Monday, February 20, 2023

තෝසයකින් වඩයකින් කෙළවර වෙන අපේ සංහිදියාව

මේ අද අපේ හිතවත් “ඉබ්නු අසුමත්” කවියා විසින් සිංහල කවි දමිළ බසට පරිවර්තනය කරපු දෙමළ කවි පොත. මට මේ පොතේ නමවත් කියවගන්න බැරි තරමටම දමිළ බස නුහුරු වුන පසුබිමක පොතේ එළි දැක්වීම වෙනුවෙන් දේශණයක් කරන්න අවස්ථාවක් ලැබුන අසීමාන්තික අමාරු මොහොතක්. ඒක සරළ මොහොතක් කියල සාමාන්‍යය පාඨකයෙකුට හෝ මනුෂ්‍යයෙකුට හිතන්න පුලුවන්. නමුත් ඒක මාව රත් කරපු මොහොතක්. නමුත් ඒ බසෙහි අභියෝගය තියෙද්දිම මම මගේ අදහස් මාව අහගෙන හිටපු 40-50 ට නොඅඩු දමිළ පාඨකයන් අතර තිබ්බ. (මා විසින් සිදුකළ කෙටි දෙසුම සවන් දෙන්න මෙතනින්)

සිංහලෙන් දමිළ බසට පරිවර්තනය වුන කවි 42 පමණ මේ පොතේ අන්තර්ගතයි. ඒ අතර මගේ කවියකුත් ඉබ්නූ අසුමත් කවියා මේ කෘතිය සඳහා ම විශේෂයෙන් පරිවර්තනය කරල තිබුන. ඒ වගේම කපිල එම් ගමගේ ප්‍රවීණ කවියාගේත් තවත් නූතනයේ අපට හමුවන කවි කිවිඳියන්ගේ කවි කිහිපයක්ම මෙහි අන්තර්ගතයි. මට දමිළ ජනයා සමීප වෙන්නෙ මහාචාර්ය, සුනිල් ආරියරත්න ගේ “දෙමළ බෞද්ධයා” කියන ශාස්ත්‍රීය කෘතියත් සමඟ. ඒ ශාස්ත්‍රීයව හිසේ පැලවුන අදහස් එක්ක මට නැවත කියවන්න ලැබෙන්නෙ එකම එක කවියක්. ඒ, එම්. ඒ නූමාන් කවියා විසින් යාපනය පුස්තකාලය ගිනිබත් කරපු වෙළාවක ලිව්ව කවියක සිංහල පරිවර්තනය එක්ක. ඒ වගේ කවියක් සිංහල මහා සමාජය තුළ සමාජගත කරන්න මැදිහත් වෙන්නෙ හිතවත්, නිලාර් එන් කාසිම් කවියා. ඒ කවිය මේකයි.

බුදුන් ඝාතනය කිරීම' 

"පෙර දින මගෙ සිහිනයක

බුදුහු වෙඩි වැදී මළහ

සිවිල් ඇදුමෙන් සැදුණු බළ සෙනග

උන්වහන්සේ ඝාතනය කළහ

තිබිණ බිම ඔත් ලේ විලක් මත

ශ්‍රී දේහය

යාපනය පොත් ගුළට ඇතුළු වන

පඩිපෙළ ළග ම"

- ඒම්.ඒ. නූමාන් -

- පරිවර්තනය - නිලාර් එන් කාසිම් -

දෙමළ කවිය තුළ ජනප්‍රියතම ලකුණ මේ කවිය. අපිට කිසි ලෙසකින්වත් අමතක කළ නොහැකි කවිය. අපට මේ වගේ කවියක් කිසි ලෙසකින්වත් දරා ගන්න බැහැ. මේ සිදුවීම ජෙයපාලන් කියන මහා දමිළ කවි සලකුණ දකින්නෙ මේ විදියට; "රෑ පුස්තකාලයට ගිනි තැබූ පුවත බලන්න ගිය අපි හැඩූ කදුළින් ඉද්දී ඊට මීටර් සීයක් තරම් ඈතින් සිටි හමුදාව අත්පුඩි තලමින් බයිලා කියමින් හූ කියමින් හිනාවුණා. අපි වුණත් ආයුධ ගැන විශ්වාසයක් තිබ්බෙ ඒ වෙලාවෙ. ජනතාව එතන ඉකිබිදිමින් විලාප දුන් හඩ තාමත් නින්නාද වෙනවා..." 

