Friday, August 18, 2017

තත්වය ඉතාමශෝචනීය වීම....

දරුවකුගේ විබාගයකට සූදානම් වීමේදි යම් මානසික සුවතාවයක් පතා බෝධි පූජාවක් තැබීම පැරැණි බෞද්ධ මිනිසාගේ සම්ප්‍රදායයි.එයට මාද හිස නමන්නේ ඉතාමත් ලෙන්ගතුවය නමුත් මෙවන් ගොබ්බ මානසිකත්වයක් ජනී ජනතාව තුල ඇති වීමනම් ඉතාමත් ශෝචනීයය.මේවාට මාද ඇතුළත්ව සියළු භික්ෂු සංඝයා වගකිව යුතු වග මා පිළිගනිමි.
        සදාචාරවත් මිනිස් පරපුරක් ලෝකයා වෙත දායාද කරලීමේ අදිටනින් අනුබුදු මිහිඳු මා හිමියන් මෙරට ස්ථාපනය කල බෞද්ධ ආගමද, බෞද්ධ දර්ශනයද අද ඇද පළුදු ඇති එකක් බවට පත්ව ඇත. මෙය කෙසේ හෝ මට හැකි අයුරින් ගොඩ නැගීමට මා මූලික වෙමි.මිනිසා අතරට මා යන්නෙ "අමුතු බණ " කියන්නෙක් ලෙසිනි.ඇත්තටම ඒවා අමුතු බණ නොවේ.ඒවා සත්‍ය බණය.නමුත් මෙතෙක් කල් මිනිසා අසා ඇත්තෙ මිත්‍යාවය.හුරුව ඇත්තේ මිත්‍යාවටය.එහෙව් රටක තනි පුද්ගලයෙකුට නැගී සිටීමේ හැකියාවක් නැත.

එන්න එන්නම මෝඩ ඔලමොට්ටලයන් බිහිවන රටක අනාගතය ඉතාමත් ශුභය.
මෙවන් අපමණ අගයක් ඇති පිං කෙත හෙළ රන් දෙරන තුළ යලි යලිත් උපදින්නට මටද කව්රු කව්රුන් හෝ පින් දෙන මෙන් ඉල්ලා සිටිමි😊😊😊

පුළුවන්  විදිහට කරමි.බැනුම් අසමි ගුටි කමි..මා මේ අත් බැව්හි පිරිනිවනක් නොපතමි.මා අතින් බොහෝ දේ සමාජයට විය යුතුය
...

(මේ ලියමන පහතසේයාරුව සම්බන්ධවයි.)
ගුරුගොඩ සිරිවිමල හිමි.

3 comments:

  1. අපේ පොඩි හාමුදුරුවනේ, සංඝ සමාජේ ලොකු ලොකු නායක හාමුදුරුවරුත් හැම දේම බදාගන්න දඟලපු හැටි පහුගිය දවස්වල අපි දැක්කනෙ.ඉතිං පුහුදුන් මිනිසුන් ගැන මොන කතාද?

    ReplyDelete
  2. හැබෑ බුදු දහම අද ඉතිරිවෙලාද කියන එකත් සැකයක්. ඒ ගැන හාමුදුරුවනේ ඔබවහන්සේ හෝ පැහැදිලි කිරීම් කරයි කියලා හිතනවා ඉදිරියේදී.

    ජයවේවා!!!

    ReplyDelete