සෙව්ම්

Wednesday, September 18, 2019

වාරණය හා සත්‍යය

රැස පුවත්පතෙහි පළ වූවකි. |2019. 09. 17
ශක්තික සත්කුමාර ලියූ “අර්ධ“ කෙටි කතාව සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් විය. එහි නිර්මාණාත්මක රසයන් විවේචනය නොකරමින් දෘශ්ඨි වාදයවත් නොගනිමින් යම් සිවුරු දරාගත් කණ්ඩායමක්(ඔවුන් භික්ෂූන් යැයි පැවසීම වරදකි.) ශක්තිකට එරෙහිව අධිකරණයේ කරුණු ඉදිරිපත් කරමින් මේ මහපෙළොවේ නිර්මාණාත්මකව පැලවිය යුතු දෘෂ්ඨිවාදයක් සහමුළින්ම මුළිණුපුටා දැමීය. ඒ නිර්මාණය මා කියවාගත් පරිදි වත්මන් භික්ෂු පරපුරේ අර්බුධය ගැන යම් ඉගියක් දෙන නිර්මාණයකි. එකී දෘශ්ඨිය මේ මහපොළොවේ පැළවුවා නම් හෙට බිහිවෙන තරුණ භික්ෂූන් ඛේන්දාන්තයකට නොයා ඉන් මිදීමට අවැසි අවකාශය සාදනය වෙනවා යැයි මම විශ්වාස කරමි.
කෙ‍‍සේවුවද පාඨක සිවුරු දරන්නන් කණ්ඩායම මෙකී දෘශ්ඨිය නැමැති සර්පයාගේ නැට්ටෙන් අල්ලාගන්නට විය. ඉන් නිර්මාණයටත් සකළ නිර්මාණකරුවර්න්ටත් සෘජු අසාධාරණයක් විය. එය නැවත කෙසේ නිවැරදි කළ හැකිද යන්න පිළිබදව මට අදහසක් නැත. මන්ද යත් තවදුරටත් පාඨක සමාජයක් ලෙස පාඨකයා ඉල්ලා සිටින්නේ කාකි නිළ ඇදුමෙන් වසා ගත් නෛතික විචාරයක් ම වන නිසාය.
එකී විචාරය ඔවුන්ටම තබා ගන්න යැයි කියමින් ශක්තික නැමැති ලේඛකයා, සැමියා, පියා යන සකල වගකීම් නියෝජනය කරන මේ මහපොළොවේ මිනිසත් කම් පැළකරන්නට උත්සුක වන්නා පිළිබදව යමක් ලියමි.
ඔහු ලියූ කෙටි කතාව ඉතා නීරස එකකි. එය ඔහු විසින් ලියන ලද කෙටිකතා කලිං කියවූ මා වැන්නෙකුට ශක්තික නම් නිර්මාණකාරයාගේ අවසාන සමය දැයි සිතෙන තරමටම අදහස් පහළ විය. අනවශ්‍ය ලෙස රැඩිකල් වීමට ගොස් පොට වරද්දාගත් ලේඛකයෙකු ලෙස මට ඔහුව දැනේ.
මෙහිදී සාකච්ඡාවට බදුන් කෙරෙන්නේ නිර්මාණයේ ඇති හොද නරක නොවන නිසා ඒ පිළිබදව කතා නොකරමි. මේ ලියන්නේ ශක්තික නම් නිර්මාණකාරයාට සිදු වූ අසාධාරණය පිලිබදවය.
මෙතුවක් කල් සාහිත්‍ය නිර්මාණයන්හි විචාරයන් සිදු කළේ ඒ සදහා වෙන් වූ පාඨකයා සහ සාහිත්‍ය උගතුන්ය. එකී සමාජයට පොලිස්, ලෝයර්, හාමුදුරුවරු, පූජකවරු, විවිධ විශයප්‍රාප්ත මහාචාර්ය වරුන්ගේ සිට සමාජයේ සෑම ක්ෂේත්‍රයකම අය උනන්දු විය. එය හිදෙක් සාහිත්‍ය තුළින් පුද්ගල කෝන්තර පිරිමසා ගැනීමට එල්ල කරන ලද අවියක් නොවීය.
පසුකාලීනව (මට මතක දශකයක සීමාව) මෙරට මුල් බැසගත් සෑම ආගමක අන්තවාදී ලක්ෂණත්, සෑම ජාතියකම ජාතිවාදී ස්වභාවයත් ආගමික, සාමාජික, සංස්කෘතික, ආදී සමාජ ක්ෂේත්‍රයන්ගේ ගෙළවට දක්වාම ගිලී තිබෙන බව නොරහසකි. එහි දිගුවක් ලෙස එය සාහිත්‍ය කරා ද පැමිණීම වලක්වාලීමට නොහැකි විය. එයට හේතුවන්නේ මේ අදුරු ආගම්වාදයටත් ජාතිවාදයටත් උඩගෙඩි දෙන පාලකපංතිය විසින් සාහිත්‍ය වන්දිබට්ට සේවයේ යොදවාගැනීමයි. එහි ප්‍රතිපලයක් ලෙස සාහිත්‍ය කරුවා උඩකී සෑම ආකාරයකම අන්තවාදයට නැඹුරු වූ අතර සැබෑ සාහිත්‍ය විකල්ප ධාරාව නමින් එළි බසින්නට විය. එහිදී විකල්ප සාහිත්‍ය කරුවා මිනිස්කම සහ ආදරය ඉල්ලූ අතර එයට ප්‍රතිවිරුද්ධව ආණ්ඩුවටත් ආගම්වාදයටත් ජාතිවාදයටත් කඩේ යන නිර්මාණ සෑම කල්හිම සැබෑසාහිත්‍ය නමින් පෙනී සිටියහ. ඒ අනුව විකල්ප මත දාරීන් නිරාගමික, දේශද්‍රෝහීණ් ලෙස හංවඩු ගැසුනු අතර ජාතිමාමක දේශප්‍රේමීන් ලෙස ආගම්වාදී ලෙය ට ලෙයඉල්ලා සිටින ඇසට ඇසක් ඉල්ලා සිටින වුන් හැදින්වින. පාඨක සමාජයද බෙදී වෙන් වී සිය සාහිත්‍ය වින්දනය කරගෙන ගියහ.