ඒ අද්දැකීම මනුෂ්‍යත්වය ගැන අපට තියෙන අවසානම බලාපොරොත්තුවත් සුන් වෙන මොහොතක්. මම හිතන්නෙ දමිළ ජනතාව වෙත සමීප වෙන්න මීට වඩා හේතු අවශ්‍යය නැහැ. ඒ අතර තුර තමයි මට “මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි” කියන මංජුල වෙඩිවර්ධනගෙ පොත කියවන්න ලැබෙන්නෙ. එතනින් මාව අසීමාන්තික විදියට දමිළ සමාජය වෙත සමීප කෙරුව. ඔහු ලියනව. මේ විදියට.

අතින් පයින් දෙමළුන් පපු කැවුතු ඇද

හිතින් රස විඳින නිවටුන් අතර මැද

බුදුන් වැඩිය බිම හිඳ කවි ලියන මට

රජුන් අණින් නිර්වාණය ලැබේවිද?  - “නිර්වාණයට පෙර”-

මේ වගේ ප්‍රාග් යුධ සමය, යුධ සමය සහ පශ්චාත් යුධ සමය තුළ දමිළ සමාජය සහ දමිළ සමාජයෙන් පිටත කවි සමාජය දේවල් දැක්කත් ඒව කිසිම විදියකින් සමාජයක් විදියකට අපි කිසි කෙනෙකුට සන්නිවේදනය කරගන්න අපහසු වුනා. ඒකෙ ප්‍රතිඵලය තමයි අපි අදටත් සමාජ දෙකක් විදියට බෙදිල කතා කරන්නෙ. කවි සමාජය තුළ පවා දමිළ කවි, සිංහල කවි කියල බෙදීමක් නිර්මාණය වෙන්නෙ. දමිළ සහ සිංහල කියන සමස්ත ජනප්‍රජාව තුළ සාමයේ පිරිසිදු දෑත් දිගු නොවන තත්වයක් අද අපේ සමාජය තුළ තියෙන්නෙ. මේ බෙදීම රටකට දිගු දුරක් යා නොහැකි තරමේ විශාල සමාජ ගැටළුවක්. ඒක අපි තේරුම් ගන්නෙ නැහැ. 

දමිළ කවිය සාංදෘශ්ටික චින්තාවක් හොයාගෙන යන සමයක දි අපි රෝමාන්තිකම කවි ලියනව. කෝපි කවි, සීතල එයාර් කන්ඩිෂන් කවි, වගේ සෞන්දර්යවාදයට ශාතිශය නැඹුරු වුන සිංහල නූතනම සමාජ මාධ්‍ය කවි ලියද්දිත් දමිළ කවියා වෙනත් සමාජ දේශපාලන කතිකාවක් ඇතුළෙ වැඩ කරමින් සමස්ත කවියේ හැඬයට විවිධතාවක් එකතු කරනව. ඒක මොනතරම් ගැඹුරු ද කියනවනම් සිංහල තරුණ කවියා පෙම් කවි ලිවීම නිසා පාසලෙන් අස් කරන මොහොතක දමිළ කවියන්ව සමාජීය වශයෙන් හා මානසික අතින් දුබල කිරීමට මජරම නීති තුළින්  “අහ්නෆ්  ජසීම්” වගේ කවියන්ව හිර කරල තියනව. ඇත්තෙන්ම මේ ලියනව කියන වැඩේ වෙඩිවර්ධන කියනව වගේ , රජුන් අණින් නිවන් දකින්න සිද්ධ වෙන අද්දකීමක්.  මේ තත්වය දේශපාලනික වශයෙන් සිංහල දෙමළ බේදයක් නැතිව සමාජයක් විදියට අපව මේ තරම් අනීතික තත්වයකට රට ඇඳල දාල තියෙද්දි තමයි ඉබ්නු අසුමත් වගේ ලේඛකයෙක් ඇවිල්ල අපේ සිංහල සමාජයේ කවි ටිකක් දමිළ භාෂාවට පරිවර්තනය කරල දමිළ සමාජය වෙත පිරිනමන්නෙ. සංස්කෘතික අමාත්‍යාංශයක් මැදිහත් වෙලා කළ යුතු බරසාර වැඩක් ඉබ්නූ අසුමත් විසින් තනිවම කරල තියෙනව. අප එය ඇගයිය යුතුමයි. 

