මම අවුරුදු ගණනාවකින් කිසිඳු වන්දනා චාරිකාවක් ගිහිල්ල නැහැ. ගමන් යන්න තියෙන අකමැත්ත ඒකට හේතුව. ඉස්සර අපි පිරිවෙනෙන් හෝ පංසලෙන් වන්දනා චාරිකා යනව. ඒ ඉතින් යද්දි අනිවාර්යෙන්ම යන්නෙ අනුරාධපුර තමයි. අපි ඉස්සර අනුරාධපුර යද්දි පොඩිකමට කිසි දෙයක් නොතේරුණාට ඒ ගමං ගැන නැවත කල්පනා කරද්දි හිතෙන දෙයක් තමයි අනුරාධපුරය කියන්නෙ මනුස්සයෙක්ව එකපාරින්ම නිවිච්ච මනුස්සයෙක් බවට පත් කරන්න පුලුවන් තැනක්ය කියන එක.
රුවන්මැලි සෑය(මහාසෑය), මහා බෝධිය කියන්නෙ මිනිස්සු දහ දාහක් මැද්දෙ වුනත් මනුස්සයෙක්ව නිවන්න පුලුවන් තැන්. අවසාන වතාවට වගේ මම රුවන්මැලි සෑයට ගියෙ සිවුරු පූජාවකට. එතන හරි කළඹලයි. මිනිස්සු සිවුරු අතේ තියාගෙන හරි කළඹලෙන් හාමුදුරුවරු පස්සෙන් ඉස්සරහින් යනව. ඒ අයව දැක්ක ගමන් තේරෙන්නෙ එයාලගෙ හිතෙන් සන්සුන් බව ගිලිහිලා කියල.
උදෑසන, දහවල දිස්වෙන හිස් අහස, සැලෙන ගහකොළ වැල, හිටි ගමන් එහෙ මෙහෙ දුවන මුවන්, මොණරුන් ඇතුලු සත්ව වර්ග, විවිධ සුවඳැති හඳුන්කූරු දුම් මික්ස් වෙලා එන කෝවිල් සුවඳ, තැනින් තැන මී කිරි, අයිස්ක්රීම්, බොබයි මොටයි විකුණන මිනිස්සු, වාහන වල ඩිකි ඇරගෙන කෑම කන මිනිස්සු, නැවත රාත්රියට හඳ විතරක් තනි වුන කළුවර අහස, පූජාස්ථානයට මඳක් දුරින් වැවකට ඉතා ආසන්නයෙන් සිංදුවක් කියල විනෝද වෙන මිනිස්සු, තැන තැන දිස්වෙන අතීත පුරාවස්තු කියන්නෙ අපේ හිත් විශාල දුරකට එක්ක යන ඒ වගේම එක තැනක නවත්වන සුන්දර දේවල්. ඒ හැමදෙයක්ම ශ්රද්ධාව නාමයෙන් අද වෙද්දි නැති වෙලා.
ඉස්සර නෙළුම් මල් දෙකක්, දුම් වලින් නැහැවුන හඳුන් කූරක්, කිරි පූජාවක්, උපරිම වුනොත් අටපිරිකරක් අතින් අරගෙන යන මිනිස්සු ගොඩකගෙ දකින පැහැදිලි බව අද එතනට යන එක මනුස්සයෙකුගෙ හිතේ නැති බව ඒ ඒ තැන්වල වීඩියෝ දකිද්දි මට පැහැදිලි වෙනව. එකිනෙකා පරයා මම මෙච්චරක් පූජා කරනව වගේ තරඟකාරී වටපිටාවක් එතනදි දකින්න ලැබෙනව. මිනිස්සු තමන්ට ආස විදියට පූජා සිද්ධ කරන එක එයාලගෙ වැඩක්. හැබැයි ඒවයෙන් තේරුමක් තියෙනවද කියල ඒ අය කල්පනා කළ යුතුයි.
මිනිස්සු වන්දනා කරන්න ඕන තමන්ගෙ හිත නිදහස් කරගන්න. හිතේ කාන්සිය නිවා ගන්න. ඇත්තෙන්ම ඒක ට්රිප් එකක් විය යුතුයි. කොහොම වුනත් අපේ රටේ චාරිකා වෙනුවෙන් බිහිවුන සම්ප්රදායක් නැහැනෙ. තනි පවුලක් වුනත් ගෙදරින් එලියට නිවාඩුවක් යන්නෙ මුළු ගෙදරම අලුත් විදියකින් ට්රිප් එකට එකතු කරගෙන.
කෙනෙක් කරන දේවල් තව කෙනෙක්ගෙ විනිශ්චයට ලක්වෙන එක යම් ආකාරයක ඕපදූප සෙවීමක් වුනත් මම හිතන්නෙ මිනිස්සු තමන්ගෙ හිත කඩා බිඳවගන්න සංචාර නොකල යුතුයි කියල. එකිනෙකා යෙදෙන තරඟයක තරඟ කරුවෙක් වෙමින් සෑයක් වටා රොක් වෙමින් විවිධ පුද පූජා කිරීමෙන් මිනිස් සන්තානයේ සනීපම දේවල් මඟ හරවගන්න එක කොච්චර අවුලක්ද. සයන පූජා,රන්තැඹිලි, රන්දෝතළු, ලක්ෂ ගණනේ මල් පූජා මේ හැමදේම එක්ක මිනිස්සු තරඟකාරී වෙලා. මේ හැමදේම දිහා බලාගෙන චෛත්යයටයි බෝධියටයි හිනාත් යනව ඇති.
-ගුරුගොඩ සිරිවිමල-
එහෙම වියදම් කරල දෙන ඇඳන් හෙම පස්සේ අනත නිවස වලට දෙනවනම් හරිනේ
ReplyDeleteපළවෙනි වෙඩිල්ල
ReplyDeleteමානුෂික මෙහෙයුමේ අවසාන වකවානුවෙදි ආරක්ෂක හමුදාවෝ පරන්තන් හංදියේ ඉදලා මුලතිව් පාර දිගේ ඉදිරියට ඇදෙන්න ගත්තා .පරන්තන් හංදියේ ඉතිරි උනේ එකම එක බල්ලයි.. ඌත් බුරන්නෙ නැතුව බය බිරාන්ත වෙලා නට්ට පස්සේ ගහන් දුවන එක ජාතික රූපවාහිනියෙත් ගිහින් තිබුනා..සතියෙන් සතියට විනාඩි පහක් කතාකරන්න දෙන ඇමතුමේදි අපේ අම්මා ඒක හරි ආඩම්බරයෙන් කියන කොට මම මගේ ජීවිතේ පලවෙනි වෙඩිල්ල රට ජාතිය වෙනුවෙන් දෙමළෙක්ට තියලා තිබුනා..
පරන්තන් පහුකලාම අහුවෙනවා ධර්මපුරම් කියලා ගමක්.මේජර් බැස්ටියන් සර් ඒක ධර්ම පුරය කලා.. අන්න ඒ ධර්මපුරයෙදි තමයි පුහුණුවෙදි මට ග්‍රීස් වල ඔතලා චීනෙන් ගෙනැවිත් දීපු අවි අංක 6785289 කියන චීන ප්‍රහාරක රයිපලයෙන් පලමු වරට මනුස්සයෙක්ව මම මැරුවේ.. ඒ කතාව දිග හැරුනේ මෙහෙමයි.
ආනන්දවාසම් කියන ගම්මානය මැදින් අපි සතුරා ලුහු බදින කොට අපේ වෙඩි බලය එක්ක උඩින් වැටෙන ආටිලරි බෝම්බ එක්ක හැප්පෙන්න තියා හැරෙන්නවත් බැරිවෙච්ච කොටි පුලු පුලුවන් විදියට ජීවිතේ බේරගන්න පුදුකුඩු ඉරිප්පු පැත්තට පසුබැස්සා..
ඔය අතරෙදි එක්තරා තැනක පසුපස වෙලකට මායිම් වෙන්න පලාගියපු ත්‍රස්තවාදීන් කීපදෙනෙක් කොටු උනා.. ඒ අයට කොහෙත්ම එතනින් වෙලට පනින්න ක්‍රමයක් තිබුනේ නෑ..එහෙම පැනලා දිව්වනම් වෙල හරහා විවෘත භූමියක දුවනකොට අනිවාර්යයෙන්ම අකාරුණික විදියට පතුරම් වල පෙනේර වෙන්න ඒ අයට සිද්ධ වෙන බව එයාලා දැනගෙන ඉන්න ඇති..
ඒ නිසා ජීවිතේ ඉතිරි අවසාන බලාපොරොත්තුවද මන්දා... උන් නැවතිලා, හඹාගෙන එන සියගනනක සේනාවක් එක්ක සටන් කරන්න සූදානම් උනා.. එතන ඕනනම් එකොලහක් ඉන්න ඇති.. "සෙලවෙන සියල්ලට වෙඩි " එහෙම ඕඩර් ලබපු හමුදාව ඔවුන් එක්ක ලෙහෙසි සටනකට සූදානම් උනා..
