Monday, July 31, 2017

සිංහල සාහිත්‍ය උදෙසා භික්ෂුවගේ දායකත්වය.....01


සාහිත්‍ය දුර ඈතය.එහි ආරම්බක අවස්ථාව කවදා කෙසේ සිදුවිනිදැයි නිශ්චිත කොට හදුනාගැනීමෙහිලා මා සමතෙකු නෙවෙමි.

ලෝක සාහිත්‍ය තුල යම් අවබෝධයකින් කටයුතු කිරීම පමණක් වටී යැයි මා නිතර සළකමි.
ශ්‍රී ලාකේය සාහිත සළකුණෙහි ඉදිරියෙන්ම සිටින්නේ භික්ෂූන් වහන්සේයැයි අවිවාදාත්මක පිලිගත යුතු අවස්ථාවක මාගේ ලියැවිල්ල කෙසේ වේදැයි ඔබම අවසනෙහි තීරණයකට එලැඹෙන්නැයි ආරම්බයෙහිම පවසමි.
සිංහල සාහිත්‍ය නඟාසිටුවීමට බෞද්ධ භික්ෂුවගේ දායකත්වය අප්‍රමාණය.සංවිධිත වූත් මිනිසා ඥාණනය කිරීම උදෙසාත් වූ වඩා උසස් මානවීය ලක්ෂණයන්ගෙන් හෙබියාවූ සාහිත්‍යකි සිංහල සාහිත්‍ය.එකී සාහිත්‍ය සුපෝෂණය කිරීමට ගත් ව්‍යක්ත වූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සිදත් සඟරා ව්‍යාකරණ ග්‍රන්ථය, සද්ධර්ම රත්නාවලිය,සද්ධර්මාලංකාරය,වැනි ග්‍රන්ථ ඉදිරියෙහි ලා සැලකිය යුතු වන්නේ අනෙකක් නිසා නොව තව දුරටත් සිංහල සාහිත්‍ය උගෙනීමෙහිදී අප අධ්‍යයනය කරන්නේ ඉහත කී පත පොතම බැවිනි.
සාහිත්‍ය යනු මිනිසා ජීවත් කරවන්නකි.මිනිසා යහ මගෙහි යොමු කරවමින් මිනිසාට මඟ නොමග තම චින්තන ශක්තිය තුලින් හෙළි පෙහෙළි කර ගැනීමට ඉඩ හසර වෙන් කරනුයේ සාහිත්‍යයි.තම බුද්ධිමට්ටම කෙතරම් පහත් මට්ටමක පැවතියද සාහිත්‍ය හැදෑරීමේදී මිනිසාට තම නිදහස් බව නිවහල් බව හා මිනිසාගේ මිනිස්කම පිළිබදව යම් කියැවීමකට ඒමට හැකිය.