දමිළ සිංහල සමස්ත ප්‍රජාව එකිනෙකා තුළ සන්නිවේදන බැරියර් නිසා දෙකඩ වෙලා තියෙනව. අපි එකිනෙකා දේවල් ගැන කොහොමද හිතන්නෙ කියල අපට අදහසක් නෑ. ඒ නිසා අපි හැමදාම විරසකයෙන්. කපිල එම් ගමගේ එක්ක මම යෙදුන මොහොතක සංවාදයෙදි කියවුනේ එතුමගෙ පරම්පරාවත් මගේ පරම්පරාවත් දෙකම අවසන් වෙද්දිත්, අපේ මේ සන්නිවේදන දුබලතාවන් නිසා හිතන විධි වල ට ඈදුන මජර දේශපාලන අදහස් නිසා මේ තත්වය කිසිදු අයුරකින් සමනය වී නොතිබේවි. මගෙන් පසු පරම්පරාව පවා දැන් ඉරටු බවට පත්ව අවසන්. ඔවුන් පවා ජාතිවාදී, ආගම්වාදී චින්තනය තුළ තමන්ගෙ දෘශ්ටිවාද අඩුවැඩියෙන් හදාගෙන අවසන්. සාමිනාදන් විමල් වගේ කෙනෙක් කරන බරපතල මැදිහත් වීම් තුළ පවා අපේ බුද්ධිමය වූ ශාස්ත්‍රීය  කතිකාවන් දිගුදුර අරන් යන්න  බැරි තරම් අපි දුර්වලයි. කෙසේ වෙතත් මේ පොත හෙට පිපෙන මලකට නැවුම් වැස්සක් කියන ප්‍රාර්ථනාව අපි තුළ තියෙනව. තෝසයකින් වඩයකින් කෙළවර වෙන අපේ සංහිදියාව පොත පතක් දක්වා දුරදිග යන්නම ඕන. එහෙම නොවුනොත් හෙටත් මේ දේශපාකයන්ගෙ වේදිකාවල ප්‍රධානතම මාතෘකාව 13 දෙනවද නැද්ද කියන එක.

අඩු තරමේ අපි දැන්වත් “ජයං වේරං පසවති” වගේ බුද්ධ දේශනාවක්වත් දේශපාලනිකව කියවාගත යුතු මොහොතක් දක්වා තල්ලු වෙලයි තියෙන්නෙ. මේ බිඳුණ සමාජය හරිම කර්කෂයි. හරියට උතුරෙ තද රස්සනය වගේ.

ජයං වේරං පසවති

දුක්ඛං සේති පරාජිතෝ

උපසන්තෝ සුඛං සේති 

හිත්වා ජයපරාජයං

දිනාගත් කෙනා ගැන – වෛරයයි හටගන්නේ

පරාජය ලැබූ අය – දුක සේ ය සැතැපෙන්නේ

අත්හැර ජය පරාජය – වසති රහතුන් ලොවෙහි සුවසේ

 

-ගුරුගොඩ සිරිවිමල-



13 comments:

  1. ඇයි ගඳ ගහන කල්ලතෝනි දෙමළුන්ට නන්දිකඩාල් වලදී කාපු කෑම මදි වෙලාද?

    ReplyDelete
    Replies
    1. සිරිවිමලේ ගේ ලංකට් එක

      Delete
  2. මුන්ට කොටි ත්‍රස්වාදීන් උන්ගේම ජාතියේ උන්වත් මරපු ඒක පේන්නේ නැද්ද?

    හාමුදුරුවොත් මේ අනවශ්‍ය තැන් වලට නොයා හිටියා නම් හොදයි.

    ReplyDelete
  3. දැන් ඔය දෙමළ ජාතිවාදයට පුකදෙන සිංහල වේසිගේ පුතාලගේ කවි ටිකක් දෙමළ භාෂාවට පරාවර්තනය කල විට ඒවා කියවන දෙමළු තමන්ගේ වැරදි හදාගනීද?

    ඊටවඩා හොඳ නැද්ද නලීන්ද සිල්වගේ ලිපි එකතුවක් දෙමළ භාෂාවට පෙරලුව නම්

    ReplyDelete
  4. සාමිනාදන් විමල්ගෙයි සිවාජිලිංගම්ගෙයි අතර වෙනස මොකක්ද?

    ReplyDelete
  5. ඔයා සිද්ධාර්තගේ වචන උපුටාගත්ත නිසා මමත් සිද්ධාර්ථගේ වචන දාන්නම්.
    සිද්ධාර්ථගෙන් උගත් ගෝලයෝ පිරිසක් අහලා තියෙනවා අපි සංස්කෘත වලින් දහම දෙසන්නද කියලා.
    සිද්ධාර්ථ කිව්වා ඔය සංස්කෘත කියන ජරාව මගේ ආගම පැත්ත පලාතට ගේන්න එපා කියා.

    ඔයා අවංකව සිද්ධාර්ථගේ ගෝලයෙක් නම් “ඔය දෙමළ භාෂාව කියන ජරාව අතහැරපල්ලා“ කියලා දෙමළ මිනිස්සුන්ගේ මූනට කියන්න පුළුවන් විය යුතුයි. කියන්න

    ReplyDelete
  6. 1998දී දලදා මාලිගාවට බෝම්බ ගහපු වෙලාවේ වන්දනාකාරයෝ 6 දෙනෙක් මලා. එයින් එක්කෙනෙක් වයස5 ගෑණු ලමයෙක්.
    ඒ ජීවිත ගැන කවි ලියැවෙන්නේ නෑ.