මම කවර් උනේ හරියටම තල් වැටක කොනකට.. විසාල ඉඩමක් තිබුනු පුපුරලා වැටුන සිමෙන්ති අසූව දශකයේ ගෙදරක් දෙපසක අපි අපි සටන් වැදුනා.. ලාන්ස් කෝප්‍රල් වාසල ක්‍රියාත්මක කරපු gpmg වෙඩි බලයෙන් හාත්පසම දුහුවිල්ලක් වෙලා ගියා ..
ඒ වෙනකම් ඔලුව පහත් කරන් හිටපු උන් තැන තැනින් සටන අහවර නෑ කියන්න වගේ පහර දුන්නා.. උන්ගේ එකෙක්ට අපේ පහක් හයක් හිටපු සටනක භයානකම මොහොත එලඹුනා.. මම ටී පනස් හය තල් වැටෙන් ඉලක්ක කරලා එක මනුස්සයෙක්ට පතුරමක් නිදහස් කලා.. හරියටම ඒක වැදුනේ මිනිහගේ බෙල්ලට වෙන්න ඕන.. මිනිහා එතන අල්ලගෙන දනගහලා වැටුනා..ඒතෙක්කම කෝප්‍රල් " බඩි මූ "කිව්වා..
අපි එතනට යනකොටත් උන් ඔක්කොම මැරිලා.. එකෙක් විතරක් පණ බේරගෙන වෙල දිගේ දුවනකොට ඩෝං ගාලා ඇහුන සද්දෙන් මගෙ ඇසුත් වැහුනා.. ඒක තිබ්බේ මගේ වම්පැත්තෙම කොල්ලෙක්.. ඇස් අරින කොට වෙල් නියරෙන් උඩට දුවපු එකාගේ කකුල් දෙක විතරක් ඉස්සිලා තිබ්බා..
එක එකා සර්ච් කරපල්ලා කියන කොට මම වෙඩිතිබ්බ එකාලගට මම දිව්වා..මට ඕන උනේ ඇත්තටම වෙඩිල්ල වැඳුන තැන බලන්න.. "ඒ මනුස්සයා මැරිලා නෑ.".දෙයියනේ මගේ පපුව ගැහෙන්න ගත්තා.. මහ උන්ගෙන් ගුටි කන්න වෙයිද... මට මුකුත් හිතාගන්න බැරි උනා..
වෙව්ලාපු කටින් මම ඌට "ඇස් වහපන් හුත්තෝ"කියලා කිව්වා.. ඒත් ඌ ඇස් වැහුවේ නෑ..මගේ දිහා ඇස් ඇරගෙන බලාගෙන හිටියා.. ඒවා හරි පැහැදිලි ඇස්. කලු දෙමලුන්ගේ ඇස් හරි පැහැදිලියි..ඌ මගේම වයසේ විතර කොල්ලෙක්.. රැවුල මගෙ වගේම ලාවට වැවෙන එකෙක්.උඩ රැවුලක් රන් පාටට ලාවට වැවිලා තිබ්බා..උගේ ඇස් එක කෙලින් තියෙන අතරේ හුස්මත් අමාරුවෙන් ගත්තා..උගේ තුවක්කුව අපට වඩා වෙනස් ..ඒක stf එකක්.. මම ඒ දිහා බැලුවා.. ඒත් ඌ ඒක දිහා බැලුවේ නෑ..ඒ කොල්ලා ආයුධ අත ඇරලා තිබ්බා..
මිනිහා තවමත් මම දිහා බලාගෙන..අපිට ඉලක්ක පත වලට ජීව පතුරම් වලින් වෙඩි තියන්න ඉගැන්නුවට ඒවා වැදුන මනුස්සයෙක් මොකද මුලින්ම කරන්නේ කියලා උගන්නලා තිබුනේ නෑ.. ඇත්තටම වෙඩි කාපු මනුස්සයෙක්ගේ අවසාන බැල්ම වෙඩි තියපු මනුස්සයා දිහාට එල්ල වීම හරිම කේදවාචකයක් ..
අනිත් එක, ඒ මනුස්සයගේ ජීවිත කාලේ අවසානම බැල්ම වැටිලා ඊට පස්සේ ඒ මතකය එක්ක ජීවත්වෙන වෙඩික්කරුවෙක්ගේ ජීවිතය ..මට හිතෙන්නෙම ඒ මොහොතෙදි දෙන්නම මැරිලා යනවා.. කෙනෙක් ශාරීරිකව..අනෙකා මානසිකව.. හැම දෙයක් ගැනම නිකම් දකිනවට වඩා හිතලා ඉස්සර ඉදන් ට්‍රැක් චේන් පන්න ගන්න මට දකුණේ ඉදන් තුවක්කුවක් කරේ තියන් ඇවිත් ජීවිතේට මට වරදක් නොකරපු එකෙක්ට වෙඩි තියලා මරලා දාපු එක මහ පුංචි සිදුවීමක් උනේ නෑ...
ඒ මනුස්සයගේ බෙල්ලෙන් ගලාගෙනගියපු ලේ රතුපාටට වැලිපොඟවගෙන එතනම රවුමට තිබුනා..තව දුරටත් ඒ ආයාසයෙන් ගන්න හුස්ම මගේ පපුවටම වැදෙනවා වගේ මට දැනුනා .
වැඩිවෙලා යන්න මද්දෙන් මම සිතුවිලි නිමග්නයෙන් අවදි උනා.එකපාරටම මගේ පස්සෙන්" හුත්තෝ ඌට මෙන්න පණ තියෙනවා කිව්වේ ප්‍රයිවෙට් කුමාර... මම හ්ම්ම්ම්.. කිව්වා.. "හ්ම්ම්..නෙමේ යකෝ තියපිය තියපිය" මට වඩා අවුරුදු දහයක් හමුදාවේ කාපුබීපු කුමාර මගේ ඔලුවට ඇගිල්ලෙන් ඇන්නා.. මේ වෙනකොටත් මමහිතන්න කාලය ගොඩක් වැයකරලා තිබුනා.. හමුදාවේ ඒකට කිව්වේ "ටියුබ්ලයිට්" කියලා.. ටියුබ්ලයිට් වලට ලැබෙන ගුටි මම දැකලා තිබුනා.. ඒ බයටම මම තුවක්කුව අර මනුස්සයගේ ඔලුවට ඉලක්ක කලා..ඒ බැල්ම එහෙමමයි... ආයෙමත් කුමාර මගේ ඔලුවට ඇන්නා...මම ඒ මනුස්සයා දිහා අයෙම බැලුවා.. ඒ ඇස් මොන මොනවදෝ කතාකලා..ඉන් පස්සේ ආයාසයෙන් ඒ මනුස්සයා ඇස් වහගත්ත බය පෙනුනා..මට ආයෙම ඒ ඇස් කතාකරනවා මැවුනා.. කියන්න ඇත්තේ "ඔයා තියන්න කියලා වෙන්න ඇති...
Deleteමම ටිගර් එක තදකලා.... මහ හඬක් එක්ක මගේ අතින් ජීවිතේ පලවෙනි මිනිහා මැරුණා... ඔලුව වම් පැත්තට හැරිලා පොලව එක මොහොතින් රැල්වලල්ලක් වගේ මිනිහගේ ඔලුව වටේට ලේ විසිරුනා...
බය උනාද උඹ.... මගේ උරහිසට තට්ටුවක් දාලා කුමාර ඇහුවා..
නෑ මම බය උනේ නෑ...මම මිනිහට ඇහෙන්න කිව්වා..
"සුපිරි සොලොක් ඈ" මට එහෙම කියලා මිනිහා ඉස්සරහට ගියා...
"ඒත් මම ආයේ මුන්ව මරන්නෙ නෑ"
මම කාටවත් නෑහෙන්න හෙමීට මිමිනුවා..
නිමි.
මට සමාවෙන්න.. යුද්ධය අවසන් වෙනකල්ම මට රට වෙනුවෙන් ඒ මනුස්සය ඇරෙන්න තව මනුස්සයෙක්ව මරන්න බැරි උනා...
තියෙන අසහනේ කියන්න ලඟම යාළුවට ගත්තා.. ඌත් බිසී කියපන්කෝ.. පස්සේ බැලුවා දුක කියන්නේ කාටද කියලා..
ReplyDeleteමේකයි බන් කාරණේ.. දැන් සති දෙකක් ඇති ඩේලි බියර් දෙකක් ගහන්න ඕනේ වෙලා බන්... මොන හුට්ටක්ද මන්දා.. අපේ ඔපිස් එකේ එහා පැට්ටේ රෙස්ටුරන්ට් එකක් හෑව්... මම නිකමට දවසක් ගොඩ වැදුනා.. දැන් වයසේ හැටියට බොන්නත් බෑ.. නිකමට බියර් එකයි පෝක් එකයි ගැහුවා..
