රටක සාම්ප්‍රදායික සාහිත්‍යය නිර්මාණය වෙන්නෙ රටක තියෙන සංස්කෘතික චාරිත්‍ර සහ ආගමික ඇදහිලි තුලින්. ලංකාවේ සාහිත්‍ය ප්‍රවර්ධනය වීමෙහිලා ශ්‍රී පාද අඩවිය පුදුමාන්තර හෙවනැල්ලක් වෙලා තියෙනව. ශ්‍රී පාද අඩවිය කේන්ද්‍ර කරගත්ත ආගමික සාහිත්‍යක් වගේම වින්දනීය කවි ගීත සාහිත්‍යක් අපේ පැරණි සේම අලුත් නිර්මාණ කරුවන් ගොඩනංවල තියෙනව.
Saturday, January 9, 2021
ශ්‍රී පාද සාහිත්‍ය
Saturday, January 2, 2021
මේ ප්ලැනට් එකේ උතුම්ම අය සෙවීම.
අපි සදාතනික අරගලයක යෙදෙනව. කුමක් සඳහාද? මේකෙ අපි එක්කම ජීවත් වන අය අතරෙ උතුම්ම අය, හොඳම අය, සොයන්න. මේක සාම්ප්‍රදායිකව ලෝකයේ හැමෝටම තියෙන ප්‍රශ්නයක්. අපි හැමෝම ආසයි රාමුවක් හදාගෙන ඒකෙ ඇතුළෙ විශිෂ්ටයෝ, වන්දනාමාන කරන්න අය, ගරහන්න කට්ටියක්, බැනුම් අහන්න කට්ටිය, තව තව කුලක හදාගන්න. මේක එක විදියකින් ජීවියා සාමාන්‍ය සමාජ ජීවිතය ඇතුළෙ හොයන සතුට. මේ දේවල් නැතුව ඇත්තෙන්ම සාමාන්‍ය ජීවිතවල විනෝදාස්වාදය අඩුයි. අපිට බනින්න, ගරහන්න, වඳින්න, පුදන්න, මේ හැමදේටම පිරිසක් අවශ්‍යයි. නමුත් නිරර්ථකයි. තරඟ පවත්වලා, S.M.S ගහල පවා සමාජය විසින් මිනිස්සුන්ව තෝරා පත්කරගන්නෙ ඒකට. ඒක සාමාන්‍ය මනුස්සයෙක්ට නිරර්ථකයි කියන එක අදාල වෙන්නෙ නැහැ. නමුත් ඔවුන් එය තේරුම් ගත යුතුයි.
අපි ගත්තොත් ඊයෙ නත්තල දවසෙ බොහෝ
ඉහළින්ම මම දැකපු විශ් එක තමයි යේසුස් වහන්සේ ට අනිත් ශාස්තෘවරු බර්ත්ඩේ කේක් අරන්
එන පිංතූරය. මේක ගොඩක් අය විවේචනය කරනව. ඒ තමන්ගේ කෙනා බුදුන්වහන්සේ නම් ඒ
බුදුන්වහන්සේ තමන්ට උතුම් කියල හිතන නිසා. මේ වගේ අපි අපේ ජීවිතවලට උතුම්ම අය
තෝරගෙන ඉන්නව. අපිට මේ ප්ලැනට් එකේ උතුම්ම අය තෝරන්න පුළුවන් ද? ඒක එකිනෙකා අතරේ බෙදී යන දෙයක් නේද? එහෙම සාපේක්ෂ දෙයකට අපි කොහොමද අයිතිවාසිකම්
කියන්නෙ? ඔවුන් උගන්වා තිබෙන හර පද්ධතීන් විවිධ
බිම් වලට අදාලව උසස් පහත් වෙනව. විවිධ සමාජයන්ට අදාලව පවතිනව. මිස මේ පූර්ණ
සමාජයටම පොදුවේ එකඟවිය හැකි තත්ත්වයන්, දැනුම්
පද්ධතීන් මේ ලෝකයේ ඉතාමත් අඩුයි.
