Sunday, August 11, 2019

අපිට තාප්පත් ඕනෙ

මේක සජිත්ට විතරක් අදාල කාරණයක් නෙමෙයි. අපේ රට තරම් කුණු නිසා දුක් විදපු සහ විදින තව රටක් නැතිව ඇති කියල මම හිතනව. ඉතා ලගම සිද්ධි 02ක් විදියට ගත්තොත් මීතොටමුල්ල කුණු කන්ද නාය යාම සහ එංගලන්තෙ කුණු. කටුනායක - කොළඹ හයිවේ එකේ ඒ. සී බස්ය එකේ යද්දි පවා කුණු ගද ගහන හයිවේ එකක් මේ ලෝකෙම නැතිව ඇති. මම රටවල් වල ගිහිං අද්දැකීම් ලබාගෙන නැහැ‘ හැබැයි මේ රටින් පිටරට ගිහිං ජීවත් වෙන බොහෝ දෙනා ඒ රටවල් වල විස්තර අපි එක්ක කියල තියෙනව. ඒ රටවල් වල කුණු නොතියෙන නිසා හෝ කුණු තියෙන එක මට අදාල නෑ. මට ඕන මගේ රට ලස්සන රටක් කරගන්න. ඒ විදියට බැළුවොත් මේ රටේ කුණු ප්‍රශ්නය නැවත නැවතත් ඇති කරමින් සිටින්නෙ වෙන කවුරුත් නෙමේ අපේම පාලකයො සහ බහුතර ටියුෂන් ගුරුවරු රටට ආදර්ශ දිය යුතු ප්‍රධානතම ධාරාවන් දෙකකින් මේ රටේ ලස්සන නැති කිරීම සදහා උර දෙනව‍. 