ධර්මසේන හිමියන් රචනා කරන සද්ධර්ම රත්නාවලිය දහම් ගද්‍ය එවැන්නකි.එය එකල මිනිසාට ඉතා සරල බස් වහරක් හා උපමා උපමේයන් භාවිත කරමින් උන් වහන්සේ රචනා කරන්නේ අහිංසක සැදැහැවතුන්ගේ දැනුවත් බාවය පිණිසමය.
අති සෞන්දර්යාත්මක චින්තනමය වටපිටාවක් මිනිසා ඉදිරිපිට මවා පාමින් තම සාහිත්‍ය කාර්යෙහි නියැලීම එකළ සාහිත්‍යයේ යෙදුන යතිවර පරපුරේ විශේෂත්වයකි.
සාහිත්‍ය යුග වශයෙන් හැදෑරීමේදී එම යුගවල ඉදිරියෙන්ම සිටිනුයේද භික්ෂු සංස්ථාවයි.එසේම ගිහි පරපුරේ සාහිත්‍ය කෘතීන් වලටද බහුල වශයෙන් උන් වහන්සේලාගේ සාහිත්‍යයේ ලක්ෂණ පිළිඹුබු වීම මෙහිදී කැපී පෙනෙන්කි."ගද්‍යය සාහිත්‍යයේදීත් පද්‍ය සාහිත්‍යයේදීත් එකළ සුවිශේෂීත්වය වූයේ ⁣බුදු සිරිත වැනීමය.බුදුන් වහන්සේගේ ගිහි කාලය,පැවිදි කාලය තුල කල කී දෑ සාහිත්‍යමය වශයෙන් ගොඩනංවාලීම එකල බහුලව සිදු විය.එය සෑම ග්‍රන්ථයකටම ආවේණිකව ඇත්තේ බෞද්ධ භික්ෂුවගේ සාහිත්‍ය මැදිහත්වීමේ ප්‍රබලත්වය නිසාම යැයි කිව හැකිය.
ලාංකේය සංදේශ සාහිත්‍ය ඉතිහාසය හැදෑරීමේදී ඉදිරියෙන්ම පවතින සැළලිහිණි සංදේශය අප සිත් තුල සදා අමරණීයත්වයෙන් පවතින සංදේශ කාව්‍යකි.එහි නිර්මාණකරු වන්නේ තොටගමුවේ සිරි රාහුල හිමියන්ය.තවද තොටගමුවේ හිමියන්ගේ වටා ගෙතුනු සාහිත්‍ය ප්‍රබන්ධයන්ද,ඒ හා විශාල සාහිත්‍ය ප්‍රබන්ධයක් උන් වහන්සේ වටා ගෙතීමට මූලිකත්වය ලැබී ඇත්තේ සාහිත්‍ය හා භික්ෂුව අතර පැවති අවියෝජනීය බැදීම නිසාමය.
වෑත්තෑවේ හිමියන්,වීදාගම හිමියන් වැනි සාහිත යතිවර පරපුර පිළිබද අප වැඩියෙන් කතා නොකල යුතුය.මන්ද උන් වහන්සේලාගේ සාහිත්‍ය පිළිබඳව වැඩි වශයෙන් කතා වී ඇත.එසේම උන් වහන්සේලා එකළ තම අබිමතය පරිදි ගොඩනැගූ මතයන් නූතනය තුල බිදවැටෙමින් පවතින බවද කිව යුතුය.



නූතන සාහිත්‍ය යතුවර පරපුර(අප කතා කලයුතු සාහිත්‍ය පරපුර) එනම් යක්කඩුවේ ප්‍රඥාරාම වැනි වියත් පරපුර යම් සමාජ පෙරලියක් උදෙසා කැප වූ යතිවර පරපුර බව කිව යුතුය.
"හුදු ප්‍රශස්ති වැනුම් ආදියෙන් තොර වී මිනිසාට හිතන්නට යමක් හුරු කල සඟ පරපුර මා ඉතා ඉහලින්ම සලකමි.මන්ද? අද සමාජය බුද්ධියේ අනුගාමිකයන්ය.ඔවුන් වටහාගන්නා වූ සාහිත්‍ය බුද්ධිය මිසක අනෙකක් නොවේ."



යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් රචනා කරන "වන කතා " නම් සාහිත්‍ය කෘතිය සංස්කෘත සාහිත්‍යයේ එන පඤ්චතන්ත්‍ර නම් චම්පු කාව්‍යයේ අනුවර්තනයකි.සමාජයේ විශම ක්‍රියාවලීන් තුල ඇති පුහු බව නිරර්ථක ක්‍රියාවන් නිර්දය ලෙසත් සාහිත්‍යට වඩාත් උචිත සෞන්දර්යාත්මක සංසිද්ධීන් තුලින් විවරණය කරන්නේ උන් වහන්සේය.
එසේම වල්පොල රාහුල හිමියන්ගේ සත්‍යෝදය,භික්ෂුවගේ උරුමය වැනි උසස් සාහිත්‍ය කෘතීන් මිනිසාට සිතන්නට යමක් හුරු කරවන්නේය.
එතැන් පටන් මේ දක්වා වන සාහිත්‍යයේ පැවැත්ම තුල වැදගත් උත්සාහයන් කරමින් නව කතාව, කෙටි කතාව , කවිය ,යන මේ සියළු සාහිත්‍ය කාරණාවලට බලපෑමක් එල්ල කරන සඟ පරපුරේ වියත් හිමිවරු ගණනාවකි
"වීරපොකුණේ උපරතන" හිමියන්ගේ කෘතීන් සැඟවී ගොස් අවසන්ය. 1960 ගන්වලදී සාහිත්‍ය රාජ්‍ය සම්මාන පවා හිමිකරගත් උන්වහන්සේගේ "මං"නමැති නව කතාව අතීශයින්ම ව්‍යක්තය විශාරදය.උන්වහන්සේලාගේ සාහිත්‍ය අධ්‍යයනය නොකිරීමේ පලවිපාක වර්ථමාන සාහිත්‍ය පරපුර විදිමින් සිටියි යනු මගේ හැඟීමයි.
කෝ.ආනන්ද හිමියන්ගේ සාහිත්‍ය භාවිතය නව පරපුරක් බිහිකිරීමට අනුබල දුන් බව නොරහසකි.උන් වහන්සේගේ නව කතා,කවි ඉතා රසවත් සේම වත්මන් පරපුර පල සහිත සාහිත්‍යක උරුමක්කාරයන් බවට පත්කලේ උන්වහන්සේ බව සදහන් කිරීම යුතුකමකි.
ඉන්පසු සාහිත්‍ය බාවිතය තුල නිමග්න වෙමින් කතා කල හැකි සාහිත්‍යමය වටපිටාවක් ගොඩ නගන්නේ බටුවන්ගල රාහුල හිමියන්ය.උන්වහන්සේගේ රාජ්‍ය සම්මාන ලත් නවකතාවක් වන රන් කරඩුවත්,ප්‍රභානී නවකතාවත් මා ආස කරන වර්ගයේ කෘතීන්ය.එසේම "උපන් ලපය "වැනි කෙටි කතා සංග්‍රහත් "අඩසිය කව් ගත"වැනි සාහිත්‍ය කෘතීන් වලින් හෙලි වන්නේ යතිවර සඟ පරපුර සාහිත්‍ය වෙනුවෙන් පෙනී සිටි තැන්ය.



ශ්‍රී ලාංකේය සාහිත්‍ය සඳහා සෑම යුගයකදීම නොනිමි මෙහෙවරක නිරත වූ සඟ පරපුරේ අතිවිශාල සාහිත්‍ය කෘතීන් ගොන්නක් අත්පිට තබාගෙන සිටීමට ශ්‍රී ලංකාවාසීන් වාසනාවන්තයන්ය.
උන්වහන්සේලාගේ සාහිත්‍ය මෙහෙවර ඇගයුම් කල යුතුය.



පඬුපෙව් කසාවතක රැදිය යුත්තේ ප්‍රේමයය,දයාවය,අනුකම්පාවය,සාහිත්‍ය යනු ප්‍රේමයය,දයාවය,අනුකම්පාවය,සිව්රත් සාහිත්‍යත් අතර පවතින අවියෝජනීය වූත් අව්‍යාජ වූත් බැදීම සදාකාලිකය.



ගුරුගොඩ සිරිවිමල හිමි



ප.ලි මෙහිම දිගුවක් ඉදිරියට.....බලාපොරොත්තු වන්න....

Friday, July 7, 2017

සියල්ලෝ පුබුදිත්වා...!!


බුදු දහම,බෞද්ධ දර්ශනය...ලෝකයේ පවතින දර්ශන අතරින් මා පිලිගන්නා ඉතා උසස් දර්ශනයක් බව කීමට මා බිය නොවෙමි.

නමුත් යමෙකු මගෙන් ප්‍රශ්න ටිකක් අහනව මෙහෙම
"ඔබේ ආගම කුමක්ද?"
"ඔබේ ජාතිය කුමක්ද?
ඔබේ කුළය කුමක්ද?
ඔබේ රට කුමක්ද?"