‍මේ තත්වයේ බීත ස්වභාවය වැඩීමට පටන්ගත් අතර එහි ප්‍රතිපලය වූයේ සාහිත්‍ය කරුවාගේ සැබෑ මෙවෙර කරමින් සිටි නිර්මාණකරුවන් කුදලාගෙන ගොස් සිරගත කිරීමය. එකී තත්වයට පත්වෙමින් ශක්තික සත්කුමාර ද පසුගිය දිනෙක නීතිමය ප්‍රශ්නයකට මැදි වී සිරබත් කන්නට ද සිදු විය. එය ඉතා කේදජනක සිදු විමකි. මෙකී අර්ධ නම් කෙටිකතාව යම් අයෙකුට විවේචනය කළ යුතුව තිබුනේ සාහිත්‍ය විචාරයක් ලෙසින්ය. ඒ වෙනුවට පොලිස්සියෙන් හෝ ආගමික වහන්තරා තුළ සිරගත වෙමින් සිටින අන්ධ භක්තික මන්ධ බුද්ධිකයන්ගේ හොද හෝ නරක කීම කෙටි කතාවකට අවශ්‍ය වන්නේම නැත. තම සීමාව ඉක්මවා යමින් බුදුන් වහන්සේට අපහාස වෙනවා යැයි බුදුන් වහන්සේට හොදම අපහාස කලේ සංඝරත්නය යැයි කියා ගන්නා ප්‍රශ්නයක් ඇති කළ චීවර දාරීන්මය. ඔවුන් සිය ශාස්තෘෘන් වදාල දර්මය උල්ලංඝණය කරමින් සාහිත්‍යත්, ආගමත්, දර්ශනත් එකට පටලවාගනිමින් දැනටමත් අච්චරුවක් වී සැදැහැවත් බෞද්ධයාට ද බෞද්ධකම එපා කරවන්නට විය.
මෙහිදී සාහිත්‍ය හුදෙක්ම සාහිත්‍යක් ලෙසින් දැකිය යුතු වීම සිදුවිය යුතුව තිබුනත් එය අවියක් කරගනිමින් මං පොර මානසිකත්වයෙන් බුදුන් වහන්සේට අපහාස වනවා යැයි නඩු දැමීම යුත්ති යුක්තද යන්න පිළිබදව සාකච්ඡා කළ යුතුය. බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතරින් “කොපුව තුල සැගවුන පුරුශ නිමිත්ත“ යන්න ශක්තිකගේ කෙටි කතාව තුල ප්‍රශ්න කර ඇත. එය ලේඛකයාගේ භාෂණයේ අයිතියකි. මෙහිදී පළමු වැන්න නම් බුදු දහම යනු කිසිලෙසකින්වත් ප්‍රශ්න කිරීම නොකරන්න යැයි කියූ දහමක් නොවේ යන්නයි. ඒ අනුව ශක්තිකට දහම් පොත පතේ පැනෙන යම් දෙයක් වෙත්නම් ප්‍රශ්න කිරීමේ අයිතිය ඇත. එසේම එය බුද්ධකාලීන සංඝයා විසින්ද සිදු කරන ලද බවට තොරතුරු ලැබේ. දෙවැන්න නම් එවැනි පුරුශ ලක්ෂණ බුදුන්ට ඇත්තෙන්ම තිබුනාද යන්නයි. එය සාහිත්‍යාත්මකව බුදුන් වහන්සේගේ දහම බමුණු සමාජය තුළත් පසුකාලීනව හින්දූන්ට මුහුණ දීම පිණිසත් රැගෙන ආ එකල සාහිත්‍යෙය් පැනෙන්නකි. එය සැබෑ බුදු දහම ලෙස ගැනීම සැබෑ බෞද්ධයෙකුට කළ නොහැකි දෙයකි. භික්ෂුවකටනම් තරම් නොවේමය.
සාහිත්‍යෙය් ඇති එවැනි මිත්‍යා කතාන්දර යථාර්ථවාදීව ප්‍රශ්න කිරීමට ලේඛණයේ යෙදෙන්නකුට අයිතියක් ඇත. එහි දී එය සාහිත්‍යය ප්‍රබන්ධයක් ලෙස පාඨකයා ගෙන මෙහි යථාවාදය විමර්ශනය කරනවා විනා බුදුන්ට අපහාස වී යැයි ආදී ගොන් කතා කීම පාඨකකාර්ය නොවන සේම උගත් පොලිස් මහත්වරුන්ද දත යුතු කරුණකි. සාහිත්‍ය විචාළ යුත්තේ හිර කූඩුවල හෝ පොලිස් ස්ථාන වල නොවේ. ඉන් පිටත වූ ශිෂ්ට පරිසරයේ ය. එහිදි රසඥතාවයකින් යුත් පාඨකයන් පමණක් විචාරය සිදු කළ විට හොදටෝම සෑහේ.
එසේම මෙහිදී වැදගත් වන කරුණක් වන්නේ,
මින් බෞද්ධ හිදී ජනයාගේ හැගීම් වලට හානියක් සිදු වීද යන්නයි. එය කිසිසේත්ම සිදු වී නොමැත යන්නට බෞද්ධ පාඨකයෙක් ලෙස මම ද පෙනී සිටිමි. මගේ හැගීම් වලටනම් අර්ධ නිර්මාණය තුළින් හානියක් නොවීය. තවද ශක්තික විසින් කරන ලද මේ කෙටි කතාව හැර අනෙකුත් කවි සේම කෙටි කතා තුලින්ද කිසියම් පාර්ශවයකට හානියක් නොවූ බව කිව යුතුය. මාගේ පෞද්ගලික විශ්වාසයනම් පවත්නා දැඩි අන්තවාදී මත ස්වරූපයන් නිසා මෙවැනි තත්වයක් නඩු දැමූ චීවරදාරීන් තුල ද තිබෙන්නට ඇත. එය හොදින් පැහැදිලි වන්නේ නඩු දැමීම සදහා ඉවහල් කරගන්නා පනත් කෙටුම්පතය. ඒ පිළිබදව මට වැඩි කියැවීමක් නොමැති නමුත් බරපතල චෝදනාවකට වරදකාරයකු කිරීම සදහා ගෙන්වන පනතකින් කෙටි කතාවක් වැනි කිසිදු ආකාරයක හිංසනයක් නොවන සාහිත්‍යානන්දය ඇති කරවන දෙයකට නඩු පැවරීම ඉතාමත් වැරදිය