ටවුකන්ඩ... දැන් ඩේලි ගහන්න ඕනේ වෙලා බන්.. මොන උට්ටක්ද මන්දා...මටම එපා වෙලා බන්.. හැමදාම ටයිගර් බියර් දෙකයි පෝක් ප්ලේට් එකයි..සිගරට් දෙකයි. පඩිය ඉවරයි යකූ... උදේට හිතා ගන්නවා නෑ නෑ අදනම් බොන්නේ නෑ . සල්ලිත් ඉවරයි.. කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට ඕෆ් උන ගමන් ඔතනින් යද්දි කාන්දම වගේ ඇදෙනවා බන්ස්..
මාර කරුමයක් බන් උනේ.. පෝක් එකත් තියෙනවා තුන පහ ටික දාලා සුප්පට.. දවසෙම මහන්සි වෙලා කූල් බියර් උගුරක් බොනගමන් මස් කෑල්ලක් හැපෙද්දි දැනෙන රස කිසිම ආතල් එහෙකින් ගන්න බෑ බන්.. ගෑණියෙකුත් නැති මම මනෝ පාරක් ගහන් ආතල් එකේ තනියෙන් බොනවා බන්...
දැන් ඩේලි ඇබ්බැහි වෙලා.. උදේට හිතා ගන්නවා අම්බෝ අද නම් කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට කණ මදයා වගේ බොණවා..
ගෙදරත් චොර වෙලා බන්.. ඩේලි බොනවා කියලා..මේ උට්ට ගහලා ආවම ගොත ගැහෙනවා.... ඉතින් මාට්ටූ.. බයිනවා ලෙල්ල හුටන් වෙන්න...
මේ ඇබ්බැහියෙන් මිදෙන්න විදියක් කියපල්ලකෝ ...
වැලැක්විය නොහැකි වූ කරුණු කිහිපයක් නිසා "ගිනි සිසිල" මාසික වැඩිහිටි සඟරාවේ සැප්තැම්බර් 2022 කලාපය අද උදෑසන නිකුත් නොවෙන බව කරුණාවෙන් දැනුම් දෙමි.
ReplyDelete-රසික සූරියාරච්චි, සංස්කාරක, "ගිනිසිසිල" වැඩිහිටි සඟරාව
සිංහල සංස්කෘතික හමුවේ සමලිංගික ලේඛක සංසදය,
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය, ඕස්ට්‍රේලියාව
ගෝඨාභය ගැන මගේ ගරුත්වයක් තිබෙනවා. ඒ ඔහු බලය අත්හැරිය ආකාරය නිසායි. ඔහු විසින් ගොනුකරගන්නා ලද අධිකතර විධායක බලතල ඔහු පාවිච්චි කළේ නැහැ. මිනිස්සු එලෙව්වාට වඩා ගෝටාම ගිය එකයි වුණේ. එලෙව්වාය කියල හිතාගෙන ඉන්න අය ඒක තේරුම්ගන්න එක තමන්ගෙ අවබෝධය සඳහා වටිනවා.
ReplyDeleteගෝඨාභය කියන්නෙ ඉතාම නරක කාලයකදී ලංකාව ඉතාම වැරදි ආකාරයට කළමනාකරණය කළ ජනාධිපතිවරයෙක්. ඔහුගේ ඉල්ලා අස්වීම ඒ සම්බන්ධයෙන් ඔහුගේ වගකීම භාරගැනීමක් ලෙස මා සලකනවා. ඒ මදි අයට පුළුවන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මට නම් ඒ ඇති. පළිගැනීම කියන එකට වඩා මගේ අවධානය යොමුවෙන්නෙ රට ගොඩගැනීම කියන කාරණයට. පළිගැනීම ප්‍රමුඛ කරගත් අය කැමති දෙයක් කරගන්න.
මං පෞද්ගලිකව හිතන්නෙ ඔහු කැමති රටක පාඩුවේ ජීවත්වෙන්නට ඔහුට ඉඩදිය යුතු බවයි. හැබැයි ඉතින්, ආරක්ෂක ලේකම් කාලෙ චෝදනා විභාග කළ යුතුයි. ජනාධිපති කාලෙ වුණත්, දූෂණ චෝදනා විභාග කළ යුතුයි. ඒක අධිකරණයේ වැඩක්. දේශපාලනයේ අවධානය යොමු කළ යුතු ඊට වඩා වැදගත් කරුණු ඕනැ තරම් තියෙනවා.
ඔයාගෙ කොච්චර දිගද?
ReplyDeleteපිරිමියෙකුගේ ලිංගයේ ප්‍රමාණය සහ කාන්තාවක් ලබන තෘප්තිය අතර සම්බන්ධතාවයක් නෑ. ඇත්තටම පුරුෂ ලිංගයකට වඩා තෘප්තියක් ලබන්න පුළුවන් ඩිල්ඩෝස් නිෂ්පාදනය වෙලා තියෙනවා. කෙනෙක් එක්ක ලිංගිකව එකතු වීමෙන් ලබන තෘප්තියේ වැඩි කොටසක් රඳා පවතින්නෙ ඒ දෙන්නා අතර බෙදාහදාගන්නා ඉන්ටිමසිය මත. ඒ කියන්නෙ සමීපත්වය, තේරුම් ගැනීම, සංවාදය, ආදරය, උණුසුම, විවෘතභාවය ආදී කාරණා මත. පුරුෂ ලිංගයේ ප්‍රමාණය ගැන තියෙන්නෙ මානසික ෆැන්ටසියක්.
කොහොම වුනත් පිරිමි සහ ගැහැණු දෙවර්ගයම උනන්දුයි පිරිමින්ගෙ ලිංගයෙ ප්‍රමාණය ගැන. පර්යේෂණ අනුව පෙනිලා තියෙන්නෙ මේ ලිංගවල ප්‍රමාණය සාමාන්‍යයෙන් අපි හිතනවාට වඩා කුඩා බවයි. ඒ වගේම රටක ජීවත් වෙන පිරිමින්ගෙ ලිංග බොහෝදුරට ප්‍රමාණයෙන් සමානයි. ඒ කියන්නෙ ලොකු වෙනස්කම් නෑ. පිරිමියෙකුගේ ලිංගයේ ප්‍රමාණය භූගෝලයට වඩා තීරණය වෙන්නෙ ජාන අනුව. ඒ වගේම කුඩා කාලයේ හරිහැටි පෝෂණය නොලැබීම වගේ කාරණාත් ලිංගය නිසි ලෙස නොවැඩීමට බලපාන්න පුළුවන්. ශරීරයේ ප්‍රමාණය සහ ලිංගයේ ප්‍රමාණය අතර සමීකරණයක් ගොඩනගාගන්න ගොඩක් අය උත්සාහ කළත් පර්යේෂණ අනුව පේන්නෙ එහෙම නිශ්චිතව කියන්න බැරි බවයි. ඒ කියන්නෙ උස වැඩියි කියන්නෙ ලිංගය දිගයි කියන එක නෙමෙයි. ඒ වගේම අත්ලෙ දිග, සපත්තුවෙ දිග, නහයේ දිග ආදියෙන් ලිංගයේ දිග සෙවීමත් බොරු කතන්දර විතරයි.
රටින් රට ලිංගයේ ප්‍රමාණයේ ඇවරේජ් එකක් හදාගන්න එක ගොඩක් අමාරු වැඩක්. එකක් මේ ගැන තියෙන දත්ත ප්‍රමාණය කුඩා වීම. අනික මේ දත්ත ගොඩක් වෙලාවට ස්වයං මිනුම් විදිහට වාර්තා වීම. ඒ හින්ද පර්යේෂණාගාරයක කළ මිනුම් ඇසුරින් තරම් නිවැරදිභාවයක් මෙතන ගොඩනගා ගන්න බෑ.
ලෝකෙ ඍජු වූ පුරුෂ ලිංගයක සාමාන්‍ය දිග සෙමි. 13.58ක් වෙනවා. ඒ කියන්නෙ අගල් 5.35ක්. රටවල් අනුව බැලුවම දිගම සාමාන්‍යය තියෙන්නෙ සෙමි 17.61ක්. ඒ කියන්නෙ අගල් 6.93ක්. මේ රට තමයි ඉක්වදෝරය. වැඩියෙන්ම සාමාන්‍ය ශරීර උස වාර්තා වෙන්නෙත් ඉක්වදෝරයෙන්. හැබැයි ඒක හැමතැනකදිම එහෙම වෙන්නෙ නෑ.
පොඩිම ඍජුවූ ශිෂ්නයේ ඇවරේජ් එක වාර්තා වෙන්නෙ කාම්බෝජයෙන්. ඒක සෙමි. 10.01ක්. ඒ කියන්නෙ අගල් 3.95ක්.
කෙලින් වුනාම පුංචිම පුරුෂ ලිංගයන් තියෙන පුද්ගලයෝ ඉන්න රටවල් අතර ලංකාවත් ඉන්නවා.