    ReplyDelete
  7. දිනාගත් කෙනා ගැන – වෛරයයි හටගන්නේ
    පරාජය ලැබූ අය – දුක සේ ය සැතැපෙන්නේ
    අත්හැර ජය පරාජය – වසති රහතුන් ලොවෙහි සුවසේ

    එතකොට මචං යාපනය ලන්දේසි පුස්තකාලය ගිනිතැබීම ගැන නැවත නැවත මතක් කිරීමෙන් මෛත්‍රිය කරුණාව ඇතිවෙනවද?

    ReplyDelete
  8. Rashini ta diwa daanna aasayi

    ReplyDelete
  9. පාසැල් කාලයේසිට මිතුරකුව සිටි අයකු...ඔහු කල රටේ විනාශයට හේතුවුන බරපතළ වැරැද්දක් ගැන පෙන්වා දුන්නම... මිතුරුකමෙන් අයින් වෙනවානම්...ඔහුගේ මිතුරු කමින් මටඇති වැඩක් නැත !. මේක ලියන්නේ මම මහින්ද දේශප්‍රියගේ යහළුවෙක්වී සිටියා මිස ඔහුගේ බැතිමතකුවී සිටියේ නැති නිසාය.

    ද්විත්ව පුරවැසි ගෝඨා මැතිවරණයට ඉදිරිපත්වීම වළක්වන්න උඹට බලය සහ ඕනෑ තරම් ඉඩකඩ තිබුණා කියල ප්‍රසිද්ධියේ කිව්නිසා Mahinda Deshapriya මස්සිනා මාව Unfriend කරලා. මහින්ද දේශප්‍රිය මස්සිනා...

    ඔහුගේ ජනප්‍රිය වෘත්තීය ජීවිතය...සහ දේශපාළුවන්‍ ගැන. රටකපටි දේශපාළුවන්‍ වන් උඹේ අනුමැතියෙන් මැතිවරණ කොමිසමේ ත්‍රීවීල් පක්ෂ අටවගෙන ඒවා මැතිවරණවලදී කෝටි ගණන් වලට විකුණමින් උඹ දැනුවත්ව ගහපු ගේම්...කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තිබේ...උඹ කිසිම දේශපාළුවෙක් එක්ක බීලම නැද්ද ? මහාධිකරණ විනිසුරුවරයෙකු බඳුවූ නුඹ...බරපතළම රාජකාරියක් කරන සමයේ එහෙම බිව්වා නම් ඒක හරිද ?

    දේශපාලුවන්ට නම් හාට් එකක් නෑ උන්ට තියෙන්නෙ කැල්කියුලේටරයක්...ගෝඨා එනවට විරුද්ධ වුණ රත්නජීවන් හූල්ට මොකද උනේ ?

    රටෙන් 90% කියනවා ගෝඨා කල්ලතෝනියෙක් කියලා...

    මැතිවරණ කොමසාරිස් කියනවා පොලීසියට කියලා...ඌ කල්ලතෝනියෙක්ද කියලා හොයන එක මට අයිති නැති අනුර කුමාරට අයිති රාජකාරියක් කියලා...අනුර කුමාරත් ජරාව කාලා සද්ද නැතුව ඉන්නවා...මරේ මරු ජන්ද කොමසාරිස් !

    උඹ විතරක් දන්නා top secret කරුණු අළලා ලක්ෂ ගණනක පිටපත් විකිනෙන...දැනට ජීවත් ජීවත් වෙන මහින්ද රාජපක්ෂ වැනි පට්ට හොර තක්කඩි දේශපාළුවන්‍වන්ගේ රෙදි ගැලවෙන වටිනා ඉතිහාස පොතක් ලියන්නේ නැත්තේ ඇයි ? මහින්ද රාජපක්ෂ ජන්දෙන් පැරදුන දවසේ උදේ ඌ උඹට ටෙලිෆොන් කරලා කිව්වේ මොකක්ද? රනිල් වික්‍රමසිංහ එදා උදේ ටෙලිෆෝන් කරලා උඹට කිව්වේ මොකක්ද ?

    මට දැනගන්න ආසයි !

    සම්පූර්ණ ඇත්තම ඇත්ත ලිව්වොත්...

    මහින්ද රාජපක්ෂ තක්කඩියාගේ වගේම මහින්ද දේශප්‍රිය මස්සිනාගේත් රෙදි රාජපක්ෂලා ගලවෙන්න ඉඩ ඇති නිසා මේ වටිනාපොත කවදාවත් ලියැවෙන්නේ නැත. තමන්ගේ සහ හෙන්චයියන් ගේ නඩු විසි කරමින් මිනීමැරුම් සහ හොරකං වල file අස්ථානගත කරමින්...සාක්ෂි විනාශ කරමින්...තවමත් රට පාලනය කරන්නේ රාජපක්ෂ මිනීමරු කපටි පවුලයි.