අනෙක නම් මෙය සන්නිවේදයනය කර ඇති මාධ්‍යයි එය මුද්‍රිත නොවන මුහුණ පොතවැනි සමාජ මාධ්‍යක සංසරණය කරවූවකි. පසුව එයද නිර්මාණ කරුවා විසින් ම ඉවත් කරගන්නා ලද්දකි. එය නැවත නැවතත් ප්‍රසිද්ධ වූවානම් වූයේ ප්‍රතිපක්ෂිකයා විසින්ම සමාජ මාධ්‍යයට එය නැවත මුදා හැරීම තුලිනි.
මෙවැනි කාරණා තුළින් නිගමන කිහිපයකට එලැබීමට මට හැකියාව ඇත.
01. ශක්තිකට වැටුනු සාහිත්‍යය වාරණය හුදු ආගම්වාදී ස්වරූපයකි.
02. පිරිනිවන් පෑ බුදුන්වහන්සේට හා ශක්තික වැනි චූල මිනිසෙකුට බුදුන්වහන්සේ වැන්නෙකුට අපහාස නොකල හැකි බව.
03. ප්‍රතිපාර්ශවය විසින්ම ඔවුන් ගෙනෙන තර්ක අමු අමුවේම බිද හෙළා ඇති බව‍
|ගුරුගොඩ සිරිවිමල