ඉන්දියාව තමයි ලෝකෙ දෙවෙනියට කුඩාම පුරුෂ ලිංග සාමාන්‍යයක් තියෙන රට. අගල් 4යි. චීනෙ ඉන්නෙ ඉන්දියාවට වඩා චුට්ටක් ඉස්සරහින්. අගල් 4.3යි. උතුරු කොරියාව තමයි පුංචිම. අගල් 3.8යි. ඉතිං වෙන මොනවා නැති වුනත් ආසියාවෙ හැටියට අපේ පුරුෂ ලිංගෙ සයිස් එක ගැන නම් තරමක් ආඩම්බරෙන් පුළුවන්.
-රසික සුරියරච්චි-
බෝබැක් කන්ද මුදුනේ හිම වැටෙන මිටියාවතේ ඇමරිකන් සමලිංගික ගොපලු තරුණයන් දෙදෙනාගේ සමරිසි ආදර අන්දරය බෝබැක් මවුන්ටන්. අදම කියවන්න. වැඩිහියන්ට පමණයි.
ReplyDelete-රසික සූරියආරච්චි,
සංස්කාරක, ගිනිසිසිල වැඩිහිටි සඟරාව
සිංහල සංස්කෘතික හමුවේ සමලිංගික ලේඛක සංසදය
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය, ඕස්ට්‍රේලියාව
මගේ නම රසික. මට ඉස්කෝලේ දාලා තියපු නම තමයි 'බොක පෙට්ටි'. (සමහරු කියනවා හරි වචනේ බොක නෙමෙයි බොග කියලා. ඒත් අපි පාවිච්චි කලේ බොක කියන වචනේ,ඒකම මෙතැන් යොදා ගන්නවා.)
ReplyDeleteමට ඒ නම වැටුනේ මේ හින්දයි.
මම පොඩි කාලේ, 4 වසරේ ඉන්නකොට දවසක් ඉස්කෝලේ ගිහිං පාඩුවේ හිටියා.ඉතිං මම ඉස්කෝලේ ගිහිං දවල්ට කෑම එහෙම කළා ටිකක් වෙලා ඉන්නකොට හදුනා කක්කා බරක්. මම ඉතිං ඕක ඉවසං හිටියා. ඉස්කෝලේ මැඩම්ට හරි මිස්ලාට හරි මේක මම කිව්වේ නැත්තේ ලැජ්ජාවට. මොකද සාඩම්බර ලාංකිකයන් වන අපි කාටහරි කියලා වැසිකිලි යාමට මැලිවෙනවානේ. ඒක ලැජ්ජාවට දෙයක් කියලනේ අපි දන්නේ.
ඒත් ඒත් ඉතිං ඔරලෝසුවේ කටු විනාඩියෙන් විනාඩිය යද්දී මට කක්කා බර ඉවසන්නම බැරි උනා. මට හිතුනා තනියම ගිහිං බොක දාලා එන්න. ඒත් වැඩේ උනේ බොක දැම්මට පුක හෝදන්න මම දන්නේ නැති එක.අනික රජයේ පාසල් වලටනේ අපි ගියේ. ඒවගේ වතුරත් නෑ. ඉතිං බැරිම තැන මම කලේ මේකයි.
හිමිං සීරුවේ මගේ කෑම පෙට්ටියත් අරං ඉස්කෝලේ පැත්තකට ගියා. එතකොට ඉන්ටවල් ඉවර නිසා එකේ කෑම තිබුනේ නෑ. ඉතිං මම කලේ කෑම පෙට්ටියට කක්කා කරලා, ජෝකාගෙන් මගේ සිඟිති පුක පැත්ත පිහදලා ඒකත් දැම්මා කෑම පෙට්ටියට.
ඉතිං ඊට පස්සේ මම පන්තියට ගිහිං ජෝකත් නැතිව සිවිල් පිට බොහොම සතුටෙන් හිටියා.
ඒත් මිත්‍රවරුනි කර්මයක් පලදෙන්න තියෙනවා නං මහා මුහුද මැද සිටියත්,පර්වත වලින් වටවුන මහා ගල්ගුහාවක හිටියත් ඒක පළදෙනවා කියලා බුදුබනේ සදහන් වෙනවා. මටත් ඒක උනා.
මම පන්තියට ගිහිං ටික වෙලාවකින් පන්තිය ඇතුලේ කසුකුසුවක් නැගුනා. දුමින්ද කියන ළමයා කලබල වෙලා පන්තියේ හැම තැනම ඇවිද ඇවිද මොකක්දෝ හොය හොයා ඉදලා එක පාරටම මිස්ට ගිහිං කිව්වා ‘මිස් මගේ වෝටර් කලර්ස් පෙට්ටිය නැති වෙලා’ කියලා. බලද්දී දුමින්දයාගේ වෝටර්කලර්ස් පෙට්ටිය නැති වෙලා. ඌ එක එකාට චෝදනා කරනවා ඔයා තමයි මගේ මෙව්වා එක ගත්තේ කියකියා.
බැරිම තැන මිස් කරේ හැමෝගෙම බෑග් බලපු එක. ඉතිං ඔහොම එකෙකාගේ බෑග් බලාගෙන අවා. මගේ වාරෙත් ආවා. මගේ බෑග් එකේ බැලුවා මොකුත් නෑ. ඊට පස්සේ මිස් කරේ මගේ කෑම පෙට්ටිය ඇරලා බැලුවා ඔක්කොම ඉස්සරහා. ගූ හතයි, වැලි දෙකයි.
කෑම පෙට්ටියේ තඩි ගූ බෙට්ටකුයි, ගූ ගෑවිච්ච ජංගියකුයි තියෙනවා. මගේ වැඩේ මාට්ටු. පස්සේ පස්සේ ඔය කතාව හැමෝම දැන ගත්තා. ඒත් මම ඕකට සැලුන්නෑ. ඊට පස්සේ මාව දන්නේ සමන් කිව්වම නෙමෙයි ඉස්කෝලේ දන්නේ බොක පෙට්ටියා කිව්වම.
මුලදී මුලදී මට ඔය නම ඇල්ලුවේ නෑ. ඒත් අර හැමදාම දකින කුකුලගේ කරමලත් සුදුයි කියනවා වගේ මාත් ඔය නමට පුරුදු උනා. දැන් නං මම රැකියාවකුත් කරනවා රටේ ලෝකේ පිළිගත්තු.
ඉතිං මම මේ කතාව කිව්වේ මොකද,උබලත් කියපල්ලකෝ උබලට වැටිලා තියෙන නම් එහෙම මොනාද කියලා.
තක්කාලි කියලා ජාතියක් ලෝකේ තියෙන්නේ ඇයි කියලා මම නම් කියන්න දන්නේ නෑ. සමහරු කියන විදිහට තක්කාලි තමයි ගුණෙන් වැඩිම පළතුර. සමහරු කියන විදිහට එළවළුව. කවුරු කොහොම කිව්වත් හේන්බටු තක්කාලියේ ඉඳලා ලොකු ගෙඩි මස් තක්කාලිය වෙනකම් තක්කාලි ලෝලියෙක් මම. ඉස්සර අපේ අම්මා කරවල හාල්මැස්සෝ මොන ජාතිය හැදුවත් තක්කාලි ඒකට වීසිකරන්න අමතක කළේ නෑ. එළවළු ගේන්න කඩේට ගිය කිසිම වෙලාවක එයා තක්කාලි අමතක කළේ නෑ. ඒ හින්දමද කොහේද තක්කාලිවලට මාත් මාර ආසයි.
ReplyDeleteතක්කාලි රස රැසක් තියෙනවා මට හිතෙන විදිහට. පහළ ඌවේ හේන් පැල් වටේට හිනාවෙන පුංචි බටු තක්කාලිය හේන් හොද්දට වීසිකළාම තක්කාලිය ඒ හොද්දේ තවරන ඇඹුල් රසය මාරයි. සමහර වෙලාවට හේනේ ඉදෙන මඤ්ඤොක්කා කොළ මැල්ලුමට මේ හේන් තක්කාලි ගෙඩියක් එහෙට මෙහෙට කපලා දැම්මාම ඒකට එනවා අර මඤ්ඤෝකා කොළ රසට වෙනස් උත්තුංග රසක්.
ඉස්සර අම්මා අපිට උණ හැදිලා කටට කිසි දෙයක් රස නැතිවුණාම උඟුර තුවාලවෙලා වගේ තියෙන වෙලවට හදාලා දෙන සම්බෝල වර්ග දෙකක් තිබුණා. එකක් තමයි පොල් ගලෝලා ළිපේ අඟුරු අස්සෙ සඟවලා කළුවට හිනාවුණාම එළියට අරං ගලේ ගම්මිරිස් එක්ක අඹරලා හදන සම්බෝලය. ඇත්තටම මේක සම්බෝල කීවට ලුණු මිරිසක් වගේ එකක්. කළුවට කළුවේ දිවග මේක තියාගත්තාම ඉතිං බත් ටික බඩට වැටෙනවා.
