Monday, December 23, 2019

මේ රටේ තරුණ පරම්පාරාව මෙච්චර ඇන්දෙන්නෙ ඇයි?


දැන් රට වටේම චිත්‍ර අදින්න පටන් අරං. ඒක හොඳ ප්‍රවනාතවයක්. මම මුල සිටම මේ ප්‍රවනතාවය අගය කළා. මේ රට භෞතිකව ලස්සන වෙනවට මම මාර කැමතියි. ලෝකෙ හැම රටක්මත් භෞතිකව තමයි වැඩියෙම්ම ලස්සන. හැම රටකම වගේව ලංකාවෙත් ඇතුලාන්තය ජරාජීර්ණයි. හැබැයි ලංකාව තරම් යුරෝප් රටවල් එහෙම නෑ කියල මම හිතනව. ඒ රටවල සිස්ටම් හොදයි.

ඒ කොහොම වුනත් මේ භෞතිකව රට ලස්සන කරන වැඩේ මම අගය කරනව. නමුත් මේ රට ලස්සන කරනව කියල මේ තරුණ පිරිස එකතු වෙලා තමන් මේ රටේ අනාගතය බාරගන්න සුදුසු නෑ කියන එක බහුතරයක් ඔප්පු කරතියෙනව. අවුරුදු තිහක ලේ වැකුණු යුද්ධය නැවත නැවත මේ තරුණයො සිතුවම් වලිනුත් පෙන්වන්න උත්සාහ කරනව. මොකද්ද මේ මානසිකත්වය? අවුරුදු 71 තිස්සෙ මේ රටේ පවතින ජාතිවාදය ආගම්වාදය දේශපාලකයන්ගේ උවමනාවක්. නමුත් මේ තරුණයො ඒක තමන් අදින සිතුවම්වලින් සංකේතීයව පෙන්වනව. මොකද්ද ඒ මානසිකත්වය.? මේ රටේ මෙච්චර දවස් දෙමළ මිනිස්සු සිංහලයන්ටයි සිංහල මිනිස්සු දෙමළ අයටයි මුස්ලිම් මිනිස්නු සිංහලයන්ටයි සිංහල මිනිස්සුන්ටයි පැන අඬ ගහමින් අවි දඬු මුගුරමින් කරපු ජාතිවාදෙයි ආගම්වාදෙයි අලුත්ම විදිහ තමයි මේක.

දකුණෙ මිනිස්සු වගේම උතුරෙ අයටත් උතුරෙ චිත්‍ර අදින්න කියල කියමුද? එයාල එයාලගෙ මානසිකත්වය එළියට දාන්නෙ කොහොමද කියල බලමුද? බැරි වෙලාවක් දෙමළ මනුස්සයෙක් තමන්ගෙ දුවව LTTE එකෙන් හරි ARMY එකෙන් හරි දූෂණය කරල මරා දාන එකක් ඇන්ද් අපි ඒක මොන විදියටද අර්ථ ගන්වන්න ඕන? මේ පැසවන වෛරය ආට් එකකින් හරි පිරිමහගන්න පුරවැසියො දත කමින් සිටින අප්‍රසන්න මොහොතක් කියල අපි තේරුම් ගන්න ඕන. ඒ ඇත්ත යටපත් කරගෙන නැගෙන්න පුලුවන්නම් වීදි සිතුවම් වල මිනිස්සුංගෙ බඩගින්න ගැන අදහසක් ඉදිරිපත් කරන්න පුලුවන්නම් ඒ බඩගින්න සිංහලයට විතරක් නෙමෙයි දැනෙන්නෙ මුස්ලිම් අයටත් දෙමළ අයටත් දැනෙනව කියල අදහසක් ඉදිරිපත් කරන්න පුලුවන්නම් අන්න එදාට මේ රට ලස්සන වෙයි. මේ රටේ මිනිස්සු ආගම නිසා පීඩනයට පත් වෙලා ඉන්නෙ. ඒත් සිංහල විතරක් නෙමේ දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සුත් මේ ආගමික පීඩනය විදිමින් සිටිනව කියල අදහසක් මේ සිතුවම් වලින් ගම්‍ය කරන්න පුලුවන්නම් එතන තමයි සැබෑ මිනිස්සු ටිකක් බිහි වෙන්නෙ.
බඩගින්න ගැන ආගම ගැන ආර්ථිකය ගැන නානාවිධ මනුශ්‍ය අවශ්‍යතා සහ ඒ ගැටළුයි අපි ආට් වලින් ස්මතු කරන්න ඕන. මිසක් එළාරගෙයි දුටුගැමුණුගෙයි යුද්ධෙ ඇන්ද කියල එතන ස්මතු වන සැබෑ අදහසක් නෑ. වීදි චිත්‍ර කියන්න විකල්ප අදහසක්. රැඩිකල් වැඩක්. ඒ වීදි චිත්‍ර කතා කරන්නෙ මේ රටේ ඉන්න පාලකයන්ට. ඒ වීදි චිත්‍ර ඉතාමත් ලස්සන වුනාම තමයි මේ රටේ මිනිස්සුන්ට ඒක රටේ භෞතික ලස්සන කියල හිතෙන්නෙ. මේ රටේ භෞතික ලස්සනින් තවත් වැදගත් වැඩක් කරගන්න එකයි අපි කරන්න ඕන.