අපේ පැවැත්මට යටින් තිබෙන බරපතළ
ගැටළුවක් තියෙනව. ඒ "මොකද්ද ජීවිතයේ පරමාර්ථය" කියන ගැටළුව. හැමදේම දිහා විශ්ලේෂණ සංස්ලේෂණ වග විභාගයන් සිද්ධ කරාට පස්සෙ අපිට හම්බෙන උත්තරය "සතුට"
මේ ගැන "දලයි ළාමා" කරපු
සාකච්ඡාවක සඳහන් වෙනව මේ විදියට.
"අපේ පැවැත්මට යටින් බරපතළ ගැටලුවක් තියෙනව." සංචාරයට පෙර දළයි ලාමා පවසා තිබුණි. "මොකද්ද ජීවිතයෙ පරමාර්ථය.? බොහෝ දේ සලකා බැලීමෙන් පසු, මං විශ්වාස කරන්නෙ හැමෝගෙම ජීවන පරමාර්ථය ප්‍රමෝදය කියන එක බවයි."
"ඒකට, මං වගේ බෞද්ධයෙන් ය,"තව කෙනෙක් අගරදගුරු තුමා වගේ කිතුණුවෙක්ය, එහෙම නැත්තං වෙන කිසියම් ආගමක් අදහන හෝ මොන ම ආගමක්වත් නො අදහන කෙනෙක් ය කියන එක වැදගත් වෙන්නෙ නෑ. උපන් මොහොතේ ඉඳල, හැම මනුෂ්‍යයකුටම ඕනෑ, සතුට ළඟා කරගෙන දුකින් ඈත් ව ඉන්න. සංස්කෘතියෙන්, අධ්‍යාපනයෙන්, ආගමෙන් ඒකට බලපෑමක් වෙන්නෙ නෑ"
• ප්‍රමුදිත ජීවිතයක් : පරිවර්තනය :
කුඩගම්මන සීලරතන (පිටුව: 14-15)
ඉතින් අපි මේ ජීවිතය ඇතුළෙ උතුම්ම
මිනිස්සු, හොඳම මිනිස්සු, නිරහංකාරම මිනිස්සු හොයල වැඩක් නෑ. අපිට අවශ්‍ය
කෙරෙන සතුට කියන භූමි භාගය අත්පත් කරගන්න වැඩ කිරීමයි අපේ කාර්යය.
අපි කොච්චර උත්සාහ කළත් මේ භූමියේ
උතුම්ම මිනිස්සු හොයාගන්න වෙන්නෙ නැහැ. මොකද හැම කෙනෙක්ටම අදාලව එකඟ නොඑකඟ බොහෝ
දේවල් ඒ ඒ අය කියල කරල තියෙනව. තව කෙනෙක් බොහෝ ගෞරව කරන උත්තමයෙක් තව කෙනෙක්ගෙ පයට
පෑගෙන දූවිල්ලක් තරම්වත් ගනන් නොගැනෙන්න ඉඩ තියෙනව. එහෙම පයට පෑගෙන දූවිල්ලක්
තරම්වත් ගනන් නොගැනෙන කෙනා තව කෙනෙක්ගෙ ඉහළ මාලයේ හැමදාම උදේ හවා දුම් අල්ලල පහන්
පත්තු කරන වන්දනීයම කෙනා වෙන්න පුළුවන්.
මේ ප්ලැනට් එකේ උතුම්ම අය හොයන්න
වෙහෙසෙන්න එපා. තමන්ව හොයන්න වෙහෙසෙන්න. තමන්ගේ සතුට හොයාගෙන යනවා මිසක උතුම්ම අයව
සෙවීමෙන් වැඩක් නෑ. "උතුම්ම දේ සතුට - සතුට තියෙන්නෙ තමන් ළඟ." ඒක
හොයන්න. ආදරෙයි!
|ගුරුගොඩ සිරිවිමල
ඡායාරූපය පිළිබදව විස්තරය :
මෙය ප්‍රභා ඉන්දීවරීී නම් නිර්මාණ ශිල්පිණිය විසින් සිත්තම් කරන ලද්දකි. අයිතිය ඇය සතුය. ප්‍රමෝදය, සතුට, දුක, වේදනාව සියල්ල ඇත්තේ අප සතුවය. අප තුළ ඇති වින්දනාත්මක වූ ප්රමෝදයේ අවස්ථාවක් මේ සිත්තමෙන් ඔප් නැංවෙන බව මගේ විශ්වාසයයි.
