Friday, May 13, 2022

රනිල්, ප්‍රශ්නය මිස උත්තරය නොවේ.


රනිල්ව ගේන්න සමහරු දරදිය අදිනව. සමහරු අවංක ප්රකාශ කරනව. මගේනම් අදහස රට ලේ විලක් කරපු පාස්කු වගේ සංවේදී ප්රශ්නයකට රනිල් ගාව උත්තර තියෙනවද? මටනම් කන්න බොන්න නැතත් යුක්තිය ඕන. යුක්තියෙන් බඩ පිරින්නෙ නැහැ. හැබැයි අයුක්තිය තමයි මිනිස්සුන්ගෙ මේ තරම් ප්රශ්න ගොඩක් රටතුළ නිර්මාණය කලේ. මිනිස්සුන්ගෙ කුසගින්න නිර්මාණය කලේ.

රනිල් දූෂිත පාලකයන්ව රකිනව. රනිල් යහපාලනය කාලෙ රාපක්ෂලව රැක්ක. රාජපක්ෂලත් රනිල්ව රැක්ක. යුක්තිය පසිඳලීම තමයි රටක් සදාචාරවත් රටක් ලෙස ලෝකය පිළිගන්නෙ. ලෝකය තුළ අපේ රට තියෙන්නෙ අමු ගෝත්රිකයො පිරිසක් කියන අදහස. හේතුව යුක්තිය හා සාධාරණත්වය නොමැතිකම. ඒක ඇති කරන්න රනිල් උත්තරයක් නෙමෙයි. රනිල් කියන්නෙ ඩීල් දේශපාලනයේ ලංකාව ඇතුළෙ සංකේතයක්. බොහෝ අය මගෙ මේ අදහසට එකඟ නැති වෙන්න පුළුවන්. ඒක හොඳයි. විවිධ අදහස් වලට මම ගරු කරනව.

පළවෙනිම දේ තමයි; අද වෙද්දි මේ රටේ මේ එකපාරටම ආපු අලුත් ආණ්ඩු කතාව. ඒක කිසිසේත්ම පවතින ආණ්ඩුවෙ උවමනාවක් නෙමේ. අද මේ රටේ මේ වගේ අලුත් බලාපොරොත්තුවක් මතු වුනේ මිනිස්සු මාස ගානක් කරපු දැවන්ත අරගලයකින්.

ඒ අරගලයේ අරමුණ මොකද්ද? තෙල් හිගය, බේත් හිඟය, ඇතුළු ආහාර සහ අත්යාවශ්ය බාණ්ඩ හිඟය. මේකට මුල්ම හේතුව ආර්ථික අගාධයකට රට ගිය එක. නමුත් අරගලයේදි මිනිස්සු හඬ නැගුවෙ මේ දේවල් විතරක් නෙමේ. රාජපක්ෂලට gotagohome කියල කරපු අරගලයක් මේක. ඒ මේ දූෂිත දේශපාලනය එපා කියල මිනිස්සු කිව්වෙ. එහෙමනම් මල්ඵල ගැන්වෙන්න ඕනවෙන බලාපොරොත්තුව මොකද්ද? ඒ තමයි මේ දූෂිත දේශපාලනය ප්රශ්න කරන, මේ දූෂිතයන්ගෙන් ඒ මුදල් ආපසු ගෙන භාණ්ඩාගාරයට ගන්න එක. (මේක අපි දකින හීනයක් කියල ගොඩක් අය කියයි. නමුත් රාජපක්ෂලව ගෙදර යවන එකත් හීනයක් කියපු අය හිටිය. නමුත් සංඛේතයක් විදියට අද වෙද්දි අගමැති ගෙදර යැව්ව. මේව හීන නෙමෙයි.)