මම කැමතියි මේ වගේ උත්තර ටිකක් ඔහුගේ අබිමුව තබන්න

"මට ආගමක් නෑ"
මට ජාතියක් නෑ
මට කුළයක් නෑ
මට රටක් නෑ"
මෙන්න මේ විදිහට....

මම පුරුදු වෙලා ඉන්න විදිහ තමයි මිනිස් විදිහ.මා බැස තියෙන මාර්ගය තුල ඇති ශික්ෂනය "ආදරය , කරුණාව මෛත්‍රිය..මේවගේ දේවල්...මගෙ හුරුව මේක.

ගෞතම සම්බුද්ධ නැමැති දාර්ශනිකයානන්ගේ බෞද්ධ දර්ශනය බිහිවෙන්නෙ භාරතීය ශිෂ්ටාචාරය තුලයි.එය බිහිවීමට මම හේතු කාරණා කිහිපයක් දකිනව

01.මුල් බැසගත් ආගම් වාද තුළින් බැහැර වීම
02.එකල උගත් මිනිසුන්ගේ පොදු කැමැත්ත ජීවයේ යථාර්ථය අවබෝධයෙන් කියා දීම වීම.
03.කුළය,ආගම , වැනි කාරණා හා
04.වැදුම් පිදුම්, වැනි දෑ තුලින් මිනිසුන් පීඩිතයක් බවට පත් වීම.
මේ කාරණා මුල් කොට ගෙන තනි මිනිසකුගේ නැගී සිටීම එකළ බහුලව දැක ගන්න ලැබුන නමුත් ඒවා දර්ශනම නොවී හිතලූවන් බවට පත්වී තිබුන බව අපිට දැක ගන්නට හැකියි.
ශට්ශාස්තෘෘන්ගේ නැගීම සිදුවීමටද ප්‍රබල කාරණාවන් වන්නේ ඉහත කරුණුමය.එකළ ඒ පීඩනයන් තුලින් ගැලවීමට මාර්ගය තමන්ගේ දෙයක් තමාටම කියා නිර්මාණය කර ගැනීමමය.
මේ අතර ගෞතම බුදුන්වහන්සේගේ දර්ශනය ප්‍රබුද්ධ බැවින් හා හරවත් යමක් තුබූ බැවින් පරම සත්‍ය දර්ශනය ලෙස (ජීවයේ සහ ලෝකයේ) බුදු දහම පිලිගත හැකි වෙයි.
කුමක් නිසාද යත්,

ඉහත කාරණාවන් හා එකඟ නොවී යහ මාර්ගික පිළිවෙතක් බිහිවීම මා එහි පැවැත්ම බුදුන්වහන්සේ විසින්ම අනුදත් නිසාය.