    මේ අවාසනාවන්ත රටට...තව අවුරුදු දෙක තුනක් වත් යනකං මේ මිනීමරු හොර පවුලෙන් ගැලවීමක් නෑ. මිනීමරු කපටි මයිනයි, කපුටයි...උගේ පවුලේ අයයි හෙන්චයියනුයි මොහොතින්... දේශපාලනයෙන් සදහටම අතුගාලා දාන්න අපේ දේශප්‍රිය මස්සිනාට පුළුවන් !මචං රට ගැන හිතපන් උඹ කළ විනාශයට ඉපදුන රටට වන්දි ගෙවපන් මගේ පොත මම ලිව්වා... මස්සිනා පොත ලියන එක මට බාරදීපන් !. උඹයි මායි දෙන්නම දැන් මරණයට ගොඩක් කිට්ටුයි. කෞරව රාජ පරම්පරාවේ ජානවලින් ආපු බෝනොවෙන රෝග හැදිලා ඉන්නේ...bypass කරලා අවුරුදු තිස්දෙකක් ජීවත් වෙලා bonus ජීවිතයක් ගත කරලා...

    වල ගැට්ටේ ඉන්න මං ඔය එකෙකුටවත් බයනෑ...මේ කුණු දේශපාලන ඌරන් තමන් ඉපදුණු රටට ගහපු කපටි ගේම් ගැන මුළු රටම දැන ගත යුතු වටිනා කරුණු රාශියක් උඹේ මරණයත් සමග අම්බලන්ගොඩ කැරකෝප්පුවේදී අළු බවට පත්වෙනවා. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං මූන බලපං... හෘද ශාක්ෂිය ගැන උඹ නිසා මේ රටට වුණු විනාශය ගැන, නිරපරාදේ රාජපක්ෂලාගෙන් මැරුම් කාපු මිනිසුන් ගැන...පසුතැවීමක් වත් නැද්ද ? මං දැනං හිටියා රටට වෙන්න යන විනාශය ගැන...ජීවිතය ගැන නොතකා මම තනියම ප්‍රසිද්ධියේ හුඟක් සටන් කලා ගෝඨා ජනාධිපති වෙන එක වළක්වන්න ...අරගලයෙන් කීදෙනෙක් මැරුණද ? මට #කෙන් හිනා ගියා උඹ අරගලයේ ඉන්නවා දැකලා...මේ මරණ වලට උඹත් වගකියන්න කියන්න ඕනෙ නැද්ද ? උඹ මට කිව්වෙ ඕක මට අදාළ නෑ කියලා...

    ස්වර්ගයේ වැඩවසන දේශප්‍රියාණනි...

    රාජපක්ෂලාගෙන් රට ගළවාගත මැනව...

    #ආමේන් !

    මට හරි දුකයි මචං !

    I dont want to naked u...
    I just want to show you the mirror !

    ReplyDelete
  10. සෞම්යාගේ රෝස පාට හුත්තට දිව දානවා

    ReplyDelete
  11. ඩයනාට වේසි යනුවෙන් පාර්ලිමේන්තුවෙ බැන වදිද්දී ඩයනා අහනවා ‘කවුද යකෝ වේසි?’ කියල.

    වේසි කියන්නෙ අපහාසාත්මක වචනයක්. වෛශ්‍යාව කියන ගෞරවනීය අර්ථය ඒ වෘත්තියට නැති වෙලා ගිහින් වික්ටෝරියානු කුහක ලිංගික වත ආගමික විදිහට බාරගත්ත තැන ඉඳන් ඒ වෘත්තිය අපහාසාත්මක එකක් වුනා. වෛශ්‍යා වෘත්තිය විතරක් නෙමෙයි සම්පූර්ණ ලිංගිකත්වයම කුණුහරුපයක් වුනා. විශේෂයෙන් ස්ත්‍රී ලිංගික අවයව කුණුහරුප බවට පත් වුනා. ස්ත්‍රී ලිංගිකත්වය අපහාසාත්මක වුනා. හුත්තී, වේසි, බැල්ලි වගේ වචන ගැහැණියට පටබැඳුනා. පිරිමියාට යෙදුනෙ පකයා, කැරියා වගේ වචන. මීට අමතරව පොන්නයා කියලත් පිරිමින්ට අපහාසයට කියනවා. එනම් පිරිමිකමෙන් තොර වීම අපහාසයක් විදිහට හඳුන්වනවා.