ඊළඟට අපිට මෙහෙම වේලාවට දෙනවා තක්කාලි කපලා ලොකු ළූණු ගම්මිරිස් නයි කොච්චි එක්ක මික්ස් කරලා. මේකටනම් උඩින් දෙහි මිරිකනවා. දෙහියි නයි මිරිසුයි තක්කාලියි ලොකු ළූණුයි එකතුවුණාම එන රස නොදන්න කෙනෙක් ලංකාවේ ඉන්න විදිහක් නෑ. මේක උඩින් උම්බලකඩ ඕසෙට ඉස්සාම රස දෙගුණ වෙනවා. මෙහෙම සම්බෝලයක් හැදුවාම ඒකේ රසම කොටහා තමයි භාජනය අඩියේ ඉතුරු වෙන හොද්ද. මට හිතෙන්නේ රත්නපුරේ ට සුවිශේෂ රසක් තමයි මේ හොද්ද. මේක පස්සේ කාලේ ඔය තායි කාරයෝ එහෙම ඇවිත් රත්නපුරේ පදිංචි වුණාම වෙනම රසක් විදිහට බයිට් උඩින් උඩින් වැටුණා. රත්නපුරේ තියෙන රික්මන්ඩ් එක වගේ තැන්වල ඉස්සර බීපු එවුන්ට මේ රස අමතක වෙන්න විදිහක් නෑ. කරුමේ කියන්නේ මට මේකේ නම කටට එන්නෙම නෑ. ඒවෙනුවට කටට කෙළ උනනවා..
මේ ළඟදි දවසක කන්න හදාගන්න කිසිම දෙයක් නැති වෙලාවක එහේ මෙහේ බැලුවාම තක්කාලි ගෙඩි දෙකක් හිනාවෙනවා. රසකාරක නූඩ්ලස් පැකට් පොඩ්ඩෙකුත් අයිනක හිටියා. දැන් ඉතිං කොරන්න දෙයක් නෑ. වතුර අඩු කෝප්පයක් විතර ළිපේ තියලා ඒකට ලොකුවට කපලා තක්කාලි ගෙඩි ටික දැම්මා. ඊළඟට ලොකු ළූණු ගෙඩියකුත් හතරට පහට කපලා වීසි කළා. වතුර එක නටාගෙන එනකොට බඩ නට නටා බඩගිනී කියනකොට නූඩ්ලස් එකත් අරකටම එකතුකරලා සෝයා සෝස් ටිකක් ලාවට සියඹලාවක් එකතුකරලා කරකෝලා ගත්තා. අම්මෝ අමා රස. තක්කාලි මස යාන්තමට මෙලෙක වෙනකොට ගන්න තියේනම් රහා වැඩී.
කාලයක් මම සිංගප්පූරුවේ ලා විලා කියලා ඉතාලි රස සුවඳ ඇගට හලාගත්ත රෙස්ටුරෙන්ටුවක වැඩ කළා ඩීජේවරයෙක් විදිහට. (ඒක ගරු නාමයක් විතරයි..😁) ඉතිං උතුරු ඉන්දියානු යක්ෂයා අපි එහෙමයි ඒ චෙපාට කියන්නේ.. මිනිහා උදෙන්ම ඇවිත් කරන පළවෙනි වැඩේ තමයි ලස්සනම ලස්සන තක්කාලි පැටව් ටික පොත්ත යාන්තම් තැනින් තැන කොළුවට හැරෙනකම් අවන්ගත කරන එක. ඊටපස්සේ තමයි ඒකෙන් පීසාව උඩින් වනන තක්කාලි ජූසිව හදාගන්නේ.
ඕයාලා තක්කාලිවලට ආසනම් තක්කාලි අවන්ගත කරලා කාලා බලන්න. ඇලුමිණියම් කොළයේ දවටලා පුච්චගෙන කාලා බලන්න. රස්නෙට පිට කට්ටකැඩිලා රස්නේ තක්කාලි ජූසිව දිවගට හලාගත්තනම් ඔබ තක්කාලි පෙරේතයෙක් වෙනවා නිසැකයි. ඒ ජූස් එකේ නැත්තං රස සිරපයේ රස පැණියෝ ඔබ ආසකරන හැම රසක්ම තියෙනවා. ඔබගේ දිව රසග්‍රහනකාමී නම් රාගීවරයෙක් විදිහට ඔබට තක්කාලි රස එක්ක හැමනෙන්න පුලුවන්..
පීසා පස්තා ලසඤ්ඤා වගේ කෑම ජාති ගත්තාම ඒවාට මේ අපි කතාකරන තක්කාලියා නැතිව රසට සුවඳට ලාස්සනට හිනාවෙන්න බෑ. රස ගුලාවක් වෙන්නත් බෑ. එක එක තක්කාලි වර්ග එක එක රස වගේම එක එක කෑම වට්ටෝරු හැඩ කරනවා.
තක්කාලියා කියන්නේ කෑම රස කරන කරපිංචා රම්පේ වගේ දෙයක් විතරක් නෙවෙයි තක්කාලියා කියලා කියන්නේ වෙනම කන්න පුලුවන් දහස් ගානක් රස වට්ටෝරුවල මුල් තැන හොබවන එළවළුවක්. ස්පාඤ්ඤය නම් අවුරුද්දකට සැරයක් තක්කාලිවලින් ගහගෙන මේ රස තක්කාලියාව රසට සමරනවා. ඒක තක්කාලි සෝස් එකක කිමිදිලා හිටියා වගේ වැඩක්.
Deleteමස් මාළු කරවල මේ මොකක් උනත් තක්කාලි ජූස් එකෙන් තම්බගෙන කාලා බලන්න ඒක මොනතරම් රස ද කියලා. හරක් මස් වගේ තද මාංශයක් තක්කාලි එක්ක එකට හමන්නලා තිබ්බාම මස් අස්සට තක්කාලියා රිංගලා අපේ දිවට දෙනසැප ගැන නොදන්න කෙනෙක් මේ ලෝකේ ඉන්න විදිහක් නෑ. පොඩි පොඩි චෙරි තක්කාලි සැලඩයක හොවලා ලස්සනට හැඩ බලන ගමන් එකින් එක කටට වීසිකරගෙන බලන්න කොච්චර රසද කියලා. මස් තක්කාලිය යාන්තම් පුච්චලාවගේ අරං මීකිරි එකක දාලා ලුණු ඉසලා ගම්මිරිස් ඉසලා කාලා බලන්න කොහොමෙයි කියලා.
ඉතිං මේක නිකමට වගේ ලීවේ අපි මේ රස උන්නැහේට සලකනවා මදි කියලා කියන්න. තක්කාලිවල ගුණ ගැන කතාවට මම රුසියෙක් නෙවෙයි. ඒත් සරළ අදහස තක්කාලි කියන්නේ ගුණවන්තයෙක් කියන එක. එක එක මල්ටි විටමීන අත්‍යාවශ්‍ය ලෝහ එහෙම දවටගෙන ඉන්න තක්කාලියා ගැන ටිකක් වැඩිපුර හිතන්න. අපි අහක දාන එළවළු අතරේ මුදුනින්ම ඉන්න කෙනෙක් තමයි මේ තක්කාලියා. ඔය ටකට ටකට කොත්තුවක් ඔබ ගෙදර හදාගන්නවානම් තක්කාලියෙක් දෙන්නෙක් දාලා හොඳට ගසාගෙන බලන්න. මුලින්ම තැටිය උඩ තියලා පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා සත් කරගන්න.
ගෙදර තියෙන්නේ හාලුයි තක්කාලියි විතරයිනම් දෙකම එකට දාලා ඒකට තව කරපිංචා සුදුළූණු රම්පේ සේර කහා පොල් කිරි සුඟක් වගේ එකට සංයෝග කරලා උයලා බලන්න.. ආයි එළවළු සොයන්න කඩේට දුවන එකක් නෑ. ඒක තමයි තක්කාලියා අපිට සලකන විදිහ. පොල් කිරට තක්කාලි කෑලි දාලා හොඳට උම්බලකඩ වීසිකරලා උළුහාල් හොඳට දාලා තක්කාලි හොද්ද කාපු අය නොඉන්න විදිහක් නෑ. එහෙම අය රස මතක් කරගන්න. රතු පොල් සම්බෝලෙට චරස් ගාලා හැපෙන්න තක්කාලි වීසිකරන ඈයෝ මේක කියවන්නම ඕනී.
තක්කාලි ගැන ලියන්න හිත හිතා ඉන්නකොට අද මේ පොටෝ එක ඇහැට පැන්නා. ඉතිං ඕන් ලීවා. තවත් තක්කාලියාගේ රස දන්න අය හලාගෙන බෙදාගෙන යන්න..
හාන්දුරුවනේ,
ReplyDeleteතක්කාලියා කියන්නේ කෑම රස කරන කරපිංචා රම්පේ වගේ දෙයක් විතරක් නෙවෙයි තක්කාලියා කියලා කියන්නේ වෙනම කන්න පුලුවන් දහස් ගානක් රස වට්ටෝරුවල මුල් තැන හොබවන එළවළුවක්. ස්පාඤ්ඤය නම් අවුරුද්දකට සැරයක් තක්කාලිවලින් ගහගෙන මේ රස තක්කාලියාව රසට සමරනවා. ඒක තක්කාලි සෝස් එකක කිමිදිලා හිටියා වගේ වැඩක්.