අපට මල් පිදීමටනම් නිවසෙහි වෙසෙන දෙමාපියන්ට,නෑ වැඩිහිටියන් උදෙසා එය කල හැකිය.නමුත් බුදු දහමෙහි ගැනෙ⁣න දෘෂ්ටිවාදය මල් පිදීම් හෝ වැදුම් පිදුම් දෘෂ්ටියක් නොවේ. අති දාර්ශනිකයෙකු විසින් පහර ගසන්නේ භෞතිකයට නොව මනසටයි.
මල් පූජා කිරීම යැදීම වැනි කාරණාවන්ට බුදු වරු පහළ වීමේ අවශ්‍යතාවක් නොමැත.ඒ සඳහා වෙන වෙනත් අනු ගමනය කර බුදු දහමට පැවතීමට ඉඩ හසර ලබා දීම අප විසින් කල යුතුය.
බුදු වරු ලොව පහළ වනුයේ සත්‍ය දේශනා කිරීමටය.අප බුදුන් වහන්සේද දේවත්වයෙන් සළකාගෙන දුම් අල්ල හදුන් දුම් කපුරෙන් මැටි පිළිම පිළුණු කරනවා මිසක ඒ සැබෑ දර්ශනය අතපත නොගෑම අපට වැලදී ඇති ආගමික ආතතියේ තරමය.
මනස කියැවීමට දාර්ශනිකයකු පහල වූවා නම් ඒ පලමු වැන්නා බුදුන් වහන්සේය. මනස හා ලෝකෝත්තර වාදී දර්ශනය බුදු දහම බව කිව යුතුම කරුණකි.
පරම සත්‍ය තුලින් මිනිසාට නිවහල් චින්තනය උරුම කරමින් බුදුන් වහන්සේ රැගෙන ආ දර්ශනය භාරතය තුල බිහිවන්නේත්,එය ඉදිරිගාමීව ගමන් ගන්නේත් ඒ පරම දර්ශනය තුලින් මිත්‍යා ඇදහිල්ල බැහැර වීම නිසාමය.
ලාංකේය ජන විඥානය තුලට මිහිඳු හිමියක් ආගමික දර්ශනයක් රැගෙන එයි.වැදි පරපුරක උරුමය තුල වඩා නින්දිත(මස් කන, සත්තු මරණ,ලේ සොලවන) කාපීරි මානසිකත්වයකින් යුතු ජනතාව ලංකීයන්ය.ඔවුහු යහ අරමුණෙහි තබා ගැනීමට මෙවන් ආගමික දර්ශනයක් ලාංකේය ජන විඥාණය තුලට එන්නත් කරන්නේ උන්වහන්සේගේ ඥාණයෙන් එය දුටු නිසාමය.පංසල් යාම,බුදුන් වැදීම පූජා පැවැත්වීම වැනි කාරණාවන්ට මිනිසා මෙල්ල වන්නේ ජන විඥානයට ආරෝපණය වී ඇති හුදු දේව බැල්ම සහ බය යන කාරණාවන්ට ලාංකේය මිනිසා මුල් තැනක් දී ඇති බැවිනි.ඒ සංස්කෘතික වටපිටාව තුලින් එකළ මිනිසා ඥාණනය විය.එනිසාම එකල සමාජය යම් පමණකින් යහපත් සමාජයක් බවට පරිවර්තනය වූ වගේ කරුණු ව⁣ශයෙන් ගෙන අප පිළිගත යුතු දෙයකි.
⁣ඉහත ආගමික කාරණාව දැන් පරාජිතය.ඒ කුමක් නිසාද ?
අප දැන් නවමු වීම අවශ්‍යය.පල්වීම තුල ඇති දුගදත්,බඩවඩා ගැනී⁣මේ හුදු මානසිකත්වයකින් යුතු පූජ්‍ය පක්ෂයත් නින්දිත ලෙස තම දේපලක් යැයි සිතාගෙන පාලනාධිකාරී බලයකින් මිනිසා හා සමාජය සියතට ගැනීම තුලින් ඉහත භාරතයේ බමුණු යුග දිට්ටියට මෙකල ඔවුන්ද නෑකම් කියමින් සිටීම පරම අපරාදයකි.
ලෝකයේ බිහිවූ විශිෂ්ඨතම දර්ශනයක් ආශ්‍රය කරන සමාජයක කොන්ත්‍රාත් ගැනීම වැනි අති අශුද්ධ ආගමක් මූලික කරගනිමින් ගමන් යන්නාවූ ජනී ජනයා අසරණ කරණ සර්වබලධාරී වේශනිරූපයන්ගෙන් ගහන කොට ඒව අතිරමණීයයැයි හුවා දැක්වීමේ ආනිශංශයන් අප බුක්ති විදිමින් සිටී.
ලේ වැගුරුවාගෙන,හූ මිටි තලා රැකෙන හීන බුදු දහම පිලිබදව ඇති දීන ගෝත්‍රිකයන් නොහොත් ඥානසාරවාදී බුදු දහමට ශුද්ධ බුදු දහම මෙසේ තේරුම් ගැනීමට නුඹලාට නොහැකි වග මෙයින් දන්වා සිටිමි.
බුදුන් නැගී හිටියේ එකල බඩගෝස්තරවාදී යැදුම් පිලිවෙත් වලට පහර ගැසීමටය.ඒ සඳහා උන් වහන්සේ පෙන්වා දුන්නේ මේ දර්ශනය මිසක් ලේ විලක් නොවේ.
හෙට දිනක මේ ලෝකයේ ඇරඹීමට නියමිත ආගමික යුද්ධයට නුඹලාද වග කිවයුත්තන් වන අතර ඒවාගෙන් පිරිහෙන මිනිස්කම් අප නිසා යැයි කීමද වරදවා වටහා ගැනීමක් යැයි මා පවසමි...
සියල්ලෝ පුබුදිත්වා...!!
නැගිට විසිරෙත්වා...!!
...............
ස්තූතියි