Saturday, December 26, 2020
තාත්තලා ගැන දුවලගේ කතාව : චන්ද්‍රමණ්ඩලේ : අභිෂේකා විමලවීර
සුනිල් එදිරිසිංහ මහත්තය "චන්ද්‍රමණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ" ගීතය ගායනා කරන්නෙ මීට අවුරුදු ගානකට කලින්.
මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල වනේ
මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිවු වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ
කියල; දුවෙකු කෙරෙහි මහා ආදරයක් හිතේ කැටි කරගෙන ලියන්නෙ රත්න ශ්‍රී විජේසිංහ මහත්තය. අදටත් හොල්ලන්න බැරි, මෙහෙමයි කියල ගලවල අයින් කරල තියන්න බැරි මහා වචන පදාසයක් එකට කැටි කරල සිංදු ලියල තියෙන රචකයින් අතරින් කිසිම වෙලාවක අයින් කරල දාන්න බැරි මහා ගේය කරුවා රත්න ශ්‍රී විජේසිංහ.
එහෙම ලියන රත්න ශ්‍රී මහත්මයාම මෑතකදි
එම ගීතයටම පිළිතුරු ගීතයක් ලිව්ව. ඒක ගැයුවෙ අලුත් පරපුරේ ප්‍රවීණ ගායිකාවක්.
අභිෂේකා විමලවීර. අභිෂේකා විමලවීර කියන විදියට මේ ගීතය ඇයගේ මියගිය පියා වෙනුවෙන්
පියාගේ ජන්ම දිනය දවසේ කරපු ගීතයක්. හැබැයි මේක පෞද්ගලික නැහැ. මේ පද අතර කැටි
වෙන්නෙ තාත්තා කෙනෙක් ගැන දුවකගේ හිතේ කැටිවෙලා තියෙන ආදරේ. අභිෂේකා විමලවීර මේ
ගීතය එළියට දාපු වෙලාවේ ඉදන් මම කීපදවසක් ඇහුව ගීතයක්.
මම සංකේතීය වශයෙන් තාත්ත කෙනෙක්ගෙ ආදරයක් මෙහෙමයි කියල ලැබුවද කියල මතකවත් නැති දරුවෙක්. හැබැයි තාත්තලා කියන මහා වස්තුව අපට කොයි වෙලාවෙද අමතක කරන්න පුළුවන් වෙන්නෙ? තාත්තලාගේ ආදරේ සහ තාත්තලා වෙනුවෙන් දරුවන්ගේ හිතේ ඉපදිලා ; මියැදෙනකල්ම අවදි වෙලා තියෙන ආදරේ කවදද නැති වෙන්නෙ. ඒක ආත්මීයයි.
මේ ගීතයේ කියවෙන තාත්ත මියැදුන තාත්ත කෙනෙක්. හැමදාම තාත්තට තමන්ගෙ දුව(දරුව) පුංචි හාවෙක්/ හාවියක්. ඒ කියන්නෙ. අහිංසක, කිසිවක්ම නොදන්න කෙනෙක්. හැබැයි මේ පිළිතුරු ගීතයේ ආදරණීය "පණ්ඩිත දුවක්" ගැන කියවෙනව.
ඒ දුව තාත්තට කියනව:
"චන්ද්‍රමණ්ඩලේ සැතපුන සාවියක් නොවේ" කියල. ඒ දරුවො දරුවො ගැන හිතාගෙන ඉන්න විදිය. ඒක හරිම ගැලපෙන අයුරින් රත්න ශ්‍රී මහත්තය යොදල තියෙනව. ඉතින් මේ දුව සාවියක් නොවුනට මොකද මේ තාත්තගේ වියෝව ගැන ලොකු කණගාටුවක් තියෙනව. කණගාටුවකටත් වඩා ඒක ශෝකයක්. දරාගන්න බැරි රිදුමක්.
