික ආගමික උන්මාදය අපි වසර ගණනාවක්ම තිස්සෙ අද්දකින දෙයක්. ඒකෙ ඇසුර අපිට තියෙනව. ඉතිං දැන් අපි දන්නව මේක රත්තරන්, මේක මැටි කියල අදහසක් අපේ මනසට ගන්න.
රිද්දගෙන රිද්දගෙන ගිහිල්ල හූරල පතුරු ගහල එපා වෙලා තියෙන මැටි කල වලට අපි දැන් කරන්න දෙයක් නැතිව බලං ඉන්නව නේද? ගැටළුවට විසදුම තියෙන්නෙ අපේ හිත් ඇතුළෙමයි. තව දුරටත් මැටි ඇසුරු කරගෙන පවත්වාගෙන යනවද? රත්තරන් නිශ්පාදනවලට තැනක් දෙනවද? රත්තරන් පළදිනවද? කියන අදහස දැන්වත් අපි ඔළුවට දාගන් ඕන. මේක කරන්න අමාරුයි. හැබැයි අමතක කරන්න එපා. කරන්න අමාරු හොඳ දේවල් කියල. ඒ නිසා කරන්න ලේසි වෙන නරක දාහට වඩා කරන්න පුලුවන් අමාරුම එකම එක දෙයක් තියෙනවනම් මුලු ජීවිත කාලෙම වුනත් ඒ වෙනුවෙන් කැප කරාට නරකක් වෙන්නෙ නෑ.

ලෝකයේ අතිමහත් ප්‍රසාදයක් ලබාගෙන ඉන්න දලයි ලාමා තුමා ලස්සන කතාවක් කියල තිබුන.
"බෞද්ධයකුම වෙන්න උත්සාහ කරන්න එපා. ලෝකයට බෞද්ධයන්ගෙන් හිඟයක් නෑ. කරුණාවන්ත වෙන්න උත්සාහ කරන්න. ලෝකයට කරුණාව බොහෝ අවශ්‍යයි"
අපි දැන් කොතනද ඉන්නෙ. එකම රටක්, එකම ජාතියක්, එකම ජනසමාජයක්, එකම ආගමක් රකින්න දිවා රෑ අනවශ්‍ය වූත් විහිළු සහගත වූත් උත්සාහයන් රාශියක් ගන්න මොහොතකයි අපි ජීවත් වෙන්නෙ. ඒ ජන සමාජයෙම ආගමික සංස්ථාව පාලනය කරන පූජකවරු අටෝරාසියක් වැරදි පූර්වාදර්ශ දෙද්දි ජනසමාජය තමන්ගෙ මනුෂ්‍යත්වය අභිබවා ගියා ආගමිකමය වූත් දේශපාලනික වූත් අදහසක ඉදන් ඒ වැරදි නිවැරදි කරන්න උත්සාහ දරණ මොහොතකයි අපි ජීවත් වෙන්නෙ.
තවත් මොහොතක පුංචි දරුවෙක්ට ගහල තමන්ගෙ සාහසික මානසිකත්වයන් පුංචිම පුංචි ගුටියක්වත් විද දරාගන්න බැරි ළමා මනසකට ප්‍රචන්ඩත්වය පුරුදු කරමින් ඉන්නව.
හැබැයි ලෝකය! ලෝකයේ මිනිස්සු විසින්ම කරන විවිධ වැරදි නිසා කැළේ ඉන්න කිසිම වරදක් කරල නැති අහිංසක සත්තු ගිනි අරං දැවෙනව.
ඉතිං දැන් අපි තේරුම් ගන්න ඕන ආගමිකමය හෘදය වස්තුවක බෙඳුන හැම කුටීරයක්ම වෙන් වෙන්නෙ තමන්ගේ වන දෙයක් බලෙන් රැකගෙන යුද්ධයක් කරල හරි ස්ථාවර වෙන්න කැමති තැනක. ඒ හෘදය වස්තුවල තියෙන්නෙ සැරව. ඒ සැරව වලින් හමන දුඟද අපුලයි. ඒ අපුල නිසා කරුණාවේ තියෙන සුගන්ධය මැකිල යනව. ඒ සැරව අපිට ලීටර් වලින් ගණනය කරන්න බැරි දෙයක්. නැවත නැවතත් අමනුශ්‍ය උල්පතකින් මතුවන දෙයක් ඒක.
දලයි ලාමා තුමා අපිට කියන්නෙ මේ ලෝකෙම තියෙන සැබෑ ප්‍රශ්නය. එහෙම නැත්තං මේ හමන තද රස්නය ඇති සුළං පහරවල් වල තිබෙන බයංකාර බව ගැන. මේ ලෝකයේ ඉහළින්ම සිටින මිනිස් ප්‍රජාව කරුණාවන්ත නොවීමේ විපාකය ගැන.
ඉතිං අපි කරුණාවන්ත විය යුතුව පවතිනවා. මේ ජනසමාජය තුළ කිසියම් වූ ගෝත්‍රික ස්වභාවයකට මැදිහත් වෙලා තමන්ගෙම සමාජයක්, තමන්ගෙම ආගමක්, තමන්ගෙම රටක් රකින්න හදන වෙලාවෙ අපි විසින් රැක ගත යුතුව පවතින්නෙ අපේ කාරුණික බව පමණමයි.
ආදරය ආගමක් වෙලා, ජාතිය මනුෂ්‍යත්වය වෙච්ච දවසට අපිට තේරෙයි අපි මෙච්චර දවස් රකිමු කියල උත්සාහ කරල ගත්ත උපක්‍රම ඉතා වැරදි බව.
තමන්ගෙ රට, තමන්ගෙ ජාතිය, තමන්ගෙ ආගම රැකෙන්නෙ තමන්ගෙ හිතේ තියෙන කාරුණිකත්ව මතමයි. අන් දෙයක් මතනම් නෙමෙයි.
"බෞද්ධයෙක් වෙන්න හදනවට වඩා අප උත්සාහ කළ යුතුව ඇත්තේ කරුණාබරිත කාරුණික මිනිසකු වීමටයි. එවිට ඔබ ඉඹේම බෞද්ධයකු වනු ඇත!"

