Friday, May 3, 2019

Say no to racism - වර්ගවාදය පිටුදකිමු!

ජාතිවාදයේ මුල් අකුරු කෙසේ හෝ කොයින් හෝ නැවත නැවතත් අඩි හප්පමින් මග එන බව පෙනේ.  එය ඔබ ඔබේ හය හතර නොදත් දරුවාට ජාතිකවාදය නොවේ යැයි පහදා දෙන්⁣න.

මිනිසුන් හේතුවක් නොමැති තැන කිනම් හෝ හේතුවක් නිර්මාණය කර ගැනීමට තරම් සට කපටය. මේ මොහොතේ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ ජාතිවාදී, ආගම්වාදී, වැනි වර්ගවාදී අදහසක් නියෝජනය කරන්නේනම් එය ත්‍රස්තවාදයකට වඩා භයානකය. ත්‍රස්තවාදය තමන්ගේ අරමුණක් වෙනුවෙන් සිය අාක්‍රමණය සිදු කරති. නමුත් ඔබ ට අරමුණක්වත් නොමැති බව මම දනිමි. මේ මොහොතේ ඔබ ත්‍රස්තවාදය මුල් කරගනිමින් ඔබගේ හේතුව නිර්මාණය කරගෙන ඇත. එය ඉතා කණගාටුදායක කරුණකි.
තමන්ට තමන්ගේ ආගම, ජාතිය, වෙනුවෙන් පෙනී සිටින්නට ඇති අයිතිය යනු අන් ආගම්වලට පහර ගැසීම නොවේ. සිය ආගමේ සුරක්ෂිතතාවයේ සියළු වගවීම්, සියළු අවශ්‍යතා ස්ව ආගමිකයාට මිස අන් ආගමිකයෙකුට සිදු කළ නො හැකිය. අන් ආගම් වල ඇති අඩුපාඩු කියමින්, ඔබ හැසිරෙන්නේ තවත් අන්තවාදයකම දිගුවක් ලෙස බව ඔබ පිළිගත යුතුය.
වැටී බිම ඇණී, වේදනාවේ යටි බඩට ත්‍රස්තවාදීන් කළ ප්‍රහාරයෙන් රිදී ඇති මිනිසුන්ට, දේශපාලන සළුවලින් වැසී අන්ධ වූ දෑස් විවිධ පුද්ගලයන් එකී මිනිසුන්ගේ රුධිරය පිටින් හබල්ගසා ගෙන යම් යම් තැන් තරණය කරගන්නට උත්සුක වන බව පසුගිය සතිය පුරාම මා දිටිමි. සියළු දේශපාලකයන්ගේ කිල්ලෝටවල හුණු ඇති මොහොතක ජනතා පරමත්වය, උත්තරීතරත්වය නො සිතන ඒ අමිනිස් මිනිසුන් වෙනුවෙන් අප පෙනී නො සිටිය යුතුය යන්න මගේ විශ්වාසයයි.
වර්ගවාදී අදහස් වලින් පිරී යන කළ සැබෑ ත්‍රස්තවාදී ප්‍රශ්නයට විසඳුම් වැසී යනු ඇත. සැබෑ ත්‍රස්තයා කවුරුන්දැයි ඔබට නො නැවැටහෙනු ඇත. මේ මොහොත වන විට නිදහස් පාක්ෂිකයාට අනුව අනුව එක්සත් ජාතික පක්ෂය ⁣නියෝජනය කරණ දේශපාලන නායකයා ත්‍රස්තවාදී ක්‍රියා වලට හවුල්ය, එක්සත් ජාතික පාක්ෂිකයාට අනුව නිදහස් පක්ෂය නියෝජනය කරණ දේශපාලන නායකයා ත්‍රස්තවාදී ක්‍රියා වලට සහාය පළ කර ඇත. 
අන්තෝ ජටා භහී ජටා!!!

අවසන කියන්නේ මෙපමණය.
හිතවතුනි,
ඔබට ඔබ කැමති ආගම, ජාතිය, දේශපාලන පක්ෂය සුරක්ෂිත කිරීමට ලබා දී ඇති ප්‍රජාතන්ත්‍රවාදය නමැති ලයිසන් එක යනු ජාතිවාදය, ආගම්වාදය, දේශපාලන පණ්ඩකත්වය, ප්‍රචන්ඩත්වය වැපිරීමට ලබා දී ඇති ලයිසන් එකක් නොවන බව සිතා ගන්න!


|ගුරුගොඩ සිරිවිමල.

No comments:

Post a Comment