මස් මාළු කරවල මේ මොකක් උනත් තක්කාලි ජූස් එකෙන් තම්බගෙන කාලා බලන්න ඒක මොනතරම් රස ද කියලා. හරක් මස් වගේ තද මාංශයක් තක්කාලි එක්ක එකට හමන්නලා තිබ්බාම මස් අස්සට තක්කාලියා රිංගලා අපේ දිවට දෙනසැප ගැන නොදන්න කෙනෙක් මේ ලෝකේ ඉන්න විදිහක් නෑ. පොඩි පොඩි චෙරි තක්කාලි සැලඩයක හොවලා ලස්සනට හැඩ බලන ගමන් එකින් එක කටට වීසිකරගෙන බලන්න කොච්චර රසද කියලා. මස් තක්කාලිය යාන්තම් පුච්චලාවගේ අරං මීකිරි එකක දාලා ලුණු ඉසලා ගම්මිරිස් ඉසලා කාලා බලන්න කොහොමෙයි කියලා.
ඉතිං මේක නිකමට වගේ ලීවේ අපි මේ රස උන්නැහේට සලකනවා මදි කියලා කියන්න. තක්කාලිවල ගුණ ගැන කතාවට මම රුසියෙක් නෙවෙයි. ඒත් සරළ අදහස තක්කාලි කියන්නේ ගුණවන්තයෙක් කියන එක. එක එක මල්ටි විටමීන අත්‍යාවශ්‍ය ලෝහ එහෙම දවටගෙන ඉන්න තක්කාලියා ගැන ටිකක් වැඩිපුර හිතන්න. අපි අහක දාන එළවළු අතරේ මුදුනින්ම ඉන්න කෙනෙක් තමයි මේ තක්කාලියා. ඔය ටකට ටකට කොත්තුවක් ඔබ ගෙදර හදාගන්නවානම් තක්කාලියෙක් දෙන්නෙක් දාලා හොඳට ගසාගෙන බලන්න. මුලින්ම තැටිය උඩ තියලා පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා සත් කරගන්න.
ගෙදර තියෙන්නේ හාලුයි තක්කාලියි විතරයිනම් දෙකම එකට දාලා ඒකට තව කරපිංචා සුදුළූණු රම්පේ සේර කහා පොල් කිරි සුඟක් වගේ එකට සංයෝග කරලා උයලා බලන්න.. ආයි එළවළු සොයන්න කඩේට දුවන එකක් නෑ. ඒක තමයි තක්කාලියා අපිට සලකන විදිහ. පොල් කිරට තක්කාලි කෑලි දාලා හොඳට උම්බලකඩ වීසිකරලා උළුහාල් හොඳට දාලා තක්කාලි හොද්ද කාපු අය නොඉන්න විදිහක් නෑ. එහෙම අය රස මතක් කරගන්න. රතු පොල් සම්බෝලෙට චරස් ගාලා හැපෙන්න තක්කාලි වීසිකරන ඈයෝ මේක කියවන්නම ඕනී.
තක්කාලි ගැන ලියන්න හිත හිතා ඉන්නකොට අද මේ පොටෝ එක ඇහැට පැන්නා. ඉතිං ඕන් ලීවා. තවත් තක්කාලියාගේ රස දන්න අය හලාගෙන බෙදාගෙන යන්න..
සිඩ්නි වැසියන්ට දින 3 ක් තිස්සේ වතුර නෑ
ReplyDeleteඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර ප්‍රදේශ කීපයක ජල සැපැයුම අඩපණ වී ඇති බවත්, එම ප්‍රදේශවල වැසියන් තෙදිනක් තිස්සේ ජලය නොමැතිව පීඩාවට පත් වී සිටින බවත් වාර්තා වේ.
ජල සැපැයුම අඩපණ වී ඇත්තේ, ප්‍රධාන නළ මාර්ගයට හානි සිදුවී ඇති බැවිනි. අඩපණ වූ ජල සැපැයුම යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ලහිලහියේ සිදුවෙමින් පවතින බව නගර බලධාරීහු පවසති.
(රොයිටර්)
-අඩෝ ඔසී රටේ මලපවාහන පද්දතියේ සේවයේ නිරුතු රසික පොන්නයා, දීපන් වතුර. රෂිනිට හුත්ත හෝදගන්න වත් විදියක් නැතිව ඇති.
විදුලි බිල වැඩි වී ඇත්තේ විහාරස්ථානවලට විතරක් නෙමෙයි, හින්දු, මුස්ලිම් හා කතෝලික ආගමික ස්ථානවලටත් එය එසේයි. ආර්ථික අර්බුදයේ බර මුළු රට විසින් ම එක්ව දරාගත යුතු අවස්ථාවක් මේක. 90 දශකයේ නැගෙනහිර ආසියාවේ ආර්ථික අර්බුදය අවස්ථාවේ, ඉන් ගොඩ එන්න තායිලන්තය වැනි රටවල විහාරස්ථාන ඒවාහි තිබූ රත්තරන් ආදිය එරට මහබැංකුවට පරිත්‍යාග කළා. පන්සල් තමා අර්බුදය විසඳගන්න සමාජයට නායකත්වය දුන්නෙ. ලංකාවේ භික්ෂූන් වහන්සේත් ඊට වඩා ධෛර්යවන්ත පිරිසක්.
ReplyDeleteඒත් මෙරට සිංහල බෞද්ධත්වයට එරෙහිව, අරගලය සමග එක්ව සිටි ඕ. සෝභිත වැනි අය දැන් මේකෙන් දේශපාලනය කරන්න හදනවා. ගෝඨාභය ජනාධිපතිවරයා මන්දිරයෙන් පලා ගිය පසු, ඕමල්පේ සෝභිත හිමි එහි සිටි පාදිලිවරුන් සමග එක්ව ප්‍රකාශ කළේ ලංකාවේ සිංහල බෞද්ධ බලය අවසන් කියල. එහෙම කෙනා තමා අද පන්සලේ ලයිට් බිල වැඩි වීම ගැන ප්‍රලාප කියවන්නෙ.
-රසික සූරියආරච්චි-
රජ්ජුරුවෝ තාමත් හෙළුවෙන්!
ReplyDelete“අන්න රජතුමා හෙළුවෙන්!” කියලා පොඩිඑකෙක් කියපු කතාව හැමෝම දන්නවානෙ. මේ එකේ ඉතිරිය.
“හෙළුවෙන්” කිව්ව එකා නිසා රජ්ජුරුවන්ට වඩා අමාරුවක වැටුණෙ ඇමැත්තො ටික. රජ්ජුරුවො ඇමති මණ්ඩලේට ගෝරනාඩු කළා. ඇමති තනතුරු වෙනස් කළා. භාණ්ඩාගාර ඇමති අශ්ව ඉස්තාල භාර ඇමති කළා. විදේශ ඇමති සංදේශ ඇමති කළා.
හැම උදේකම රජ්ජුරුවො කවුරු හරි ඇමතියෙක්ව මාරු කළා. මහ ඇමතිගෙ වැඩ බලන්න රජ්ජුරුවන්ගේ පුත් කුමාරයෙක් පත් කළා. කුමරයාට වයස අවුරුදු තුනයි! කුමාරයා මහ ඇමතිගෙ ඔඩොක්කුවට පැනලා මූත්‍රා කළා.
මේ සේරම අකරතැබ්බවලට මුල ‘හෙළුව’ පෙන්නපු පොඩි එකා බව ඇමති මණ්ඩලේට වැටහුණා. සේරම දෙනා එකතු වෙලා පොඩ්ඩාව හොයා ගෙන ගියා.
“මං හෙළුව පෙන්නාදීපු නිසා හැමෝම අමාරුවෙ වැටුණා නේද?” පොඩ්ඩා ඇහුවා.
තමන් කට අරින්නත් කලින් පොඩ්ඩා හේතුව කිව්ව එක ගැන ඇමතිවරුන්ට හරි පුදුමයි.
කොහොමද එක පාරටම දැන ගත්තේ මහ රජතුමා හෙළුවෙන් කියලා?
“අයියෝ ඒක සුළු දෙයක් නෙ. ඇඳුමෙන් වැහිලා තියෙන්න ඕනෙ අවයව සේරම එළියෙ නම්, ඒකෙන් කියවෙන්නෙ, ඒ තැනැත්තා හෙළුවෙන් කියලා තමා. මට කරද්දී ගුරුතුමා ඕක කියලා දුන්නේ.
ඇමති මණ්ඩලේ තම තම නැණ පමණින් කාරණේ තේරුම් ගත්තා. හැමදේට ම මුල ගුරුතුමන්ලා බව සියල්ලන්ම ඒකමතිකව තීරණය කළා. ගුරුතුමන්ලා දරුවන්ට මෙවැනි දේ කියා දෙන තරමට තමන්ගේ රාජකාරි අමාරුවෙන බව ඒ හැමෝටම පෙනී ගියා. හැමෝ ම ඇඟිල්ල දික් කළේ පාඨශාලා ඇමති දිහාටයි. ඒ හිටපු ඇමති කෙනා වෙනුවට රජතුමා කෝපවෙලා ඒ තනතුරට දාලා තිබුණේ හිටපු ගව පට්ටි භාර ඇමතිවරයාවයි.