|ගුරුගඩ සිරිවිමල



5 comments:

  1. බෞද්ධයෙක් කියන්නේ කරුණාබරිත කාරුණික කෙනෙක් තමයි සිරිවිමල මහත්තයෝ ඔබතුමා නොදන්නවා උනාට. සිංහල නම් දාගෙන බුද්ධාගමට මඩ ගහන අන්‍යාගමික ඔබට අනුකම්පා කරමි.

    ReplyDelete
  2. සතුරාට ප්‍රේම කරන්න කියල‌ා බුද්ධාගමේ කියලා නෑ මචං.
    එහෙම කියලා තියෙන්නේ යුදෙව් අවජාතකයෙක්.
    බුද්ධාගමේ තියෙන්නේ සතුරා දමනය කරන්න කියලා.
    දමනය කරන විදිය අවස්ථාව අනුව තීැණය කල යුතුයි.

    උදාහරණයක් විදියට බමුණන්ගේ බලපෑම මත ඉන්දියාවෙන් බුදුදහම තුරන්වන විට.
    බමුණා යනු කාන්තාවන්ට ඉතා පහත් ලෙස සලකන කෙනෙක්ය කියලා මතයක් බෞද්ධයන් විසින් පැතිරෙව්වා.
    උඹ වගේ එකෙක් හිටියනම් බමුණන්ගේ හොඳ විතරක් කියලා උන්ට පුක දෙන්න. ඒක තමයි බෞද්ධකම කියලා කියයි.

    ReplyDelete
    Replies
    1. ඇන්තනි,
      සතුරාට ප්‍රේම කරන්න කියල‌ා බුද්ධාගමේ කියලා තියෙනවා කිව්වේ කවුද මචං?
      අර නලින් සිල්වා වගේ නොදන්නා හුයනුවලට පනින්නේ නැතුව ටිකක් ලිපිය කල්පනාවෙන් කියවල බලපන් මචං.
      කෝක උනත් උඹේ බෙහෙත් ඉවරනං බෙහෙත් ටිකක් ගත්තොත් තමා හොඳ

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. කරුණාවන්ත කම අපට අවශ්‍යම දෙයක්. compassion . බුදු හාමුදුරුවෝ සිදුහත් කුමාරයා කලේ ඊතලයක් වැදුණු හංසයෙකු බේරා ගන්න හදද්දී පෙන්වූ කරුණාවන්ත කම

    ReplyDelete