Wednesday, May 30, 2018

චින්තන දුර්වලයෝ

| චින්තන දුර්වලයෝ

සිතිවිලි දුර්වල කවියෙක් නම් ඔ⁣හුගේ කවිය දුර්වලයි.
සිතිවිලි දුර්වල ගායකයෙක් නම් ඔහුගේ ගායනා දුර්වලයි
සිතිවිලි දුර්වල ලේඛකයකු නම් ඔහුගේ ලේඛණය දුර්වලයි.
සිතිවිලි දුර්වල මිනිහෙක් / ගැහැණියක් නම් ඒ මිනිහා / ගැහැණිය දුර්වලයි

   චින්තනය තමා මිනිස්සුන්ව හරි මගට ගෙනියන්නෙ. කාළාම සූත්‍රයෙදි බුදුන්වහන්සේ පෙන්වා දෙන්නෙ කාලාමයන්ගෙ දුර්වලතා ටික.

 ලිච්ඡවීන්ගෙ සප්ත අපරිහාණිය ධර්ම දුර්වල වෙන්නෙ ඇයි?
ඇත්තෙන්ම ලිච්ඡවීන්ගෙ දුර්වල චින්තනය නිසා

ගමක ජීවත් වෙන මිනිස්සුන්ගෙ සිතිවිලි දුර්වලනම් ඒ ගම දියුණු වෙන්නෑ
නගරයක ජීවත් වෙන නාගරිකයන්ගෙ සිතිවිලි දුර්වලනම් නගරය දියුණු වෙන්නෑ
පළාතක වෙසෙන පාලිතයන්ගෙ සිතිවිලි දුර්වලනම් ඒ පළාත දියුණු වෙන්නෑ
රටක වෙසෙන රට්ටුන්ගෙ සිතිවලි දුර්වලනම් ඒ රට දියුණු වෙන්නෑ.

ඔක්කෝම හරි ගිහිල්ල රටක වෙසෙන පාලකයන් / රට කරවන පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරුන්ට තියෙන්නෙ දුර්වල චින්තනයක් නම් ඒ රට නොදියුණුම රටක්.

 චින්තනය නිවැරදි කරගන්න.

සම්මා දිට්ඨිය තමයි අපේ රට දියුණු කරගන්න තියෙන හරිම මග.

|ගුරුගොඩ සිරිවිමල

2 comments:

  1. Tapovanaye Sutadhara TheroMay 31, 2018 at 3:41 AM

    ඉතා අගෙයි පොඩි තැනගෙ ලියමන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අපේ හාමුදුරුවනේ

      Delete