Monday, December 27, 2021

ව්‍යසන සහ අපි

හැම ව්යසනයකින්ම පස්සෙ සමාජයක් නැවත නැගිටිනව. ඒ සමාජය ගොඩක් වෙනස් වෙනව. විශේෂයෙන්ම ආපදා පිළිබඳව දැනුම සහ ඒ අයගෙ ජීවිත ඒ අද්දැකීම් තුළින් පොසිටිව් විදියට ගන්න උත්සාහ කරනව.

අදට සුනාමි ව්යයසනය සිද්ධ වෙලා අවුරුදු 17 ක්. අපි ඉතා කුඩා කාලයෙ මේ ව්යසනය සිද්ධ වුනේ. නමුත් මේ ව්යයසනය අදටත් මිනිස්සු උත්කර්ෂවත් කරන්නෙ එයාලගෙ “පල්ලියට මුකුත් උනේ නෑ, බුදු පිළිමෙට මෙච්චරක්වත් හානි වුනේ නෑ. අපේ පැත්තනම් බේරුනා. අපි තනි වෙද්දි පංසලෙන් අපට ඇවිත් කන්න දුන්න, ඉන්න දුන්න” කියන අදහසින්. නමුත් ඒ මිනිස්සු දන්නෙ නෑ තමන් අදහපු ආගමේ නාමයෙන් කිසිම මනුස්සයෙක් නිවැරදි වෙලා හිටිය කියල. අර වතුරෙ ගහගෙන යද්දිත් චේන් පොට කඩා ගන්න දඟලන මනුස්සය ආගමිකයෙක් නොවෙන්න පුලුවන්ද? ඒ වගේම තමයි අපේ මිනිස්සු පිළිගන්නෑ එක්කෝ අවබෝධයක් නෑ තමන් පත්වුන ව්යසනය සඳහා බොහෝ රටවලින් උදව් උපකාර ලැබුන බව සහ ඒ උදව් උපකාර සියල්ලම ඒ මිනිස්සුන්ව පාලනය කරපු පාලකයො අට්ටි පිටින් ගසා කෑව බව.

ඒ වගේම අදටත් සුනාමියේ පීඪනයෙක් ගැලවෙන්න බැරිවුන මිනිස්සු බොහෝ ගානක් දකුණු පලාතෙ ඉන්නව. එයාලට තවම ගෙයක් දොරක්වත් ලැබිල නෑ. අවුරුදු 17 ගිහිල්ලත් ඒ මිනිස්සු තාම තමන්ගෙ ජීවිතය ගොඩ නගාගෙන නැහැ සහ මේ අවුරුදු 17 ට කොට්ට මාරු කරනව වගේ මාරු වුන කිසිම ආණුඩුවකින් උදව් කරල නැහැ.

ඒ වගේම තමයි මේ අවුරුදු 17 ට පස්සෙත් සුනාමියක් නෙමෙයි ගංවතුරකට තියා තාර පාරෙ හැදෙන වතුර වල ගැන වත් අපේ මිනිස්සුන්ට අවබෝධයක් නෑ. ව්යසනයකදි මනුෂ්යත්වය මාකට් කරමින් හම්බෙන බත් පැකට් එක, නම ගහපු කෙසෙල් ගෙඩිය පවා අරගෙන කන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ට තමන්ගෙ ගම ගංවතුරෙන් යට වෙන එක ගැන සාකච්චාවත් නෑ. අල්ලක් විතර රටක් පාලනය කරන්න ප්රාදේශීය සභා පළාත් සභා තිබුනත් එ ප්රාදේශිකයෙවත් පළාතෙවත් නායකයො මේ ගංවතුරට විද්යාත්මක විසඳුමක් දීල නෑ.

සුනාමිය කියල කියන්නෙ මොකද්ද, ඒක හදිස්සියෙම ආවොත් මොන වගේ විදියටද දැනගන්නෙ, ඒ වගේම මුහුදු ආශ්රීතව ජීවත් වෙන අපි ගෙයක් දොරක් හදාගන්න ඕන කොහොමද? අපේ වස්තුව මොන වගේ ස්ථාවර මට්ටමක තියෙන්න ඕනද? ඒ වගේ ස්වභාවික ව්යසන නායකයො තමන්ගෙ දේශපාලන අරමුණු වලට පාවිච්චි කරන්නෙ කොහොමද කියල අපේ මිනිස්සුන්ට අවබෝධයක් නෑ.