...
ගුරුගොඩ සිරිවිමල

Tuesday, July 4, 2017

අතින් අත ගෙන...........



සත්තකින්ම ගේය පදයක් යනු කුමක්ද?
ගේය පදයක පූර්ණිකාව වන්නේ ශබ්ධ සංධ්වනියක් සහ වාද්‍ය සංධ්වනියක් එක් වූ කලමැයි. ගේය මාලාවකට නිකම්ම නැගී සිටිය නොහැකිය.ගේය පද මාලාවක සුවිශේෂීත්වයද වන්නේ එයමය.ගේය පදමාලාවක් අර්ථ පූර්ණ වන්නේ ඒ සඳහා නිරවුල් තනු මාලාවක් ගෙතුනු පසුවය.එසේනම් ගීතයක් සහසුද්යෙන්ම මිනිස් සිත් තුල සංතර්පනය කරලීමට හැකියාව ඇත්තේ..තනු නිර්මාණකයා,පද රචකයා සහ ගයන්නා යන තිදෙනාටමය. ඒ තිදෙනාගේම සුවදායි ඒකතුව තුලින් ලෝකයක් සතපවන්නට හැකි බව මා තරයේ විශ්වාස කරමි.
                              "අතින් අත ගෙන" ගේය පද සංකල්පනාව කෙලෙස කොයි ලෙසකින් දර්ශන වික්‍රමතුංගයන්  සහ ඉශංකා අතට පත් වන්නේදැයි මා නොදනිමි. කෙසේ හෝ වේවා මෙය මා අතට පත්වන්නේනම් දර්ශන වික්‍රමතුංගයන්ගේ. යූ ටියුබ් චැනලයෙනි.   මම ඔහුගේ යූටියුබය නිතර පිරික්සීමට ලක් කරන්නේ ඒ තුල නිතරම නවකයන්ගේ ගීත නිතරම උඩුගත කරන නිසාවෙන්මය. හදවතට දැනුනද නොදැනුනද කිසිදු විමසීමකින් තොරව ඒවා බාගත කරගෙන නිදහස් හා පහසු වේලාවක අධ්‍යයනය සදහාත් රසවින්දනය සදහාත් ශ්‍රවණය කිරීම මාගේ පුරුද්දකි.රසවින්දන හා අධ්‍යයන මොහොතක මා අතට සවන් පත් වන මේ ගීයනම් අපූර්වතම ඒකකි.
                        සිංහල ගීත සාහිත්‍යයේ අපූර්වතම අවස්ථාවන්හිදී  ම'හද ගැසෙන කෝන්වැවේ හිමියන් මේ ගීතය ලියා තිබින.මේ නිර්මාණශීලී පද රචනාව ගේය සිත්මක් කරන්නේ දර්ශන වික්‍රමතුංගයන්ය.ඒ මගින් සුසැදි ගේය පද සිත්තමට පණක් ලබ දෙන්නේ ඉශංකා අධිකාරී නැමැති සොදුරු හඩයි.
         
පහත සදහන මා  ඒ ගීය රසිකයෙකු ලෙස රසවිදි අයුරුයි.

