Friday, May 3, 2019

|බෝ පත් සැලෙන හඬ!


පිංවතුනි,
හම්බයන්ගේ සැල් වලට නොවදින්න
සිහල පෙම බේරෙන්න
උන්ගෙ සැල් වල බඩු පමණක්ම නමදින්න
සසර වෙත දන නමනු රිසියෙන්
හත අටක්වත් වදන්න
දළු දදා වැඩෙන කළ
උන්ව මහ මඟ දමා යන්න!


ඇබෝෂන් එපා ඒව පව් වැඩ
කොන්ඩම් පළඳනා කිසිවක්ම නො අදින්න
මේ කපේ දී ලංකාව බේරාගන්න
ලබන ආත්මේදිවත් බැරියෑ 
නිවන් යන්න!!


ජාතියට සළකන්න,අනෙකාව අත් හරින්න
⁣බුදු බණ බෞද්ධයන්ට,අනෙකාව අදාලම නැත
බුදු හාමුදුරුවෝ අපේය, ලංකාව බුදුන්ගේය
එන්න කානිවල් නටන්න, එන්ජෝයි කරන්න


ඉඳහිට හාමුදුරුවරු චැනල් හතාටක් එක්ක
යුධ ප්‍රකාශ කළ යුතුය!
මේකහ් අපේහ් රටහ්! මොර දිය යුතුය
ප්‍රතිපත්ති කෙසේ වුව පලතුරු වට්ටි පිළිගත යුතුය
පලතුරු වට්ටි දෙන වුන්ට සම්මාන, පිරිත්, ලනු දී ගැට ගසා ගත යුතුය!

සාදු! සාදු!! සාදු!!

|ගුරුගොඩ සිරිවිමල

No comments:

Post a Comment