    මාතලන් වගේ අය මට පොන්නයා කියලා බැන්නා. මගේ පුතාට පොන්නයා කිව්වා. රෂිනි දුවට වේසි කිව්වා. සාරසලා එහෙම ඒ පිටිපස්සේ හිටියා. මම නං මගේ පුතාගේ පොන්න කම භාර ගන්නේ වටිනාකමක් විදියට. පුතා කැමති ඒකට නං මම පියෙක් විදියට ඒකට ඉඩ දෙනවා.

    එතකොට කවුරු හරි සංක්‍රාන්ති ලිංගිකයෙකුට පොන්නයා කිව්වොත්, එයා ආපහු හැරිලා, ‘කවුද යකෝ පොන්නයා, කියලා අහන එකක් නැද්ද? මොකද පොන්නයා කියන්නෙ සංක්‍රාන්ති ලිංගිකත්වයට යොදන අපහාසාත්මක වචනයක් නිසා.

    රමණය කිරීම හිකීම ලෙස කුණුහරුපයක් වුනා. වෘත්තියක් විදිහට කුණුහරුපවලට එකතු වුනේ වෛශ්‍යා වෘත්තිය විතරයි. ඒ සංසර්ගය සමග සබැඳි එකම වෘත්තිය එය වීම නිසයි. මේ සදාචාරය විසින් අපහාසාත්මක ලෙස නම් කලේ ලිංගිකත්වයයි.

    වෛශ්‍යා වෘත්තිය කියන්නෙ සුවිශේෂ වෘත්තියක්. ඒක ආගම කියන සංස්ථාවට විරුද්ධව පවතින එකම වෘත්තිය වෙන්න පුළුවන්. ඒ වෘත්තිය මූලික වශයෙන්ම ස්ත්‍රී වෘත්තියක්. වෛශ්‍යාව කියන්නෙ නිදහස් ගැහැණිය කියන එකට. ඇය පවුල් සංස්ථාවට එන්නෙ නෑ.ඊට පිටතින් පවතින්නෙ. ඇය පවුල් සංස්ථාවෙ අවුලක් ප්‍රදර්ශනය කරමිනුයි පවතින්නෙ. ඇයව ආගමකට දරාගන්න බෑ. හැම ආගමක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ලිංගිකත්වය තහනම් කිරීමෙන්. ඇය තමයි තහනම් ගහේ ගෙඩිය අතින් ගත්ත ඊවා.

    වෛශ්‍යාව කියන්නෙම අරගලකාරියක්. ඇගේ අරගලය ඇය කරන්නෙ ශරීරයෙන්. ඒක පොතේ තියෙන අරගලයක් නෙමෙයි. ඇය එකවිට සමාජ දේශපාලන වගේම ආධ්‍යාත්මික අරගලයක් මෙහෙයවනවා.

    වේසි කියන්නෙ වෛශ්‍යා වෘත්තියට කරන අපහාසයක්. ඒකට ඒ ලැබිය යුතු වෘත්තීමය වටිනාකම ලැබිය යුතුයි. ඊට අදාල සංස්කෘතික සහ දාර්ශනික වටිනාකම ඊට ලැබිය යුතුයි. ඒක සිදු නොවී තියෙන්නෙ සමාජය කුණුහරුපයක් ලෙස පැවතීම නිසා මිස වෛශ්‍යා වෘත්තිය කුණුහරුපයක් නිසා නෙමෙයි.

    වේසි කියලා කතා කලොත් වෛශ්‍යාවකට තරහා යන්න ඕන. තමන් කරන වෘත්තිය ගෞරවයෙන් බාරගන්නා කිසි කෙනෙක් ඊට අපහාස කරන කුහකයෙක්ව දරාගන්න උවමනා නෑ. වෛශ්‍යා වෘත්තිය කියන්නෙ වේසකම නෙමෙයි. වෛශ්‍යාව කියන්නෙ වේසි නෙමෙයි.

    ලිංගික ශ්‍රමිකයන් යන වචනෙ වුනත් ඒ වෘත්තිය හෑල්ලුවට ලක් කරන වචනයක්. ඒක හුදු ශ්‍රම වෘත්තියක් නෙමෙයි. ඒ වෘත්තියේ කලාව, සෞන්දර්ය සියල්ල ඉවත් කරමින් ඒක හුදු කම්කරු වෘත්තියක් බවට පිරිහෙලා තියෙනවා. වෛශ්‍යා කියන්නෙ ආර්ථිකමය වශයෙන් ස්වාධීන, නිදහස් ගැහැණු.