ඒ දූෂිතයන්ව ප්රශ්න කරන අවංක නායකයෙකුයි අපි පත් කරගන්න ඕන. ඒකට ඔය 225 අතරෙම ඇති වෙන්න කට්ටිය ඉන්නව. රනිල් සුදුසුයි කියන අය මට කියන්න රනිල් යහපාලනය කාලෙ කරපු දේවල්. එයා ආර්ථික පකීර් කෙනෙක්ය කියන මිත්යාව මේ රටේ අවුරුදු ගානක් වැඩුනු මිත්යාවක්. ජාත්යන්තර ගනුදෙනුවලට අවශ්ය දූෂිත නොවන මනුස්සයෙක් පමණයි. එහෙම ඕනම මනුස්සයෙකුට ජාත්යන්තරය උදව් කරයි කියල මම හිතනව. ඒකට රනිල්ම ඕන නැහැ.

අනික තමයි මේකත්. හෙට අලුත් නායකයෙන් (රනිල්ව හරි) පත් කරගත්තට මේ ආර්ථික ආගධය දවසින් දෙකකින් කෙළවර වෙලා මිනිස්සු කාල බීල තෙල් ගහගෙන බේත් බීල ඉන්නෙ නැහැ ෆෑන් එක දාගෙන සැපේ ඉන්නෙ නැහැ. සමහරවිට තව කාලයක් මේ තත්ත්වය තියේවි. අඩුම තරමෙ මේ තත්වය ඇතුලත හෝ මිනිස්සුන්ට යුක්තිය ඉටුවන බව පේන්න හරි තිබුනොත් බලාපොරොත්තු සහගතව මිනිස්සු කළමණාකරනය වෙලා වැඩ ටික කරගන්න පුලුවන් වෙයි. අන්තර්කාලීන ආණ්ඩුවක් හෝ හවුලේ කන ඕනම ආණ්ඩුවක් මාස පහකින් බංකොලොත්. විශ‌ේෂයෙන්ම රනිල්ට වැඩ කරන්න තියෙන්නෙ පොහොට්ටුවෙ උද්දච්ච, තකතීරු මන්ත්‍රීවරු බහුතරයකගෙ සහයෝගයෙන්. ඒ කියන්නෙ පාර්ලිමේන්තුවට මිරිස්කුඩු අරන් එන, ඒ ඇතුළෙ මරාගන්න වුනත් සූදානම් පිරිසක් එක්ක. ඒ පිරිස කළමනාකරණය කරගන්න රනිල්ට පුලුවන් වෙයිද? මින්පස්සෙ  මිනිස්සුන්ට හිතෙයි තිබුන විදිය හොදයි; මුං ආයෙ මරාගන්නව කියල. ඒ 225වත් කළමනාකරනය කරගන්න රනිල් සුදුස්සෙක් නෙමෙයි.


රනිල් උත්තර නෙමෙයි. රනිල් ෆේල් ද නැද්ද කියන්න යහපාලන ප්රශ්නය දිහා නැවත හැරිල බලන්න.

 

- ගුරුගොඩ සිරිවිමල -



 

4 comments:

  1. මහත්තයෝ, ඔයාට පිනට ගිලින්න දානේ හම්බුනාට අපිට එහෙම නැහැ.

    මේ වෙලේ රනිල් බැරිනං මහින්ද හරි කමක් නෑ, රට බාර අරං මේ ආර්ථික ප්‍රශ්නෙන් රට ගොඩ දාලා දෙන්න ඕනි. ඊට පස්සේ පුළුවන් අනික් දේශපාලන ප්‍රතිසංස්කරන ගැන බලන්න.

    මේ රට කෑවේ සිවුරුකාරයෝ මිසක් දේශපාලකයෝ නෙමෙයි. සිරිවිමල මහත්තයා මහණ වෙලා ඉන්නකෝ ඔක්කොටම කලින්.

    ReplyDelete
  2. දැන් කව්ද එන්න ඕන? ඉන්න අයගේ හැටියට රනිල් හාමු තමය් හොද

    ReplyDelete
  3. සියල්ල අතහැර මහණ වෙන්න ආයුබොවන්ඩ

    ReplyDelete