ඒ වගේ ස්වභාවික ව්යසනයක් විදියට කොරෝනා ගැන සැලකුවොත් එහෙම අපට පළවෙනි රැල්ල ඉවරවේගන යද්දිම ඒකෙ අද්දැකීම ලැබුන. අපේ මිනිස්සු ඒක සැමරුවෙ පාලකයො විරුවො බවට පත් කරල හිටිය ඩොක්ටර්ස්ලව නර්ස්ලව වාචසිකව හිංසාවට ලක් කරල. ඒ විතරක නෙමෙයි. මේ පුන්ය භූමියට කොරෝනා එන්නෙ නෑ ය, ආවට පස්සෙ පිරිත් කියල හොඳ කරමු ය, කිය කිය එතනිනුත් නොනැවතී පැණි බෙද බෙද, කල බිඳ බිඳ ආගමික උමතුවලට ලක් වෙලා තමයි අපේ මිනිස්සු කොරෝනාවට මුහුණ දුන්නෙ.

මේ ස්වභාවික විපතට විසඳුම් හොයන්න එක්ස්පර්ට්ල ඉන්නැද්දි ඒ අයගෙ වචනපඅහක දාල තමයි අපි වලේ වැටුනෙ කියල මේ මිනිස්සු කවමදාවත් විශ්වාස කරන්නෑ. මේ ලෝකෙන් කවමදාවත් මේ වෛරස් එක තුරන් නොවී තියෙයි. ඒ වගේම ඉතා හොඳ පාලනයක් තියෙයි. අන්න එදාට අපේ මිනිස්සු මේක නැති කරේ අපේ පාලකයෝ කියල කැවුම් කිරිබත් කාල, රතිඤ්ඤ පත්තු කරල බැනර් උස්සං පෙළපාලි යයි. හරිනම් අපි අපේ සහ රටේ අනාගතය සැලසුම් කරන්න ඕන තවත් අවුරුදු ගනනකින් හෝ එත හැකියි කියල හිතන වසංගත හෝ සෞඛ්ය ප්රශ්න ගැන හිතල. නමුත් එහෙම වෙන්නෙ නැහැ. වසංගත ගැන, හොඳ සෞඛ්යයක් ගැන ආකල්පමය හා අධ්යාපනික අද්දැකීම් අපේ රටේ අනාගත දරුවන්ට දිය යුතුයි කියල අපේ විද්වත්තු තේරුම් අරගෙන තියෙනවද දන්නෙ නැහැ.

ව්යසන වලින් පස්සෙ හැම සමාජයක්ම විවිධ යහපත් වෙනස්කම් වලට විවිධ රටවල් මුහුණ දුන්නත් අපි අපේ වංශය කබල් ගාන්න හුරු වෙලා තියෙනව. “ඉස්සර තිබුන ලෙඩද මේව?, ඉස්සර මේ වගේ ආහාර හිඟ තිබුනද?, ඉස්සරනම් මේම වතුර ආවෙ නෑ” කිය කිය අපේ මිනිස්සු ආඩම්බරයට පත් වෙන්න උත්සාහ කරනව. නමුත් අඟලක්වත් ලෝකෙ එක්ක ඉදිරියට යන්න අපි උත්සාහ කරන්නෙ නැහැ.  අපේ මිනිස්සු ව්යසන වලින් පාඩම් ඉගෙන ගන්න අය නෙමෙයි. ඒ අය මේව සමරනව. බේරගත්ත කියල ලකුණු දෙනව. හැබැයි බේරුන මිනිස්සු නෑ. බලාගෙන යද්දි අපි තමයි ව්යසනේ!

- ගුරුගොඩ සිරිවිමල -

 

Jave Yoshimoto, 2012, gouache on paper, 30″ x 41″, © 2012, courtesy of the artist

3 comments:

  1. ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක්. වෙරළාශ්‍රිතව ජීවත්වෙන්නෙ පව් කරන අය, කර්මය අනුව විපාක ලැබුනා කියල විශ්වාස කරන අය තවමත් ඉන්නවා!

    ReplyDelete
  2. හාමුදුරුවනේ... සුනාමිය කියන්න එපා
    ඕකට පින් රැල්ල කියන්න මොකක්ක්ද පින් රැල්ල


    ReplyDelete