    වේසි කිව්වම කේන්ති යනවා නම් වෛශ්‍යා වෘත්තිය නීතිගත කරන්න කතා කරන්නෙ ඇයි වගේ ප්‍රශ්න අහලා තිබුන. ඒ ප්‍රශ්න අහන අයගෙ සීමාවම ඒ ප්‍රශ්නෙ තියෙනවා. ඒ අයට වේසි කියන කුණුහරුපෙන් පිට වෛශ්‍යාව කියන ඉතිහාසයක් පුරා පැතිරුණු විසල් නිදහස් ගැහැණිය ගැන අවබෝධයක් නෑ. ඒ අය තවමත් වික්ටෝරියානු සදාචාරයේ ගොදුරු.

    කාට හරි වේසි කියනවා නම් ඒ දරාගන්න බැරි ආදරෙන් පමණක් විය යුතුයි.

    -රසික සුරියරච්චි-

    ReplyDelete
  12. ඔයගොල්ලෝ ඊයේ (03) නිවුස් වල දැක්කනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කොළඹ ඉදං වැලිමඩ බලා ගිය හෙළිකොප්ටර් යානය සහ පරිවාර හෙළිකොප්ටර් යානය හදිසියේ වැල්ලවාය බුදුරුවගල ඉස්කෝලෙට ගොඩබාපු එක. අයහපත් කාලගුණය නිසා තමයි එතනට යානා ගොඩබෑවේ.

    ඔකේ ජනාධිපතිතුමා ගිය අති විශේෂ ට්වින් ටර්බෝ ප්‍රභූ ආරක්ෂක මිසයිල සහිත බේල් 212 හෙළිකොප්ටර් යානය පදවාගෙන ගියේ අජිත් ධර්මකීර්ති මහත්තයා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යන ඕනෑම ගුවන් ගමනක යානාව රැගෙන යන්න දෙන්නේ අජිත් ධර්ම මහත්තයට විතරයි.

    මොකද ජනාධිපති රනිල් මහත්තයාගේ අතිශය විශ්වාශසහගත නිලධාරීයෙක් තමයි අජිත් කියන්නේ. ජානාධිපතිතුමා වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න ලැස්ති.

    ඉතින් ඊයෙත් ඔය ගමන යද්දී අජිත්ට තේරුනා තව දුරටත් කඳුකරය දෙසට යානා රැගෙන යන්න බැහැ කියලා. අජිත් විතරක් ආවා නං අජිත් වැලිමඩ යනවා හෙළිකොප්ටර් එකේම.

    මතකනේ අජිත් එක පාරක් රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවක් අරගෙන ඇවිත් කොග්ගල එයාර්පෝර්ට් එකේ ගොඩපාපු හැටි.

    ඕනිම කාලගුණයක ඕනිම ගුවන්යානයක් රැගෙන යන එක ගොඩබාන එක අජිත් ධර්මා මහතාට කජු කනවා වගේ. ඒ උනාට මෙතන එහෙම බැහැනේ. සේනාධිනායක, විධායක ජනාධිපති. ඒ නිසා අජිත් යානාව බැස්සුවා ඉස්කෝලේ පිට්ටනියට.

    ඒ වෙලාවේ ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවලුන් සීමිත ප්‍රමාණයක් සිටියේ යානා වල. හැබැයි අජිත් ධර්ම මහත්තයාත් හිටිය නිසා ජානාධිපතිතුමාට ආරක්ෂාව ගැන කිසිම බයක් සැකක් තිබ්බේ නැහැ. අජිත් ධර්ම මහත්තයත් යානාව ගොඩ බස්සපු ගමන් තටු නතර වෙන්නත් කලින් එලියට පැන්නා විශේෂ ප්‍රභූ ආරක්ෂක ගිනි අවිය අමෝරාගෙන.

    මොකද කලින් දවසක ක්‍රීඩා ඇමති ඉස්කෝලෙකට ගිහින් ජේවීපී ත්‍රස්‌තවාදීන්ගේ විරෝධයට ලක් උන එකත් අජිත් මහත්තයාගේ ඔලුවට ආව. ඔය ක්‍රීඩා ඇමතිගේ සිද්දිය වෙලේ ජේවීපී ත්‍රස්‌තවාදී ගුරුවරයෙක් කිව්වා මහක ඇති ජනාධිපති රනිල්ට පුළුවන් නං ඉස්කෝලෙකට එන්න, ගහලා එලවනවා කියලා. අජිත්ට ඕක සිහියට ආව.

    අජිත් ධර්ම මහත්තයාගේ හිතේ ගතේ හයිය තියෙනව ජේවීපී ටෙරාලා සීයක් ආවත් බාවන්න. මීට කලිනුත් එහෙම කරලා තියෙනවනේ.

    ඊට පස්සේ අනික් ජනාධිපති ආරක්ෂකයන් එක්ක අවට ආරක්ෂාව තහවුරු කරලා ජනාධිපතිතුමාව විදුහල්පතිතුමාගේ කාමරයට එක්කන් ගිහින් ස්ථාවර කරා.