    මේ ගේය පද සිතුවම නම් ඉතා සරළ සුභාවිත ගී කොටසට වැටෙන්නකි.නමුදු සුළු පටු නොවන්නකි.
                                     ගේය පද මාලාව තුලින් ගම්‍ය වන්නේ ඉතා සුළඹ කරුණකි. ඒනම් විරහවයි. වත්මන වන විට ගෙවී යන්නේ ගීත සාහිත්‍යේ විරහ සමය යැයි පැවසුවහොත් මා වඩා නිවැරදිය. නමුත් ප්‍රශ්නයක් අැත. ඒ බිහිවන සියල්ලම ගීත මද? ගේය පද මද? ඒයනම් ඉතා ප්‍රශ්නකාරීය.
            ගේය පදයක් යනු සාහිත්‍ය කාරණාවකි.පද දෙක තුනක් යාප්පුවෙන් ගැට ගසා ගත් පමනින් ඒය ගේය පද රචනාවක් නාෙවන්නේමය.අරුත් බර  නොවූ ගීයක් තුළ සෞන්දර්යාත්මකවූත් අසා සිටිය හැකි සංගීත නිර්මාණයකින් සමත් විය යුතුය.නොඒසේනම් ඒය අර්ථ පූර්ණ වූත් ගේය පදයක්ම විය යුතුය.අර්ථ පූර්ණ වූත් ශබ්ධ පූර්ණ වූත් රස භාව පූර්ණ ගේය පදයක් නම් ඒය ශාස්ත්‍රීය මට්ටමෙහි ලා ගැනිය හැකිය. මේ මගේ බෙදීමයි.ඔබද  මේ සදහනට යටි සිතින් හෝ ඒකග වන බව මා දනිමි.
       මේ ගීය විරහ ගී අතර සුවිශේෂී වන්නේ ඉහත කාරණාව නිසාවෙනි.මෙය ශබ්ධාර්ථ පූර්ණ වූ ගේය පදයකි.
                                
     
පද රචකයාට මේ ගීය සදහා අනුභූතිය වන්නේ විවාහක යුවලක් අතර අැති වූ යම් ගැටළුකාරී තත්වයකි.තම සැමියාගේ වෙන්වීම පදනම් කරගෙන ඒ තුලින් හිත හදාගැනීමට උත්සාහ දරන බිරිදක් මේ ගීතය තුලින් මා නිරන්තරව දකිමි.
                         අතිනත ගෙන ජීවිතයේ තමන් සමග ගෙවූ අසීමාන්තික ලෝකයත් ප්‍රේමය තුලින් අාධ්‍යාත්මය හා බැදුනු සිහින ලෝකයත් මේ වන විට සිහිනයක් වී හමාරය.නමුදු මෙය තුලින් විවාහක ජීවිතයක් ගම්‍ය නොවේ.ගීතයේ මුල් කොටස හා මැද කොටසින් විවාහය පිලිබද යම් යම් හෝඩුවාවන් දුන්නද මෙම ගීතය බැලූ බැල්මට යමෙකුට පෙනෙන්නේ අාදරවන්තයන් දෙදෙනකු අතර වන විරසකයක් ලෙසය.නමුත් අප තේරුම් ගත යුතු සත්‍ය වන්නේ අාදරය හා අාදරවන්තයන් දෙදෙනකු විවාහ වූ පසු අැති වන තත්වයයි‍.මෙය තෙරුම් යෑමට මේ ගීතය තුල දී අැති ඉගිය ලෙස මා දකින්නේ   "අතින් අත ගෙන අැවිද ගිය මග,සිතින් සිත බැද මැවූ ලෝකය" යන කොටස් දෙකයි.මන්ද යත් මා විශ්වාස කරන අයුරින් දෙදෙනෙකු අතින් අත සහ සිතින් සිත බැද සිහින මවන්නේ විවාහයෙන් පසුවය.විවාහ වන තුරුම දෙදෙනෙකුට අැත්තේ අාධ්‍යාත්මික කොටසක් පමණය.භෞතිකව හමු වන්නේ විවාහයෙන් පසුවය.