ඊළගට එන්නෙ ඉතා අවලස්සන කාලයක්. මොකද ඡෙන්ද දෙකක් සහ අලුතින් පටන් ගන්න ඒලෙවල් රිවිෂන් සහ ශිෂ්‍යත්ව පංති පංති දැන්වීම් පටන් ගන්න නියමිතයි. මේ අවස්ථා දෙකම නගර ගම් භේදයක් නැතිව පෝස්ටර් වලින් සැරසෙන්න නියමිතයි. තාප්ප සහ ඒ අවට බිම් අවලස්සන වෙන්නෙ මේ පෝස්ටර් නිසා සහ මේ පෝස්ටර් අවසානෙ කුණු ගොඩට ගියාමත් ප්‍රශ්නයක් වෙනව. මේ හැම‍‍දෙයක්ම අතරෙ අප්‍රසන්නම කතාවක් තියෙනව. ඒ තමයි මේ පෝස්ටර් කටවුට් ගහන්නෙ කවුරුත් නෙමෙයි. ඒ නගර වලම ඉන්න ඒ ගම් වලම ඉන්න සාමාන්ය මිනිස්සු. 
මේ තරම් කපටි, ‍‍මේ තරම් නැහැදිච්ච අශික්ෂිත ජනතාවක් වෙන කිසිම රටක නැතිව ඇති. අරක්කු බාගෙට තුට්ටු දෙකට පෝස්ටර් කැම්පේන් එක අනේ හා කියල බාරගෙන ඡන්දෙන් පස්සෙ ඒ වැඩ කරපු දේශපාලකයටම අම්මම්මෝ නැතිව බැනවදින අශිෂ්ට මිනිස්සු තරම් රටකට භයානක මානව සම්පතක් අපිට ඉන්නෙ. මේ මිනිස්සුන්ගෙ ආකල්ප සහ ජිවත් වීමේදි ප්‍රාෙයෝගික කාරණා භාවිතා නොකරන තරමටම මේ රට එන්න එන්නම නොදියුණු රටක් වෙනව. 
අදත් හෙටත් සහ අනික් හැම දවසකම යූන්පී, ජේවීපී, ර්‍ශී ලංකා භේදයකින් තොරව පෝස්ටර් පිරිල තියෙයි. මේ හැම පෝස්ටරයක්ම කුණු කදු වෙයි. ඒ කුණු කදු වලටයට වෙලා අපේ මිනිස්සු මැරෙයි. මේ නොදියුණු සිස්ටම් ගොඩනැගෙන රටකට යාදෙන්නෙ නැති බව අශිෂ්ට දේශපාලකයා වගේම මහජනතාවත් දැනගත යුතු වෙනව. 
ඒ වගේම තමයි අපේ රටේ අවලස්සන තුළින් මිනිස්සු වෙන රටවලට යන්න හිතෙන ප්‍රවනතාව වැඩියි. හිතන මිනිස්සු මේ රටේ මොහොතක්වත් ඉන්න කල්පනා කරන්නෙ නෑ. ඒ අයට තියෙන එකම ඔප්ෂන් එක මේ රට දාල යන එක. ඒ නිසයි අපිට අලුත් සිස්ටම් අවශ්‍යි කියල මම නිතරම කියන්නෙ.
ඇයි අපිට බැරි පෝස්ටර් කැම්පේන් කරන්නම ඕන්නම් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගන්න? වැඩෙත් වෙනව, පරිසරයත් ලස්සන වෙනව. මිනිස්සු ගැවසෙන තැන් වල ඩිජිටල් පුවරුවක් නිර්මාණය කලොත් මේ ප්‍රශ්නය විසදේවි. ඒ නවීන තාක්ෂණයවත් ගැන නොහිතන පාලකයො තමයි මේක සිංගප්පූරුවක් කරනව කියල වේදිකාවල කෑ ගහන්නෙ. 
විකල්ප දේශපාලන පක්ෂ පවා මේ කුණු ප්‍රශ්නයට වගකිව යුතු වෙනව. කොටිමම කිව්වොත් රට වෙනස් කරන්න එන නාගානන්දත්, ධම්මික පෙරේරලත් මේ වැඩේට හවුල් වෙනව.පත්තර පවා තමන්ගෙ සති අන්ත පත්තරේ යන හොට්ම නිව්ස් ටික සතියකට කලිං පෝස්ටර් ගහල වීදි වල ප්‍රදර්ශනය කරන මට්ටමටම ඇද වැටිල තියෙනව.වෙබ් අඩවිත් පෝස්ටර් කැම්පේන් කරන රටක් නැතිව ඇති නමුත් ලංකාවෙ වෙනව. මේ සමූහ දායකත්වයෙන් සිදු කරන හවුල් මජර වැඩ නිසා ජරා වෙන්නෙ අපේ රට, මගේ රට නේද කියන හැගීම නැති තරමටම අපේ රටේ මිනිස්සු චින්තනයෙන් මොට්ට වෙලා. 
මම මේ පෝස්ට් එක ලිව්වෙ පහත ඡායාරූපය දැකල සහ වත්මන් ක්‍රියාකාරී දේශපාලනයේ සිටින තරුණ දේශපාලන ශෂිනි හෙට්ටිආරච්චි කියන සාමාජිකාවකගෙ කමෙන්ට් එකක් දැකල. එයා මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දානව “අපිට තාප්පෙත් ඕන කියල“ සජිත් ඇතුළු ජරාජීර්ණ වයස්ගත පාලකයන්ට වඩා අපේ දේශපාලනයේ ඉන්න තරුණ පරපුර රට ගැන අලුත් විදිහට හිතනව, එයාලට ලස්සන ගැන අලුත් අදහස් තියෙනව. අපි කඩේ යන්න ඕන අන්න ඒ වගේ තරුණ තරුණියන්ගෙන් ගහණ වෙච්ච දේශපාලනයකට.
(වහල්ලු මේ ෆොටෝ එක ප්‍රශ්නයක් කරගන්න එපා.)


|ගුරුගොඩ සිරිවිමල


1 comment: