Friday, July 7, 2017

සියල්ලෝ පුබුදිත්වා...!!


බුදු දහම,බෞද්ධ දර්ශනය...ලෝකයේ පවතින දර්ශන අතරින් මා පිලිගන්නා ඉතා උසස් දර්ශනයක් බව කීමට මා බිය නොවෙමි.

නමුත් යමෙකු මගෙන් ප්‍රශ්න ටිකක් අහනව මෙහෙම
"ඔබේ ආගම කුමක්ද?"
"ඔබේ ජාතිය කුමක්ද?
ඔබේ කුළය කුමක්ද?
ඔබේ රට කුමක්ද?"

මම කැමතියි මේ වගේ උත්තර ටිකක් ඔහුගේ අබිමුව තබන්න

"මට ආගමක් නෑ"
මට ජාතියක් නෑ
මට කුළයක් නෑ
මට රටක් නෑ"
මෙන්න මේ විදිහට....

මම පුරුදු වෙලා ඉන්න විදිහ තමයි මිනිස් විදිහ.මා බැස තියෙන මාර්ගය තුල ඇති ශික්ෂනය "ආදරය , කරුණාව මෛත්‍රිය..මේවගේ දේවල්...මගෙ හුරුව මේක.

ගෞතම සම්බුද්ධ නැමැති දාර්ශනිකයානන්ගේ බෞද්ධ දර්ශනය බිහිවෙන්නෙ භාරතීය ශිෂ්ටාචාරය තුලයි.එය බිහිවීමට මම හේතු කාරණා කිහිපයක් දකිනව

01.මුල් බැසගත් ආගම් වාද තුළින් බැහැර වීම
02.එකල උගත් මිනිසුන්ගේ පොදු කැමැත්ත ජීවයේ යථාර්ථය අවබෝධයෙන් කියා දීම වීම.
03.කුළය,ආගම , වැනි කාරණා හා
04.වැදුම් පිදුම්, වැනි දෑ තුලින් මිනිසුන් පීඩිතයක් බවට පත් වීම.
මේ කාරණා මුල් කොට ගෙන තනි මිනිසකුගේ නැගී සිටීම එකළ බහුලව දැක ගන්න ලැබුන නමුත් ඒවා දර්ශනම නොවී හිතලූවන් බවට පත්වී තිබුන බව අපිට දැක ගන්නට හැකියි.
ශට්ශාස්තෘෘන්ගේ නැගීම සිදුවීමටද ප්‍රබල කාරණාවන් වන්නේ ඉහත කරුණුමය.එකළ ඒ පීඩනයන් තුලින් ගැලවීමට මාර්ගය තමන්ගේ දෙයක් තමාටම කියා නිර්මාණය කර ගැනීමමය.
මේ අතර ගෞතම බුදුන්වහන්සේගේ දර්ශනය ප්‍රබුද්ධ බැවින් හා හරවත් යමක් තුබූ බැවින් පරම සත්‍ය දර්ශනය ලෙස (ජීවයේ සහ ලෝකයේ) බුදු දහම පිලිගත හැකි වෙයි.
කුමක් නිසාද යත්,

ඉහත කාරණාවන් හා එකඟ නොවී යහ මාර්ගික පිළිවෙතක් බිහිවීම මා එහි පැවැත්ම බුදුන්වහන්සේ විසින්ම අනුදත් නිසාය.

අපට මල් පිදීමටනම් නිවසෙහි වෙසෙන දෙමාපියන්ට,නෑ වැඩිහිටියන් උදෙසා එය කල හැකිය.නමුත් බුදු දහමෙහි ගැනෙ⁣න දෘෂ්ටිවාදය මල් පිදීම් හෝ වැදුම් පිදුම් දෘෂ්ටියක් නොවේ. අති දාර්ශනිකයෙකු විසින් පහර ගසන්නේ භෞතිකයට නොව මනසටයි.
මල් පූජා කිරීම යැදීම වැනි කාරණාවන්ට බුදු වරු පහළ වීමේ අවශ්‍යතාවක් නොමැත.ඒ සඳහා වෙන වෙනත් අනු ගමනය කර බුදු දහමට පැවතීමට ඉඩ හසර ලබා දීම අප විසින් කල යුතුය.
බුදු වරු ලොව පහළ වනුයේ සත්‍ය දේශනා කිරීමටය.අප බුදුන් වහන්සේද දේවත්වයෙන් සළකාගෙන දුම් අල්ල හදුන් දුම් කපුරෙන් මැටි පිළිම පිළුණු කරනවා මිසක ඒ සැබෑ දර්ශනය අතපත නොගෑම අපට වැලදී ඇති ආගමික ආතතියේ තරමය.
මනස කියැවීමට දාර්ශනිකයකු පහල වූවා නම් ඒ පලමු වැන්නා බුදුන් වහන්සේය. මනස හා ලෝකෝත්තර වාදී දර්ශනය බුදු දහම බව කිව යුතුම කරුණකි.
පරම සත්‍ය තුලින් මිනිසාට නිවහල් චින්තනය උරුම කරමින් බුදුන් වහන්සේ රැගෙන ආ දර්ශනය භාරතය තුල බිහිවන්නේත්,එය ඉදිරිගාමීව ගමන් ගන්නේත් ඒ පරම දර්ශනය තුලින් මිත්‍යා ඇදහිල්ල බැහැර වීම නිසාමය.
ලාංකේය ජන විඥානය තුලට මිහිඳු හිමියක් ආගමික දර්ශනයක් රැගෙන එයි.වැදි පරපුරක උරුමය තුල වඩා නින්දිත(මස් කන, සත්තු මරණ,ලේ සොලවන) කාපීරි මානසිකත්වයකින් යුතු ජනතාව ලංකීයන්ය.ඔවුහු යහ අරමුණෙහි තබා ගැනීමට මෙවන් ආගමික දර්ශනයක් ලාංකේය ජන විඥාණය තුලට එන්නත් කරන්නේ උන්වහන්සේගේ ඥාණයෙන් එය දුටු නිසාමය.පංසල් යාම,බුදුන් වැදීම පූජා පැවැත්වීම වැනි කාරණාවන්ට මිනිසා මෙල්ල වන්නේ ජන විඥානයට ආරෝපණය වී ඇති හුදු දේව බැල්ම සහ බය යන කාරණාවන්ට ලාංකේය මිනිසා මුල් තැනක් දී ඇති බැවිනි.ඒ සංස්කෘතික වටපිටාව තුලින් එකළ මිනිසා ඥාණනය විය.එනිසාම එකල සමාජය යම් පමණකින් යහපත් සමාජයක් බවට පරිවර්තනය වූ වගේ කරුණු ව⁣ශයෙන් ගෙන අප පිළිගත යුතු දෙයකි.
⁣ඉහත ආගමික කාරණාව දැන් පරාජිතය.ඒ කුමක් නිසාද ?
අප දැන් නවමු වීම අවශ්‍යය.පල්වීම තුල ඇති දුගදත්,බඩවඩා ගැනී⁣මේ හුදු මානසිකත්වයකින් යුතු පූජ්‍ය පක්ෂයත් නින්දිත ලෙස තම දේපලක් යැයි සිතාගෙන පාලනාධිකාරී බලයකින් මිනිසා හා සමාජය සියතට ගැනීම තුලින් ඉහත භාරතයේ බමුණු යුග දිට්ටියට මෙකල ඔවුන්ද නෑකම් කියමින් සිටීම පරම අපරාදයකි.
ලෝකයේ බිහිවූ විශිෂ්ඨතම දර්ශනයක් ආශ්‍රය කරන සමාජයක කොන්ත්‍රාත් ගැනීම වැනි අති අශුද්ධ ආගමක් මූලික කරගනිමින් ගමන් යන්නාවූ ජනී ජනයා අසරණ කරණ සර්වබලධාරී වේශනිරූපයන්ගෙන් ගහන කොට ඒව අතිරමණීයයැයි හුවා දැක්වීමේ ආනිශංශයන් අප බුක්ති විදිමින් සිටී.
ලේ වැගුරුවාගෙන,හූ මිටි තලා රැකෙන හීන බුදු දහම පිලිබදව ඇති දීන ගෝත්‍රිකයන් නොහොත් ඥානසාරවාදී බුදු දහමට ශුද්ධ බුදු දහම මෙසේ තේරුම් ගැනීමට නුඹලාට නොහැකි වග මෙයින් දන්වා සිටිමි.
බුදුන් නැගී හිටියේ එකල බඩගෝස්තරවාදී යැදුම් පිලිවෙත් වලට පහර ගැසීමටය.ඒ සඳහා උන් වහන්සේ පෙන්වා දුන්නේ මේ දර්ශනය මිසක් ලේ විලක් නොවේ.
හෙට දිනක මේ ලෝකයේ ඇරඹීමට නියමිත ආගමික යුද්ධයට නුඹලාද වග කිවයුත්තන් වන අතර ඒවාගෙන් පිරිහෙන මිනිස්කම් අප නිසා යැයි කීමද වරදවා වටහා ගැනීමක් යැයි මා පවසමි...
සියල්ලෝ පුබුදිත්වා...!!
නැගිට විසිරෙත්වා...!!
...............
ස්තූතියි