2 comments:

  1. ඒ භික්ෂු පිරිස ශක්තික සත්කුමාරට විරුද්ධව කටයුතු කලේ රටේ නීතියට අනුවයි. එය බුද්ධාගමට විතරක් විශේෂයක් කර ඇති නීතියක් නෙමෙයි. එහෙනම් මෙතන වැරැද්ද තියෙන්නේ නීතියේ. හාමුදුරුවෝ තියෙන නීතිය පාවිච්චිකලා මිසක් නීතියව අතට ගත්තේ නෑ.

    වාරණය ගැන කියනවා නම්
    මමත් වාරණයට විරුද්ධයි. වාරණය කරනවා වෙනුවට කලයුත්තේ කලාවේ නිදහස සිංහල බෞද්ධ අභිලාශයන් ප්‍රකාශ කිරීම සඳහා යොදා ගැනීමයි.
    මේ කාරණාව අතින් මේ රටේ ඉන්න හොඳම කලාකරුවා තමයි ඉරාජ් වික්‍රරම රත්න.

    දෙමළ පිරිමියෙක් සිංහල පාසල් ශිෂ්‍යාවක්ව පැහැරගෙන ගොස් දූශණය කරන දර්ශනයක් හෝ එවැනි වෙනත් දර්ශණයක් තම චිත්‍රපටයට හෝ ටෙලි නාට්‍යයට ඇතුලත් කරන්න කොන්ද පන තියෙන කලා කරුවෝ බිහිවෙනවා නම් වැඩිය හොඳයි.

    ශක්තික සත්කුමාරකියන්නේ සිංහල ජාතිය සහ බුද්ධාගම විවිවේචනය කරලා පොර වෙන්න හදපු එකෙක්. සමාජ ජාල මාධ්‍ය බිහිවෙන්න කලින් ඔහොම උන්ට පිලිගැණීමක් හදාගන්න හැකියාවක් තිබුනා. දැන් බෑ.
    ෆේස්බුක් එකේ ශක්තික ගැන හොඳ විචාරයක් දාලා තිබුනා

    "ශක්තික සත්කුමාර හිරෙන් නිදහස්කර මානසික රෝහලට යවනු!! "

    ReplyDelete
  2. දෙමළිගේ සාරිය ගැන ලිව්වා වගේ පුළුවන්නම් ගුරුකන්ද විහිරයේ හාමුදුරුවෝ ගැනත් ලියන්න.

    ReplyDelete