"මීදුමෙන් තෙමී නැහැවුණු චන්ද්‍ර යහනතේ
පාළු නැතිද නිදා ඉන්න විට පියාණනේ"
දුවෙක් කවමදාවත් තාත්තලව තනි කරන්නෑ. දුවල තාත්තලට හරි ආදරෙයි. කවමදාවත් මිස් නොකර තාත්තල පස්සෙ දුවලත් දුවලෑ පස්සෙ තාත්ලත් දුවනව. ඒක අපි අත්දකින සත්‍යයක්. ඉතින් දුවට හිතෙනව ඇත් තාත්තට පාළුයි කියල. කවුරුත් නොදන්න දුර ඈතක තාත්ත තනි වෙලා පාළුවෙන් ඇති කියල අර තාත්ත හිතන ආකාරයේ "සාවියට" හිතෙනව. අනිත් පැත්තෙන් දුව දුව ගැනම හිතාගෙන ඉන්න "සාවියක් තරම් අහිංසක නොවන- ලෝකය අත්දැකපු" දුවටත් හිතෙනව. මොන දේවල් දැනගෙන, මොනතරම් දේවල් ඉගෙනගෙන, මොනතරම් දේවල් ඉස්සරහ ජයග්‍රහණය සහ පරාජයන් අත්වින්දත් මොන දුවටද මොන පුතාටද පුළුවන් තමන්ට තමන්ටම කියල ආදරය කරපු "උත්තම පුරුෂයාට" සමුදෙන්න.?
පියාඹන්න දෙමින් අපට පියාපත් ඔබේ
ගියාද ඔබෙ නවාතැනට අහස් ගං තෙරේ
කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ
ඔබට මදිද ඉඩ නැතුවද පුංචි ගේ අපේ
සාම්ප්‍රදායික තාත්තා අපිට නොකරන, නොකරපු දෙයක් නෑ. පියාපත් වලින් සංකේතවත් වෙන්නෙ තාත්තා කෙනෙක් දරුවෙකුට දෙන "ජීවිත පන්නරය". තාත්තල අපිට ඒ ජීවිත පන්නරය දීල යන්න යනව. ඉගිලිලා පියාඹලා ඈතට ඈතට යනව. ඒ වගේ පන්නරයක් ලබාගෙන වුනත් දරුවෙක් තාත්තාගේ හැරයාමකදී නොහඩා ඉන්නෙ නෑ. එහෙම සමා පුරුෂයෙක්ගේ නික්මයාමකදී නොහඬා ඉන්න පුළුවන් කාටද?
"කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ
ඔබට මදිද ඉඩ නැතුවද පුංචි ගේ අපේ"
"කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ
මේ තරම්ම නපුරු හීනයක්ද ජීවිතේ"
කියල. දුව කෑගහල අහන හඬක් මට මේ පද තුළින් සජීවී වෙලා පේන්නෙ ඇයි කියල මට හිතාගන්න බැහැ. සමහරවිට අභිෂේකාගේ නිරායාස හඬ පෞරුෂය නිසා එහෙම ඇහෙනව ඇති.
ඔබේ සුවඳ රැදුණු ගෙදර පාළු කාමරේ
ලියූ ගීත කවි විතරද මට ඉතිරි උනේ
ජීවිතේ ඇතුළෙන් දරුවො දෙමාපියො
වෙනුවෙන් ස්තූතිවන්ත වෙනව. අන්තිමට තාත්තල අම්මල ඒ කිසි දෙයක් බලාපොරොත්තු නොවන
නිසා ඒ දෙයවත් රැගෙන යන්නෙ නැහැ. දරුවන්ට අවසානයේ ඒ මතක කවි ගීත වෙලා ඉතිරි වෙනව.
අම්මල තාත්තල අපිට කරපු, කියපු දේවල් හරියට මිහිරි කවි ගීත වගේ.
ඒ දේවල් දරුවන්ට හැමදාමත් ඉතිරියි.
මේක හැම දරුවෙක්ම අහන්න ඕන ගීතයක්.
|ගුරුගොඩ සිරිවිමල