...
ගුරුගොඩ සිරිවිමල

12 comments:

  1. බාගයක්යෙව්වා... හාමුදුරුවෝ කියනදේ පැහැදිලියි.. ඉතිරියත් හෙට කියවා එන්නං... කඩවසමත් එක්ක වැඩ අමාරුයි ... ජය

    ReplyDelete
  2. ස්තූතියි ..........දේශකයාණනි........

    ReplyDelete
  3. සීයට සීයක් ම එකගයි හාමුදුරුවනේ... ඒත් දැන් බුදුහාමුදුරුවන්ගේ දර්ශනය වෙනස් වෙලා නේද ගිහියන්‍ට ලැබෙන්නේ....?

    ReplyDelete
  4. ‘‘ලාංකේය ජන විඥානය තුලට මිහිඳු හිමියක් ආගමික දර්ශනයක් රැගෙන එයි.වැදි පරපුරක උරුමය තුල වඩා නින්දිත(මස් කන, සත්තු මරණ,ලේ සොලවන) කාපීරි මානසිකත්වයකින් යුතු ජනතාව ලංකීයන්ය.“ බුදුන් තුන් වරක් ලංකාවට වැඩිය බව සඳහන් වනවා. එසේ නම් මිහිඳු හිමි විශේෂයෙන් යළි බුද්ධ දර්ශනය හෝ ආගම රැගෙන එන්නේ කුමට ද? බුදුන් වහන්සේ මෙරටට වඩින සමයේ උන්වහන්සෙගේ දර්ශනය වටහා ගන්නට තරම් ලාංකික වැසියෝ නොදැනුවත් ද?

    ReplyDelete
    Replies
    1. ොඩක් හිතන්න ේවල් මට ඉතිරි වෙලා තියෙනව ඇත්තෙන්ම මම ඉතිහාසයෙන්(මහාවංශයෙන් එපිට)හිතල නෑ

      Delete
  5. ෆේස්බුක් එක ටැග් කලාට ස්තූතියි. ලියපු දේට ලොකු විරුද්ධත්වයක් නැහැ එකඟයි මෙන්න මේ ටික ඇරෙන්න.
    //වැදි පරපුරක උරුමය තුල වඩා නින්දිත(මස් කන, සත්තු මරණ,ලේ සොලවන) කාපීරි මානසිකත්වයකින් යුතු ජනතාව ලංකීයන්ය// වැදී පරපුරක් මිහිඳු හිමි එනවිට තිබ්බද නැත්නම් රජ කෙනෙක් එක්ක දඩයමේ යන කොටසක් වැදි කියල කියන්න පුලුවන්ද ? අනික වැද්දෝ කියල ඒ මිනිසුන්ගේ ජිවන රටාවට ගරහන්න් අපි කවුද? මස් කන අපි ඔක්කොම ඔය කාපිරි මානසිකත්වයෙන් යුතු යද? අනික කාපිරි කියන වචනය කළු ජනතවට නිග්‍රහ කිරීම සනද භාවිතා වන්නක් නොවේද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ...ඔබතුමන්ට....


      මම සටහන වඩාත් තිව්‍ර කිරීමට මිසක් ඔවුන්ට නින්දා කිරීමට මම ලිව්වෙ නෑ.....

      මගෙ එහෙම අදහසක් නෑ..සහ මම වැදි පරපුර පිළිබඳව අධ්‍යනය කරල නෑ .....

      Delete
  6. ඉතා හොඳ ලිපියක්

    ReplyDelete
  7. ඉතා වටිනා ලිපියක් පොඩි සාධු` ����

    ReplyDelete
  8. සත්‍යෝදය- වල්පොල රාහුල හිමි කියවා ඇත්ද?

    ReplyDelete