චිත්‍රයක් කියන්නෙ ආට් වැඩක්. ඒ ආට් එක දන්න අය ආට් වැඩේ කරපුවම මදිද? මෙලෝ ආට් එකක් නොදන්න ළමයි ගිහිල්ල තමන්ගෙ ගෙකර තියෙන චිත්‍ර පොතකවත් අදින්න නුසුදුසු ඉතාමත් අවලස්සන චිත්‍ර රටටම පේන්න තාප්පෙක ඇඳල විදින ස්වයං වින්දනය කිනම් ආකාර වූ එකක් ද කියල මට තේරෙන්නෑ. 

මේ අයගෙ එකමුතුව, සමගිය වගේ දේවල් ගැන අගය කළ යුතුයි කියල ගොඩක් අය අවධාරණය කරල තිබුන. මම හිතන්නෙ ඒක අව-ධාරණයක් කියල. එහෙම කියන අයට ඇයි තේරෙන්නැත්තේ මේ තරුණයො රැවටිලා ඉන්නෙ කියල?

රටක් ලස්සන කරන්න කියල තමන්ගෙ අතේ තියෙන සතේ වියදම් කරල ඊට අමතරව හිඟාත් කාල රටේ චිත්‍රත් අදිනව මේක මාර ආතල් වැඩක් කියල තරුණයො හිතන් ඉන්නව. ඒත් මේ තරුණයො තේරුම් ගන්නෑ මේක අපි කරන්න ඕන වැඩක් නෙමෙයි, නගර සභා වලින්, අදාල අමාත්‍යාංශයේ වලින් කරන්න ඕන වැඩක් කියල. මේ අය මේ ගතකරන සිංතටික් මොහොත රටට තදින් බලපානවා. මේඊළගට එන්න තියෙන මහමැතිවරණයෙන් පස්සෙ මේ රට නැවත පශු පාලනයකට යටත් වීමේ ප්‍රවණතාවයක් තියෙනව. මේ අය හිතනව මේ මොහොතේ අපි චිත්‍ර ඇන්දොත් හොඳයි කියල. හැබැයි මේ මොහොත අපි දේශපාලනිකව කියවා ගන්න පුංචි උත්සාහයක් හෝ දරන්නෑ.

මේ ඇත්ත තේරුම් ගන්නකල් මේ රටේ තරුණයො ඇන්දිලා කියල මම විශ්වාස කරනව.

|ගුරුගොඩ සිරිවිමල

5 comments:

  1. පොඩි සාදුගේ ලිපි බොහොමයක් හරිම වටිනවා. ස්තූතියි. මගේ අදහස නම් වීදි චිත්‍ර වල ප්‍රමිතිය කිසියම් රජයේ ආයතනයකින් නියාමනය කල යුතු බවයි.

    ReplyDelete
  2. 'තමන්ගෙ අතේ තියෙන සතේ වියදම් කරල ඊට අමතරව හිඟාත් කාල රටේ චිත්‍රත් අදිනව'
    Agree. Only a few people can see through this reality.

    ReplyDelete
  3. //අවුරුදු 71 තිස්සෙ මේ රටේ පවතින ජාතිවාදය ආගම්වාදය දේශපාලකයන්ගේ උවමනාවක්//
    මොකද්ද මචං මේ 71 කතාව.

    ලාංකික දෙමළ ජාතිවාදය ලන්දේසීන් විසින් ගොඩනඟා ඉංග්‍රීසින් විසින් බෞතීස්ම කෙරුණු දෙයක් එහි අරමුණ සිංහලයන්ට මෙරට හිමිතැන අහිමි කිරීමයි.

    ඔය සිංහල තරුණයන් තුලින් පිටවන්නේ තම ජීවිත කාලය තුලම යටපත්කරනලද සිංහල බෞද්ධ අභිලාශයයි.
    උඹ වගේ පුකේ රැඩිකල් එවුනු්ට ඒක දරාගන්න බැරිබව ද්නවා.

    ReplyDelete
  4. ජේ. වී. පී. සරණං ගච්චාමි කියන උන්ට ඔහොම හිතෙනවා

    ReplyDelete