“ඒ සිද්ධිය වෙන කොට මම මේ තනතුරේ හිටියෙ නැහැ. ඒ නිසා මට වගකීමක් බාර ගන්නත් බැහැ. ඒත් ඉස්සරහට මේ දේ නොවෙන්න මම වැඩ කරන්නම්. මගේ ගව පට්ටි පාලන දැනුම මෙතෙන්දි හරි වැදගත්!” බුද්ධිමත් විදිහට ඇමතිවරයා පැහැදිලි කළා.
“අපේ ගව පට්ටිවල මස් අඩු වෙන කොට අලුතෙන් තණකොළ, පුනක්කු දෙනවා. ඒ වගේමයි, උන් වැඩිලා තෙල් පිරිලා මස්වල ගුණය පහළ යද්දී අපි හරකුන්ගෙ කෑම පාලනය කරනවා. ඒ වගේ ම ගැළපෙන මස් වර්ග ආසන්න රාජධානිවලින් ගෙන්වනවා. මෙතෙන්දි කරන්න ඕනෑ ඒක. මේ ගුරුවරු පමණට වඩා ළමයින්ට දැනුම දෙනවා. ඒක පාලනය කරන්න ඕනෑ.”
පාඨශාලා ඇමති සිය තීරණය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. කෙළින් ම ගුරුවරුන්ට උගන්වන ප්‍රමාණය අඩු කරන්න කියන්න බැරි නිසා ඒ සඳහා විවිධ උපක්‍රම යෙදුවා. ඇතැම් පාඨශාලා වසා දැමුවා. ගුරුවරුන් දුර්මුඛ කරන්න ඔවුනගේ දීමනා අඩු කළා. ඔවුන් එහාට මෙහාට මාරු කළා. දුනු විදින්න දක්ෂ ගුරුවරු වෙණ වයන්න උගන්වන්න යැව්වා. වෙණ වයන අය කෘෂිකර්මය උගන්වන්න යැවුවා. ඒත් එක්කම පාඨමාලාවල ‘හෙළුව’ පිළිබඳ ලියැවුණු පොතපත ඉවත් කළා. ඉතිහාසයේ දවසක රජතුමා හෙළුවෙන් ගිය කතාව දැන ගන්න නිසා ඉතිහාසය උගන්වන එකත් නතර කරලා දැම්මා.
අඩු දීමනා නිසා ගුරුවරු පාඨමාලා හැර දමා ගිහින් කසිප්පු පෙරීම වගේ ජීවන මාර්ග තෝරා ගත්තා. තවත් අය රට ගියා. ඒත් එක දක්ෂ ගුරු පිරිසක් මේ තත්වය වෙනස් කරන්න තීරණය කරලා ඒ ගැන සාකච්ඡා කළා.
“උඹලාගේ දරුවන්ට හොඳ ඥානයක් ලැබෙන්නේ නැහැ. පාඨමාලා පිරිහෙනවා. හොර තක්කඩි අකුරු උගන්වන්න එනවා. ඉතිහාසය අයින් කරලා. පාඨශාලා දිරාපත් වෙන්න ඇරලා.” ඔවුන් ගම්බිම් කරා යමින් රටවැසියන් දැනුවත් කළා. බුද්ධිමත් රටවැසියන් කලබල වුණා. ඒත් ඒක තේරුම් නොගත් අනුවණ පිරිස් ඒ ගුරුවරුන්ට උසුළු විසුළු කළා.
කොහොමින් හරි සිද්ධ වෙමින් පවතින දෙය රජතුමාටත් ආරංචි වුණා. “කුමක් ද මේ සිදු වන්නේ? වහාම කරුණු සොයා බලා මට දැනුම් දෙනු!” රජු ඇමති මණ්ඩලයට නියෝග කළා.
තමන් සැලසුම් කළ මොහොත පැමිණ ඇති බැව් ඇමති මණ්ඩලය වටහා ගත්තා. පසුදා උදේ ඔවුන් සියලු දෙනාම සීතාම්බර පට සළුවලින් සැරසිලා රාජ සභාවට ගියා.
“රජතුමනි, අතීතයේ දිනක අප ඇඳ සිටින වටිනා සළුවෙන් සැරසී ඔබතුමා ජනතාව ඉදිරියට යද්දී එක් මෝඩ කොලුවෙක් ඔබට අවමන් කළා. මෝඩයින් වූ රටවැසියනුත් ඒ කොලුවාගේ බහ පිළිගෙන ඔබතුමාට සිනාසුණා. එහෙත් වරද අපි වැරදි කළා. දැන් යළිත් මේ සළුව අඳින්නට කාලයයි!”
මෝඩයාට නොපෙනෙන ඒ සළුව හැඳ ගත් රජතුමා ද ඇමති මණ්ඩලයත් සමඟ මහත් ආඩම්බරයෙන් වීදි සංචාරයේ යෙදුණා.
‘හෙළුව’ යන වදන නොදන්න අලුත් දරුවන් ඒ පැරණි වචනය කීවේ නැහැ. තේරුණු ගුරුවරුන් ඒ බව කියන්න හැදුවත් මෝඩ මිනිස්සු එ්ක වැළැක්වූවා. “හෙළුව? ඒ මොකක්ද?” රජතුමා හෙළුවෙන් බව පෙන්වන්න හදපු ගුරුතුමන්ලාගෙන් ඒ පිරිස් ප්‍රශ්න කළා. ඉතිහාසය නූගන්වන නිසා රටවැසියන්ටත් ඒ වචනය අමතකව ගොස් තිබුණා.
කවුරුත් කිසිත් නොකීම ගැන රජතුමා සතුටු වුණා. “ප්‍රීතියි! ප්‍රීතියි! ඇමතිවරුනි, ප්‍රීතියි!” රජතුමා උද්දාමය පළ කළා.
ජනතාව නිසි තැනට ගෙන ඒමේ ඇමතිවරුන්ගේ ක්‍රියා පිළිවෙත රජතුමාගේ පැසසුමට ලක් වුණා. රජු ඇතුළු ඇමති මණ්ඩලයම සීතාම්බර පට සළු ඇඳ ගෙන යන්න පටන් ගත්තා. තවමත් ඔවුන් නිර්භයව ඒ ඇඳුම ඇඟලා ගෙන ඉන්නවා. ගවපට්ටිකරුවන් සුසුම් හෙළනවා.
-රසික සූරියආරච්චි-
රනිල් වික්‍රමසිංහ කියන්නෙ මං කැමති චරිතයක් නෙමෙයි. ඒත් අපි අකමැතියි කියලා මිනිහෙකුගේ දේශපාලන හැකියාව සහ නිපුණතාවය අවතක්සේරු කරන්න බෑ. මේ වෙලාවෙ දේශපාලන පිට්ටනියෙ ඉන්න වඩාත් ආකර්ශනීයම චරිතය රනිල්.
ReplyDeleteරනිල් මේ මොහොතෙ කරන දේශපාලන සෙල්ලම මං ඉතා ආසාවෙන් බලන් ඉන්න එකක්. ඒක පොඩි ළමයින්ගෙ බෝල පාස් සෙල්ලමක් නෙමෙයි. නිකං සටන් පාඨවලින් ගොඩයන්න පුළුවන් එකක් නෙමෙයි. රනිල් කරන්නෙ මහින්ද රකින එක වගේ කතන්දර දේශපාලන ගැඹුරක් තියෙන ඕන කෙනෙකුට ජෝක්. මොකද දේශපාලනයේදි කිසි කෙනෙක් තව කෙනෙක් රකින්නෙ නෑ. තමන්ගේ බලය වෙනුවෙන් පාවිච්චි කරනවා මිස. ඒක තමයි ඒ විෂයේ හැටි. ජවිපෙ වගේ පක්ෂ විසින් විශ්වාස කරන හොඳ මිනිස්සු කියන කතාව දේශපාලන විෂයට අදාල කතාවක් නොවෙන්නෙ ඒ හින්ද. ඒවා නිකං ආර්ට් වැඩවලට හොඳ කතන්දර. දේශපාලනය කියන්නෙම මිනිස්සුන්ගෙ නරක පැත්තත් එක්ක ගනුදෙනු කිරීමට.