මේ මා ඉහත කී කාරණය වඩාත් තිව්‍ර වන මොහොතයි.විවාහ වී දෙදෙනා අතර අල්ලාප සල්ලාප ගහ බැන ගැනීම් අාදරය ජීවිතය යන කිසිදු අවස්ථාවක තමාට තමා හෝ අනෙකාව හදුනා ගැනීමේ උවමනාව ඉතාමත් අල්පය.නමුත් ඒක්ව සිට වෙන් වූ දිනයේ පටන් ඉන් පසු දවස් වලදී හිටියානම් හොදයි හෝ නෙහිටියානම් හොදයි යැයි දෙදෙනෙකුට සිතිය හැකිය. මෙහි ඒන පෙම්වතියද පවසන්නේ තමා හා දිගු දුරක් ගිය සැමියා ඒ සිටිය කාලය තුල හදුනාගැනීමට තමන් අපොහොසත් වූ බවත් තමන්ගෙන් වෙන් වූ පසුව සැමියාව හදුනාගැනීමට හැකි වූ බවත්ය.
රචකයා අවසන පෙම්වතිය හිත හදාගන්නා අයුරු පැහැදිලිි කරන අයුරු අපූරුය.


දිනෙන් දින ගෙවුන මුත් අප දෙදෙනාටම මේ වෙන් වී යාම ස්වභාවයෙන්ම උරුමය.මේ ලෝකෙයෙන් හෝ අප දෙදෙනාටම සිත හදා ගැනීමේ මාර්ගයක් කියා දෙන්නේ නැත.රචකයා "හිරු සදුත් ඇත ගොළුවී" යන්නෙන් පෙන්වා දෙන්නේ ඒයයි. සැමියාණ ඉතින්, අප දුක් වී පලක් නොමැත මේ අපට පෙනෙන මුසාව අප පසු කර යා යුතුය. යන්න බිරිය පවසයි. අප අපේම ලෝකයක තනිවී අපේ ජීවිතය හදා ගැනීමේ මාර්ගය සොයා ගත යුතුමයි යන්න පැහැදිලි කරවයි.
මේ ගීතයේ ඒන අපූර්වත්වය වන්නේ විරහව පෙන්වා යටි අරුත් මගින් අාදරය පෙන්වීමයි.
මේ ගීය නම් , විවාහක ජීවීන්ගේ ගීතයි.තමා තුල අැති ගැටළුකාරී තත්වයන් තමා තුලින් විසදා ගත යුතුව අැත.ඒවිට ඒ යුවලට තමාත් ඉදිරියත් යහපත්ව වටහා ගැනීමට හැකිය.‍

පද වැල ලිහා ඒව වඩාත් සුමට කොට භාවනාවක් වැනි පද සංයෝජනයක් යෝජනා කරමින් ලයාන්විත කරන්නේ දර්ශනයන්ය.අැත්තෙන්ම පුද්ගලයකු ක්ෂේත්‍රය තුල ප්‍රවීනයකු කරන්නේ ඔහු ක්ෂේත්‍රයට අැතුලත් වූ කාල පරාසය නොවේ.ඒ අංශය තුලින් ඔහු හෙළි කර පෙන්වන ඔහුගේ හැකියාවයි.දර්ශනයන්ද ප්‍රවීනයෙකු බව මා පවසන්නේ ඒ නිසාවෙනි. මේ සදහා ඔහු යොදන තනුවත් සංගීතයත් මධුරය,මනෝහරය,
මේ ගේය පද රචනාවට පන පොවන ඉෂංකා ද ඉතා මියුරු ලෙසත් කන්කළු ලෙසත් සිත් සතන් සන්තර්පනය කරවයි.
" මෙවන් ගී අවැසි මොහොතක මෙවන් ගී ලබා දිය යුතුමය"
කෝන්වැවේ අරියරතන හිමි

දර්ශන වික්‍රමතුංග

ඉෂංතා අධිකාරී
ගීතය රසවිදින්න මෙතන ක්ලික් කරන්න......



ගුරුගොඩ සිරිවිමල හිමි.