    ඒ අතර තුරේ ප්‍රදේශයේ ආරක්ෂක ප්‍රධානින් දැනුවත් කොට ආරක්ෂක අංශ ගෙන්වා ගෙන පිටත ආරක්ෂක වළලු තර කරා. ඊළගට මයිත්‍රී මැඩම්ටත් කතා කරලා දැනුම් දුන්නා සිදුවූ දෙය සහ මැතිතුමා ආරක්ෂිතව ඉන්නා බව.

    දැන් ඊලග වැඩේ ජනාධිපතිතුමාව වහාම මෙම ස්ථානයෙන් ඉවත් කරගෙන යන එක. එත් එකට අවශ්‍ය විශේෂ වෙඩි නොවදින ප්‍රභූ ආරක්ෂක විශේෂ අවි සහිත වාහන එතන නැහැ. හදිසි ගොඩබෑමක් නිසා වාහන මෙතන නැහැ. ඒවා ඒ වෙනකොට ගුවන් මගින් වැලිමඩට යවල තිබ්බේ. ආයේ ඒවා ගෙන්න ගන්න වෙලා යනවා. අනික ගුවන් මගින් ගෙන්න ගන්න විදියක් නැහැ, මොකද වැලිමඩ හරියේ හිටපු ගුවන් නියමුවන්ට ඒ කාලගුණයේ යානා පදවන්න හැකියාවක් නැහැ. එක්කෝ අජිත් එහෙනං ආයේ හෙලිකොප්ටර් යානය අරගෙන වැලිමඩ ගිහින්. මේ යානාව එහෙ දාලා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවට ප්‍රභූ වාහනය දාගෙන රැගෙන එන්න ඕනි. ඒත් එකට වෙලා යනවා. අනික ජනාධිපතිතුමාව දාලා වැලිමඩ යන්න අජිත් කැමති උනෙත් නැහැ.

    ඒ පාර අජිත් වහාම ඔහුගේ අති ප්‍රභල චන්ද්‍රිකා දුරකථනයෙන් හොයලා බැලුව ඒ අවට තිබෙන රජයේ ප්‍රභූ වාහන මොනවද කියලා. එතකොට ටොයෝටා ලෑන්ඩ්කෘෂර් V8 එකක් තිබ්බා අමාත්‍යංශ වාහනයක්. ඒක ඒ පාර අජිත් වාහම ජනාධිපති ආරක්ෂක අංශය යවලා ගෙන්න ගත්තා. ස්කොඩ් එකට යන්න ඩබල් කැබ් 4 යි, තව පැජරෝ එකකුයි ගෙන්න ගත්තා.

    ඔය ටිකට විනාඩි 30 ක් වගේ ගියා. ඒ අතර තුරේ අජිත් ධර්ම මහතා බොහොම හෙවිල්ලෙන් හිටියා ජේවීපී ත්‍රස්‌තවාදී ගුරුවරු ජනාධිපතිතුමාට හානියක් කරන්න එයිද කියලා. ජනාධිපතිතුමාට කළු කෝපි එහෙමත් ලෑස්ති කරලා දුන්නා. පාසලේ ළමයි, ගුරුවරු, විදුහල්පතිතුමා ඇවිත් ජනාධිපතිතුමාව බලලා කතාබහ කරලා සතුටු උනා.

    වාහන ආපු ගමන් අධි බලැති ස්කෑනර් මගින් අජිත් ධර්ම මහත්තයා වාහන ස්කෑන් කරා. ගැටළුවක් නැහැ. ඒ පාර හෙළිකොප්ටර් යානා වල තිබුන භාණ්ඩ වාහන වලට දාගෙන ජනාධිපතිතුමාවත් V8 එකේ ඉදිරිපස අසුනට නංගා ගෙන අජිත් ධර්ම මහත්තයම වාහනයේ සුක්කානම අතට ගත්තා. ස්කොඩ් එකත් අනෙක් වාහන වලට නැංගා. ඊළගට ජනාධිපතිතුමාව රැගෙන යන මාර්ගයේ දෙපස ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක අංශ වෙත දැනුම් දී මොනිටර් කරා.

    ඊට පස්සේ අජිත් ධර්ම මහත්තයාම ජනාධිපතිතුමා ඉන්න වාහනය අරගෙන ඇල්ල-වැල්ලවාය අති දුෂ්කර කඳුකර මාර්ගයේ ජීවිතය පරදුවට තබා ගොඩබිම් මාර්ග හරහා වැලිමඩ බලා අධි වේගයෙන් ජනාධිපතිතුමාව රැගෙන ගියා.

    ReplyDelete