රනිල් දේශපාලනයේ අන්ත පරාජයකට ලක්වෙලා හිටියෙ. මං වුනත් රනිල් දිහා බලමින් කුරිරු සතුටක් ලැබුවා. ඔය කියන තරම් ස්මාර්ට් මිනිහා අන්තිමට මොනවද කරගත්තෙ කියල උසුළුවිසුළු කළා. රනිල්ගෙ වැදගත්ම දේ තමයි ඉවසීම. බලන් ඉන්න පුළුවන්කම. ජනතා දේශපාලනයේදී තමන් දක්ෂ නැති බව හොඳින්ම පසක් කරගෙන පිට්ටනිය තමන්ට ගැලපෙන මොහොත දක්වා එනකල් රනිල් නෙට්ෆ්ලික්ස් බැලුවා. ඇත්තටම නෙට්ෆ්ලික්ස්වල ක්‍රවුන් සීරීස් එක දේශපාලන විෂයට කැමති කෙනෙක් බලන්නම ඕන. ඒකෙ චර්චිල් කරන දේශපාලනය මට හරිම ආකර්ශනීය එකක්. කොටින්ම තමන්ගෙම කැබිනට් එක පවා තමන්ව එලියට දාන්න බලන් ඉඳිද්දි කලිසමේ chu යන නාකි චර්චිල් ගේම් එක ගහනවා. ඒක මාර ඉන්ස්පයරින් කැරැක්ටර් එකක්.
රනිල්ට ජනාධිපති වෙන්න ලැබෙන්නෙ තමන්ගෙ ප්‍රබලතම ප්‍රතිවාදී පක්ෂෙ සහායෙන්. එතනදි පොහොට්ටුවට රනිල්ව ඕන වෙන්නෙ තමන්ගේ ආරක්ෂාව පිණිස. නැවත තමන් ගොඩනැගෙන තෙක් පක්ෂයක් බලයක් අහිමි දුර්වලයෙක් පාවිච්චි කිරීම කියන තැනින්. රනිල්ට සිද්ද වෙනවා ඒ අවසරෙන් තමන්ට අහිමි සියල්ල යළි දිනාගන්න. ඇත්තටම ගත්තොත් විපක්ෂයත් රනිල්ට විරුද්දයි, පොහොට්ටුවත් විරුද්දයි. ඒ හින්දම රනිල්ට සටන්පාඨ දේශපාලනය කරන්න පුළුවන්කමක් නෑ. හරිම අවදානම් පාරක, ලොකු වීර වික්‍රම නැතුව ඉතා සියුම් දේශපාලන ගේම් එකක් එයාට සෙල්ලම් කරන්න වෙනවා. වැල් පාලමේ උදාහරණය මෙතනදි හරියටම ගැලපෙනවා.
රනිල්ට දේශපාලනය කරන්න වෙලා තියෙන්නෙ ජවිපෙ කියන විදිහෙ හොඳ මිනිස්සු එක්ක නෙමෙයි. හොර ආණ්ඩු පක්ෂයක් සහ moda විපක්ෂයක් එක්ක. අනිත් පැත්තෙන් රටේ දැවැන්තම අර්බුදයත් එක්ක. ඒ නිසා සංදර්ශන පවත්වන්න අවසරයක් නෑ. විසිල් ගහන වීරයා වෙන්න බෑ. ලංකාවෙ ජනාධිපති කෙනෙක් මුහුණ දෙන අතිශය තීරණාත්මක, අභියෝගාත්මක මොහොතකට රනිල් මුහුණ දෙනවා. ඒක බලන් ඉන්න හරිම ඉන්ටරෙස්ටින්ග්. තියුණු බුද්ධියකින්, ඉවසීමකින් කරන චෙස් ක්‍රීඩාවක් තරම්ම ආකර්ශනීයයි.
සියල්ලන් ප්‍රතිවාදීන් වූ දේශපාලනයක තනි මිනිහෙක් කරගෙන යන මේ සටන ඉතිහාසයේ වැදගත්ම පරිච්ඡේදයක් වෙනවා. රනිල් දිහා මං බලාපොරොත්තු සහගතව බලන් ඉන්නෙ ඒ හින්ද.
ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර ඇති වෙනස් කම්..
ReplyDelete* නම් දෙක වෙනස් ය..
ජනතා විමුක්ති පෙරමුණ
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
* නායකයන්ගේ නම්ද වෙනස් ය
ජනතා විමුක්ති පරමුනේ නායකයා කුමාර වේ.
පෙරටුගාමී සමාජවාදී පක්ශයේ නායකයා කුමාර් වේ .
* ජනතා විමුක්ති පෙරමුණේ අනෙකාට අයියා කිව හැක.
පෙරටුගාමී පක්ශයේ එසේ කිව හොත් ඌයියා වනු ඇත.
*ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ලස්සනය.. රැවුල් මනාවට මට්ටම් කරයි. පිළිවෙලට ඇඳ පලදියි..දකින විට ප්‍රියමනාපය.
ඉංග්‍රීසි කතාබස් කරයි..රැකියාද කරයි..පක්ශයෙන් නඩත්තු වන්නේ ස්වල්පයකි.. ඇන්ඩ්‍රොයිඩ් ඇපල් ජංගම දුරකථන භාවිතා කරයි.. බාටා පලදින්නේ නැත.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් අපිළිවෙලය..රැවුල් මට්ටම් නොකරයි.මුහුණ දුර්වර්ණය.. අපිළිවෙල ඇඳුම් අදී. අප්‍රියය..සිංහල පමණක් දනී.රැකියා නොකරයි.කුටු කුටු ගා බටන් පෝන් වලින් තොරතුරු sms කරයි.. BATA නිළ පාවහන් සමාගමයි..
* ජනතා විමුක්ති පෙරමුණෙේ සාමාජිකාවන් ලස්සනය..කොන්ඩය කැරළි කැරළි ඇත..රූපලාවණ්‍ය කරයි.. පියයුරු සහ පසුපස අලංකාරයි.. හඬ සියුම් ..ඉංග්‍රීසි කතාකරයි..මිත්‍ර ශීලීයි..ප්‍රියමනාපයි..විලාසිතා කරයි.සමාජ මාධ්‍යය භාවිතා කරයි..
අඩි උස සෙලෙප්පු දමයි..ඩෙනිම් අඳියි..සුවදයි
පෙරටුගාමී පක්ශයෙේ සාමාජිකාවන් අවපැහැය.කොනඩය පීරන්නේ නැත.රූපලාවණ්‍ය තහනම් ය..ශරීරය පැතලු වේ.. හඬ ස්ලෝගන් ය.. සුද්ධ සිංහල සහ සිංහල දනී. බිම බලාගෙන ගමන් කරයි.විලාසිතා තහනම් වේ..බාටා පමණි.ලුංගි හෝ බොටම් පමණි..ගදයි
ජනතා විමුක්ති පෙරමුණේ ආදරය විවාහය සමාජගතය..
පෙරටුගාමී පක්ශයේ පක්ශය තුල පමණි.
ආදරය තහනම් ය...
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විනෝදසවාරි යයි.. කදු නගියි.
පෙරටුගාමී පක්ශයේ ඒවා තහනම් ය...
Jvp - සාමාජිකයන් අනෙකා දෙස සාමයෙන් බලයි..මිත්‍ර ශීලියී.. කෑවාද බීවාද අසයි..සිංදු කියයි..නටයි..
පෙරටුගාමී -සාමාජිකයන් අනෙකා දෙස සැකයෙන් බලයි. කෝප වෙන සුලුයි.. කන්න තියෙනවාද අසයි..ශ්ලෝක ගයානා කරයි.නර්තනය තහනම් ය..
Jvp - සිකරට් මත් පැන් බීම තමගේ කැමැත්තයි
පෙරටුගාමී - සැගවී පානය කල යුතුයි. තහනම් දෑය..
Jvp - තෙල බෙදයි
පෙරටුගාමී -ගිල්ලවයි..
Jvp- කාල් මාක්ස්ව හදාරයි,නිගමනය කරයි,පරීක්ෂණ කරයි
පෙරටුගාමී -කාල්මාක්ස්ට අදරෙයි..ආදරෙයි..ආදරෙයි..
Jvp - සිනහවෙයි මුහුණු දීප්තිමත් ය..
පෙරටුගාමී -සිනහව තහනම් මුහුණු අඳුරුය
Jvp - ප්‍රසිද්ධියේ කතාබස් කරයි
පෙරටුගාමී -සැගව කුටු කුටු ගායි
Jvp -එක් මොහොතකදි ගෙන්විය හැකි සාමාජික බලඇණිය 3%
පෙරටුගාමී පක්ශය .00006%
Jvp -දේශපාලනය කරයි
පෙරටුගාමී - දේශපාලනය බලයි
Jvp - සාමාජිකයන් උසය
පෙරටුගාමී සාමාජිකයන් කොටය..
Jvp -සමාජවාදී ප්‍රිය වචනයෙන් කතාකරයි
පෙරටුගාමී -සමාජවාදී කුණුහර්ප කියයි..
Jvp ගීතයක්...- අරගලයේ රාවේ ආකාශේ පාවේ ඇසුනද ඇසුනද ඇසුනාද
පෙරටුගාමී ගීතයක්... - උල්ලයි උල්ලයි ඌ ඌ උල්ලයි උල්ලයි ඌ ඌ
Jvp - විහිලු තහලු වැටහෙයි
පෙරටුගාමී -නොවැටහෙයි...